මනුෂ්‍යත්වයේ අගය …

කිච්ඡො මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්ඡාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡො බුද්ධානං උප්පාදොති

පිංවත්නි, අපට නිරතුරුව අසන්නට ලැඛෙන දෙයක් තමයි සමහර පිංවතුන් කියනවා ලෝකයේ හැම ආගමක්ම උගන්වන්නේ හොඳයි නරකයි නොවේද කියා. පිංවත්නි, හැම ආගමක්ම කෙසේ උවත් බුදුරජාණන් වහන්සේ ගේ බුදු දහම නම් ඔය කව්රුත් කියන හොඳ නරක දෙකට වඩා එහාට යනවා. හැම ආගමක්ම හොඳ නරක දෙක නොවැ උගන්වන්නේ කියලා කිව්වත් හරිහැටි විමසා බැලූවොත් හොඳින් පැහැදිලි වෙනවා , ඒ ඒ ආගම්වල උගන්වන හොඳ නරක දෙකේ වෙනස්කම් ත‍බෙනවාය කියලා.කෙසේ වෙතත් අපි බෞද්ධයන් වශයෙන් හොඳට සිතිහි ධාරණය කරගතයුතු දෙයක් තමයි , තථාගත සම්මා ස්ම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොකයට පහළ වන්නේ ඔය කියන් ආකාරයට හොඳ නරක දෙක කියලා දෙන්නටම නොවෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වන්නේ ඇයි කියල බුදු වදනකින් මේ විදිහට ප්‍රකාශ වෙනවා. “උප්පාදොවා භික්ඛවේ තථාගතානණංඅපුප්පාදොවා තථාගතාණං චිතාවසා ධාතො ධම්මක්ඛිත්තා ධම්ම නියාමතා සබ්බේ සංඛාරා අනිච්ඡා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනන්තා ” මේ අදහස පින්වන්ති තථාගත සම්මා සම්බුදුවරු ලෝකයට පහළ වුණේ නැතත් ලෝකයේ ධර්මතාවක් කියල දෙයක් තිඛෙනවා. ධර්මතාවක් කියලා දෙයක් තිඛෙනවා. ධර්ම නියාමයක් තිඛෙනවා.සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ “සබ්බේ සංඛාරා අනිචිඡා” සියලූ සංස්කර ධර්මයන් අනිත්‍යයි. සියලූ සංස්කාර ධර්මයන් දුකයි. සියලූ ධර්මයන් දුකයි. සියලූ ධර්මයන් අනාත්මයි කියල ප්‍රකාශ කිරීම. එය ලොවට වටහා දෙනවා. 

    “තං තථාගතෝ අභිසම්බුජ්ජෙත්වා අභිසමෙති” ඒ තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා අවබෝධ කරලා වටහගෙන ලෝකයාට ප්‍රකට කරනවා. ලෝකයාව ඒ ත්‍රිලක්ෂණයෙහි පිහිටුවනවා. එයින් බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින්ම දේශිතයි.බුදු කෙනෙකු ලොවට පහළවන්නේ මෙන්න මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලෝකයේ ත්‍රිලක්ෂණය ලෝකයේ වටහා දෙන්නට බව. අපි බෞද්ධයන් කියා ප්‍රතිඥා දෙනවා නම් අපි හැම දෙනාගේම අරමුණු වෙන්ට ඕනෑ මේ ත්‍රිලක්ෂණය වටහා ගැනීමයි. නිකම්ම තේරුම් අරගෙන ජීවත්වීම නොවෙයි. ඊට වඩා එහාට යන්නට තිඛෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මා මාතෘකා කල මේ ගාථා පාඨයේ අපට ඒ හොඳ නරක දෙකින් එහාට යන්නට ටිකක් හිතා බැලිය යුතු කාරණා කිහිපයක් විග්‍රහ වෙනවා. “කිච්ඡා මනුස්ස පටිලාභෝ” මනුස්සා ප්‍රතිලාභය – මනුෂ්‍ය ආත්මයක් ලබනවාය කියන එක “කිච්ඡො” දුර්ලභයි. “කිච්ඡං මච්ඡාන ජීවිතං” සත්වයාගේ ජීවිතයත් දුක් සහිතයි.“කිච්ඡං සද්ධම්ම සවණං” මේ මිනිසත්බව ලබාගෙන සිටින මිනිසාට ජීවිතයේ තිඛෙන යථා ස්වභාවය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය වටහා දෙන සුලූ සද්ධර්මයක් තිඛෙනවානම් සම්මා සම්බුදුවරයෙකුගේ, ඒ සද්ධර්මය ශ්‍රවණය කරනවා කියන කාරණයත් දුර්ලභ කාරණයක් . “කිච්ඡො බුද්ධානං උප්පාදො” ඒ ලෝකයාට ත්‍රිලක්ෂණය ප්‍රකාශ කරන්නා සම්මා සම්බුදුවරයෙකුගේ උපතක් තිඛෙනවානම් අන්න ඒ බුදු උපතත් දුර්ලභ කාරණයක්. එතකොට අපට දුර්ලභ කාරණා තුනක් ගැන උගන්වනවා. ඒ වාගේම සත්වයාගේ ජීවිතයේ යථා ස්වභාවය පෙන්නවා දෙනවා.

දැන් අපි මේ කාරණා හතර පිළිබඳව ටිකක් විමසා බලමු. පළමුවෙන්ම “කිච්ඡො මනුස්ස පිටිලාභෝ”  මනුස්ස ප්‍රතිලාභය දුර්ලභයි කියන කාරණය.මෙහෙම කියනකොටත් සමහර දෙනා නිතරනගන ප්‍රශ්නයක් තමයි මිනිසෙක් වෙලා නැත්නම් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගෙන උත්පත්තියක් ලබනවාය කියන එක ඔයතරම් දුර්ලභනම් මේ ජනගහනය වැඩිවීමමේ ආකාරයෙන් සිද්ධවෙන්නේ කෙසේද යන කාරණය. පින්වත්නි, කවුරුහරි හිතුවොත් මේ මිනිස්සුම මැරිලා ඔක්කොම මිනිස්සු වෙනවාය කියල එතකොට නම් ටිකක් ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් බුදුදහමේ එහෙම දෙයක් ගැන උගන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ එන හැටියට ස්ත්ව කියල කියන්නේ මනුෂ්‍යයන්ට විතරක් නොවෙයි. මේ කුරා කූඹ්න් පවා සතුන්.සමහර සතුන් ඊටත් වඩා කුඩාවෙන්නට පුලූවන්.ඊටත් වැඩිය ලොකුවෙන්නත් පුලූවන්. මනුෂ්‍යයන්ටත් වඩා ලොකු සතුන් ඉන්නවා. අලි ඇතුන් පවා ඉන්නවා. ඒ හැමදෙනාම සතුන්. ඒ වගේම දෙව් මිනිසුන් වගේම තිරිසන් සතුනුත් හැම කෙනෙක්ම සතෙක් තමයි. දැන් කෙනෙක් අහන්න පුලූවන් හාමුදුරුවනේ ඔය කුරා කූඹියකුටත් මේ මිනිහෙකුට තිඛෙන තත්ත්වය ම සම කරන්නට පුළුවන්.පිංවත්නි, සත්ත්ව කියන සම්මුතියෙන් ගත්තොත් හැම සත්ත්වයෙකුටම තිඛෙන්නේ ස්කන්ධ පහක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ කියන මේ ස්කන්ධ පංචකයයි. මනුෂ්‍යයන් ගත්තත්, මනුෂ්‍යයෙකුට වැඩිය වැඩිය ලොකු කෙනෙක් ගත්තත් දෙවියන් ගත්තත් කුරා කූඹියෙක් ගත්තත් මේ හැම කෙනෙකුටම තිඛෙන්නේ ස්කන්ධ පංචකයක්. රූපස්කන්ධය වශයෙන් වෙනස් වෙනවා, නාම ස්කන්ධය දිහා බැලූවාම නාම ස්කන්ධයේ ක්‍රියාවලිය එක සමානයි වගේ තමයි වැටයෙන්නේ.උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු, අපි පිරිසිදු ස්ථානයක , කසිම සතෙක් නැති ස්ථානයකට අපි පැණි ටිකක් දමනවා. ටික වේලාවක් ගිහිල්ලා බැලූවොත් බැලූවොත් ඔතනට කුහුඹුවන් එකා දෙන්නා ළං වෙනවා අපිට දකින්න පුලූවන්.කලින් කුහුඹුවන් හිටියේ නැහැ, නමුත් ක්‍රම ක්‍රමයෙන් එකා දෙන්නා ලංවෙලා සිය ගණනක් වෙන්ටත් පුළුවන්. එතකොට මේ කුහුඹුවන්ට කවුද මෙතැනට පැණි දමලා තිඛෙනවාය කිව්වේ. කවුරුත් නොකිව්වත් ඒ තුහුඹුවන්ට එක්තරා සංඥාවක් ලැබුණා. ඒ සංඥාව තුලින් කුහුඹුවන් අවබෝධ කරගත්තා මට ආහාරයක් තිඛෙනවා කියලා. ආහාරය අඳුනගන්නවාත් එක්කම ඒ සතාට රස තෘෂ්ණාව ඇතිවෙනවා. තෘෂ්ණාව කියල කියනකොට එතැනදි සංස්කාරයන් රැස්වීමක් සිද්ධ වෙනවා. ඒ එක්කම සුඛ වේදනාවක් අතිවෙනවා. ඒ වගේම හඳුනා ගැනීමේ සංඳාවක් තිඛෙනවා. ඒකට කියනවා විඳාණය කියලා. හඳුනාගන්නා යම් ලක්ෂණයක් යම් අරමුණක් තිඛෙනවා නම් විඥාණය කියලා කියනවා. මෙහිදී මනො විඥාණය ප්‍රධානයි. මේ විදිහට කුරා කූඹියෙකුට උනත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ කියන පංචස්කන්ධයයි තිඛෙන්නේ. මනුෂ්‍යයෙකුට උනත් ඒ පංචස්කන්ධය එහෙමමයි.කලින් කිව්වා වගේ දෙවියෙකුට බ්‍රහ්මයෙකුට වුණත් පංචස්කන්ධය පවතිනවා. රූපස්කන්ධය බොහොම සියුම් වෙන්න පුළුවන්. රූපස්කන්ධය ඕලාරික වෙන්නට පුළුවන්, මේ ආකාරයෙන් හිතද්දි අපි දන්නවා එහෙමනම් සත්ත්ව විෂය කියන එක අපට සීමාවක් පනවන්න බැහැ කියලා.මේ ලෝකයේ පමණක් නොවෙයි. අපට බලපු ගමන් එකපාරටම වැටහෙන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ සිටින සත්ත්ව ප්‍රජාව ගැන තමයි. පින්වත්නි, මනුෂ්‍ය ලෝකයට පමණක් සත්ත්වයන් සීමාකරන්නට එපා. මේ විශ්වයට පමණක් සීමා කරන්නට එපා. තවත් විශ්වතල බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරල තිඛෙනවා. ලෝක ධාතු වශයෙන් දේශනා කරල තිඛෙනවා.     එක වෙලාවක ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ලඟට අවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා “ස්වාමීනී, මම කලින් වතාවකදී ඔබවහන්සේගෙන් අහල තිඛෙනවා, ඉස්සර සිඛී කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අභිභූ කියලා ශ්‍රාවකයෙක් හිටියා. මේ අභිභූ කියන ශ්‍රාවකයා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා මනුෂ්‍ය ලෝකයට ඇහෙන්නට මිනිසුන්ටත් ඇහෙන්නටත් දේශනා කරනවාය, ස්වාමීනී භාග්‍යවතුන්වහන්ස ඒ ශ්‍රාවකයාට ඒතරම් ශක්තියක් තිඛෙනවානම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශක්තිය කොපමණද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද දන්නවද සහශ්‍ර ලෝක ධාතුව කියන්නෙ මොකක්ද කියල? එතකොට ආනන්ද හාමුදුරුවො කියනවා, ස්වාමීනී ඒක ඔබ වහන්සේ ගේ විෂයය. ඒ සංහ නාදය මේ වෙලාවේ පවත්වන්න, ඔබ වහන්සේගෙන් එය මේ භික්ෂූන් වටහාගන්නවා ඇත කියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව, ආනන්ද මේ ඉර හඳ දෙදෙනා සිය ආලෝක කිරණයන් පතුරවාගෙනයන මේ ලෝක ධාතුවෙහි තවත් පෘථීවි දහසක් තිඛෙනවා. මේ ආදී වශයෙන් තවත් අනෙක් ග්‍රහ ලෝක පිළිබඳවත් විග්‍රහ වෙනවා. මෙහෙම දස දහස් බැගින් ගත්තාම මේකට කියනවාය සහශ්‍රී ලෝක ධාතුවය කියලා. ඊලඟට ඒකත් දහසකින් වැඩිවෙනවාය. ඒකට කියනවා ත්‍රිසහශ්‍රීය, මහාසහශ්‍රය ලෝක ධාතුවය කියලා.එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද තථාගතයන් වහන්සේට අවශ්‍යනම් අධිශ්ඨාන කරලා මේ ත්‍රිසහශ්‍රීයේ, මහාසහශ්‍රීයේ සිටින සත්වයන්ටත් අහෙන්ටධර්මය දේශනා කරන්ට පුළුවන් කියලාා. අවශ්‍යනම් ඊටත් එහාට දේශනා කරන්ට පුළුවන්ය කියනවා.

එතකොට පිංවත්නි, දැන් පැහැදිලියි ඒ තරම් දුරටත් සත්වයන් ගේ වාසය පවතින බව.එය මෙහිදී බුදු මුවින්ම ප්‍රකාශිතයි. එතකොට සත්ව විෂය අපට සීමාවක් කරන්ට බැහැ. පෘතග්ජන මනසින් හිතල. ඒක බුද්ධ විෂයක්. ඉතින් අපි හිතනවානම් මනුෂ්‍යත්වය දිහා බලල, කොහොමද මේ මිනිසුන් වැඩිවෙන්නේකියලා, ඒක ඒතරම් අරුමයක් නොවේ. මොකද? තිරිසන් ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට එන්න පුළුවන්. ඊලඟට දෙවියන් අතරින් බ්‍රහ්මයන් අතරින් මනුෂ්‍යත්වයට එන්ටත් පුළුවන්, සමහර විට වෙනත් සත්ව ආත්ම වලින් වුවත් මනුෂ්‍ය ආත්මභාවයකට එන්ට බැරිකමක් නැහැ. මෙහෙන් ඒ ඒ තැන වලට යන්ට බැරිකමකුත් නැහැ. ඉතින් ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ගේ ප්‍රමාණය අඩු වැඩි වීමක් වෙනවාය කිය එකේ පුදුමයක් වෙන්ට දෙයක් නැහැ. සමහර කාලවලට මිනිසුන්ගේ ප්‍රමාණය අඩුවෙන්ට පුළුවන්.සමහර කාලවලට වැඩිවෙන්ට පුළුවන්. නමුත් එහෙම උනත් අර සත්ව විෂය දිහා කල්පනාකරල බලනකොට තමයිතේරෙන්නේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක කොයි තරම් දුර්ලභ කාරණාවක්ද කියන එක.

