Skip to main content

පිංවන්ත පෙම්වන්තයෙක් වන්න …

ආයුබෝවන් ළමිස්සියනේ, ඉළන්දාරියනේ. ම්ම්ම්… මේ මොකද කවදාවත් නැතිව මෙහෙම කථාකරන්නෙ… නෑ නෑ… අපි කථාකරන මොනදේ උනත් දෙලොවටම යහපත් වෙන්න ඕනි. මෙන්න බලන්න බුදුහාමුදුරුවො දේශනා කරපු දේ.

සහස්සම්පි චෙ වාචා
අනත්ථපදසංහිතා
එකං අත්ථපදං සෙයේ‍යා
යං සුත්වා උපසම්මති

අනර්ථ සිදුකරන පදවලින් යුත් වචන දාහක් උවත් උතුම් නැත. යමක් ඇසීමෙන් මිනිසා සංසිඳීමට පත් වේද එබඳු එක අර්ථවත් පදය පවා උතුම්ය.

ඒ නිසා කථා කරන හැම දෙයක්ම දෙලොව සුභසිද්ධිය ගැන හිතල කථාකරන්න ඕනි. මෙතනදි කියන්න දෙයක් තියෙනව. සමහරු හිතනව එරන්ද වන මම මේ කිසිම වැරැද්දක් නොකරන ඉතාම සිල්වතෙක් කියල. එමෙනම් මම රහතන් වහන්සෙ කෙනෙක් වෙන්න ඕනි. මේව ලියන මගෙ අතිනුත් ඕනැ තරම් වරදි හදිසියේ සිද්ධ වෙනව. හැබැයි සිල් පදයක් කැඩුන කියල හෝ වෙන වැරැද්දක් උනයි කියල රකින සීලය අහක දාන්න එපා. සමහරු අරක්කු නොබී ඉඳල එක දවසක් බැරිවෙලා හරි පෙව්නොත් දැන් ඉතින් වැඩක් නෑ කියල ආයිත් බොන්න පටන්ගන්නව. එතකොට අර කලින් රැකපු සීලෙ වැඩක් නෑලූ.
එහෙම වෙන්නෙ නෑ. ඔබ නැවත ඒ ශික්ෂාපදය ආරක්ෂා කරන්න පටන් ගත්තොත් ඔබට ඉතා පහසුවෙන් ඒ සීලයට හුරුවෙන්න පුලූවන්. ඇයි ඒ ? කලින් පුරුද්ද නිසා. ඒ විතරක් නෙවෙයි ඒ සීලයෙන් ඔබ ලැබූ ප්‍රයෝජනත් ඉක්මනින්ම ලැඛෙනව. සමහර ස්වාමීන් වහන්සෙල බුදු හාමුදුරුවන්ගෙන් බණපදයක් අහපු ගමන් රහත් උන අවස්ථා ඔබ අහල තියෙනව නේද? ඒ සංසාරෙ ඒ ඒ සීලාදී ගුණදම් පුරල තිබුන නිසා. පොඩ්ඩක් මතක් කල ගමන් ඒව නැවත මතුවෙනව. හරි කථාව මුලට ගමු ආයිත්. දැන් මම ඔයාලට කථාකලේ ඉලන්දාරි හා ළමිස්සි කියලනෙ. මොනාද මේ වචන වල තේරුම්. සිංහල භාෂාව කියන්නෙ පුදුමාකාර භාෂාවක්. ලෝකෙ තියෙන සජීවී භාෂාවන්ගෙන් ප්‍රමුඛස්ථානය සිංහලට හිමි වෙනව. ඉංග්‍රීසිවලින්, සිංහලෙන් තරම් ඍජු අදහස් ප්‍රකාශකරන්න බෑ කියල ඔයාල දන්නවනෙ. ඔන්න ඔය නිසයි පිටසක්වල ජීවීන්ට සංදේශයක් යවන්න අදහස්කල විද්‍යාඥයො ලෝකෙ තියෙන සියලූම භාෂාවලින් සංදේශයක් හදල අභ්‍යාවකාශ ගතකලා. කොහෙහරි ජීවියෙක් හිටියොත් ඒ සියලූ භාෂාවලින් එකක් හෝ තේරුම් අරගෙන තව ලෝකෙක ජීවීන් ඉඳී කියලයි එහෙම කලේ. මෙතනදි වැදගත්ම කාරණේ තමයි මට මතක හැටියට ඒ විදිහට භාෂා පන්සිය ගණනක් ( වැරදිනම් නිවැරදි කරන්න ) පෙළ ගැස්වීමෙදි විද්‍යාඥයො සිංහලට දෙවෙනි තැන දුන්න. ඒතරම්ම සිංහල සජීවී ශ්‍රේෂ්ඨ භාෂාවක්. අපි ගණන් නොගත්තට. ඔන්න ආයිත් පිට පැන්න. හරි හරි … … කථාවට බහිමු. මේව මතක් වෙනකොට නොකිය ඉන්නත් බෑ. කට කහනව වගේ. දැන් මොකක්ද මේ ළමිස්සි කියන්නෙ. ඒ කියන්නෙ ළැම ඉස්සී කියන පදය කෙටිකරළ. ගැහැණු ළමයෙක් මල්වර වෙනකම් අපි කියන්නෙ නෑනෙ ළමිස්සි කියල.

