බුදු ඇසින් දුටු ස්ත්‍රීත්වය …

වසර දෙදහස් හයසියකට පෙර ගෞතම බුදුන් ලොව පහළවන සමයෙහි බමුණන් විසින් පාලනය කළ සමාජය හි කාන්තාව අනේකාකාරයෙන් පීඩාවට පත්විය. බුදු රදුන් විසින් කාන්තා නිදහස අරබයා සාමකාමී සටනක් කළ සේක. ඒ සටන එකල්හි යම් පමණකින් පල දැරුවද කාන්තා හිමිකම් මානව හිමිකම් ඔස්සේ කාන්තා අයිතිය වෙනුවෙන් හඬ නඟන 21 වැනි සියවසේ දී හෝ කාන්තාවට ගෞරව හිමිවී ඇති බවක් නොපෙනේ. කාන්තාව ගේ ගෞරවය වෙනුවෙන් බුදුන් නැඟූ හඬ ත්‍රිපිටකයෙහි සඳහන් ය.

සමස්ත මනුෂ්‍ය සංහතියේ ම අසහාය හිමිකරුවා වන්නේ කාන්තාවයි. භාරත සමාජය කාන්තාව පුරුෂාධිපත්‍යට යටත්කොට හැඩ ගැස්වීමේ කාර්යයට නතු කරවූයේ බ්‍රහ්මණ වර්ගයා විසිනි. ආර්ය ජනයාගේ දේශයක් වූ ඉන්දියාවේ ක්‍රි. පූර්වයෙන් 3000 වනවිට පැවැති ආගම ධර්මය අනුව වෛදික සාහිත්‍යයෙහි වූ ඍග් වේදය අනුව කාන්තාව සමාජ තත්වයෙ පහතට ඇද දමා නොතිබිණි. සමාජ අයිතිවාසිකම් හා නිදහස පොදුවේ අත්විඳින තත්ත්වයක් යටතේ වර්ණ භේදය හෝ ස්ත්‍රි පුරුෂ භේදය එකල නොපැවැතිණ.
එහෙත් වෛදික සාහිත්‍යයට අයත් බ්‍රාහ්මණ සමය ක්‍රි.පූර්වයෙන් 1500 සිට 1700 පමණ කාලය තෙක් පැවැතිණි. එම කාල වකවානුවෙහි භාරතයේ ස්ත්‍රි පුරුෂ භේදයත් වර්ණ භේදයත් තදින් වැඩිණි. ස්ත්‍රිය හා පුරුෂයා සතු යුතුකම් අයිතිවාසිකම් පිළිබඳ “සමෘති” නම් වෛදික සාහිත්‍යයෙහි අන්තර්ගතය. එහි වූ දැක්මට අනුව ස්ත්‍රිය පුරුෂයාගේ වහළිය බවට පත්කර තිබූ අතර අවශ්‍ය පරිදි පරිහරණය කළ හැකි භාණ්ඩයක් බවට නම් කර තිබිණි. එනම් ස්ත්‍රිය උපන් දා සිට පුරුෂයාගේ ආඥා චක්‍රයට යටත්ව මරණය තෙක් දිවි ගත කළ යුතු ස්ත්‍රිය පුරුෂයාගේ රුචි අරුචි භාවය අනුව පරිහරණය කළ හැකි භාණ්ඩයක් බවට, ස්ත්‍රිය පත්කොට තිබිණි. අචේතනික භාණ්ඩයක් සේ සැලකූ ස්ත්‍රිය පුරුෂයාට අනවශ්‍ය නම් පැකිලීමකින් තොරව ඉවතලිය හැකි විය. විනාශකොට දැමිය හැකි විය.