පිංවත්නි, තවත් පැත්තක් හිතන්න තියෙනව. බලන්න මනුෂ්‍ය ලෝකය පිලිබඳව ටිකක් හිතන්න. කොච්චර මිනිසුන් අන්ධද? කොරුන් බීරන් කොච්චර සිටිනවාද? හරියට හොඳ නරක වටහා ගන්නට බැරි මන්ද බුද්ධිකයන් කොපමණ සිටිනවාද? ලෝකයේ මෙකවත කරගන්ට බැරි අසරණ පුද්ගලයන් කොපමණ සිටිනවාද? බලන්න, සාමාන්‍යයෙන් හිතලා අද අපේ මවු බිම ගැන හිතුවත් තවම අපි අභාග්‍යසම්පන්න නැහැ. අපි තවමත් වාසනාවන්තයි. මේ බණ අහගෙන ඉන්න පින්වතුන් තමන් ගැනම හිතන්න. හොඳට ඇස් දෙකම පේනවා. හොඳට කන් දෙකම ඇහෙනවා. හොඳට හිතන්න බුද්ධියක් තියෙනවා. බලන්න මේවගේ පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයක්. වේලක් හැර වේලක් ජීවත් වන්නට පුළුවන්. සමහර දෙනාට එහෙම අවස්ථාවල් තිඛෙන්නට පුළුවන්. සමහර දෙනා හොඳට කාලා බීලා ඉන්නවා වෙන්නට පුළුවන් කවුරුවුණත් තමන්ගේ ඉන්ද්‍රියන් ටික හොඳට තිඛෙනවානම්, ප්‍රසන්න ඉන්ද්‍රියන්සහිතව තමා ජීවත් වෙනවානම් සම්පූර්ණ අංග ප්‍රත්‍යන්ගෙන් යුක්තව ජීවත් වෙනවා නම් හොඳට හිතන්න පුළුවන් බුද්ධියක් තිඛෙනවානම්දැනගන්න මෙන්න මේ ලබපුමිනිසත් බව තමයි පරමාර්ථ මිනිස් ජීවිතය කියල.මේක තමයි පංවත්නි දුර්ලභ. ඒ මනුෂ්‍ය ආත්මභාවය ඔබ අප සියළු දෙනාම ලබාගෙන ඉන්නවා.”කිච්චං මච්චචාන ජීවිතං” එහෙම උනත් ඒ ජිවිතයත් සැපදායක එකක් නොවෙයි. ඒකත් දුක් සහිතයි. දුක් වලින් පිරිලා. ඒ ජිවිතයේ තිඛෙන දුක්ඛිතභාවය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කොටස් එකොළහකට දක්වලා තිඛෙනවා. “ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, පරණංපි දුක්ඛං, පියෙහි විප්පයෝගෝ දුක්ඛො ” යනාදී වශයෙන් එකොළොස් ආකාරයකින් පෙන්නලා අවසානයේදී කියනවා, “සංඛිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා” කොටින්ම කියනවානම් මේ උපාදානස්කන්ධ පංචකයම තමයි දුක කියලා කියනනේ.එහි ” ජාතිපි දුක්ඛා” කියල පළමුවෙන් දක්වනවා. මේ ඉපදි ඉපදී මැරි මැරී යන ගමනම තමයි දුක. ඒනිසා තමයි අනෙක් හැම දුකක්ම. මෙහෙම කියනකොට සමහර දෙනෙකුට හිතෙන්ට පුළුවන්, සමහර දෙනා කථා කරනවඇයි මේ දුක දුක ගැනම කථා කරන්නේ කියලා. පිංවත්නි බුදුරජාණන් වහන්සේ එහෙම දුක දුක කියන එක ගැනම කථා කලේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආස්වාදයක් ගැන දේශනා කලා. “අත්ථී භික්ඛවෙ රූපස්ස අස්සාදො” මහණෙනි මේ රූපයේ ආස්වාදයක් තිඛෙනවා. “නොචතං භික්ඛවෙ රූපස්ස අස්සාදො අභවිස්ස” යම් ආකාරයකින්මේ රූපයේ ආස්වාදය කියල එකක් නැත්නම් “නහිදං සත්තාරූපෙ සාරජ්ජෙය්සුං” මේ සත්වයෝ රූපයට ඇලෙන්නේ නැහැ.

දැන් බලන්න සත්වයෙක් ගත්තොත් සාමාන්‍යයෙන් හැම සතෙක්ම වාගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ කියන මේවාටඇලිලයි තිඛෙන්නේ. මේ නිසා තමයි සත්වයා කියලා කියන්නේ. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ කියන මේ අරමුණු කෙරෙහි නිරතුරුවම ඇලී ගැලී සිටින බැවින් තමයි සත්තො කියලා විග්‍රහ කලේ. ඉතින් මේ අරමුනු වල ඇලී තිඛෙන සත්වයා නිරතුරුවම එහි ආස්වාදය භුක්තිවිඳින්නට උත්සාහ ගන්නවා. ඒ ආස්වාදයක් තිඛෙන නිසා. නමුත් ඒ ආස්වාදය විතරක් නොවෙය, මේකේ ආදීනවයකුත් තිඛෙනවයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ආදීනවයක් නැත්නම් සතිවයෝ මේ ලෝකයේ දී කලකිරරෙන්නේ නැහැයි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මෙහෙම දුක විතරක් නොවෙයි, ආස්වාදය ගැනත් දේශනා කලා. හැබැයි ආශ්වාදයේ ආදීනවය ගැනත් දේශනා කලා. ආශ්වාදයට වඩා ආදීනවය කියන එක මහ දරුණුයි. ආදීනවය කියන එකේ දුක්ඛිතභාවය, දරුණු බව හිත්නටවත් බැහැ. මේ සසර හැම දුකක්ම දිදී ඉදිරියට ගෙන යන්නේ වෙන කිසිම දෙයක් නොවෙයි. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ ආදීන් කෙරෙහි ආස්වාදනය කිරීමයි. ඒ නිසා බුදුරජානන් වහන්සේ තවත් අවස්ථාවකදී දේශනා කරනවා, මහණෙනි, ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය මමය, මගේය කියලා ආස්වාදනය කරනවට වඩා, රතුවෙන්නට රත්වෙච්ච යකඩ කැබැල්ලක් අරගෙන ඒකෙන් තමන්ගේ ඇහැ පිරිමැදගන්න එක ඊට වඩා හොඳයි කියනවා.එහෙම කරන්න කියන එක නොවෙයි අදහස් කරන්නේ. ඒ කියන්නේ එහි තියෙන ආදීනවය ගැනයි. ඒ නිසා පංවත්නි ඉඳුරන් පිනවීමම මේ ලෝකයේ තිඛෙනදුක් සමුදාය රැස්කරන්නට ප්‍රධාන හේතුව බවයි බුදුරජාණන්වහන්සේ දේශනා කලේ. දුක ගැන වටහා ගන්නට තව ගොඩක් සුත්‍රවල නොයෙක් අන්දමින් දේශනා කරල තිඛෙනවා. සමහර විට දෙතිස් වදයක් ගැන දේශනා කරනවා. ඒ දෙතිස් වදය සමහර තැන්වල මෙන්න මෙහෙම කියනවා. හිස් කබල උඩින් වටේට කපල අයින් කරනවා. අයින්කරලා රත්වෙච්ච යකඩ කුට්ටියක් තබනවා. මොලය චිරි චිරි යන අනුකරණයෙන් දියවී යනවා කියලා කියනවා. ඊලඟට කන්වලට උල්ගහනවා. හන්දිවලට උල් ගහනවා. ඉනේ ඉඳලා පහලට හම ගහනවා. උතුරන තෙල් ඉහිනවා. සම්පූර්ණයෙන් හමගහල අව්වේ තියනවා. මේ ආකාරයෙන් මේ සසර ගමනේදී නොයෙක් වද වේදනා විඳින හැටි බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මෙහෙම දේශනාකරලා බුදුරජාණන්වහන්සේ බික්ෂූන්ට කියනවා, මහණෙනි, දැනගන්නට ඔබත් මමත් මේ සසර එන ගමනේ මෙවැනි දුක්ඛිත අවස්ථා වලටඅපි එක්කෙනෙක්වත් මුහුණ නොදී සිටියා කියලා නම් හිතන්න එපා. අපි හැමදෙනෙක්ම මේ දුක් සමුදායට මුහුණදීලා තිඛෙනවාය කියලා දේශනා කලා.