මල්වර උන කෙනෙක්ගෙ තමයි පපුව ඉස්සිල හැඩවැඩ වෙන්නෙ. ඒකයි ළමිස්සි කියන්නෙ. ගැටිස්සි කියන්නෙත් ඔකටම තමයි. එතකොට ඉළන්දාරි කියන්නෙ. ඔව්. ඉල්ලන් + දැරිවි = ඉලන්දාරි. ඒ කියන්නෙ දැරිවියන් ඉල්ලන් එන මට්ටමේ වයස ඇති අය ඉලන්දාරි. ඊල`ගට බලන්න අපේ සිහල භාෂාව මොනකරම් ප්‍රාණවක්ද කියල. ගැහැණු ළමයින්ට කියන්නෙ දෝණි කියලනෙ. දෝණි කියන්නෙ දොවන්නී අර්ථයෙන් බිඳුන එකක්. ඒ කියන්නෙ ඉස්සර එළදෙනුන්ගෙන් කිරි දොවළ තියෙන්නෙ ගැහැණු දරුවො. ඒ විතරක් නෙවෙයි. අපි අසභ්‍ය කියල හිතන වචන ගොඩක් ඉතාම පිරිසිදු සිංහල වචන. මම ඒව ටිකක් කියන්නම්. මේව අහන්න දකින්න අකමැති අය මේ ඡේදය මගඅරින්න.

*******************************************************
දැන් බලන්න පයිය කියන එක. මේ කියන්නෙ පොදිය කියන එක. කූරපයිය කියන්නෙ තේ ගොට්ට. බුලත් පයිය කියන්නෙ බුලත් මල්ල. ඊල`ගට රෙනව කියන වචනය. මේ කියන්නෙ බහිශ්‍රාවී ක්‍රියාවලිය පිළිබඳව. රෙනව කියන එකේ අතීත කාලය රුන්න කියන එක. මේව අද සමාජෙට ගැලපෙන්නෙ නෑ කියල ඔබ කියන්න පුලූවන්. හැබැයි ගණිකා මඩම්, නිරුවත් සංගීත ප්‍රසංග, සමලිංගික විවාහ, සමූහ ලිංගික චර්යා ( පිරිමින් කිහිප දෙනෙක් සිය බිරිඳන් හුවමාරු කරගැනීම ), මත්කුඩු, ස්ත්‍රී දූෂණ, බාල අපචාර වගේ දේවල් අද වගේ ඒ කාලෙ තිබුනෙ නෑ. මේව සංවාදයට සුදුසු මාතෘකා. හරි. කථාවෙන් කථාවෙන් මාතෘකාව පැත්කටම ගියා. ඒත් මේ කථාකරපු දේවල් අපේ මාතෘකාවට අදාලයි. කොහොමද පිංවන්ත පෙම්වන්තයෙක් වෙන්නෙ.

මම කලින් ලිපියක් පලකලා පිංවන්ත පෙම්වන්තියක් වෙන්නෙ කොහොමද කියල. ඒකෙ පෙම්වන්තයනට අදාල කරුණුත් තියෙනව. ඒ නිසා වැඩිය සූත්‍ර දේශනා ගන්න යන්නෙ නෑ. ඒක කියවල බලන්න. හොඳයි. ඔබ කාටහරි ආදරය කරනව ඇති. නැත්නම් කරල ඇති. එහෙමත් නැත්නම් අනාගතේ කරාවි. ඒ කොයි අවස්ථාවකදි උනත් ඔබට මේ මම කියන කාරණා ගොඩක් වැදගත් වෙයි. ඔක්කොම හොඳට කියවල තේරුම් ගන්න. ආදරය ගත්තම විවිධ ප්‍රභේද තියෙනව. අම්ම තාත්තගෙ ආදරය, සහෝදර සහෝදරියන්ගෙ ආදරය, නැන්ද මාමගෙ ආදරය, පෙම්වතුන්ගෙ ආදරය, අනියම් ආදරය … … ආදී විදිහට. මේ කථාකරන්නෙ පෙම්ව=න්ගෙ ආදරය ගැනනෙ. එතකොට මේ ආදරය පදනම් වෙන්නෙ ලිංගිකත්වය සමග. ඒ කියන්නෙ ලිංගික අවශ්‍යතාත් සමගයි මේ ආදරයෙ පදනම වැටෙන්නෙ. දැන් ඔබ කියයි”අපිනම් පිවිතුරු ආදරයක් කරන්නෙ, ලිංගිකත්වය ගෑවිල වත් නෑ. සඳ එළියවගේ ආදරය පිවිතුරුයි … … ” අදී දේවල්.

