විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 02

තුසිත රාජපක්ෂ  මහතා – ප්රංශයේ සිට ලියයි …

🌷 සුරලොවක් වූ විසාලා මහ නුවර ප්රේත භවනක් බවට පත්වීම. 🌷

🌻 සුරලොවක් වූ විසාලා මහා නුවර

මේ විසාල නුවර අප භාග්යවතුන් වහන්සේ ලොව පහළ වුණායින් පස්සේ මහත් යසඉසුරින් සපිරුණ. එහි රජවරුම හත්දහස් හත්සිය දෙනෙක් රජකම් කළා. එසේම යුවරජවරු, සේනාපතිවරු, භාණ්ඩාගාරික තනතුර දරන්නෝ ද ඊට සාපේක්ෂව සිටියා. ‘ඒ කාලයෙහි විසාලාව යසඉසුරින් පිරුණු බොහෝ ජනගහණයෙන් යුතු නිති මිනිසුන් ගැවසෙන ආහාර සුලබ වූ හත්දහස් හත්සිය සතක් පහයෙන්ද එපමණක්ම වූ කුළුගෙවලින්ද මල්පලතුරු උයන්වලින්ද එපමණ පොකුණුවලින්ද යුතු කිසියම් කෙනෙකෙට යටත් කල නොහැකි මහා විශාල රාජධානියක් ලෙස වැජඹුනා.

🌻 ඒ අසිරිමත් නුවර ප්රේත භවනක් බවට පත්කළ තුන් බිය.

මෙහෙම කාලයක් යද්දී සියල්ල අනිත්ය ලෙස දක්වමින් ඒ විසල්පුරය ආහාර දුලබ නගරයක් බවට පත්වුණා. වැසි නොමැතිව අස්වැන්න පාළු වුණා. මුලදීම දුගී මිනිසුන් මැරුණා. ඉන්දියාවේ කවදත් මිනී භූමදාන කරන සිරිතක් තිබුනේ නැහැනේ. ඒ නිසාම ඔවුන් නගරයෙන් පිටතට ගෙනගොස් දමන්නට වුනා. මෙලෙස නගරයෙන් පිටත මළසිරුරු ගොඩගැසී කුණුව දුගඳ හමන්නට වුනා. ඒ හමන ගදින් භූතයෝ නුවරට පිවිසින්නට පටන් ගත්තා. ඒ අමනුෂ්ය උවදුරින්ද බොහෝ මිනිසුන් මැරෙන්නට පටන් ගත්තා. එහි පිළිකුල නිසා ඉතිරිව සිටි වැසියන්ට මහාමාරිය රෝගය වැලදුනා. මෙසේ ආහාර දුලබ වීම අමනුෂ්ය බිය සහ රෝග බිය යන තුන් උවදුරු ඇතිවූ විට නගරවාසීහු රජතුමා හමුවීමට ගියා. රජු හමු වී “මහරජතුමනි, මේ නගරයෙහි තුන් බියක් හටගෙන ඇත. මීට පෙර සත් කුල රජ පරපුරක පටන් මෙබදු දෙයක් නොවූ විරූය. ඔබවහන්සේ ඇදැහැමි බවෙන් දැන් එසේ සිදුවී යැයි” පැවසුවා. මෙය ඇසූ රජතුමා සියළුදෙනා පුරහලට රැස්කරවා ” මාගේ ඇදැහැමි බවක් ඇතොත් එය පෙන්වා දෙවයි” පැවසුවා. ඔවුහු මුළු රජ පරපුරම ගැනම විමසුවත් එවැනි කිසිදු දොසක් දුටුවේ නැහැ. එසේ එහිදී රජුගේ වරදක් නොදැක මේ බිය අප කෙසේ සංසිදුවන්නෙම්දැයි සිතන්නට වුනා. මගපෙන්වන නායකයන් ලෙස සැලකු පුර්ණකසසප ආදී හයදෙනා නගරයට පමුණුවා ගත්විට බිය සංසිදෙන්නේ යැයි ඇතැමෙක් කීවා.

🌻 තුන්බියෙන් විසාලා නුවර ගලවා ගැනීමට බුදුරජුන් වැඩමකරවා ගැනීමට බිම්බිසාර රජුගෙන් අවසර පැතීම.