නිකම් හිතන්න පිංවත්නි, අද ලෝකය ගැන. අම්මලා දරුවන් මරන්නේ නැද්ද? දරුවන් අම්මලා තිත්තලා මරන්නේ නැද්ද? ස්වාමිවරු භාර්යාවන් මරන්නේ නැද්ද? භාර්යාවන් ස්වාමිපුරුෂයන් මරන්නේ නැද්ද? අදත් මේක ලෝකයේ ඇස් ඉදිරිපිට සිද්ධවෙනවා නම් අතීතයේත් මෙහෙම සිද්ධවුනු බව දැනගන්න. අනාගතේත කෙලවරක් නැතිව මේක සිද්ධවෙනවා. එහෙමනම් අපිට මෙහෙම ඇස් පනාපිට මේ දෙය දකින්ට ලැඛෙනවානම් යම් අවස්ථාවකදී අපි ගොදුරක් නොවී සිටියද කියලා කල්පනාවට ගන්න. ඒ විතරක් නෙවෙයි, මේ මිනිසුන්ට හැදෙන රෝග ගැන හිතන්න.ඔය කිසිම රෝගයකින් අපි නිදහස්ද කියල හිතන්න. පිංවත්නි, ණුවනින් කල්පනා කරල බැලූවොත් මේ යන ගමනේ දුක කොච්චරද කියලා තේරේවි.බලන්න, බඩගින්නේ මැරෙන මිනිස්සු ලෝකයේ ඉන්නවා. ඒ විතරක් නොවෙයි. මේ සසරේ යන ගමනේ අපට අම්මා නොවෙච්ච, තාත්තා නොවේච්ච,සහෝදර සහෝදරියන් නොවෙච්ච කෙනෙක් හොයාගන්නවා කියන එකත් අපහසු කරුණක් බවයි බුදුරජාණන්වහන්සේ දේශනා කලේ. ඔය යන ගමනේ එකිනෙකා මරාගෙන ඛෙලි කැපුම් කාමු වාරවල් වල, අපි එක්කෙනෙක් ඒ විදිහට මැරුම් කාලා ලේ ගැලු අවස්ථාවල, කොටින්ම කියනවානම් එකම සතෙක් වෙලා ඛෙලි කැපුම් කාපු වාරවල් වල ලේ ටික එකතු කලානම් සතර මහා සාගරයේ ජලයට වැඩියි කියනවා. එකම දරුවෙක් එක අම්මට දරුව වෙලා, ඒ දරුව නිසා අම්මා අඩපු කඳුළු ටික එකතු කලානම් ඒත් සතර මහා සාගරයේ ජලයට වැඩියි කියනවා. එහෙමනම් පිංවත්නි, මේ දිග සසර ගමනක එන අපි ටිකක් සිහි ණුවනින් මේ ලබාගත් මිනිසත්බව ගැන හිතන්ට ඕනෑ.බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසර කොයිවගේ එකක්ද කියල අහපුවාහම,මේසසරපිළිබඳවකියන්නේ “අනමතග්ගාය භික්ඛවෙ සංසාරො පුබ්බාකොටි නපඤ්ඤායති” කෙළවරක් නැහැ මහණෙනි මේ සසර. ඒක පනවන්න පුළුවන් කමක් නෑ. බුදුරජාණන්වහන්සේ සසර පෙනෙන්නේ නැහැ, දකින්නේ නැහැකියලා දේශනා කලා නොවේ. සසර කෙළවර කොතැනද කියා බුදුරජාණන්වහන්සේ දන්නවා. සසර ආරම්භය තොතැනද කියලා බුදුරජාණන්වහන්සේ දන්නවා. නමුත් පනවන්න බැහැයි කියලයි දේශනා කළේ. ඒකට උදාහරණයක් වශයෙන් කියනවා මහණෙනි, මේ දඹදෙව් තලයේ තිඛෙන ගස්වැල් ටික අඟල් හතරේ කෑලිවලට කපලා ගොඩක් ගහන්න. ඊට පස්සේ ඒ ගොඩෙන් එක එක අරගෙන මේ මගේ අම්මා, මේ ඒ අම්මාගේ අම්මා, කියා මේ ගොඩෙන් එක එක කෑලි අයින් කරන්න, එතකොට මේ කෑලි ටික ඉවර වෙනවා. නමුත් අම්මලාගේ අම්මා ඉවර නේනේ නැහැ. ඒ ගොඩ ආයෙමත් අනිත්පැත්තට ගනින්න පුළුවන්. ඒ වගේම උදාහරණයකින් සසර කෙළවරක් නැති බව පේනවා. ඉතින් මෙහෙම එක ගමනක අපි හිතලා බැළුවොත් මේ ගමනේ තව තව අපි යනවාද, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය ගැන පොඩ්ඩක් කල්පනා කරලා, ජීවිතයට සම්බන්ධ කරගෙන මේ දුක් සහිත ගමන කෙළවර කරනවාද? මේක තම තමාට අයිති කාරණයක්.පිංවත්නි, බෞද්ධයා කියන ලේබලය ගහගෙන හිටියාට නම් වැඩක් වෙන්නේ නැහැ. ඒ ලේබලයෙන් ස්වර්ගයට යන්න පුළුවන් කමක් නැහැ. ඒ ලේබලයෙන් නිවනට යන්න පුළුවන් කමකුත් නැහැ. බෞද්ධ කියන නාමය කිසි විටකත් තමන්ගේ යහපත පිණිස ප්‍රයෝජන වෙන්නේ නැහැ. බෞද්ධ ප්‍රතිපදාව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්ට ඕනෑ. නමුත් ලබපු මනුෂ්‍ය ආත්මභාවය ගැන හිතලා, ඒ මනුෂ්‍ය ආත්මභාවය ලැබුවා විතරක් නොවෙයි, කිසිකෙනෙකුට මේක මෙහෙම නොවෙයි කියලා කියන්ට බැරි මහා සංහනාදයක් වගේ බුදුරජානන්වහන්සේ දේශනාකරපු චතුරාර්ය සත්‍ය ධර්මය අපිට අසන්ට ලැබිලා, ඒ ආර්යෂ්ටාංගික මාර්ගය අපට අසන්නට ලැබිලා, ඒ ආර්යෂ්ඨාංගික මාර්ගය අපට අසන්නට ලැබිලා ඒ මාර්ගයේ ගමන් කරන්නට අපට අවස්ථාව ලැබිලා ඉන්න වෙලාවේ දී ලබාගත් මිනිසු ජීවිතය ගැන හිතුවොත් මේ මිනිස් ජීවිතයෙන් මේ වෙලාවේ ප්‍රයෝජන ගන්නට ඥානවන්තයෙක් නම් පසුබටවෙන්නේ නැහැ.ඒ නිසා හැකි ආකාරයකින් ප්‍රමාද නොවී නිදහසට කරුණු ඉදිරිපත් කරන්නේ නැතිව, මේ මිනිස්බව ලබාගෙන තිඛෙන වේලාවේදී මේකෙන් ප්‍රයෝජන ගන්නට අධිෂ්ඨාන කරගන්නට ඕනෑ. වැරදිලාවත් මේ අවස්ථාව ගිලිහිලා ගියොත් ආයෙත් මිනිසත්බවක් ලබනවා කියන එක හිතන්ට අමාරුයි. මෙතැනින්ම තමන්ගේ යහපත සිද්ධකරගන්නට ඥාකවන්ත මනුෂ්‍යයන් කල්පනා කරන්නට ඕනෑ. පිංවත්නි, කොහොමද අපි මේදෙය කරගන්නේ. දහසක් වැඩ එදිනෙදා ජීවිතයේ තිඛෙනවා. හුඟක් අය කියනවා වැව, වැඩ, වැඩ කියලා. කෙළවරක් නැති වැඩ. පිංවත්නි මේ වැඩ මේ ආත්භාවයේ පමණක් නොවේ. අතීතයෙත් වැඩ කළා. කෙළවරක් නැහැ. දැනුත් මේ වැඩ කරනවා කෙළවරක් නැහැ. අනාගතේදීත් ඔය වැඩ කෙළවරක් නැහැ. හැමදාම මොනවද කරන්නේ? තෘෂ්නාව රැස්කරනවා, තෘෂ්ණාව රැස්කරකර දුක් විඳ විඳ යනවා. ඒත් තෘප්තියක් නැහැ. ලබාගත්ත මනුස්‍යාත්මභාවයේ ඉඳුරන් පිනවීම පැත්තට යන්නේ නැතිව, ඉඳුරන් දමනය කිරීම පුරුදු පුහුණු කරන්ට අත්සාහ කරන්නට ඕනෑ. පිංවත්නි, ඉඳුරන් දමනය කිරීම කියනකොට හිතන්න එපා මේ ඔක්කෝටම මහණ වෙන්න කියනවාය කියල. ඒක නොවෙයි අදහස් කරන්නේ. ඒ දමනය කරන එක් එක් ක්‍රම තිඛෙනවා. ගිහි ජීවිතයක් ගතකරනකොටත් ඉඳුරන් දමනය කිරීමේ සීමාවක් තිඛෙනවා. බලන්න, පංචශීල රාමුව ඇතුලට එන්න පුළුවන්. පංචශීල රාමුව ඇතුලට ආවාහම ගිහි ජීවිතයක් ගතකරන ගිහියාගේ මට්ටමත් එක්තරා ප්‍රමාණයකට ඒ ඉන්ද්‍රිය ධමනය සිද්ධවෙලා. ඒ වගේ බුදුරජාණන්වහන්සේ පංසිල් රකින ගිහියාට වරින් වර පොහොය පෙහෙවත් සමාදන්වෙන්න කියනවා. එතකොට ඉන්ද්‍රිය දමනය තවටිකක් එහාට යනවා. නිවන් දකින්නට බලාපොරොත්තු වෙනවානම්, දුකින් මිදෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ටික ටික ඉස්සරහට එන්නට ඕනෑ. අඩුගණනේ මාසේ එක් පොහොයකටවත්පෙහෙවත් සමාදන් වෙන්න ඕනෑ. අපට ඉතින් හතර පොය කියලා දෙයක් නැහැනේ. බුදුරජාණන්වහන්සේනම් දේශනා කලේ සතර පෝයට පෙහෙවත් සමාදන් වෙනවා කියලයි. නමුත් අපට සතර පොහොයක් නැහැ. අපට තිඛෙන්නේ එක පොහොයයි. අඩු තරමින් තමන්ගේ ඉන්ද්‍රිය දමනය ඇතිකරගන්නට මහන්සි ගන්නවානම් ඒකත් එක්තරා විධියකට මේ ලැබුවා වූ මිනිස් බවින් ප්‍රයෝජන ගත්තා වෙනවා. ඒ විතරක් නොවේ. තවතවත් බොහෝ කරුණු තියෙනවා, මේ පිංවතුන්ට විග්‍රහ කරලා දෙන්ට. නමුත් ලැබිලා තියෙන කාලසීමාව ඉතාම සුළුයි. ඒ නිසා මේ පිංවතුන් මේ ජීවිතයේ බලාපොරොත්තුවන ආකාරයේ යහපතක් තිඛෙනවා නම් ඒ යහපත සිද්ධ කරගන්ට තවත් කාරනා ස්වල්පයක් විස්තර කර දෙන්නට බලාපොරොත්තු වෙනවා.