හොඳයි. මට කියන්න ඔබ ඇගේ මොන දෙයටද ආස කරන්නෙ. ඇස් දෙකට, කථාවට, සුවඳට, රසයට, හැසිරීමට, ගතිගුණ වලට … ,… මේවයින් තෝකටද? ඔබට ඔබේ පෙම්වතිය විවාහ කරගෙන අතින්වත් අල්ලනනෙ නැතිව මැරෙන තුරා ඉන්න පුලූවන්ද කියල. එහෙම නැත්නම් ඇයව දකින්නෙ නැතිව ඉන්න, ඇගේ කටහ`ඩ නොඅසා ඉන්න, ඇගේ සුවඳ, ඇගේ සිතිවිලි සමග ජීවත් නොවී ඉන්න ඔබට පුලූවන්ද? බැහැ නේද ? ඒ කියන්නෙ ඔබ ඇය නිසා පංචකාම වස්තූන් සන්තර්පණය කරනව. ඒ කියන්නෙ එතන තියෙන්නෙ කාමය නේද? ඔබ ඇයට ආදරය කරන්නෙ ඇගෙන් ඒ දෙවල් බලාපොරොත්තුවෙන් නේද? හොඳයි ඔබ ආදරය කරන ඇය ඔබට ඇගේ අත අල්ලන්නවත් දෙන්නෙ නැත්නම්, ඔබ දිහා බලන්නෙවත් නැත්නම් . . . කථාකරන් නැත්නම්, ඔබ ඇයට ආදරය කරාවිද? ( ඔබට මානසික ලෙඩක් නැත්නම් ) ඔබ ඇයට ආදරය කරන්නෙ නෑ. ඉතින් ඔබ යමෙකුට ආදරය කරන්නෙ ඒ පාර්ශවයෙන් යමක් ලබාගැනීමේ පරමාර්ථයෙන්. එය මුදල් හෝ වෙනයම් ආර්ථීක වටිනාකමක් ඇති දේවල් නොවන්නත් පුලූවන්. ඔබ මට එක`ගයි නේද?
සඳ එළිය වගේ පිවිතුරු ආදරයක් මේ ලෝකෙ තියෙනව. එ තියෙන්නෙ පෘතක්ජන පුද්ගලයන් ගාවනම් නොවේ. බුදු, පසේබුදු, මහරහත් කියන උත්තමයො ලෝකයාට දක්වන්නෙ සඳ එළියටත් වඩා සියදහස් ගුණයක් පිරිතුරු ආදරයක්. ඇයි ඒ ? ඒ ඇත්තො ඔබට ආදරය කරන්නෙ යමක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. ඇත්තටම ඔබව දුකින් මුදවන්න. ඔබ බැන්නත්, ගැහුවත්, නින්දා කලත්, කොටින්ම කියනවනම් ( රහතන්වහන්සේ කෙනෙක් ) මරාදැමුවත් ඔබ කෙරේ අල්පමාත්‍රයක් තරම්වත් අහිතක් හිතන්නෙ නැති නිසා. එවන් උත්තමයන් මහා කරුණාව දක්වන්නෙ සියලූ ලෝ වැසියනට එක හා සමානව. කිසිදු ජාති, ආගම්, කුල, පංති භේදයක් නෑ උන්වහන්සෙල ගාව. හොඳයි දැන් තේරෙනව නේද ඔබ පෙම්වන්තියට දක්වන්නෙ රාගික ආදරයක් බව. එතනින් එහාට ගියහම රාගික ආදරයේ උනත් ඉතාම පිවිතුරු ආදර අන්දරයක් තියෙනව. ඔබ දන්නවද ඒ මොකක්ද කියල ? රොමියෝ ජුලියට්ද? ටයිටැනික්ද? දම්මි සුගත්ද? නැහැ. නැහැ. මම කියන්න යන ආදර අන්දරය එක්ක බැලූවම ඒව බාලවර්ගයේ තුට්ටු දෙකේ ආදර කථන්දර. හොඳයි එහෙනම් මොකක්ද මේ කියන ආදර අන්දරය? මේ ලොකයේ ස්වාමියෙක් හා බිරිඳක් අතර යම් පිවිතුරු ආදර අන්දරයක් තිබුනනම්, සිද්ධාර්ථ, යශෝධරා ප්‍රේමය තරම් උත්තරීතර ආදරයක් වෙන කොතනකවත් දක්නට ලැඛෙන්නෙ නැහැ.

