පින්වත් යාලුවනේ මනෝකාය කියන වචනය අපිට ටිකක් නුහුරු උවද මනෝකායික ඍද්ධි ක්‍රියානම් බොදුනුවන් වන අපිට අලුත් දෙයක් නෙවෙයිනෙ. බුදු දහම තුල මනෝකාය කියන සංකල්පය පටන් ගන්නෙ බුදුවීමෙන් තුන්වන සතිය ගතකල රුවන සක්මනේදීයි. ඒ ලෝකනාථයන් වහන්සේ කමන් වහන්සේ හා සමාන තවත් බුදුවරයෙක් මවා සක්මන් කල බව අපි අසා තියෙනව නේද? බුදුපියාණන් වහන්සේ ගන්ඩබ්බ අඹ රුක මුලදී ප්‍රාතිහාර්ය පාන වෙලාවෙ තවත් බුදුවරයෙක් මවල ඒ ඒ බුදු හාමුදුරුවො ප්‍රශ්න අහද්දි මගෙ බුදු හාමුදුරුවො උත්තරදුන්න කථාව අහල තියෙනව නේද? බුදුහාමුදුරුවො බණ කිය කියා ඉද්දි .ව තැන් වලට වැඩම කල අයුරු අහල තියෙනව නේද? ඒ මනෝ සිරුරනෙ. දැන් ඔය කරණීයමෙත්ත සූත්‍රය කියන්න හේතුවෙච්චි භික්ෂූන් වහන්සේලා අන්තිමට සූත්‍රය කියල රුක් දෙවියන්ගේ උවදුරු නැතිව භාවනා කරද්දි ශරීරයේ අනිත්‍ය තාව දැක්ක වෙලේ ආ‍ලෝක ධාරාවක් විහිදුවල බණ පදයක් කියල රහත් බවට පත්කලානෙ. නමුත් බුදුහාමුදුරුවො දෙව්රම් වෙහෙරෙ ඉදලයි ඒ ආලෝක ධාරාව යැව්වෙ. ඉතින් අර සුවාමීන් වහන්සේලාට සැනුනෙ බුදු පියාණන් වහන්සේ වඩිනව වගේනෙ. මුගලන් මහ රහතන් වහන්සේ මොනතරම් ඍද්ධ් පෑවද මනෝ සිරුරින්. මනෝ සිරුරු මවන්නන් අතර අග තනතුරු දැරවෙ කවුද? චුල්ල පන්ථක හාමුදුරුවොනෙ. මම කලින් ලිපික් පලකරල තියෙනව චුල්ල පන්ථක හාමුදුරුවො ගැන. බලන්නකො ඒකත් කියවල.


අපේ භෞතික ශරිරය තුල ඊට සමාන්තරව පවතින අද්‍රෂ්‍යමාන සියුම් සිරුරක් මරණයෙන් පසු පවා ක්‍රියාත්මක වන බවත්, අපේ මාංශයමය සිරුරට හේතු වූ හෞතික සහ මානසික ශක්තිය මත ක්‍රියාත්මක මේ සිරුර අපේ ශක්ති ශරිරය ලෙස හැඳින්විය යුතු බවත් , අධිමානසික විද්‍යාවෙහි ද පිළිගැනේ. ඈත අතීතයේ සිටම ශුද්ධවන්තයන්ගේ හා මුනිවරයන්ගේ හිස සහ සිරුර වටා සලකුණු කළ ප්‍රභා මණඩලය මෙවැනි ශක්ති ශරිරයක සේයාව විය හැකිය.

මෙවැනි ශරිරයක් ගැන බුද්ධ දේශනාවෙහි සඳහන් වන බවත් ඇතැම් සූත්‍ර දේශනාවල දැක්වෙන මනෝකාය අපේ මේ ද්විතීයක ශරිරයම බවත් විමර්ශකයෝ කියති. මෙතෙක් ප්‍රචලිත නොවූ නිසා අවශ්‍ය පමණ අවධානය නොලැබූ මනෝකාය ගැන සාමඥ්ඥඵල සූත්‍රෙයහි සඳහන් වෙයි.

සාමඤ්ඤ ඵල සූත්‍රය –
පුරුෂයෙකු මුදු තණ ගසකින් තණ බඩයක් ඇද මෑත් කරන්නා සේද, කොපුවකින් කඩවුක් ඇද මෑත් කරන්නා සේද කරඬුවකින් සර්පයෙකු ඇද මෑත් කරන්නා සේද යෝගාවචරයා තම සිරුරෙන් වෙනත් සිරුරක් එළියට ගන්නා බව සාමඤ්ඤ සූත්‍රයෙහි දැක්වේ. මේ හා සමාන විස්තරයක් මහා සකුළුදායී සූත්‍ර යෙහිද දැක්වේ.