පිංවත්නි, මේ හැම දෙනාම ලෝකයේ ඉන්න මනුෂයයන් වශයෙන් බලාපොරොත්තුවෙන කාරනා පහක් තියෙනවා. ඒ කාරණා පහ තමයි ආයුෂ, වර්ණ, සැප, යසස, ස්වර්ගය කියන මේ කාරණා පහ. කොච්චර දුකයි කිව්වත්, මිනිසත් බව දුර්ලභයි කියල කිව්වත්, මේ සංසාරය ගැන කොච්චර කිව්වත් පෘතග්ජන ලෝකයේ මේ කාරණා පහ ලැබීමට ප්‍රියකරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ” පංචකො ගහපති ධම්මා ඉටිටා, කාන්තා, මනාපා, දුල්ලභා, ලොකස්මිං ” මේ ලොකයේ මනුෂ්‍යයන්ට ඉෂ්ට කාන්ත පනාප ධර්ම පහක් තිඛෙනවා. හැබැයි දුර්ලභයි. මා කලින් මතක් කල පරිදි “ආයුසංඛො ගහපති ඉටෙඨා කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං ” ගෘහපතිය ආයුෂ නියන එක ඉස්ඨයි, කාන්තයි, මනාපයි, දුර්ලභයි මේ ලෝකයේ. ආයුෂ කියල කිව්ව.ත් බොහොම සැපසේ දීර්ඝායුෂ භුක්තිවිඳිනවායි කියල ප්‍රාර්ථනා කරනවා නම් ඒක තමයි දුර්ලභයි කියල කිව්වේ. ඊලඟට වර්ණය, වයසට යනකල්ම තමන්ගේ වර්ණය අනුන්ට අප්‍රිය නොවී, අඟපසඟ දුර්වලතාවයක් නැතිවපසන්නව ජීවත්වෙන්ට තිඛෙනවානම් ඒක තමයි වර්ණ සම්පත්තිය. මේක ඇතිව දිගු කාලයක් ජිවත් වන්නට ලැඛෙනවානම් කාටත් ප්‍රිය මනාපයි. නමුත් මේ කාරණයත් ලෝකයේ දුර්ලභයි කියල දේශනා කලා. ඊලඟට ඇහැ, කන, දිව, මනස, කියන ඒවා පිනවමින් හොඳට ජීවත් වෙන්නට පුඟවන්නම්, ඒ කියන්නේ කායික සැප හා මානසික සැප විඳින්නට පුළුවන්නම්, වයසට ගිහිල්ලත් මැරෙනකල්ම ඔය තත්වයෙන්ම ඉන්න පුළුවන්නම් ඒකත් ඉෂ්ටයි,කාන්තයි,මනාපයි. ඒත් බුදුරජාණන්වහන්සේ ඒක දුර්ලභ කාරණයක් කියල දේශනා කරනවා.ඊලඟට වයස, හොඳ අඹුදරුවන් ඇතුව, යාන වාහන ගේ දොර ඉඩකඩම් ඇතුව, කීර්ති ප්‍රශංසා නම්බුනාම ඇතුව, ලෝකයේ හොඳට පැතිරිලා ජීවත් වෙන්ට පුළුවන් නම් ඒක තමයි යසස කියලා කියන්නේ. ඉතින් එකත් ඉෂ්ඨයි, කාන්තයි, මනාපයි. ඒ න‍ුණාට දුර්ලභයි. මැරිලා හොඳ තැනකට යන්න තියෙනව නම් හොඳයි. දුර්ලභයි. ඉතින් මේ දුර්ලභ කාරණා පහ ගැන හිතන්න. දැන් අපේ බෞද්ධයන් අපට පෙනෙනවා නොයෙක් තැන්වල මේ තැන්වල මේ කාරණා ප්‍රාර්ථනා කරකර යාඥා කරකර යනහැටි. බලන්න කොච්චර පංවතුන් දේවාල වල යනවද? දේවාල වලට ගිහිල්ලා මොකද කරන්නේ? යාඥා කරනවා, ප්‍රාර්ථනා කරනව, ලැබේවා ලැබේවා කියලා.බලන්න දේවාලවලට යන පිංවතුන්, ඒ වාගේම නොයෙක් නොයෙක් තැන්වලට යාතිකා කරන්න යන පිංවතුන් ඔය හැම දෙනාම මොනවටද මේ යන්නේ කියල පොඩ්ඩක් හිතන්න. මේ ගිහිල්ලා මොනවද ප්‍රාර්ථනා කරන්නේ. මේ ප්‍රාර්ථනා කරන දේවල් අතර අර කියන ලද කාරණා පහට අයිති නොවන යමක් තියෙනවද? මොනවද ඒ කාරණා පහ කියල නැවතත් මතක් කරලා දෙන්නම්… ආයුෂ, වර්ණ, සැප, යසස, ස්වර්ගය(මැරිල හොඳ තැනකට යන්න ලැබේවා කියල) කියන කාරණා පහ. ඔය ප්‍රාර්ථනා කරන දේවාල අතර මේ පහට අයිති නොවන මොකක්වත් තිඛෙනවාද? නැහැ පිංවත්නි,හැම දෙයක්ම මේ පහට අයිති වෙනවා. එහෙනම් බලන්න බුදුහාමුදුරුවන් දේශනා කලේ මොකක්ද කියලා.”ඉමෙ තං ඛො ගහපති පංචතං ධම්මානං ඉට්ඨානං පාත්තානං මනානං දුල්ලභාහං ලොකස්මිං නආයාචනා හෙතුවා පත්තනා හෙතුවා පටිලාභං වදාමි ” මේ කාරණා පහ ආයාචනා හේතුවෙන්වත්, ප්‍රාර්ථනා හේතුවෙන් වත් ලබන්නට බැහැ කියලා මම දේශනා කරනවාය. එහෙම ලබනවානම් “කො ඉධ කෙන හායෙත ” මේ ලෝකයේ කාට මොකකින් අඩුවක් වෙයිද කියලයි බුදුහාමුදුරුවො අහන්නෙ. ඔය ප්‍රාර්ථනා කරන දේවල්, අනේ මට පිහිට වෙන්න, පිහිට වෙන්න , කියලා එකඑක්කෙනාගෙන් යාඥා කරන දේවල් ඔය ආකාරයෙන් ලැඛෙනවානම් කාට මොකකින් අඩුවක් වෙයිද කියලා බුදුරජාණන්වහන්සේ අහනවා. පිංවත්නි ඒක වෙන්නේ නැහැ.

