Skip to main content

රන්වන් මාලුවෙක් නිසා කලකිරී පැවිදිව භව නිරෝධය කල යසෝජ මහරහතන් වහන්සේ .

 යසෝජ මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුල ගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත් ඵලය ලබා සසර දුකින් එතෙර වන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. හෙතෙම එයින් පසු බොහෝ පින්කම් කොට අනතුරුව විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ආරාම ගෝපක කුල යෙහි (අරාම මුර කරු කුලයක) උපන්නේ ය. දිනක් විපස්සි බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනා අයුරු දුටු මුරකරු උන්වහන්සේට දෙල්ගෙඩියක් පුජා කෙළේ ය. වෙනත් පින්කම් කරමින් සිටි මුරකරු එයින් චුතවඅපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි සැවැත් නුවරට සමීප වූ මසුන් මරන්නන්ගේ ගමක මසුන්කරන්නන් පන්සිය දෙනකුට ප්‍රධාන පුද්ගලයකුට පුතකුව උපන්නේ ය. ඔහුට යසෝජ යයි නම් කළාහුය.

යසෝජ මානවකයා දිනක් සහායක මසුන් මරන්නන් සමග මසුන් ඇල්ලීම සඳහා අචිරවතී නදියට ගොස් දැල් දැම්මේය. එවිට එක්තරා රන්වන් මත්ස්‍යයකු. දැලෙහි බැඳුනේ ය. ඔවුහු රන්වන් මාළුවා ගෙන ගොස් පශ්නදී කොසොල් රජුට දැක් වුහ. රජතුමා එම රන්වන් මත්ස්‍යයා ගෙන ගොස් බුදුරජාණන් වහන්සේට දක්වා එසේ රන්වන් වීමට හේතුව විචාළේ ය.

බුදුරජාණන් වහන්සේ රජු අමතා” මහරජ මේ රන්වන් මත්ස්‍යයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සසුන්ගතව සිට නියමාකාරයෙන් පිළිවෙත් නුපුරා මිථ්‍යා ජීවිකාවෙන් ජීවත්ව ගුණයෙන්  පිරිහී ගොස් නිරයෙහි ඉපිද එයින් චුතව අචිරවතී  නදියෙහි රන්වන් මත්ස්‍යයකු වී උපන්නේ ය ” යි වදාළ සේක. මේ සිද්ධිය අරමුණු කොට දෙසු කපිල සුත්‍රය ඇසූ යසෝජ මාණවක තෙමේ බලවත් සේ සංවේගයට පත්වූයේ තම සහායකයන් සියලූ දෙනාම සමග බුදුරජාණන් වහන්සේ සමීපයෙහි පැවිදි වුහ.  දිනක් යසෝජ තෙරුන් වහන්සේ පිරිවර භික්ෂුන් සමග බුදුරජාණන් වහන්සේට වැඳිම පිණිස දේවනාරාමයට වැඩිසේක. ඒ පැමිණි අවස්ථාවෙහි සෙනසුන් පැනවීම ආදිය නිසා විහාරයෙහි මහා ඝෝෂාවක් ඇති විය. ඒ ඇසූ භාග්‍යවතුන් වහන්සේ ” යසෝජ තෙරුන් ඇතුළු භික්ෂු පිරිසක් වහා ඉවත්ව යව් ” යනුවෙන් පවසා එලවා දැමූ සේක.

එයින් බලවත් ලෙස සංවේගයට පත් යසෝජ තෙරුන් ප්‍රධාන භික්ෂු පිරිස වගුමුදා නදී තීරයට ගොස් භාවනා කොට විදර්ශනා වඩා රහත් වුහ. ය. බුදුරජාණන් වන්සේ එක්තරා අවස්ථාවක විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ හිඳින විට ආනන්ද ස්ථවිරයන් වහන්සේ අමතා ” ආනන්ද ය , මම වගුමුදා තීරයෙහි වැඩ වසන යසෝජ තෙරුන් ප්‍රධාන භික්ෂු පිරිස දැකීමට කැමැත්තෙමි, ඔවුන්ට මෙහි පැමිණෙන ලෙස කියා දූතයෙකු යවන්න”  යි වදාළ සේක. අනද තෙරණුවෝ එක්තරා භික්ෂුවක අත එම පණිවිඩය යසෝජ තෙරුන්ට කියා යැවුහ. යසෝජ තෙරණුවෝ ද එම පණිවිධිය පිළිගෙන සිය පිරිවර භික්ෂූන් ද කැටිව කුටාගාර ශාලාවට පැමිණ බුදුරජාණන් වහන්සේ හමුවූ ස්ක. උන් වහන්සේලා එහි යනවිට බුදුරජාණන් වහන්සේ සමාපත්තියක සම වැදී හුන් බැවින් යසෝජ තෙරුන් ඇතුළු අනිකුත් තෙරවරු ද සමාපත්තියට සමවැදුනා හ. අනද තෙරණුවෝ පළමුයාමය ගෙවී ගියවිටත්, දෙවන තුන්වන යාම ගෙවී යන විටත් බුදුරජාණන් වහන්සේට වරින් වර ගොස් ඒ බව දන්වා සිටි නමුත් උන්වහන්සේ ඊට කිසිවක් නොවදාරා නිශ්ශබ්ද ව සිටිසේක. අරුණු නැගුණු කල්හි බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන් අමතා ” ආනන්දය, ඔබට මේ ගැන තේරුමක් නැත, එම භික්ෂුන් හා මම මෙතෙක් රාත්‍රිය ආනෙඤ්ජ සමාධි ගතව (අරූපාවචර සමාධිය) හුන්නෙමු “යි වදාළ සේක. මෙම යසෝජ මහ රහතන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එක් මහරහතන් වහන්සේ නමක් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.