ස්ත්‍රිය පීඩාව පත්ව සිටි වකවානුව ලොව පහළ වූ ගෞතම බුදුන් වහන්සේ අදින් වසර දෙදහස් හයසීයකට පෙර කාන්තා නිදහස වෙනුවෙන් ඉදිරිපත් වූහ. එදා අසරණව සිටි ස්ත්‍රි වර්ගයා වෙනුවෙන් නිදහස හා ස්වෛරී භාවය ලබාදීම සඳහා බුදුන් දැරූ උත්සාහය ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථයන්හි දැකගත හැකිය. එසේ වූ ද ඒ උත්සායේ ප්‍රතිඵලය අද වන තුරුද ලබා ඇති බවක් නොපෙනේ. ඊට හේතුවී ඇත්තේ මිනිස් සිත තුළ මුල් බැස ගත් මති මතාන්තර මුළුමනින් ම මුලින් උපුටා දමා තුරන් කර ලීමට නොහැකි වීමයි. වර්තමානයෙහි ද පුරුෂාධිපත්‍යයට නතු වූ ස්ත්‍රිහු වෙත්.

ස්ත්‍රිය පුරුෂයා සතු භාණ්ඩයක් ලෙස සැලැකූ සමාජයට බුදුරජාණන් වහන්සේ දෙවියකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් පුරුෂයා සතු වටිනාම සම්පත හෙවත් ඔහු සතු උතුම්ම සවිඥානක සම්පත ස්ත්‍රිය යැයි “ඉත්ථි භාණ්ඩාන මුත්තමං” යනුවෙන් දේශනා කළ වදාළහ. එපමණක් නොව පුරුෂයාට සිටින හොඳම යෙහෙළිය භාර්යාව බව “භරියාව පරමා සඛා” යනුවෙන් දේශනා කළ වදාළහ.

කොසොල් රජ බිසව් වූ මල්ලිකාවට දුවක උපන් පුවත අසා රජුගේ මුහුණ මැලවී ගියේ ය. එය දුටු බුදු රජාණෝ ඉත්ථිහි පි එකච්චියා පෝස ජනාධිප මේධාවිනී සීලවතී සස්සූ දේවා පතිබ්බතා තස්සා යෝ ජායතී පොසෝ සූරෝ හෝති දිසම්පති තා දිසා සුභ ගිනියා පුත්තෝ රජ්ජම්පි අනුසාසති යනුවෙන් දෙසා වදාළ බව සංයුක්ත නිපාතයෙහි වේ.

නුවණැති සිල්වත් නැදිමයිලන් පුදන පතිව්‍රතාව රකින ස්ත්‍රිහු උතුම් වෙති. එබඳු ස්ත්‍රියක සුර පුත්‍රයකු ලදහොත් එබදු යහපත් තැනැත්තියගේ පුත්‍රයා රාජානුසාසනා කරන්නේය යනුවෙන් දෙසූ බුදුවදන ඇසූ කොසොල් රජ ස්ත්‍රිය ගේ අගය හඳුනා ගත්තේය.

අංගුත්තර නිකායේ සප්ත අපරිහානී ධර්ම දේශනා කළ බුදුහු ලිච්ඡවි රජදරුවන්ට වජ්ජීහු කුල ස්ත්‍රින් හා කුමාරිකාවන් උසස්කොට සලකන තාක් ඔවුන් ගේ දියුණුව මිස පරිහානිය නොම වන බව මෙසේ වදාළහ.

”යාව කීවවක්‍ද්ච ලිච්ඡවි වජ්ජියා තා
කුලිත්ථියෝ කුල කුමාරියෝ තා
ඔස්සය් හ වා සෙන්ති වූද්ධි යේම
ලිච්ඡවී වජ්ජීනං පාටිකධඛා
නො පරිහානි”
ක්‍රිස්තු පූර්වයෙන් හයවැනි සියවසේ දී ගෞතම බුදුන් ලෙස පහළ වන සමයේදී පැවැති සමාජ තත්ත්වය වෙනස් කොට කාන්තාව සඳහා විමුක්තිය ලබා දීමට ඉතා සාමකාමි විප්ලවයක් කළහ. “කවර දඬු කඳෙකින් වූවත් ගිනි ඉපදවිය හැකි වන්නා සේම කවර පුද්ගලයකුට වුවත් නුවණ ගුණධර්ම වඩා ගත හැකි බව වදාළ බුදු රජාණෝ බුදු දහම ස්ත්‍රි පුරුෂ දෙපක්‍ෂයටම පොදු යැයි ද ස්ත්‍රින් හා පුරුෂයන් අතර වෙනසට ඇත්තේ ලිංග භේදය පමණක් යැයි ද වදාළහ.

