විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 03

( තුසිත රාජපක්ෂ මහතා ප්රංශයේ සිට ලියයි. )

🌻 විසාලා මහා නුවර දක්වා බුදුරජුන් රැගෙනයාමට සරසනු ලැබූ නව්කාව

එතැන සිට විසාලා නුවර දක්වා යෑමට නියමිතව තිබුනේ ගොඩබිමින් නෙවෙයි. ගංගානම් නදිය මතින් නාවිකයන් හා සමග. ඒ වනවිටත් ඒ සඳහා සියළු ආකාරයෙන්ම අලංකාර වූ නැවක් සකසා භාග්යවතුන් වහන්සේව ඒ අලංකාර නැව්කාව වෙත වැඩම කරවාගෙන යාම සඳහා සියලු කටයුතු බිම්බිසාර රජතුමා විසින් සකස් කරලයි තිබුණේ. ඉතාම ගෞරවයෙන් රජතුමා ඇතුළු පිරිස භාග්යවතුන් වහන්සේව නව්කාව වෙත වැඩම කරවනු ලැබුවා. මේ සියලු වත්පිළිවෙත් මෙලෙස පිළියෙළ කොට සියල්ලන්ම උන්වහන්සේට පෙරගමන් කරව යි විසල්පුර වාසීන්ට පණිවුඩයක් යැවුවා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ සමග යාමට රජතුමාත් එකතුවුනා. හරිම පුදුමයි එකල රජවරු මිත්රත්වයෙන් මනුෂ්යත්වය වෙනුවෙන් කටයුතු කල ආකාරය.

🌻 බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ හට දැක්වූ සත්කාර මෙන් දෙගුණයකින් වජ්ජින් විසින් සත්කාර පිළියල කිරීම.

මෙම ගෞරවාන්විත වැඩමකරවීම අසා විශාලා පුර රජවරු පුදුමයට පත් වුනා. ඔවුන් අප වෙනුවෙන් ඒ අකාරයෙන් පුද සත්කාර දක්වනවානම් අප ඊටත් වඩා බුදුන් කෙරෙහි පුද සත්කාර දැක්විය යුතුය යනුවෙන් එක්වී සාකච්චා කරනු ලැබුවා. මෙය දැනගත් විසාලා නුවර රාජ රාජ අමාත්යවරු බිම්බිසාර රජතුමා දැක්වුවා වූ පුද පුජා සත්කාර වලට වඩා ගරු සත්කාර දැක්වීමට මෙතෙක් පිලියල කර තිබු පුද පූජා දෙගුණ කොට විසල්පුර හා ගංගා නදිය අතර තුන්යොදුන් මග සමකොට මිට පෙර බිම්බිසාර රජතුමා සරසනු ලැබුවාටත් වඩා මනහරව විසාලා පුරය දක්වා වඩින මග සරසනු ලැබුවා. ඒ විතරක් නෙවෙයි විසල්පුර හා ගංගා නදිය අතර තුන්යොදුන් මග සමකොට භාග්යවතුන් වහන්සේට සුදු සේසත් සතරක්ද එක් එක් හිමිනමට සුදු සේසත දෙක බැගින්ද රැගෙන යන්නවුන් යොදවා පුජා කරමින් ගංතෙරට පැමිණිය. බිම්බිසාර රජු නැව් දෙකක් එක්කොට වේදිකාවක් තනා මල්දම් ආදියෙන් අලංකාර කොට එහි මුළුමනින්ම රනින් නිම වූ බුදු අසුන පනවනු ලැබුවේ මහත් ගෞරවයකින්. භාග්යවතුන් වහන්සේත් එහි මහත් වූ තේජසින් වැඩසිටිය. පන්සියයක් බික්සගණද නැවට නංවා සුදුසු පරිදි වඩා හිදවුහ.රජු භාග්යවතුන් වහන්සේ පසුපසින් ගොස් ගෙල පමණ දියෙහි බැස හිමියනි ඔබවහන්සේ ආපසු වඩිනා තෙක් මම මේ ගංතෙරෙහිම නැවතී සිටින්නෙමියි වැඳනමස්කාර කරමින් පවසා සිටියේ ඉමහත් ගෞරවයෙන්.