ලොව බුදුවරයෙක් පහළ වී ඇත. ඒ භාග්යවතුන් වහන්සේ සියළු සත්වයන්ට හිතසුව පිණිස දහම් දෙසති. මහත් ඉදුබල ඇතිසේක. මහා බලසම්පන්න වෙති. එතුමන් මේ පුරයට කැදවනු ලබන්නේ නම් බිය සංසිදේ යැයි ඇතැමෙක් කියනු ලැබුවා. එය අසා නගරවාසීන් බොහෝ සතුටට පත්වුණා. ඒ භාග්යවතුන් වහන්සේ දැන් වැඩවසන්නේ කොතැනද? අප පණිවුඩ යැවුකල පැමිනේවිදැයි යනුවෙන් ඉවසිල්ලක් නොමැතිව විමසන්නට වුනා. බුදුවරු නම් සියලු සත්වයන් කෙරෙහි මහත් වූ අනුකම්පාවක් ඇති උත්තමයන්. නොපැමිණෙන්නේ කවර කරුණක් නිසාද? ඇතැමෙක් ඇසුවා. ඒ භාග්යවතුන් වහන්සේ දැන් රජගහනුවර වැඩ වසති. බිම්බිසාර රජු උන්වහන්සේට උවටැන් කරයි. ඇතැම්විට රජු පැමිණීමට ඉඩ නොදෙනු ඇතැයි කෙනෙක් කීවා. එසේනම් රජුට කරුණු පහදා දී කැදවාගෙන එන්නෙමු යි ලිචඡවී රජවරු දෙදෙනෙක් මහත් බලසෙන් පිරිවරා තුටුපඩුරු දී බිම්බිසාර රජු වෙත යවනු ලැබුවා. බිම්බිසාර රජතුමා වෙත් ඒ පණිවිඩය ගියේ ඔය ආකාරයට. බිම්බිසාර රජතුමා වෙත ගිය රජවරු බිම්බිසාර රජුට පඩුරු පිළිගන්වා ඒ සියලු විස්තර දන්වා සිටියා. මහරජ,භාග්යවතුන් වහන්සේ අපගේ නගරයට වැඩම කරවීමට උපකාර වන්න. ඔවුන් ඇයද සිටියා. ඒත් එක්වරම රජු එය පිළිගත්තේ නැහැ. ඔබම ඊට සුදුසු පරිදි භාග්යවතුන් වහන්සේ වෙත ගොස් දැනගනුවැයි කියනු ලැබුවා.

🌻 බුදුරජාණන් වහන්සේ ආරාධනය භාරගැනීම.

රජුගෙන් අවසර ලද සැනින් ඔවුන් භාග්යවතුන් වහන්සේ කරා පැමිණයා. පැමිණ වැද “හිමියනි, අපගේ නගරයෙහි තුන් බියක් හටගෙන ඇත. ඔබවහන්සේ වැඩම කරන්නේ නම් අපට යහපතක් වන්නේයැයි” කියමින් ආරාධනය කර සිටියා. ඒ වෙලාවේ භාග්යවතුන් වහන්සේ දිවැසින් විසාලා නුවර දෙස බැලුවා. ඒ අවස්ථාවේ උන්වහන්සේට පෙනීගියේ රතන සුත්රය දේශනා කළවිට, එහි රැකවරණය කෙළ සියදහසක් සක්වල පැතිර යනබවයි. දෙසනය නිමවන විට, අසූහාර දහසකට දහම් අවබෝධ වනබවත් දුටුවා. එසේ දිවසින් බලා එයින් වන්නාවූ මහත් සෙත දැක එම ආරාධනය පිළිගනුලැබුවා. බිම්බිසාර රජුහටත් භාග්යවතුන් වහන්සේ ඒ ආරාධනය පිළිගත් බව දැනගන්නට ලැබුණා. රජතුමා විසල්පුරට බුදුරජුන් වඩින බව නගරයෙහි පතුරුවා උන්වහසේ වෙත එළබ, “හිමියනි විසල්පුරට පැමිණීමට කරන ලද ආරාධනය භාරගන්නා ලදදැයි” අසනු ලැබුවා. එවිට භාග්යවතුන් වහන්සේ “එසේය මහරජ” යි වදාළ විට “එසේනම් හිමියනි වඩිනා මග පිළියෙළ කරන තෙක් ඉවසනු මැනවැයි” පවසා එතැනින් නික්මුණා.

🌻 බිම්බිසාර රජු රජගහනුවර සිට ගංගා නදිය තෙක් පස්ගව්වක් වූ මග බුදුරජාණන් වහන්සේගේ වැඩමකිරිම සදහා සැරසීම.

බිම්බිසාර රජු ඉක්බිතව රජගහනුවර සිට ගංගා නදිය තෙක් පස්යොදුන් බිම සමකොට යොදුනෙන් යොදුන විවේකයට සුදුසු තැන් සකසා ගමනට සුදුසු කාලය දන්වනු ලැබුවා. පන්සියයක් බික්සගණ පිරිවරා භාග්යවතුන් වහන්සේ ඒ මග වැඩම කරනු ලැබුවේ මහා සංග්රාමයකට එළඹෙන විරෝදාර රණකාමියෙකු ලෙසින්. රජු පස්යොදුනක් පමණ වූ මග පස්පැහැ මල් දණක් පමණට විසුරුවා දද කොඩි පුන්කලස් කෙසෙල්ගෙඩි ආදිය ඔසවා, භාග්යවතුන් වහන්සේට සුදු සේසත් දෙකක්ද, එක් එක් හිමිනමකට එක් සේසත බැගින්ද රැගෙන යන්නවුන් යොදවා, තමන් ද පිරිවර සමග මල් සුවද ආදියෙන් පුජා කෙරෙමින් එක් එක් විහාරයෙහි බුදුරදුන් විහරණයට සලස්වා මහදන් පිරිනමා දින පහකින් ගංතෙරට වැඩම කරවනු ලැබුවා.

3 වන කොටසට – https://wp.me/p4UHR6-3Dg

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.