සකුළුදායී සූත්‍රය –
මෙහි සිරුරට යොදා ඇති විශේෂන සියල්ල සූත්‍රය තරම් වැදගත් කමකින් යුතුය. රූපවත් වූ මනෝමය වූ සියලු අංග ප්‍රත්‍යංග සහිත වූ හීන නොවූ ඉන්ද්‍රියෙන් ඇත්තාවූ යන විශේෂණ සහිතවූ එලියට ගන්නා සිරුර මාංශමය සිරුර තුළම සැඟවි තිබුණු එකකි.

පොට්ඨපාද සූත්‍රය –
පොට්ඨපාද සූත්‍ර යෙහි ප්‍රහාණය කිරීමට නිර්දේශිත රූප මනෝමය අත්ත පටිලාභය හා මෙකී එලියට අදින සිරරුද එක සමානය.

අග්ගඤ්ඤ සූත්‍රය –
විවෘත වන හෙවත් විවට්ටමාන කාලයේදී ලොව පහළ වන සත්වයන් ද මනෝකායික සත්වයන් බව අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වෙයි. පුනර්ජන්මය සිදු විමේදි පැමිණිය යුතු යැයි සඳහන් ගන්ධබ්බයාගේ සම්භාවයද බොහෝ දුරට මනෝකායට සමානය

සූත්‍ර දේශනා වල බොහෝ තැන්හි සඳහන් අන්තරාභවිකයා ද මේ මනෝකාය ඇත්තෙකු බව පෙනේ. පටිච්චසමුප්පාද අංග අතර සුපතළ උපාදාන පච්චයා භදෝ යන අංගයන් මනෝ කාය යැයි කිව යුතු අන්තාරාබවය ද, එම භවයෙන් උප්පතිය භවය නම් වූ ජාති අංගයද ලෙසද ගත යුතු යැයි මේවායේ පැටලිලි තේරුම් කිරිමේදී ඇතැම් විමර්ශකයක් විසින් පෙන්වා දී තිබේ.

ඉද්ධිවිධ අභිඤ්ඤා වේදි භාවිත වන්නේද මනෝකායේ මානසික නිර්මාණයක් බව පෙනේ. මනෝ ලෝකයේ සැරිසැරිමට අපිට මේ දැනුත් හැකිය. භාවනානුයෝගියාගේ භාවිත සිත කැමති රූප නිර්මාණයට යෙදවිමේ අභිඤ්ඤාන ශක්තිය සහිත සිතකි. මනෝමය කයක් මවන වෙනත් භික්ෂුන්, සමාන ශරිර කිහිපයක් මවද්දි චුල්ල පන්ථක හිමියන් නොයෙක් වැඩ වල යෙදුණු ශ්‍රමණයන් දහසක් මනෝකායෙන් මැවි යැයි මනෝරඡ පූරණි නම්වූ හෙළ අටුවාවේ සඳහන් වේ. බුද්ධ දේශනාවේත් අටුවාවලත් බෙහෙවින් සඳහන් මනෝකාය නූතන අධීමානසික විද්‍යාවේ කියන ශක්ති ශරිරයම බව පැහැදිලිය.

එහෙත් බැලු බැල්මට ආත්මයක් හෝ ඊට සමාන ගතියක් ලෙස මනෝකාය නොගත යුතුයි. මානසික ධර්මතා භෞතික ධර්මතාවලින් වඩා වේගයෙන් වෙනස් වන බව බුද්ධ දේශනාවයි. මනෝකාය එය දරන සත්වයා සේම අනිත්‍යයය. දුකය අනාත්මය. බුදු දහමෙහි මනස විග්‍රහ වන්නෙත් සත්වයා තුළ ක්‍රියාත්මක කය තුල ක්‍රියාත්මක මනෝමය කයක් දකින්නෙත් ආත්ම පදාර්ථය පිළනොගන්නා නිසාය. අන්තරා භවය පිළිගැනිමටත් මනෝකාය පිළි ගැනිමටත් බොහෝ බෞද්ධයන් බිය වන්නේ ආත්මවාදයට බියෙනි. එහෙත් දැන් අප අනිත්‍ය නම් අනිත්‍ය අන්තරා භවිතයෙකු හෝ අනිත්‍ය මනෝ කායිකයෙකු පිළිගැනිමට බිය විය යුතු නොව්.