චත්තා රො වණ්ණා සමා සමා යනුවෙන් දෙසා වදාළ බුදු රජාණන් වහන්සේ චතුර් වර්ණය වෙනුවට ස්ත්‍රි පුරුෂ ලිංග භේදය අනුව භික්‍ෂු භික්‍ෂුණි උපාසක උපාසිකා වශයෙන් බුද්ධ සානයෙහි චතුර්වර්ණයක් පෙන්වා දුන්හ. උපතින් හිමිවන ස්ත්‍රි පුරුෂ වෙනස මත ගුණ ධර්ම හෝ බුද්ධියෙහි හෝ අඩු වැඩිවීමක් නොවන බව පෙන්වා දුන් බුදුන් වහන්සේ බුද්ධි හීන බෙලහීන නොවන කාන්තාව සියලු ශක්තීන්ගෙන් යුත් තැනැත්තියක් බව පෙන්වා දුන්හ.

මජක්‍ධිම නිකායේ මහා යමක වග්ගයේ මහා තණ්හා සංඛය අනුව ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව තෘෂ්ණා සහගත සතුට දුරුවීම නිසා උපාධාන නිරොධයෙන් ද භව නිරෝධයෙන් ද ජරා මරණාදි දුක් දුරු කිරීමෙන් පක්‍ද්චස්කන්දය නම් දුක් ගොඩින් ද ස්ත්‍රි පුරුෂ භේදයකින් නිදහස් විය හැකි බව දේශනා කොට ඇත.

ජීව විද්‍යාත්මක වෙනස හැරුණු කල කායික හා බුද්ධිමය වශයෙන් පුරුෂයාට සමාන ස්ත්‍රියට සෝවාන් සකෘඳාගාමී අනාගාමී අරහත් යන සතරමඟ සතර පල ලබා ගැනීමට කිසිදු බාධාවක් නැති බව අංගුත්තර නිකායේ ගෝතමී සූත්‍රයේ දී දේශනා කොට ඇත.

මජ්ඣිම නිකායේ බහුධාතුක සූත්‍රයේ දී ස්ත්‍රීත්තවය තුළින් ලැබිය නොහැකි දේ ලෙස බුදුන් දක්වා ඇත්තේ කරුණු 5කි. එනම් බුද්ධත්වය, සක්විති රජකම, ශක්‍ර දේවත්වය, මාර දිව්‍ය රාජ්‍යත්වය, බ්‍රහ්ම බව යන ඒවා ය.

බ්‍රහ්මණ ආධිපත්‍යයට නතු වූ සමාජයේ ස්ත්‍රිය ජීවත් වූයේ සෑම තත්ත්පරයක ම මියැදෙමිණි. උපතින්ම මන්ද බුද්ධික හා කායික දුබල භාවය සලකා මාපිය ස්වාමි දූදරු සෙවනෙහි කාන්තාව විසිය යුතු යැයි යන්නෙන් පිළිගැනුණු අමානුෂීය චින්තනයක් එකල විය. ඒ පිළිබඳව රඝු වංශයේ මෙසේ දැක්වේ.

”බාලේ්‍ය පීතූර් ව ශේ තිෂඨ්‍යෙත්
පාණිග්‍රාහ යෞවනේ
පුත්‍රාණං භර්තරී ප්‍රේතේ නාස්ති ස්ත්‍රි
ස්වනේත්‍රාතාම්”
තත්කාලීන බමුණන් කාන්තාව ‘ද්වඞගුළ පඤ්ඤා’ එනම් දෑගුල් නුවණ ඇත්තී ලෙස හැඳින්විය. බුද්ධ කාලයට පෙර ආගම් ඇදහීමට හෝ ආගමික ස්ථාන කරා යාමට අවසර නොලද්දී ය. ඇය සැමියාගේ ඕනෑ එපාකම් ඉටු කරමින් ද සැමියාට සත්කාර කරමින් ද මරණින් පසු දෙව් ලොව උපත ලද හැකි බව බමුණන් කී මතය ඇදහූවා ය.