 

බුදුරජාණන්වහන්සේ අනතුරුව දේශනා කරනවා “න ඛො ගහපති අරිය සාවකෙත අයුං ආයාතිතුංවා අභිනන්ධිතුංවා” ආර්ය ශ්‍රාවකයෙන් වශයෙන් මේ ආයුෂයට උනත් තෘෂ්නා කරන්ට එපා, ආයුෂය උනත් ප්‍රාර්ථනා කරන්ට එපා, ආයුෂ විතරක් නෙවි, අනික් කාරණා පහටත් ඒ විධියටමයි සැප, යසස, කීර්ති, ප්‍රශංසා යන මේවා මොකක්වත් ප්‍රාර්ථනා කරන්නට එපා. එහෙම ප්‍රාර්ථනා කරලා ලැඛෙන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මේ කාරණා පහ ලබන්ට ඕනෑ නම්, ලැබේවා කියලා හැඟීමක් තියෙනවා නම් තමන් විසින් කල යුත්තේආයුෂ ප්‍රාර්ථනා කරනවානම් “ආයුසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා” ආයුෂ ලැඛෙන්නට ප්‍රතිපදාවක් කැටිකරලා ගත්තාම තමයි දාන, ශීල, භාවනා, කියලා අපි කියන්නේ. ආයුෂ ලැඛෙන්ට නම් (ආයුෂ කියල කියන්නේ තමන්ගේ ජීවිතය දිගුකාලයක් පවතීවා කියලා කියන එකනේ.) අනුන්ගේ ජීවිත කෙටි කරන්න එපා. ඒ කියන්නේ සත්ව ඝාතනයෙන් වලකින්ට එපා කියන එකයි. තමන් නිරෝගීව ඉන්ට කැමතිනම් අනුන්ගේ ශරීරවලට දුක් දෙන්ට එපා. සත්ව හිංසාව කරන්ට එපා. එතකොට තමන්ට නිරෝගබව ලැඛෙනවා. අප හැමදෙනාම සසර සැරිසරාගෙන එන කාලයේ දී හොඳ දේවළුත් කරනවා, නරක දේවළුත් කරනවා. ” කරොති එකදා පුඤ්ඤං අපුඤ්ඤංපිච එකදා ” මේ අපි කරන හොඳ දේවල් නරක දේවල් තමයි කර්මය වශයෙන් අප පසුපස එන්නේ.ශුභමානවකයාඇවිල්ලාඑකඅවස්ථාවකබුදුරජාණන්වහන්සේටකියනවා “ස්වාමීනී, මට මේ සමාජයේ විෂමතාවක් පෙනෙනවා. බලන්න සමහර දෙනා බොහොම පොහොසත්. සමහ දෙනා බොහොම දුප්පත්. සමහර දෙනා බොහොම රෝගී. සමහර දෙනා බොහොම නිරෝගී. සමහර දෙනා ලස්සනයි. සමහරදෙනා අවලස්සනයි. සමහර දෙනා අල්පේශාක්‍යයි. සමහරදෙනා මහේශාක්‍යයි. අනේ ස්වාමීනී මේකට කාරණය කුමක්ද?” බලන්න, බුදුරජාණන්වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා “කම්මස්සකා මානවසත්තා කම්මයොනිකම්ම බන්ධු කම්ම පටිසරණාකම්ම සත්තෙ විභජතියදිදං හීනප්පනීතතිතාය ”   මානවකය (තරුණය), මේ සත්වයෝ කර්මය ස්වකීය කොට සිටින්නේ. කර්මය මුල් හේතුව කොටගෙන ඉන්නේ. කර්මය මලේ කරගෙන ඉන්නේ. කර්මය නෑදෑයො කරගෙන ඉන්නේ. සත්වයන්ට පිහිට කර්මයයි. මේ කර්මය විසින් තමයි සත්වයා හොඳ නරක වශයෙන් නැතනම් හීන ප්‍රහීන වශයෙන් ඛෙදා දක්වන්නේ. බලන්න, අපි හොඳ කර්මයක් නිසා මනුෂය ආත්මභාවයක් ලැබුවා. ඒ එක්කම මනුෂ්‍ය ආත්මයෙහි දුර්වලකම් තිඛෙන්නට පුළුවන්. ඒ නිසා සමහර වේලාවට රෝගීයි. සමහර වේලාවට අල්පේශාක්‍යයි. මහේශාක්‍ය ආදී හොඳ පැත්තට යනකොට තමන්ට හොඳ කර්ම. ඒ වාගේම අනික් දුර්වල පැත්තට යනකොට නරක කර්ම එකම ජීවිත කාලයේ හොඳ නරක දෙපැත්තට විපාක දෙනවා. නමුත් මේවා ඒකාන්තයෙන්ම විපාක නොදි පිරිනිවන් පාන්නේ නැහැ කියලා දේශනා කලා. නමුත් බොහෝ කර්ම හොඳ කර්ම වලින් යටපත් කරන්න පුළුවන්. ඒ නිසයි “යෙසං කම්මං කථං පාපං කුසලේන පිථීයතෙ “බුදුරජාණන්වහන්සේ දේශනා කලේ. යමකු කරනලද පාප කර්මයෝ වෙත්නම් එය කුසලයෙන් වහලා දමන්නටය කියලා කිව්වා. ඒ වගේම යමෙකුගේ කුසල ශක්තීන් තිඛෙනවානම් අකුසල් කරනකොට කුල ශක්තීනුත් වැහිල යනවා. පිංවත්නි, බලන්න අපි යහපත ප්‍රාර්ථනා කරමින් එදිනෙදා ජීවිතයේ මොකක්ද කරන්නේ කියලා.පංසලක් ගාවට ගියත්, බෝධියක් ගාවට ගියත්,අනන්තවත් කරන්නේ අනේ මට මේක ලැබේවා, මේක ලැබේවා කියල යාඥා කරනවා. ප්‍රාර්ථනා කරනවා. ඊලඟට දේවාලයකට ගියත් පූජාවට්ටි තබල ප්‍රාර්ථනා කරනව. මොකක්ද පිංවත්නි මේ කරන්නේ.හැම තිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ නම් ලෞකික දෙයක් ලෝකෝත්තර දේවල්නම් එහෙම ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ඒ විදිහට ප්‍රාර්ථනා කල යුත්තෙත් නැහැ. ඒකට වෙනම පාරක් තිඛෙනවා. ඒය කලයුතු ආකිරයකුත් තිඛෙනවා. නමුත් අපි ඔය දේවාලවලට හරි, නැත්නම් බජන් කියන ඒවාට හරි එහෙමත් නැත්නම් බෝධීන් වහන්සේලි ගාවට හරි ගිහින් ප්‍රාර්ථනා කරනකොට මොකක්ද කරන්නේ? ප්‍රාර්ථනා කරන්නේම ලෞකික දෙයක්. ලෞකික දේ ප්‍රාර්ථනා කරනවාය කියල කියන්නේ ලෝභයද අලෝභයද? දැන් මේ පිංවතුන් ඒකට උත්තර දෙන්න. ලෝභය කියල තමයි ඒකට උත්තර එන්ට ඕනෑ. ලෝභය කියන්නේ වෙන දෙයක් නොවෙයි. තණ්හාව, තෂ්ණාව. එතකොට ප්‍රාර්ථනා කර කර වර්ධනය කරන්නේ තෘෂ්ණාව නම් පිංවත්නි යහපතක් වේවිද? පිං කරන්නට ගිහිල්ලා පවුත් කරනවා. ඒ වගේම ලැබේවා කියා හිතමින්, පතමින් නොලැඛෙන්නට කාරණා රැස්කරගන්නවා. තිඛෙන කුසලයත් නැතිකර ගන්නවා. තමන්ගේ යම් කිසි පිනක් තිඛෙනවානම් ඒ පිනටත් පහර ගහගනනවා, මේ විදිහට යාඥා කරන්ට ගිහිල්ලා. දැන් බලන්ය යාඥා කරන්ට එපා, ඒක වෙන්නේ නැහැ කියලා බුදුරජාණන්වහන්සේ තමයි දේශනා කලේ. එක බුද්ධ වචනය. ඉතින් පිංවත්නි, දැන් මෙහෙම කියනකොට අහයි හාමුදුරුවනේ ඉතින් පංසලේ ගියහම නේද දේවාලය තිඛෙන්නෙත් කියලා. පිංවත්නි, මොකක්ද ඒකට කරන්නේ. ඒ ගැන වාද කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඒක නවතවන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වුනාට ඥානවන්තව කටයුතු කළොත් ඔය ප්‍රශ්නය නිකම්ම විසෙඳයි. මොකද එතකොට පංසලට බාධාවක් වෙන්නෙති නැහැ. බෞද්ධයාගේ ශ්‍රද්ධාව දියුණුවෙලා බෞද්ධයා හොඳ ඛෙද්ධයෙක් වෙනවා නම් පංසලට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. එතකොට දේවාලය නිකම්ම වැහිලා යාවි. හැබැයි ඒ දේවාලයට යන්නේ නැතිව දෙවියන් ලඟට ගෙන්වා ගන්න පුළුවන්. තමන්ගේ ගෙදරට, තමන් ඉන්න තැනට දෙවියන් ගෙන්වා ගන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ.පිංවත්නි, ඒක කියන්ට ඉස්සෙල්ලා මම මෙන්න මෙතැනින් පටන් ගන්න ඕනෑ. අපි හුඟක් වෙලිවට සාංඝික දානවලට එහෙම යනවා. එතකොට අපට පෙනෙනවා මේ සාංගික දානය හුඟක් වෙලාවට තිඛෙන ආනිසංසවලින් භාගයක්වත් නොලැඛෙන තත්වයට තමයි යන්නේ. දානය දෙනකොට, දහස් ගණනක් වියදම් කරලා මහා දානයක් ලෑස්ති කරනවා. නමුත් දානය දෙන්ට ලෑස්තිවෙලා ඒකට ලොකු පහරක් ගහගන්නවා. කොහොමද මේ පහර ගහගන්නේ. බුද්ධ පූජාව තියන්න ගිහිල්ලයි. අර තරම් හොඳට ලෑස්ති කරපු දානයක් තිඛෙද්දී බුද්ධ පූජාව තියනකොට තියන්නේ බොහොම චුට්ටයි. සමහර තැන්වලදී අපි දකිනවා, ලොකු කෙහෙල් ගෙඩියක් නම් ඒකෙන් භාගයයි බුදුහාමුදුරුවන්ට තියන්නේ. එහෙම නැත්නම් ගස්ලබු කැල්ලෙන් බොහොම හීනි පෙත්තක්. කිරි චුට්ටයි, බත් චුට්ටයි,බුදුරජාණන් වහන්සේට තියන්නේ. ඉතින් සමහර වෙලාවට ඇයි මෙහෙම කරන්නේ කියල අපි අහනවා. එතකොට කියනවා, ඉතින් ස්වාමීනී,පස්සේ විසිකරලා දමනවානෙ කියලා. අනේ පිංනතුනි, බලන්න බුදුහාමුදුරුවන් ලඟට තියන්න ඕනෑ ඒ බුදුහාමුදුරුවන්ගෙ අනන්ත ගුණ සලකමින් බුදුහාමුදුරුවන්ගේ ප්‍රමාණය මෙතැකැයිකියා කාල සීමාවක් කරන්න බැහැ. බද්ධ පූජාවේදී ඔහොම ලෝභ සිතක් ඇතිකරගන්ට එපා.බුද්ධ පූජාව තියන එක කරන්න පුළුවන් ඉහලම මට්ටමින්කල යුතු දෙයක්. අපට හැමදාම අප්‍රමාණ කුසල් රැස්කරගන්නට පුළුවන්. පින්වත්නි, යම්කිසි කෙනෙකුට පූජාවක් තබන්නට නම් ර් පූජාව ලැබීමට ඔහු හිමිකරුවෙක් වෙන්නට ඕනෑ. දැන් මේ පිංවතුන්ගෙන් මම ඇහුවොත් එහෙම මම භික්ෂුවක් වශයෙන් පංචකාම සම්පත්තීන් විඳිනව කියලා දැනගත්තොත් ඔය ඇත්තන් එහෙම භික්ෂුවකට දානයකට ආරාධනා කරාවිද? සංග්‍රහ කරාවිද? ඉතින් අපි එහෙම අහනකොට හුඟදෙනෙක් කියන්නේ නැහැ ස්වාමීනී කියලයි. මොකද පංචකාමයන් ඒ තරම් උසස් හැටියට සලකන්නේ නැහැ. පංචකාමයන් ගැන කියන්නේ ඒවා බොහොම ග්‍රාම්‍ය දේවල්, පෘතග්ජනයන්ගේ දේවල්. ග්‍රාම්‍ය පෘතග්ජනයන්ගේ දේවල්. ඒවා උසස් පෘතග්ජනයන්ගේ දේවල් නොවේ. පස්කම් පසුපස්සේ යෑම. එතකොට බුදුපියාණන්වහන්සේ එක් අවස්ථාවක චක්‍රවර්තී රජ්ජුරුවන්ගේශස්ත රත්නයක් නිසා විඳින පස්කම් සුව ගැන දේශනා කරනවා. එතකොට එක්තරා භික්ෂුවක් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ” ස්වාමීනී, ඔය චක්‍රවර්තී රජ්ජුරුවෝ විඳින ඔය කියපු සුවය පිළිබඳව ගිහියා විඳින පස්කම් සුවයට සම්බන්ධ කරලා උපමාවක් කරන්න පුළුන්ද, කියලා.බුදුරජාණන්වහන්සේ එතැන තිඛෙන ගල්කැටයක් අරගෙන මිටින් වහනවා. එහෙම මිටින් වහලා අර භික්ෂුවගෙන් අහනවා “මහණ මේ මගේ අතේ වහලා තිඛෙන ගල් කැටයලොකු? නැත්නම් අර පෙනෙන හිමවත් පව්ව ලොකුද? “කියල. එතකොට භික්ෂුව කියනව ” ස්වාමීනී, අතේ තියෙන ගල් කැටයට වඩා හිමවත් පව්ව සියදහස් වාරයක් ලොකුයි ” කියල. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනව “එසේනම් මහණ, චක්‍රවර්ති රජ්ජුරුවන් විඳින කාම සම්පතක් තිඛෙනවානම් එය ගිහියා විඳින කාම සම්පත්තියට සමකලොත් සාමාන්‍ය ගිහියා විඳින කම් සුවය හරියට මේ මිටින් වහල තියෙන ගල් කැටය වගේය, චක්‍රවර්ති රජ්ජුරුවෝ විඳින කම් සුවය අර පෙනෙන හිමාලයටත් වඩා විශාලයි. ” කියනවා. එහෙමනම් පිංවත්නි, දෙවියන්ගේ දෙව් සැප ගැන කවර කථාද?එහෙමනම් දැන් ඔය ගිහින් පූජා වට්ටි තබ තබා කරන කටයුත්ත දෙවියන් විඳින පස්කම් සුවය නිසා තිනෙ එකක්ද? නැහැ පිංවත්නි, අපි ඒක කරන්න ඕනෑ,නැත්නම් පූජා පවත්වන්න ඕනෑ යමෙකුගේ උදාර වූ ආධාත්මික ගුණ වගාවක් තිඛෙනවානම් ඒ ගුණයට උපහාර විදිහටයි. ඉතින් ඒ ගුණය ගැන තමයි ශීල, සමාධි, ප්‍රඥා කියල කියන්නේ. යම් කිසි ආකාරයකින් පුදන ලද්දකු වේ නම් ඒ පුදන ලද්ද මහත් ඵල මහානිසංස වෙනවා නම් ඒ ප්‍රතිග්‍රාහකයා ගේ පැත්තෙන්, ඒ ප්‍රතිග්‍රාහකයා ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාණදර්ශන යන පංචාංගයන්ගෙන් යුක්ත විය යුතුයි. ඒ පංචාංගයන්ගෙන් ඉහලටම ගිය තැනැත්තා බුදුරජාණන් වහන්සේයි. ඒ නිසා බුදුපියාණන් වහන්සේ උදෙසා තියෙන පූජාව ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කලා. පිංවත්නි, ඒ බුද්ධ පූජාව හැම ගෙදරකම තියන්න. මේ බණ අහන පිංවතුන් අද ඉඳලා ගෙදර බුද්ධ පූජාව තියන්න. අද ඉඳලා පටන් ගන්න. ඒ තියන පූජාව පුළුවන් ඉහලම මට්ටමින් තියන්න. සමහර වෙලාවට උදේ වැඩට යන්න ලෑස්ති වෙලා තියන්න පුළුවන්. ඒ ඉහලම මට්ටම තේ කොප්පයක් වෙන්න පුළුවන්. කමක් නෑ තියන එක ඉහලම මට්ටමින් තියන්න. සමහර වෙලාවට ගෙදර ඉන්න වෙලාවට පුළුවන්නම් බුදු හාමුදුරුවන්ගේ අනන්ත ගුණය සිහිපත් කරගෙන හොඳට හරිගස්සලා බුදුරජාණන්වහන්සේට දානයක් තියන්න. ඒක සමහර වෙලාවට තමන්ට පුළුවන් ආකාරයෙන්, සමහර වෙලාවට පොල් සම්බෝලයි බතුයි වෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. තමන්ට තිඛෙන ඉහලම මට්ටම ඒක නම් ඒ විදිහට තියන්න. ඒ නිසා කවදාවත් බුද්ධ පූජාව දුර්වල කරන්න එපා. ඉතාම ශ්‍රද්ධාවෙන් ඒක