දීපංකර බුදු හිමියන්ගෙන් සුමේධ තාපසයා ලෙසින් නියත විවරණ ලබද්දී යශෝධරාවෝ ඒ උතුමන්ගේ බිරිඳ වීමට ප්‍රාර්ථනා කලා. එතැන් පටන් සංසාරය පුරාම මේ දෙදෙනා අඹුසැමියන් ලෙසින් හමුවුණා. සඳකිඳුරු ජාතකය, කලන්දක ජාතකය, වෙස්සන්තර ජාතකය, උම්මග්ග ජාතකය, ආදී අනන්ත අපරිමාන ආත්මයන්හි හමුවෙමින් වෙන්වෙමින් ඔවුන් සසර පුරා නිවන්දක්නා ජාතිය දක්වාම සැරිසැරුව. ඒ සැබෑ ආදරය නිසයි. යහපත් පෙම්වතුන් වීමට පතන අය වෙනුවෙන් බුදුහිමියන් සූත්‍ර දේශනා ගණනාවක්ම දේශනාකර තිඛෙනව. ස්ත්‍රීගන්ධ සූත්‍රය, පුරුධගන්ධ සූත්‍රය, ස්ත්‍රීබන්ධන පුරුෂබන්ධන සූත්‍රය, නකුලමාතු මනාපකායික සූත්‍රය, විතරක් නෙවෙයි අර කලින් කියපු ජාතක කථාත් මේවට උදාහරණ. “පිංවන්ත පෙම්වන්තියක් වන්න” කියන ලිපියේ ඒව ඔක්කෙම තියෙන නිසා ආයිත් මම ලියන්නෙ නෑ. ඒ ලිපිය දෙපක්ෂයටම වැදගත් එකක්. මේ ලිපිය අන්තිමට ලින්ක් එක තියෙනව. කියවල බලන්න.

හොඳයි, මේ සියල්ල පිළිවෙලකට කියාගෙන ආවේ අද සමාජයත් එක්ක සංසන්දනය කරන්න අවශ්‍ය නිසා. දයාබර යාලූවනේ, අද අපට දකින්න ලැඛෙන්නෙ ප්‍රේම සම්බන්ධකම් නෙවෙයි. කාම සම්බන්ධකම්. හොඳින් හිතල බලන්න යාලූවනේ ගොඩක් යාලූවන් පෙම්වතියන් ඇසුරු කරන්නෙ ලිංගික ආශාවන් සන්තර්පණය කරගන්න නේද? මම කියන්න ඕනෙ නෑනෙ. අපේ අයියල මල්ලිල දන්නව ඒවගෙ විස්තර. සමහර අපේ සොහොයුරන් පෙම්වතියන් ඒවට නැඹුරුකරගෙන ඒව වීඩියෝ කරල අන්තර්ජාලයට මුදාහරින අවස්ථාත් තියෙනව. වැල්ලව පාසැල් යන වයසෙ නංගි කෙනෙක් ඒ වයසෙම මල්ලිල තුන් හතරදෙනෙක් එක්ක පාලූ ගෙයක පාසැල් ඇඳුම් පිටින්ම ඉඳල පොලිසියට අහුවෙලා. ඒ විතරක් නෙවෙයි. මහපාර, බස්රථ, මුහුදු වෙරළ කාම නිකේතන බවට පත්වෙලා.