එහෙත් බුද්ධ කාලීන සමාජයේ විසූ මහා ප්‍රජාපතී ගෝතමිය චිරරාත්‍ර භික්ෂුණීන් අතරින් අගතැන් ලද්දාහ. ඛේමා තොමෝ මහා ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතර ද, සෘධිමතුන් අතරින් උප්පලවණ්නාවෝ ද, විනයධරයන් අතර පටාචාරා තොමෝ ද, භද්‍ර අභිඥාලාභීන් අතර කුණ්ඩල කේසී ද, දිවැස් ඇත්තියන් අතර සකුලා මෙහෙණිය ද, බුද්ධ සාසනයෙහිදී අගතැන් ලද්දෝ වූහ.

”ඉසිවරුන් විසින් ලැබිය යුතු දුලබ වූ යම් පදවියක් වේ ද එය දෑඟුල් නුවණැති ස්ත්‍රීන්ට ලැබිය නොහැක” යි කී මාර දිව්‍ය පුත්‍රයාට, සෝමා මෙහෙණ විසින් සිත සමාධිගත වූ කල්හි, නුවණ පවත්නා කල්හි, මනා කොට දහම දක්නා හුට ඉතිරි බව කුමක් කරන්නද’යි පිළිතුරු ලෙස විමසූ බව සංයුක්ත නිකායෙහි භික්ඛුණි සංයුක්තයෙහි සඳහන් වේ.

බුදු දහම හේතු කොට ගෙන කාන්තාවට හිමි වු නිදහස ලොව පුරා පැතිර ගියේ බුදුදහම පැතිර යාමත් සමඟ ය. කාන්තාවට පැවිද්ද ලබාදීමට කටයුතු කළ බුදුහු එකල පැවැති සමාජ සම්මතය ද සුරක්ෂිත වන සේ භික්ෂුණීන්ට ගරුක ධර්ම අටක් පනවාලූ සේක. එම ගරුක ධර්ම අට හේතු කොට ගෙන භික්ෂුණිය ගේ ආරක්ෂාව ද සමාජ තත්ත්වය ද සුරක්ෂිත විය. භික්ෂුණිය අවමානයට ලක් නොකළ බුදුන් විසින් “භික්ඛුණී නං භික්ඛාපදානී භික්ඛු හි සාධරණානි” වශයෙන් භික්ෂු භික්ෂුණී දෙපාර්ශවයටම ශික්ෂාපද සමාන බවත් භික්ෂුණීන් වෙනුවෙන් ම පනවන ලද එලෙසම සුරකින ලෙසත් මහා ප්‍රජාපතී ගෝතමිය හට වදාළහ.

බමුණන්ගේ වාරණය අනුව ස්ත්‍රිය “අසූර්යං පශ්‍යා” ලෙස හඳුන්වනු ලැබීය. එනම් ස්ත්‍රිය හිරු නොදකින්නියයි. ඈ ගෘහයේ බිත්ති හතරට කොටුවී ගේ දොර වැඩ පල ද ස්වාමියාගේ හා දරුවන්ගේ කටයුතුª ද කළ යුතු විය. තත්කාලීන සමාජයේ බමුණු මතයට අනුව පැවැති තවත් චාරිත්‍රයක් වූයේ ළදරු විවාහයයි. මෙයින් කාන්තාව අසීමිතව පීඩාවට පත්විය. පසුකාලීනව බුදුන්ගේ කුළුපග දායක යුවළක් වූ නකුල ගෘහපතිහු ද දහර වියෙහි දී විවා පත්වී ඇත. අන්ධභූත ජාතකය අනුව බමුණා ගැබ්ගත් ස්ත්‍රියක් කැඳවා ඈ ප්‍රසූත කළ දැරිය වඩවා බිරිය කොට ගත්තේ ය.