මනුෂ්‍ය ශරිරය තුළ පමණක් නොව ගස්වැල් ප්‍රාණීන් තුල පවා සැඟවුණු ද්විතියික පැවැත්මක් රුසියානුවෙකු සොයා ගත් කිර්ලියන් ඡායාරූපවලින් සනාථ වේ. කිර්ලියන් ඡායාරූප අනුව භෞතික ශරිරයේ අත කැපූ ද මනෝකාය අත සහිතව පෙනිසිටි. යම් තැනැත්තෙකු මිය ගිය පසු එම වයසේ එම සමරූපකායෙන්ම පෙනි සිටින භූතාත්මය යනු මිය ගිය තැනැත්තාගේ මනෝකායමය. උපාදාන පච්චයා භවෝ යන පටිච්ච සමුප්පාද දේශනාවේ භාවය යනු අන්තරාභවය යනුවෙන්ද තේරුම් කල හැකි යයි මෙහි කලින් සඳහන් විය.

අපේ මරණයෙන් පසු පවතින මනෝකාය අපේ අන්තරාභවයයි. අන්තරා භවය උපතක් නොවේ. අන්තරා භවයේ සිටින්නේ මිය යද්දි සිටි සත්වයාමය මේ අතුරු අවස්ථාවය සැබෑ පුර්වජන්මය සොයා ගැනිමේ සත්‍ය අවස්ථාවකි. ථේරවාදය තුළ තිබූ බොරු ආත්මවාදි භයනිසා මේවා මෙතෙක් සැඟවි තිබුණු බව කිව යුතුය. මහාචාර්යය ඉයන් ස්ටිවන්ස් සහ මහාචාර්යය රේමන්ඩ් ඒ මූඩි යන අධී මානසික විද්‍යාඥ්ඥයන් දෙදෙනා විසින් කරන ලද මරණාසන්න අත්දැකිම් පිළිබඳ පර්යේෂන අනුව හදිසි අනතුරු සහ බරපතල ශල්‍යකර්මවලදි පුද්ගලයා තාවකාලික මරණයකට පත්වෙද්දි මනෝකාය ඊට අයිති කරජකාය හෙවත් දේහය දෙස අහසේ සිට බලා සිටි අයුරු පිළිබඳ රසවත් තොරතුරු දැන් අනාවරණයවි තිබේ. අප දැන් ගෙවන අනිත්‍ය සහ අනාත්ම ජිවිතයේම මරණින් එහා සැඟවුනු කොටස දැන් තිර ගත වේ. මරණින් පසු එන නිසා පමණක් මෙය නිත්‍ය ආත්මයක රංගනයක් කර නොගත යුතුය. මේ වනාහී වර්තමාන රංගනයේම තවත් කොටසක් මිස අලුත් කිසිවක් නොවේ. මෙතනදි අප ගෙවන්නේ දෙවියන් වහන්සේ දුන් නිත්‍ය ආත්මයක තාවකාලික කොටසක් නොව අගක් මුලක් නැති සාංසාරික ජීවිතයක් බව තේරුම් ගත යුතුයි. මේ ජිවිතය අපට දැන් විශේෂ ජීවයක් වන නිසා එයසසරින් වෙන් කර ගෙන සිතන්නට මනෝකාය ආත්මයකට සමාන මහා අරුමයකි. වෙනත් වචනවලින් කියතොත් මේවායේ මේ අපූර්ව වෙනස එවා අපට නුහුරු අත්දැකිම් විමය.