කරන්න, බුදු ගුණය සිහි කරගෙන ඒක කරන්න. ඇයි එහෙම කරන්න කියන්නේ. ඒ ටිකත් මේ පංවතුන්ට වටහලා දෙන්නට ඕනැ. අපි” නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්කියල කියනව. භගවතෝ කියලා කියන්නේස ” බුදුරජාණන්වහන්සේ රාගය දුරුකලා. ද්වේශය දුරුකලා. ඒ රාග ද්වේශ මෝහ දුරුකල නිසා භගවා කියලා කියනවා. ඒ වගේම අරහං කියලා කියනවා. ඒ වගේම අරහං කියලා කියනවා. ඒ රාග ද්වේශ මෝහ දුරුකලා නික්ලේශීබවට පත් වුණු නිසා දෙව් මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට නිසි උනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරහං ගුණයට තමයි අපි මේ උපහාරය කියන්නේ. ඒක සුළුදෙයක් නොවේ. ඒ අරහං ගුණයට කරන්න පුළුවන් උපහාරය ඉහලම මට්ටමින් කරනකොට තමන්ගේ හදවතෙන් එන්නේ බෞද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් තමන් දන්නවා තමන් යායුතු මඟ ලෝභ, ද්වේශ, මෝහ දුරුකිරීමේ මාර්ගය කියලා. ඒ බව තමයි තමන්ගේ මනසට එන්නේ. මා බුදු පුද කරන කොටම බුද්ධ පූජාව කරනකොට ම තමන්ගේ හදවතේ තිඛෙන ලෝභ, ද්වේශ, මෝහ, යටපත් වෙලා අලෝභ, අදෝශ, අමෝහ, කියන කුසල ශක්තීන් ඉස්මතු වෙනවා. හැමදාම අප්‍රමාණ කුසල ස්කන්ධයක් මේ ආකාරයෙන් රැස්කරනවා. මෙන්න මෙහෙම රැස්කරන කුසලස්කන්ධය දෙවියන්ට අනුමෝදන් කරන්න. ස්ථාන ආරක්ෂා කරන දෙවියන් ඉන්නවා. ඒ වගේම ඉෂ්ඨ දේවතාවන් ඉන්නවා. ඒ වගේම ශාසනාරක්ෂක දෙවිවරු ඉන්නවා. ඒ මෙවිවරුන්ට අනුමෝදන් කරන්න. ඒ දේවතාවන්ටඅනුමෝදන් කරන විට දෙවියන් සතුටු වෙනවා.දැන් තිඛෙන විදිහට පිංවතිනි, කුසලයක් නැහැ. යාඥා කරකර “ආකාසටිඨාච භුම්මට්ඨා ” කියලා කිව්වාට අනේ දෙවියන්ව රවට්ටනවාවිතරයි වෙන්නේ. ඒකේ දෙවියන් ගන්න කුසලයක් නැහැ. තණ්හාව විතරයි එතැන තියෙන්නේ. ඒ නිසා දැන් ඉන්න ඔක්කොම දෙවිවරු ලංකා භූමියෙන් අනෙක් පැත්තට හැරිලා. බලන්න අද අපේ රටට වෙලා තියෙන දෙය මොකක්ද කියලා. ඒ නිසා ඉක්මනින් කුසල ටිකක් රැස්කරලා ආකාසට්ඨාච භුම්මට්ටා කියලා දෙවියන්ට පිං අනුමෝදන් කරන්න. මෙන්න මේ දේ සිද්ධ වෙනවා. මේ ටික කියල දෙන්න ඕනෑ. ඒ පිං අනුමෝදන් කරනවිට බුදු දහමේ සුත්‍රවල සඳහන් වෙනවා පොහොය දවසට දෙවිවරු සුදර්මා දිව්‍ය සභාවේ රැසවෙනවා කියලා. දිව්‍ය ලෝකයේ පිරිහීමත්, දිව්‍ය ලෝකයේ දියුණුවත් කියන කාරණා සාකච්ඡා කරන්නට. එතකොට මේ කියන භූමාටු, ආකිසට්ඨාච ආදී වූ දෙවිදේවතාවෝ එහි සඳහන් කරනවා, මෙන්න අප ඉන්න තැන්වල මේ ඇත්තෝ දන් දෙනවා, සිල් රකිනවා, භාවනා කරනවා යනුවෙන් ඒ ඇත්තන්ගේ කුසල ශක්තීන් ගැන කියනකොටදෙවියන් සතටු වෙනවාය, සතරවරම් දේවතාවෝ පවා ලෝකය සිසාරා යනවාය, ඒ අත්තන්ගේ පිං අනුමෝදන් වෙන්ට, එතකොට ඒ ඇත්තන්ට ආශිර්වාද කරනවාය කියා.මෙන්න මේ විදිහට තමයි දෙවියන්ගේ ආශිර්වාදය ලැඛෙන්නේ. කුලයක් කරාම ඒ කුසලය කරපු තැන දෙවියන්ට පිං දෙන්න.”යා තක්ඛ දෙවතා ආතුං තාසං දක්ඛිණ මාදිසෙ” එහි දේවතාවෝ ඇත්නම් ඒ දෙවියන්ට මේ පුණ්‍ය දක්ෂිණාව දෙන්ට. එතකොට දෙවියෝ ඒ ඇත්තන්ට ආශිර්වාද කරනවාය.”දේවතානුකම්පිතො පොසොසදා භද්‍රානි පස්සති “එසේ දෙවියන්ගේ අනුකම්පාව ලබන තැනැත්තාට හැමදාම යහපත සැලසෙනවාය. ඒ නිසා පිංවත්නි, යහපත දකින්නට කැමතිනම් හැමදාම වෙන කුසලයක් නොවෙයි, හැමදාම බුද්ධ පූජාව තියන්න. තියලා දෙවියන්ට පිං දෙන්න. කවුරුහරි කියයි අනේ ඕක වැරදුනොත් හොඳනෑනෙ කියලා. පිංවත්නි, භයවෙන්නට එපා. බුදුහාමුදුරුවෝ කා එක්කවත් තරහා වෙන කෙනෙක් නෙවේ. දවසක් දෙකක් වැරදුනොත්, අමතක උනොත්, ඒකේ ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. තමන් හොඳ ගුණයක පිහිටලා පන්සිල් රකින්නට උත්සාහ කරමින් හැමදාම මේ බුද්ධ පූජාව තියලා දානය දෙන්න. ඥාතීන්ට මියගිය ඇත්තන්ට පිං දෙන්න. වැඩිකලත් නොගිහින් අපේ රටට වාසනාව පෑදෙනවා. කාලකණ්නිකම ගිහිල්ලා අපේ ලංකාවට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවානම් ඔය යදින එක පැත්තකට දමලා,තමන් හොඳට කුසල් රැස් කරන්නට අලෝභ, අදෝශ, අමෝහ, චේතනා තමන්තුල දියුණු කරගන්න. එයින් තමයි තමන්ට වාසනාව පෑදෙන්නේ. මේ ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගනිමින්හොඳට හිතලා බලලා අගුණ දුර්වලකම් දුරුකරගන්න, ගුණධර්ම වඩා සිටුවා ගන්න. හැමදෙනාටම උතුම් තෙරුවන්ගේ ගුණානුභාවයෙන් යහපත සැලසේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ඔබට සම්මා සම්බුදු සරණයි….

මින් ජනිතවන සියලු පින් සම්බුදු සාම සංදේශය ලෝ පුරා රුගෙන යාමට මට භාග්‍යය උදාවේවා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත්, සසර කතරේ අතරමං වූ තවත් කෝටිගණන් අසරණයින් නිවන් පුරට ගෙන යාමටත් මේ පින් හේතු වාසනා වේවා. තවද මේ ලිපි පළකිරීමට මා දිරිමත් කරන, හා මට ඇණුම් බැණුම් වලිස් උදව් උපකාර කරන මෙන්ම මට මවුන් පියන් හා සමානව ආදරෙන් සලකන දයාබර සොයුරු සොයුරියන්ටත් මේ පුණ්‍යස්කන්ධයෝ ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා … … …ඔබත් වහ වහා ධර්මයේ හැසිරීමට මහන්සි ගන්න.අනන්ත බුදු ගුණ බලෙන් තුන් ලොවම සැනසේවා

මහානුභාව සම්පන්න කඨින පූජාවකට සම්බන්ධ උනෙමි.
සතුටින් සිටින මග ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.