වර්තමානයෙහි ද ගැහැනු දරුවකු ගෙදර සිටීම මව්පියෝ බරක් සේ සලකති. අතීත සමාජයේ අඩු වයසින් වියපත් පුරුෂයන් හට විවාහ කරදුන් ස්ත්‍රීහු වැන්දඹු වූ පසු පවුලට ද සමාජයට ද බරක් වූ බැවින් සති පූජාව නම් චාරිත්‍රයක් ඇතිකොට ඇයට සැමියාගේ සෑයට පැන මිය යාමට නියම කළේ ය. එසේ නො කළ ස්ත්‍රිය බලහත්කාරයෙන් සෑයට දැමූ අතර එයින් බේරී සිටියෝ දේවාලයන්හි නටමින් උපයාගෙන ජීවත්විය යුතුª විය.

එහෙත් සිඟාලෝවාද සූත්‍රයේ දී බිරිය පශ්චිම දිසාව ලෙස නම් කළ බුදුරජාණෝ නිවසට ආලෝකය සපයන්නී බිරිය බව පැවසූවහ. බිරියට ගරු කිරීම, නින්දා නොකිරීම, බිරිය හැර පරදාර සේවනයෙහි නොයෙදීම, බිරියට සම්පත් පවරාදීම, බිරියට ආභරණ, ඇඳුම් පැලඳුම් ලබාදීම ස්වාමිපුරුෂයාගේ වගකීම බව දක්වා ලූ සේක.

අංගුත්තර නිකායේ දී බිරියක් ආරක්ෂා විය යුතු ගිනි තුනක් පෙන්වා දුන් බුදුරදුන් මව්පියන්, සැමියා සහ මහණ බමුණන් ඒ ගිනි ත්‍රිත්ව ලෙස දැක්වූහ. මොවුන්ට සැලකීමෙන් උපස්ථාන කිරීමෙන් ආශිර්වාදයත් දියුණුවත් ලබාගත හැකි බව පැවසූ බුදුන් මෙ ත්‍රිත්වයට ගරු කරන නිවස ගිනි පුදන නිවසක් ලෙස දැක්වීය.

ස්ත්‍රිය මව්පියන් ගෙන් වෙන්වීම, දරුවන් කුස දරා සිටීම, දරුවන් වැදීම, සැමියා හැර යාම, සැමියාගේ දෝෂ දර්ශනයට ලක්වීම, නින්දා ලැබීම ආදී වූ කරුණු හේතු කොට ගෙන නිරන්තරයෙන් දුක් විඳී.

එහෙත් බුදුරජාණෝ ස්ත්‍රීන් ගේ බල පහක් වදාරති. එනම් රූප සම්පත්තිය, ධන සම්පත්තිය, පුත්‍ර සම්පත්තිය, ඥාති සම්පත්තිය, ශීලවන්තකම යන ඒවා ය. යම් ස්ත්‍රියක් හට මේ බල පහ තිබේ නම් ඕ සැමියා මැඬ විශාරද තැනැත්තියක් වශයෙන් නුවණින් ද, උදාරත්වයෙන් ද දක්ෂතාවයෙන් ද, නිර්භීත බවින් ද, පෙරමුණ ගන්නා බව බුදුහු දෙසා වදාළහ.

ස්ත්‍රී බන්ධන පුරුෂ බන්ධන සූත්‍ර මඟින් ස්ත්‍රියක් හා පුරුෂයෙක් බැඳෙන කරුණු 8 බැගින් බුදුන් දේශනා කර වදාළහ. එහිදී ඉත්ථි බන්ධන සූත්‍රයේ පුරුෂයා විසින් මාගමක් බැඳගන්නා කරුණු ලෙස හසිතය භානිතය (කතාකිරීම) ගීතය රෝදනය (හැඬුම) ආකල්ප (ඇඳුම් පැලඳුම් පෙරවුම්) හා ආහාර තුටු පඬුරු ලබා දීම දක්වා ඇත.

