
පුණ්ණජී මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නාහ. එම කුල පුත්රයා වැඩි වියට පත් වූ කල්හි පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පැහැ දී ” අනාගත යෙහි රහත්බව ලබා සසරින් එතෙර වන්නෙමි” යි. ප්රාර්ථනා කොට බොහෝ පින් රැකෙළේ ය. හෙතෙම එයින් චුතව දෙවි මිනිස් සැප අනුභව කරමින් සසර සැරි සරමින් සිට ‘ අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස සිටු ගෙදරක ඉපදී පුර්ණජි නමින් ප්රසිද්ධව විසීය. පුණ්ණජි මාණවකයා යස කුලපුත්රයාගේ කල්යාණ මිත්රයෙකි. යස කුලපුත්රයා බුදුරජාණන් වහන්සේන්ගෙන් පැවිදි බව ඇසූ පුණ්ණපි මාණවකයා කලින් විමල, සුභානු යහළුවන් මෙන්ම යස තෙරුන් ආපසු කැදවා ගෙන එනු පිණිස ඉසිපතනාරාමයට ගියේ ය. යස තෙරුන් වහන්සේන්ගේ මනා වූ සංවර ගති පැවතුම් වලින් පැහැදුණු පුණජි ට තමා ආ කාරණය අමතක විය.
පුණජි මාණවකයා යස තෙරුන් වහන්සේ දෙස බලා ” මටත් මෙබඳු සංයමයක් ඇති පැවිදි ජීවිතයක් ලබන්ට ඇත්නම් කොතරම් යහපත්දැ “යි සිත සිතා සිටි කලට බුදුරජාණන් වහන්සේ ඔහුව අමතා දහම් දෙසූ සේක. ඒ දහම් අසා පුණ්ණජි මාණවකයා ඵලයට පැමිණියේ ය. බුදුරජාණන් වහන්සේ එහි භික්ෂු භාවයෙන් ඔහුව පැවිදි උපසම්පදා කළ සේක. සුභාහු මහ හරතන් වහන්සේ අසූමහා ශ්රාවක පිරිසට ද අයත් වූ ස්ක.