අද අපට විශාල ව්‍යවසනයකට මුහුණ දෙන්න සිදුවෙලා. ඒතමයි හතු පිපෙන්නා වගේ බිහිවන ගබ්සා මධ්‍යස්ථාන. දිනකට දහ පහළොස් දාහක් දරුවන් මේ මධ්‍යස්ථාන වලදි විනාශයට පත්වෙනව. එච්චර විතරක්ද ? අම්මල අනියම් විදිහට දරුව බඩට ආවම තනියම වින්නඹු වැඩේ කරගෙන දරුව පණ පිටින් වලළනව, නැත්නම් ඇළකට විසිකරනව නැත්නම් කෑලි කපල ශීතකරණයේ දානව පස්සෙ විසිකරන්න. මේකද ආදරේ කියන්නෙ. තමන් ආදරය කරන කෙල්ල කොහෙ හරි යන්න අකමැති උනාම බලෙන් ඇදන් ගිහින් දූෂණය කරන එකද ආදරේ කියන්නෙ. බලන්න මේ සියල්ලට හේතුව කුමක්ද? හේතු එකක් නෙවෙයි කිහිපයක්ම තියෙනව. ප්‍රධානතම හේතුවක් තමයි අපේ මිනිස්සු අතර මෑතකාලීනව සිතිවිලි වලට පාලනයක් ඇතිකර නොගැනීම. ඒ කියන්නෙ මේකයි. තරුණ පරපුර අතර කාමුක දර්ශන, ලිංගික චිත්‍රපට ඉතාම ලෙහෙසියෙන් සංසර්ණය වෙන්න පටන් අරන්. ඒවට වගකියන්න ඕනෙ මේ රටේ ඉහළ පුටුවල ඉන්න අයම තමයි. ඔය කාලයක් ක්‍රිකට් පාලක මණ්ඩලයෙ වගේම දුරකථන සන්නිවේදන ආයතනයක සභාපති වෙලා හිටපු කෙනෙක් තමයි මුලින්ම ලංකාවෙ නිරුවත් පත්තර පටන් ගත්තෙ. දැන් ඒ රැල්ල අනික් පැත්තට හරවන්න හරිම අමාරුයි. අනික එහෙම කරන්න ඉහළ පුටුවල ඉන්න කිසිකෙනෙකුට උවමනාවකුත් නෑ. අනිත් අතට ඒ කාමුක පරිසරය තුල කාන්තාවට ඉල්ලුම වැඩිවුණා. එතකොට දරිද්‍ර්‍රතාවයෙන් පෙලුන කාන්තාවො කාමයට නැඹුරු වුනා. ඒත් එක්කම ඒ අය අතරත් තර`ගය ඇතිවුනා. ඒනිසා වැඩි වැඩියෙන් රූපලාවන්‍යයට යොමු වුනා. තර`ගය කොතරම් ප්‍රබලද කීවොත් ක්ෂණික ප්‍රතිඵල දෙන බොහෙත් ශරීරයට ඇතුල් කරල ලස්සන වෙන්න උත්සාහ කලා. එතැනින් නැවතුනාද? නෑ.
ලස්සන මදි නිසා ටික ටික ශරීරය නිරාවරණය වෙන ඇඳුම් අඳින්න පටන් ගත්ත. කලිසම ඩෙනිම බවටත්, ඩෙනිම ටයිඩ් ඩෙනිම බවටත්, ඒක ත්‍රී ක්වාටර් එක බවටත්, ඒක ෂෝට් කලිසම බවටත් පත්වෙන්න, ඒක බිකිනිය බවට පත්වෙන්නත් වැඩි කාලයක් ගියෙ නෑ. තවත් මේ තර`ගය යන්නෙ මුදල් හොයන්න. ඊටපස්සෙ, අනියම් උනත් ස්වාභාවික ලිංගික ක්‍රම වෙනස් වෙන්න ගත්ත. විවිධාකාර ලිංගික ක්‍රම ඇරඹුනා. ඒත් එක්ක වැඩි ලිංගික වින්දනයක්, ආශ්වාදයක් ලබන්න ඛෙහෙක් වර්ග බිහිවෙන්න පටන් ගත්ත, ඒත් එක්ක දරුවන් ඇතිවීම නිසා ගබ්සා මධ්‍යස්ථාන ඇති උනා. ඒත් එක්ක උපත්පාලන ක්‍රම වේදයන් එන්න පටන් ගත්ත. ඒත් එක්ක මේවගෙන් වෙළඳපල වාසි ලබන්න සමහරු වෘත්තීය ලිංගික ආයතන පටන්ගත්ත. ඒත් එක්කම සිංහලයා වඳ කිරීමේ කුමන්ත්‍රණය කරන පිරිස් ඔවුන්ට හැකි ඉහලින්ම දායකත්වය ලබාදුන්නා. ශ්‍රී ලංකාව ගැන කිඹුල් කඳුලූ හෙලන අය — පුංචිපවුල රත්තරන් ˜ සංකල්පය යෝජනා කලා. ඒකට අපේ උන්නැහැලත් ඛෙල්ලෙන්ම අහු උනා. අර කලින් ලිංගික චර්යාවන්ට හුරු උන අයට ඉබ්බ වතුරට දැම්ම වගේ උනා. රජයෙන් නොමිලයේ වඳ සැත්කම් කිරීම, උපත් පාලන ක්‍රමවේදයන් සැකසීම, විතරක් නෙවෙයි ආධාර පවා දෙන්න පටන් ගත්ත. පේනව නේද අපේ විනාශයෙ තරම. එච්චරද, ලංකාවෙ සියලූ ජාතීන් මේ ලිංගික පරිණාමනයන්ට අහු උනත් අනික් ජාතීන් උපත් පාලනය කියන වචනය ශබ්දකෝෂයෙන් අයින් කලා. අර ලිංගික අසහනය ඔවුන් කෙලවර කලේ දුසිම් ගණන් දරුවන් බෝකරමින්. මේ තත්වය ඔබ තේරුම් ගන්න ඕනි. ලිංගික විපර්යාසයන් සාමාන්‍ය ජනතාවට දරාගන්න බැරි උනා විතරක් නොවෙයි, තවත් දෙයක් උනා. ඒ තමයි කාන්තාව ලැජ්ජ බය අමතක කිරීම.

