Skip to main content

බුදු ඇස දුටු භූමිකම්පාව …

දීග්සඟියේ 16 වන මහා පරිණිබිබාන සුත්‍රයේ භූමි කමිපා ඇතිවිමට හේතු වන කරැණු 08 ක් අපගේ තාථාගත සමිමා සමිබුදු රජානන්වහන්සේ විසින් දේශිතයි. දැන් ඒ ගැන සලකා බලමු.

“ආනන්ද මහා භුමිචලනයක් ඇතිවිමට හේතු 08 ක් පවතියි ඒ අට කවරක්ද?

01)ආනන්ද මේ පොළව ජලයේ පිහිටා තිබේ. ජලය වාතයේ පිහිටා තිබේ.වාතය අවකාශයේ පිහිටා ඇත. මහාවාතය හමා යන අවස්ථා ඇත. මහා වාතය හමා යන විට ජලය කමිපා කරයි. ජලය කමිපා කෙරෑ විට පොළව කමිපා වෙයි. භූ චලනයක් විමට මේ පළමුවන හේතුවයි.

ඉහත දේශනය කොටසින් කොටස ගෙන මෙහිදි සලකා බැලීම වැදගත් වනු ඇත.

ආනන්ද මේ පොළව ජලයේ පිහිටා තිබේ. – මේහිදි පොළව යනු ඉහතින් අප විස්තර කර ඇති භූතල හෙවත් පෘථිවි කබොල බව ඔබට පැහැදිලි ඇති. එසේනමි ජලය යනු කුමක්ද? බුදු දහමේ බොහො තැන් වල ආපෝ ධාතුව හැදින් විමට ජලය යන්න යෙදීම දැකිය හැකියි. ඒ ආපෝ ධාතුව ප්‍රකටවම හා පහසුවෙන්ම ප්‍රකාශිත වන මාධ්‍ය ජලය බැවිනි. මෙම ආපෝ ධාතුවට ජලය ත් අයත් වේ, බටර් වැනි මෘදු ඝන ද්‍රවයන් ද අයත් වේ. පැනි වැනි උකු ද්‍රවයන්ද අයත් වේ. තෙල් වැනි ලිහිසි ද්‍රවයන්ද අයත් වේ. තාර වැනි ද්‍රව්‍යද අයත් වෙයි. ඒ අනුව මේ තථාගතයානන්වහන්සේ දේශනා කර ඇත්තේ පොළව එසේත් නැත්නමි මෙම භූ තල ඊට යටින් ඇති අර්ධ ද්‍රවමය සවභාවයක් සහිත අධෝගොලය මත ඉපිලෙමින් පැවතීමයි.

ජලය වාතයේ පිහිටා තිබේ.-මෙයින් කියවෙන්නේ කුමක්ද? වාතය යනු, වායෝ ධාතුවයි මෙයට ජල වාශ්පද අයත්ය, (හුමාලය) වායුඝෝලයේ අන් වායුන්ද අයත්ය. සංවහන ධාරාවන්ද අයත්ය. වායෝ ධාතුව යනු සැලෙන බව චලනය වන බව ලක්ෂනය කර ඇතියකටයි. ඒ අනුව නුතන විද්‍යාවෙන් ප්‍රකාශිත ඉහත කී අර්ධ ද්‍රව මාද්‍යයේ ඇතිවන සංවහන ධාරා මඟින් මෙම තල එකි නෙකට සාපෙක්ෂව චලනය වේ. මෙසේ සංවහන ධාරා පැවතිය හැකි වන්නේ අවකාශ ධාතුව හෙවත් මෙම ද්‍රවමය පදාර්ථය අසංතතික බැවිනි. එනමි මෙම සංවහන ධාරා අර්ධ ද්‍රවමය මාධ්‍යයේ ඇතිවෙයි. මෙසේ තථාගතයානන්වහන්සේ මෙය විස්තර කරමින් ජලය වාතයේ පිහිටා තිබේ. වාතය අවකාශයේ පිහිටා ඇත. යනුවෙන් දක්වා ඇත.

මහාවාතය හමා යන අවස්ථා ඇත- සංවහන ධාරා මින් එක් වරම ක්ෂනික ශක්තිය මුදා හැරීම මෙසේ මහා වාතය හමායන අවස්ථා ඇත යනුවෙන් දක්වා ඇත.

මෙසේ මෙම ශක්තිය මුදා හැරීම නිසා මෙම අර්ධ ද්‍රවමය මාධ්‍යයේ ඇතිවන කමිපන හේතුවෙන් භූ තල එකට ගැටෙයි. සමහර විට භූ තල අතරින් මෙම අර්ධ ද්‍රවමය ද්‍රව්‍ය පොළව මතුපිටට ගලා ඒම සිදුවෙයි. ගිනි කදු විධාරණය විම යනුවෙන් හදුන්වන්නේ මෙවැනි තත්වයක්. මේ නිසා පො‍ළෝ පෘෂ්ඨය කමිපනයට ලක්වේ-ජලය කමිපා කෙරෑ විට පොළව කමිපා වෙයි යනුවෙන් දැක්වුයේ මෙයයි.

