
සුභාහු මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩි වියට පත් වූ කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගතයෙහි රහත්බව ලබා සසරින් එතෙර වෙමි”යි ප්‍රාර්ථනා කළහ. හෙතෙම අනතුරුව බොහෝ කුසල් රැස් කොට දෙව් මිනිස් දෙගතියෙහි හැසිරෙමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස ධනවත් සිටු ගෙදරක සුභාහු නමින් ප්රකටව වාසය කළේය.
මේ අතරතුර යස සිටු පැවිදි වූ බව මොහුට අසන්ට ලැබිණ. තමාගේ කල්‍යාණ මිත්‍ර යස කුමාරයාගේ පැවිදි වීම ගැන ඇසූ සුභාහු මාණවකයා කලින් විමල තෙරුන් වහන්සේන්ගේ චරිත විස්තරයෙහි සඳහන් පරිදිම යස සිටුපුත්‍රයා ආපසු කැඳවාගෙන ඒම සඳහා පිටත් විය. බරණැස ඉසිපතනාරාමයට ගිය සුභාහු මාණවකයා එහි ඉතාමත් සන්සුන් ඉඳුරන් ඇතිව වැඩහුන් යස තෙරුන් වහන්සේ දුටු වේය. පැවිදි වීමට කලින් සිටි යස සිටු පුත්‍රයාට වඩා පැවිදිව සිටින යස තෙරුන්ගේ මනහර ශෝභාව ගැන කල්පනා කළ සුභාහු තෙමේ තමා ආ අදහස අමතක කොට බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා රහත් ඵලයට පැමිණියේ ය. බුදුරජාණන් වහන්සේ එහි භික්ෂු භාවයෙන් ඔහුව පැවිදි උපසම්පදා කළ සේක. සුභාහු මහ හරතන් වහන්සේ අසූමහා ශ්‍රාවක පිරිසට ද අයත් වූ ස්ක.