ස්වභාවයෙන්ම පිරිමියා ලිංගිකත්වයට නැඹුරුයි. නමුත් ඒවා පාලනය වෙන්නෙ කාන්තාවගේ ලැජ්ජ බය නිසයි. ඇය ලැජ්ජ භය අමතක කලා කියන්නෙ රිලවට ඉනිමං බැන්ද වගේ. එක ගැහැණියකට පුලුවන් නේද ගමක් විනාශ කරන්න. අද බලන්න කෙල්ලො කොල්ලො ප්‍රසිද්ධ ස්ථානවල කිසිම හිරිකිතයක් නැතිව කාමය විඳින හැටි. මේකද ආදරය කියන්නෙ. කුරුණෑගල කොල්ලෙක් අම්මගෙ වතුර එකට නිදිපෙති දාල ලිංගික ආශාවන් පිරිමහගෙන. අන්තිමට අම්මට දරුවෙක් ලැඛෙන්න ගිහින් අම්ම වහ බීල මැරිල. මේ තරම් තිරිසන් තත්වයට රට ගිහිල්ල. අන්න ඒනිසයි අපි මේ තරම් ඔබට කියන්නෙ මේ තත්වයෙන් අපි මිදෙන්න ඕනි කියල. ඇයි ඒ ? මේ රැල්ල ඔබේ ජීවිතයම විනාශ කරල දමාවි. ඔබේ අතේ තියෙන මුදල් සියල්ල නිකරුනේ නාස්ති වෙලා යාවි. අන්තිමට අතේ පිච්චියක් වත් නැතිවුන දවසට ඔය කිසිකෙනෙක් ඔබ ගැන බලන්නෙ නෑ. ඔබට පණමෙන් ආදරය කල අභිසරුලියන් ඔබේ ඇස්පනාපිට වෙනත් අය සමග යාවි. ඔබේ පෙම්වන්තිය ඔඛෙන් ඈත්වේවි. සමාජයෙන් නින්දා විඳින්න වේවි. අන්තිමට මාරාන්තික රෝගයන් ඔබ වැළඳගනීවි. අවසානය … … මාරයා අකාලයේ ඔබ ඇදගෙන යාවි. එහෙත්… එතැන් සිට ඔබට අනන්ත අප්‍රමාණ අපාදුක් විඳින්න වෙයි. ලෝදිය, කටු ඉඹුල. කැපීම්, කෙටීම්, කෙලවරක් නැතිවේවි. කල්ප කාලාන්තරයක් දුක් විඳින්න වේවි. මේව බොරු කියල හිතන බක පණ්ඩිතයොත් ඉන්න බව මම දන්නව. ඒත් බුදු දහමේ මූලික දෙයක් තමයි මේ අපාය සංකල්පය. නිතරම දේශනාවෙ තියෙන්නෙ සතර අපායේ නොවැටී සිටිනවනම් නිවනක් අවශ්‍ය නැති බව. බුදු දහමමේ මූලික හරයක් වෙනව සතර අපායෙන් නිදහස් වීම. එහෙනම් බුදු දහම පිළිගන්න ඔබට සතර අපාය පිළිගන්නම වෙනව.