මේ තථාගතයානන් වහන්සේ විසින් භූ කමිපනයක් ඇති වන්නේ කෙසේද යන්න, ඉතාමත් නිරවද්‍ය ලෙස දැනට වසර 2600 කට මත්තෙන් මිනිස් ඇස ඉක්මවු සර්වඥතා ඥානයෙන් දේශනා කර ඇති ආකාරයයි.

නුතන විද්‍යාව බුදුරජානන්වහන්සේගේ ප්‍රඥාව හා සසඳන විට තාමත් ප්‍රමාණකල නොහැකි සුලු මටිටමක පැවතියද, එම විද්‍යාවෙන් සඳහන් නූතන කරැණු අපගේ තථාගතායානන් වහන්සේ විසින් දැනට වසර 2600 කට පෙර ද දැන සිටි බව දුටු විට ස්‍රාවකයන් වශයෙන් අපට ඇතිවන්නේ මහත්වු චිත්ත ප්‍රසාදමය කුසල කර්මයක්. මේ ලිපිය සකස් කලේ එම චේතනාවෙන්.

අගුත්තර නිකායේ, තික නිපාතයේ, භරණ්ඩු වග්ගයේ 09 වන සුත්‍රයේ බුදුරජානන්වහන්සේ “මහණෙනි, තථාගතයානන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘතවුයේම බබලයි. වැසුනේ නොම බබලයි”
යැයි දේශනා කලේ එබැවිනි.

එසේ නමි භූ කමිපනයක් ඇතිවන අනිත් කරැණු සත කුමක්ද?

02) ආනන්ද, චිත්ත වශිතාව ලත් ශ්‍රමණයෙක් හෝ භ්‍රාහ්මණයෙක් හෝ සිටියි. මහත් සෘධි මහත් අනුභාව ඇති දෙවියෙක් හෝ සිටියි. ඔහු පඨවි සංඥාව අඩුවෙන් වඩන ලද්දේය. ආපෝ සංඥාව වැඩියෙන් වඩන ලද්දේය. ඔහු මේ පොළව කමිපා කරවයි. සංකමිපනය කරවයි. සමිපකමිපනය කරවයි. වෙවිලවයි. මහා භූමි චලනයකට මේ දෙවෙනි හේතුවයි.

03)ආනන්ද, බෝසත් තෙමේ සිහිනුවන ඇතිව මහා නුවන ඇතිව තුසිත දෙවියන් අතරින් චුතව,මවිකුස පිළිසිඳගන්නා අවස්ථාවේ දී මේ පොළව කමිපා වෙයි.මේ තෙවන හේතුවයි.

04)ආනන්ද, මහා බෝසතුන් සිහි ඇතිව මනා නුවනින් යුතුව මවි කුසින් බිහිවන අවස්ථාවේ දී, මේ පොළව කමිපා වෙයි.මේ සිවි වන හේතුවයි.

05)තථාගතයානන් වහන්සේ අනුත්තර සමිමා සමිබෝධිය අවබෝධ කරන අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි. මේ පස්වන හේතුවයි.

06)තථාගතයානන් වහන්සේ අනුත්තර ධර්මචක්‍රරය පවත්වන අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි.මේ සවෙනි හේතුවයි.

07) තථාගතයානන්වහන්සේ ආයු සංස්කාරය අතහරින අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි.මේ සත් වන හේතුවයි

08)ආනන්දය, තථාගතයානන් වහන්සේ අනුපාදිසේස නිර්වාණයෙන් පිරිනිවෙනා අවස්ථාවේ දී මේ පොළව කමිපා වෙයි. මේ අට වන හේතුවයි.

භූමි කමිපා ඇතිවීමට ආනන්ද හේතු 08 මේවායි.

මෙසේ තථාගතායානන් වහන්සේ භූකමිපන ඇතිවිමට හේතු 08 දේශනා කර වදාල සේක. මින් පළමු වැන්න නිවැරදි විමටත් අන්වා බොරැ විමටත් හේතු නැති බව පැහැදිලිය. එබැවින් නුවනැත්තෝ විමසත්වා.

බුද්ධ රශ්මි වෙබ්අඩවියේ පලවූ ලිපියක කොටසකි. සම්පූර්ණ ලිපිය බලන්න.
http://www.budurashmiya.net/2011/01/blog-post_27.html

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.