🌻 මනු ලොව බුදුරජාණන් වහන්සේහට ලබා දෙන පුද සත්කාර දෙස බලාසිටි දෙවියන් සහ නාගයන් ද අකනිටා බ්රහ්මලෝකයට යනතෙක් පුදපුජා සාදුකාර පවත්වමින් සාදුකාර දෙනු ලැබීම.

උන්වහන්සේට ලැබුණු පුද සත්කාර එතැනින් නතර වුනේ නැහැ. මෙම දර්ශණය බලා සිටි ගග ඉහළින් සිට දේවතාවෝ අකනිටා භවන තෙක්ම පුද පූජා පවත්වමින් සාදුකාර නද දෙන්නට පටන්ගත්තා. එය අසා සිටි ගග පත්ලෙහි වෙසෙන කමබල අසස්තර ආදී නාරජවරු ද එලෙසම පූජාත් සාදුනාදත් පවත්වනු ලැබුවා. මෙසේ මහත් පූජා ලබමින් භාග්යවතුන් වහන්සේ ගගෙහි යොදුනක මග ගෙවා විසාල නුවර නගර සීමාවටම පැමිණිය. එහිදී ලිචඡවී රජවරු බිම්බිසාර රජු විසින් කරන ලද ඒ පූජා දෙගුණ කරමින් ගෙලවටක් පමණම දියට බැස භාග්යවතුන් වහන්සේට පෙරගමන් කළ. එකෙණෙහිම විදුලිය ගසනා පැහැයෙන් අදුරු දුරු වී ගිය අතර අතර සිවු දෙසින්ම දෝර ගලායන මහ වැසි වසින්නට වුනා. ඉනනතුරුව භාග්යවතුන් වහන්සේ ගංතෙරෙහි මුල් පියවර තැබූ විටම පොකුරු වැසි වැසීම හටගත්තේ තථාගත ගුණ බලයෙන්. පොකුරු වැසි පිළිබඳව මිට පෙර කිහිප වතාවක්ම විස්තර කරනු ලැබුවා. පොකුරු වැසි නම් ඒ විශේෂිත වැසි වසිනාකල තෙමෙනු කැමැත්තෝ පමණක් තෙමෙනවා. තෙමෙනු නොකමැත්තෝ නොතෙමෙන්නේ නෙලුම් පතකට වැටි ජලය ගලා යන පරිද්දෙන්. හැමතැනකම දනක් පමණට කලාව පමණට ඉගටිය පමණට ගෙල පමණට වතුර ගලයි. මළ සිරුරු ආදී සියළු අපිරිසිදු දෑ වතුරින් ගගට ගසාගෙන අවුත් බිම් පෙදෙස ඉතාමත පිරිසිදු වන්නට වුනා.

ලිචඡවී රජවරුත් භාග්යවතුන් වහන්සේ යොදුනෙන් යොදුන නවතාගෙන මහදන් දී දෙගුණයක් පූජා පවත්වමින් තෙදිනකින් විසල් පුරට කැදවාගෙන පැමිණියා. භාග්යවතුන් වහන්සේ විසල්පුර පැමිණිවිට සක්දෙවිදුද දෙව් පිරිස පිරිවරා එහි පැමිණියා. මහා බලවත් දෙවියන් රැස්වෙද්දී නොමිනිස් යක්ෂ භූත පිශාචරයන් සියල්ලෝම තව දුරටත් එහි සිටීමට නොහැකිව පලායන්නට වුනා.

🌻 රතන සුත්රය දේශණා කිරීම.

භාග්යවතුන් වහන්සේ නගර දොරටුවෙහි සිටම රතන සුත්ර දේශණාව සජ්ජායනා කරමින් මෙලෙස ආනන්ද හිමිපාණන් හට උපදෙස් දුන්නා. “ආනන්දය, මේ රුවන් සුතුර ඉගෙන (රතන සුත්රය) පූජා උපකරණ ගෙන ලිචඡවී කුමාරවරුන් සමග විසාලාවෙහි තුන්පවුරු ඇතුලත සැරිසරමින් පිරිත් කරවයි” අනද තෙරුන්ට එලෙස අනුශාසනා කරනු ලැබුවා. මෙසේ මෙම සුත්රය කවුරුන් විසින් කවදා කොහිදී කුමක් නිසා පවසන ලදදැයි යන මේ පැන විසදමින් අදාළ විස්තර ලෙස විසල්පුරය ගොඩනැංවීමේ පටන් පැරණි වියත් ඇදුරන් පහදා දෙනු ලැබුවා.

