Skip to main content

වසර 198කට පසු දේශද්‍රෝහී කැප්පෙට්ටිපොළ නිදහස් …

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත්කරමින් දඬුවම් කරන ලද සිංහල වීරවරයන් දහනම දෙනෙකු අදාළ චෝදනාවන්ගෙන් නිදහස් කරමින් ඔවුන් සියලු දෙනා නිදහස් ශ්‍රී ලංකාවක් උදෙසා දේශානුරාගයෙන් සටන් වැදුණු වීරවරයන් ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මේ ආකාරයට දේශද්‍රෝහීන් ලෙස නම් කර දඬුවම් දෙන ලද්දේ කැප්පෙටි‍පොළ දිසාව, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටා‍ලේ, කතරගම මහා බෙත්මේ රටේ රාල, කතරගම කුඩා බෙත්මේ රටේරාල, පලංගොල්‍ලේ මොහොට්ටා‍ලේ, වත්තෙකා‍ලේ මොහොට්ටා‍ලේ, ‍පොල්ගහගෙදර රෙහෙනරා‍ලේ, ‍පොසේරේවත්තේ විදානේ, කිවු‍ලේගෙදර මොහොට්ටා‍ලේ, කළුගමුවේ මොහොට්ටා‍ලේ, උඩුමාදුර මොහොට්ටා‍ලේ, කොහුකුඹුරේ වලව්වේ රටේ රාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේරාල, භගිනිගහවෙල රටේ රාල, මහ බදුල්‍ලේ ගම්මානේ රටේරාල, බුළුපිටියේ මොහොට්ටාල, පල්‍ලේ මල්හේයායේ ගමතිරා‍ලේ යන රණශූරයන් වේ.
ඔවුන් වෙත මෙම චෝදනාව එල්ලකර ඇත්තේ 1818 වසරේ ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබාදීම හේතුවෙන් වන අතර එවකට ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් විසින් 1818 ජනවාරි මස 18 වන දින නිකුත් කරන ලද විශේෂ ප්‍රකාශයක් මගින් ඉහත වීරවරයන් සියලු දෙනාම දේශද්‍රෝහීන් ලෙස නම්කර තිබුණි.
දීර්ඝ කාලයක් තිස්සේ තහවුරු වී පැවැති බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් නිකුත් කරන ලද එම ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වර්ෂ 2016ක් වූ දෙසැම්බර් මස 08 වන දින කොළඹදී අත්සන් කරන ලද විශේෂ ප්‍රකාශයක් මගින් ප්‍රත්‍යාදිෂ්ට කර අවලංගු කරන ලදී.

පානුක රාජපක්ෂ

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.