බුද්ධ දේශනය අනුව ලෝකයෙහි ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් තරම් ප්‍රිය වූ වෙනත් වස්තුවක් නැත්තේය. බුදුහු පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටිද්දී ආනන්ද තෙරුන් විසින් පැවිද්දන් ස්ත්‍රීන් කෙරෙහි කෙලෙස කටයුතු කළ යුතු දැයි විමසූ කල්හි, කාන්තාව දකිද්දී ඇසුරු කරද්දී කතාබහ කරද්දී භික්ෂුවගේ පුහුදුන් ගතිය හේතු කොට ගෙන දුරාචාරයෙහි යෙදීම, උපැවිදිව කාන්තාව සරණපාවා ගැනීම ආදී අකටයුතු සිදුවන බැවින් “අදස්සනං ආනන්දය” යනුවෙන් දෙසා වදාළහ.

එහෙත් පුරාණ ඉන්දියාවේ ද ස්වයංවරය වැනි විවාහ ක්‍රම ඔස්සේ කාන්තාවට යම් නිදහසක් ලැබී තිබිණි. ඒ හැරුණු විට පරිබ්‍රාජිකාවන් ලෙස දිවි ගෙවූ කාන්තාවෝ ද එකල සමාජයේ යම් නිදහසක් බුක්ති වින්දාහ.

ඉත්ථියෝ ජීවලෝකස්මිං හොන්ති සමවාරිනී
මේධාවිනී සීලවතී සස්සු දේවා පතිබ්බතා
තාදි්‍යාය සුමේධාය සුචිකම්මාය නාරියා
දේවා දස්සන මායන්ති මානුස්සා අමානුසියා
යනුවෙන් නුවණැති සිල්වත් යහපත් පැවැතුම් ඇති නැදිමයිලන් දේවත්වයෙන් සලකන පතිව්‍රතාව රකින ස්ත්‍රීහු මෙලොව සිටිත් නම් එබඳු ස්ත්‍රීන් දැකීමට මනුස්සයෝ පමණක් නොව දෙවියන් ද ප්‍රිය බව ජාතක කතා පාළියෙහි වේ.

වර්තමානයෙහි ද ගැහැනු දරුවකු ගෙදර සිටීම මව්පියෝ බරක් සේ සලකති. අතීත සමාජයේ අඩු වයසින් විවාපත් පුරුෂයන් හට විවාහ කරදුන් ස්ත්‍රීහු වැන්දඹු වූ පසු පවුලට ද සමාජයට ද බරක් වූ බැවින් සති පූජාව නම් චාරිත්‍රයක් ඇතිකොට ඇයට සැමියාගේ සෑයට පැන මිය යාමට නියම කළේ ය. එසේ නො කළ ස්ත්‍රිය බලහත්කාරයෙන් සෑයට දැමූ අතර එයින් බේරී සිටියෝ දේවාලයන්හි නටමින් උපයාගෙන ජීවත්විය යුතුª විය.

එහෙත් සිඟාලෝවාද සූත්‍රයේ දී බිරිය පශ්චිම දිසාව ලෙස නම් කළ බුදුරජාණෝ නිවසට ආලෝකය සපයන්නී බිරිය බව පැවසූහ. බිරියට ගරු කිරීම, නින්දා නොකිරීම, බිරිය හැර පරදාර සේවනයෙහි නොයෙදීම, බිරියට සම්පත් පවරාදීම, බිරියට ආභරණ, ඇඳුම් පැලඳුම් ලබාදීම ස්වාමිපුරුෂයාගේ වගකීම බව දක්වා ලූ සේක.

අංගුත්තර නිකායේ දී බිරියක් ආරක්ෂා විය යුතු ගිනි තුනක් පෙන්වා දුන් බුදුරදුන් මව්පියන්, සැමියා සහ මහණ බමුණන් ඒ ගිනි ත්‍රිත්ව ලෙස දැක්වූහ. මොවුන්ට සැලකීමෙන් උපස්ථාන කිරීමෙන් ආශිර්වාදයත් දියුණුවත් ලබාගත හැකි බව පැවසූ බුදුන් මෙ ත්‍රිත්වයට ගරු කරන නිවස ගිනි පුදන නිවසක් ලෙස දැක්වීය.