උගත් වෛද්‍යවරුන් මහාචාර්යවරුන් හා මනෝ විද්‍යාඥයන් විසින් ද, මියයාමෙන් පසුව ස්වාභාවිකව පළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ. මේ හැම පරීක්‍ෂණයකම ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප්‍රාණය ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීමත්ය. සිය වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි මිනිසා හොඳ සිහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවයි.ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි අය පවසනුයේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි – දසුන් හා අත්දැකීම් හෝ තමා විසින්ම අත්දුටු අවස්ථා විරල බවය. මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස්” (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් ය. එය ළඳකගේ කතාවකි.ඇය යළි පැමිණි විට කීවේ “….. මා හිතුවේ මා මැරිලා කියලයි. මා නම් සිටියේ මහා නරකාදියකයි…..” ඇගේ දෙනෙත් බියෙන් ගැහෙමින් තිබිණි. දෙවියනේ මම හිතුවේ මම ඉන්නෙ අපායක කියලයි අප ඇය සැනසූ නමුත් ටික වෙලාවකින්ම මේ අපායේ අත්දැකීම් ගැන අපට කීවාය….දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබිණ. අවජාතකව ලැබූ දරුවන් මෙන් ම විවාහ ජීවිතයෙන් පරිබාහිරව ඇය රහසේ ගෙන ගිය අනියම් සබඳතා පිළිබඳ ඉඟිද කෙළවරක් නැතිව අනාවරණය විය. කෙනකුට සිය සිරුර ගැන ඇති දැඩි ආශාවටද මරණින් පසු යළි ජීවිතයක් ලබන්නට පිහිට වෙයි.භූමිදානයේදී හෝ ආදාහනයේදී විය හැකි ශාරීරික හානි හෝ අවයව ඉවත්කර ගැනීම් හෝ පිළිබඳව නැඟෙන සිතිවිලි මතද මේ ගැන අවබෝධය ඇති පුද්ගලයාට නම්, ක්‍ෂූද්‍ර ශරීරයේ සිට යළි පියවි ලෝකයට එන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය.
මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණවලදී ෂද්‍යාඥයන්ට දැනගන්නට ලැබුණේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි.මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස ය.තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි. කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි. නොහොත් යළි පදිංචිය ගනියි.නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්‍ෂාවෙන් ම සිටියි.මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින් ම ඒ ලොවේ අපට සුබ පතන්නොද යළි අපට මෙලොවට එන්නටම උදව් කරති.විටෙක, ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද දරුවනට හා අන් අයට ඉටුවිය යුතු වගකීම් හා බැඳීම් මතක් කර දෙමින් අධ්‍යාත්මික අධිරාජ්‍යයේ එකී උදවියම ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති.සමාධිය – ධ්‍යානය – අසිහිය – ප‍්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප‍්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත. එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ. මෙය “හුය” මානව පියවි ඇසට නොපෙනේ.සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි.මරණයක් සිදුවූ වහාම, මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය.මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි. ඒවා මෙසේය.
ක්ෂූද්‍ර දේහය – Astral Body
ද්විතීය ශරීරය – Secondry Body
ජීව ප්ලාස්ම සිරුර – Bio – Plasma Body
බලශක්ති සිරුර – Energy Body
අප‍්‍රකට (සියුම්) ශරීරය – Subtle Body
ප‍්‍රතිරූප ශරීරය – Counterpart Body
දිව්‍යමය සිරුර – Ethical Body
ජීවය (ප‍්‍රාණය) – Spirit
ආත්මය -Soul
මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන් ම විද්‍යා – ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිය. එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි. එනම් මනෝකායයි.

මනෝකාය මුලුමනින්නම සංවේදි කයකි. මනෝකායට සියල්ල පෙනේ, සියල්ල ඇසේ, සියල්ල දැනේ, ඔනෑම තැනකට වේගයෙන් පාවී යැවේ. කඳු හෙල් ගස්වැල් බාධක නොවේ. මේ වනාහී අප දන්නා දිග පළල උස යන ත්‍රිමාන තලයට වෙනස් තලයකි. අපට නොතේරෙන දේවල් නැතියි කීම මෙතෙක් පැවති උගත්කමය. එහෙත් දැන් අපට නොතේරුනු පලියට නැතිය නොකියා නිහතමානි ලෙස අපේ දන්නා තරම සහා නොදන්නා තරම තේරුම් ගැනිම වඩා හොඳය. දිවැස සහ දිවකණ මේ ඇසේම මේ කනේම විඥ්නය ප්‍රබල කිරිමකි. පරචිත්ත විජානනය පුද්ගලයන්ගේ හැසිරිමෙන් අපටම සිතාගත හැකි නම් ඊට වඩා පුහුණු කල සිතකින් එය ඊට වඩා හොඳින් කළ හැකි විය යුතුය. අධිමානසික මේ හැකියාවන් සත්‍ය නම්, අධීමානසික විද්‍යාව නිවැරදි නම් මනෝකාය අපේ අභෟතිකය කයට වඩා අපූරු ශකති ශරියයකි, හෙවත් ඇසට්‍රල් බොඩියකි.

පින්වත් යාලුවනේ ඉතින් අනිත් ආගම්වල කියනව ඍද්ධි ප්‍රාතිහාර්ය ගැන. මේව ඉදිරියේ ඒව මොන විහිලුද කියල ඔයාලටම තේරෙනව නෙද?

අන්තර්ජාලය ඇසුරිනි.

මම සත්කෙරේ මෙත් සිතින් එරන්ද ලක්මාල් සිල්වා.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.