අද විද්‍යාඥයො කියනව ගිණිකඳු පුපුරල පැහෙන ලාව වල ජීවීන් සිටින බව. අනික විද්‍යාඥයන් කණ්ඩායමක් ගිණිකඳු විවරයකින් ඇතුලූ උනාම විශාල දෝනාවක් ඇතුලින් සද්ද ඇහුනලූ. ඔක්කෙම විලාප හ`ඩවල් ලූ. ඒ විතරක් නෙවෙයි. එංගලන්තයේ සමහර ප්‍රදේශවල පොළව යට අඳෝනා ඇහෙනවලූ. අපි මේව පිලිගන්න අකමැතියි. හිතල බලන්න, නිවිතිය වල යකඩ තියෙනව කිව්වම අපි ඉහලින් පිලිගන්නව, හාල්මැස්සන්ගෙ ඛැල්සියම් තියනබව අපි පිලිගන්නව. වාතයේ ඔක්සිජන් තියෙනබව අපි පිලිගන්නව. දැක්කද ? නෑ විද්‍යාඥයො කියනවනෙ. ඒත් අපාය අපි පකැමති නෑ. දිව්‍ය ලෝක පිලිගන්න කැමති නෑ. ඒත් තිරිසන් අපාය ඇස් ඉදිරිපිට පේනව. දිට්ඨදම්මවේදනීය කර්ම තියනව. මේ නිසා අපට අපාය සංකල්පයක් කියල බැහැර කරන්න බෑ. දයාබර යාලූවනේ මම කලින් කිහිප අවස්ථාවකදිම කියල තියෙනව මෙනතරම් අමාරුද කියල මිනිස් ආත්මයක් ලබන්න. වියගහේ සිදුරෙන් කණකැස්බෑව අහස බලන කථාව අහල ඇතිනෙ. මම කලින් ලියපු ලිපි කිහිපයකම මේ බව සටහන් වෙලා තියෙනව. ඉතින් එතරම් අමාරුවෙන් ලබාගත්ත මනුෂ්‍ය ජීවිතය නිකරුනේ නාස්ති වෙන්න අරිනන්නම් එපා. ඇයි එහෙම කියන්නෙ. මේ මිනිස් දිවිය ලැබිල තියෙන්නෙ කල්ප කෝටි ගණනක් බලන් ඉදල. ඔබට මතක නැති උනාට ඔබ මනුෂ්‍ය ආත්මයක් ලැඛෙනකල් කල්ප කෝටි ගණනක් ආත්මවලදි දුක් විඳින්න ඇති මනුෂ්‍යාත්මයක් ලබාගන්න. එතකොට එහෙම ලබපු මනුෂ්‍යාත්මය ඇයි අපි මේ සුලූ මොහොතක කාමුක ආශාවකට නැතිකරගන්නෙ. මනස විකෘතිවන මත්පැන් අරන් විකාර නටන්නෙ. මේකටද ජීවිතේ කියන්නෙ. බුදු හාමුදුරුවො දේශනා කලේ මනුෂ්‍යාත්මයක් ලබල ඉඳල මැරිල නැවත මනුෂ්‍යාත්මයක් ලබන්නෙ පොළවෙන් ඇ`ගිල්ලට ගත් පස් වගේ සුලූ ප්‍රමාණයක්ලූ. මහපොළවෙ පස්වගේ ප්‍රමාණයක් මිනිස්සු නැවත අපාගාමී වෙනවලූ. බලන්න අපි මොනතරම් වාසනාවන්තද මනුෂ්‍යාත්මයක් ලබන්න. අනික මේ අපි ඉපදිල ඉන්නෙ ක්ෂණ සම්පත්තිය ඇති කාලයක. ඒ කියන්නෙ