🌻 අනද තෙරණුවෝ පිරිත් පැන් ඉසිනාවිට පවුරු බිඳගෙන පැන ගිය අමනුෂ්යයෝ.

මෙසේ භාග්යවතුන් වහන්සේ විසල්පුරට පැමිණි දවසේම ඒ උවදුරු වැළකීම පිණිස නගර දොරටුවෙහි වැඩසිට වදාරන ලද මෙම රතන සුත්ර දේශණාව ගරු කටයුතු ආනන්ද හිමිපාණන් වහන්සේහට මතකයේ තබා ගැනීමට වැඩි වෙලාවක් ගියේ නැහැ. එහෙත් පිරිත් පැන් ඉසීමට යාමට මත්තෙන් උන්වහ්න්සේහට රැකවරණ සලසනු පිණිස කියමින් භාග්යවතුන් වහන්සේගේ පාත්රය භාග්යවතුන් වහන්සේ විසින් පිරිත් කල පැන් සමග දෙනු ලැබුවා. ඒ එතෙක් රැඳී පැවති ඉතා බලවත් අමනුශ්යන්ගෙන් ආරක්ෂා වීමට. ආනන්ද හිමිපාණන් වහන්සේ රතන සුත්රය සජ්ජායනා කරමින් මුළු නගරය පුරාම පිරිත් පැන් ඉසිමින් සැරිසරනු ලැබුවා. උන්වහන්සේ විසින් “යං කිඤචි” යැයි කී පමණින්ම එතෙක් ඉවත් නොවූ කසල ගොඩවල බිත්ති මුළුවල ආදී තැන්හි සැඟවී සිටි යක් භූතයෝ නගර දොරටු සතරෙන්ම පලායන්නට වුනා. ඔවුන් එකවරම බිය වී පැනයන්නට දොරටුවෙත දුව පැමිණි බැවින්ම පිටවීමේ දොරටු අවහිර වුනා. ඔවුන් කොතරම් බියටත් කලබලයට පත්වුවාද යනුවෙන් කිවොත් ඇතැම් දොරටුවල ඉඩ නොලැබ පවුර බිදගෙන ද පලාගියා. යක්ෂ භූත නොමිනිසුන් පලාගිය කෙණෙහිම මිනිස් සිරුරුවල රෝග සංසිදී ගියා. නිරෝගී සුව ලැබූ ජනතාව පැමිණ සියළු සුවදමලින් භාග්යවතුන් වහන්සේ පුදනු ලැබුවා. මහජනයා නගර මැද පිහිටි රැස්විම්හල සියළු සුවද තවරා වියන් බැද සියළු අලංකාරයෙන්ම සරසා එහි බුදුරජාණන් වහන්සේට අසුනක් පණවා වැඩම කරවුවා. භාග්යවතුන් වහන්සේ රැස්වීම්හලට පිවිස පණවන ලද අසුනෙහි වැඩසිටියා. සංඝයා වහන්සේද රජවරුද නගරවාසීහුද සුදුසු පරිදි ඉඩ ඇති තැන්වල අසුන්ගත්තා. සක්දෙව්ද දෙව් පිරිස සමග අසලින් අහසෙහි රැඳී සිටියා. වෙනත් දිව්යතල වල දෙවියෝද පැමිණ සිටියා. ආනන්ද තෙරණුවෝ ද මුළු විසාලාවෙහිම සැරිසරමින් රැකවරණය සලසා නගරවාසීන් ද සමග පැමිණ එකත්පස්ව වැඩ සිටිය. එහිදී භාග්යවතුන් වහන්සේ සියල්ලන්ටම ඒ රතන සුත්රයම නැවත වරක් දේශනා කරනු ලැබුවා.

 

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.