ස්ත්‍රිය මව්පියන් ගෙන් වෙන්වීම, දරුවන් කුස දරා සිටීම, දරුවන් වැදීම, සැමියා හැර යාම, සැමියාගේ දෝෂ දර්ශනයට ලක්වීම, නින්දා ලැබීම ආදී වූ කරුණු හේතු කොට ගෙන නිරන්තරයෙන් දුක් විඳී.

එහෙත් බුදුරජාණෝ ස්ත්‍රීන් ගේ බල පහක් වදාරති. එනම් රූප සම්පත්තිය, ධන සම්පත්තිය, පුත්‍ර සම්පත්තිය, ඥාති සම්පත්තිය, ශීලවන්තකම යන ඒවා ය. යම් ස්ත්‍රියක් හට මේ බල පහ තිබේ නම් ඕ සැමියා මැඬ විශාරද තැනැත්තියක් වශයෙන් නුවණින් ද, උදාරත්වයෙන් ද දක්ෂතාවයෙන් ද, නිර්භීත බවින් ද, පෙරමුණ ගන්නා බව බුදුහු දෙසා වදාළහ.

ස්ත්‍රී බන්ධන පුරුෂ බන්ධන සූත්‍ර මඟින් ස්ත්‍රියක් හා පුරුෂයෙක් බැඳෙන කරුණු 8 බැගින් බුදුන් දේශනා කර වදාළහ. එහිදී ඉත්ථි බන්ධන සූත්‍රයේ පුරුෂයා විසින් මාගමක් බැඳගන්නා කරුණු ලෙස හසිතය භානිතය (කතාකිරීම) ගීතය රෝදනය (හැඬුම) ආකල්ප (ඇඳුම් පැලඳුම් පෙරවුම්) හා ආහාර තුටු පඬුරු ලබා දීම දක්වා ඇත.

බුද්ධ දේශනය අනුව ලෝකයෙහි ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් තරම් ප්‍රිය වූ වෙනත් වස්තුවක් නැත්තේය. බුදුහු පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටිද්දී ආනන්ද තෙරුන් විසින් පැවිද්දන් ස්ත්‍රීන් කෙරෙහි කෙලෙස කටයුතු කළ යුතු දැයි විමසූ කල්හි, කාන්තාව දකිද්දී ඇසුරු කරද්දී කතාබහ කරද්දී භික්ෂුවගේ පුහුදුන් ගතිය හේතු කොට ගෙන දුරාචාරයෙහි යෙදීම, උපැවිදිව කාන්තාව සරණපාවා ගැනීම ආදී අකටයුතු සිදුවන බැවින් “අදස්සනං ආනන්දය” යනුවෙන් දෙසා වදාළහ.

එහෙත් පුරාණ ඉන්දියාවේ ද ස්වයංවරය වැනි විවාහ ක්‍රම ඔස්සේ කාන්තාවට යම් නිදහසක් ලැබී තිබිණි. ඒ හැරුණු විට පරිබ්‍රාජිකාවන් ලෙස දිවි ගෙවූ කාන්තාවෝ ද එකල සමාජයේ යම් නිදහසක් බුක්ති වින්දාහ.

ඉත්ථියෝ ජීවලෝකස්මිං හොන්ති සමවාරිනී
මේධාවිනී සීලවතී සස්සු දේවා පතිබ්බතා
තාදි්‍යාය සුමේධාය සුචිකම්මාය නාරියා
දේවා දස්සන මායන්ති මානුස්සා අමානුසියා
යනුවෙන් නුවණැති සිල්වත් යහපත් පැවැතුම් ඇති නැදිමයිලන් දේවත්වයෙන් සලකන පතිව්‍රතාව රකින ස්ත්‍රීහු මෙලොව සිටිත් නම් එබඳු ස්ත්‍රීන් දැකීමට මනුස්සයෝ පමණක් නොව දෙවියන් ද ප්‍රිය බව ජාතක කතා පාළියෙහි වේ.

( සිලුමින පුවත් පතින් උපුටා ගන්නා ලදි )

නිවන පරම සැපතයි ...
ප්‍රදර්ශන කාමයෙන් පෙලෙන කාන්තාවන්ට චරිතයෙන් අතුල්පත් පහර දුන් මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණිය ...

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.