01. බුද්ධෝප්පාද කාලයක
02.මනුෂ්‍යාත්මය ලබාගෙන
03. අංගවිකල නොවී උපත ලැබීම
ඉතින් මෙවන් වාසනාවන්ත කාලයක ඔබ උපත ලබල තියෙද්දිත් ඒ වාසනාවට මොහෙතකින් පයින් ගහන්න එපා යාලූවනේ. ඔබ මෙම ලිපිය කියවනව කියන්නෙ ඔබේ යටිහිත තුල අවංක උවමනාවක් තියෙනව දහම් මගට යොමුවන්න. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. හොඳ නරක අතර තියෙන්නෙ පොඩි වෙනස් කමක් උනාට දිව්‍ය ලෝකය හා අපාය අතර තියෙන්නෙ මහ විශාල වෙනසක් බව අමතක කරන්න එපා. ඔබේ තරුණමදය ඔබට සුලූ මොහොතක සැපක් දේවි. ඒත් අවුරුදු ගණන් හිරගෙවල්වල ලගින්න හේතුවක් වේවි. කල්ප කෝටි ගාණක් අපා දුක් විඳින්න වේවි. සල්ලිකාරයන්ට විතරක් නෙවේ, අපිත් ආතල් ගන්න ඕනි කියල කවුරුත් නටන විදිහට ඔබ එයාලගෙ රූකඩ වෙන්න එපා. බලන්න සමහරු ඉනට අඩි තුනහතරක් පහලෙන් කලිසම් ඇඳල, කරාබු දාගෙන, කොණ්ඩෙ දික්කරගෙන බටහිර වැද්දොවගෙ ඉන්න හදනව. ඇයි අපිට අපේකම ගැන ආඩම්බරයක් නැත්තෙ. ඔයාල රාවණ රජ්ජුරුවන් ගැන හොයල බලන්න. නැත්නම් මට පුද්ගලිකව ෆේස්බුක් මැසේජ් එකක් දාන්න. මම ලින්ක් දෙන්නම්. අපට මොනතරම් උත්තම ඉතිහාසයක්ද තිබ්ඛෙ. රාවණ කියන්නෙ ලෝක තුනක් පාලනය කල පුද්ගලයෙක්. පිරමීඩ, ඉන්කා ශිෂ්ඨාචරරය, එල්ලෙන උයන්, සීගිරිය, ආදී ලොව විශ්මකර්ම දේ කරල විතරක් නෙවේ. න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතා කල බවට අද පවා සාධක ලැඛෙනව. මම මේව කියන්නෙ සම්පූර්ණ සාක්ෂි සාධක ඇතිව. කාටටවත් නැහැ කියන්න බැරි තරමට සාක්ෂි තියෙනව. අදටත් ද`ඩු මොණරය, රාවණ මාලිගා විතරක් නෙවෙයි. එතුමගෙ අවි ආයුධ පවා තාම නිරුපද්‍රිතව තියෙනවලූ අපේ රටේ. ඒකනම් ටිකක් හොයල බලන්න ඕනි.

කොහොම නමුත් ඒතරම් උසස් ශිෂ්ටාචාරයක් අපට තිබුන. සුද්ද කොළ අතු අඳිද්දි අපේ මිනිස්සු ජල මුද්‍රිත වැසිකිලි භාවිතා කලේ. ඇයි අපි ඒ ඇත්තන්ට වඩා ඉදිරියෙන් ඉන්දැද්දිත් ඒ අයගෙ තුට්ටු දෙකේ විලාසිතා අනුගමනය කරන්නෙ. අපිත් අපේ අභිමානය රැකගමු. කලිසමක් ඇන්දයි තියල සිංහලකම නැතිවෙන්නෙ නෑ. ඒත් ඊට එහා යන්න එපා. ඒ ඇත්තන්ගෙ දේ උනත් අපිට ඕනි විදිහට පාලනය කරගමු. උදාහරණ විදිහට පරිගණකය වගේ දේවල්. බුදු පියාණන්ගෙ ශ්‍රී සද්ධර්මයට බලෙන් හෝ හිත යොමු කරල හදාරන්න බලන්න. ඔබට අනිවාර්යෙන්ම සහනය සැලසේවි. සිංහල කමට බොදුනු කමට පණමෙන් ගරු කරන්න. රා අරක්කු, සිගරට් ආදියෙන් වැලකිල දහමට නැඹුරු වෙන්න. යාලූවො ඔබව කොන් කරයි. ඔබව ඔවුන්ගෙ සමාජෙන් ඈත් කරයි. කමක් නෑ. ගින්නෙ තියෙන දරකෑල්ලට වඩා විලේ තියෙන නෙලූමට හැමෝම ආදරය කරනව. බුද්ධිමතුන් ඔබට ඇත්තටම ආදරය කරාවි. ඔබ දහමට යොමුවන විට ඔබේ පෙම්වන්තිය ඔඛෙන් දුරස් වේවි. කමක් නෑ. ඇය විවාහ කරගෙන ඔබට මුලූ ජීවිත කාලෙම දුක්විඳල මැරිල සතර අපායෙ පදිංචියට යනවට වඩා ඇගෙන් ඈත්වෙලා ඉන්න. ඔබට ඇත්තටම ආදරය කරන, ගුණගරුක, සුන්දර හදවතක් ඇති අය ආදරය කරන්න පටන් ගනීවි. ඔබට යහපත් සමාජය හොඳ කියාවි. සෑම තැනකම ප්‍රශංසාව ලැබේවි. දෙවියන් පවා ඔබේ නාමයට වන්දනා කරාවි. එවන් උත්තරීතර පෙම්වතෙක් වෙන්න. බුදු දහම අනුව දිවි ගෙවුන ඔබට මරණින් මතු තුසිත දෙව්ලොවෙත් දිව්‍යංගනාවන් පිරිවර සහිත ශ්‍රේෂ්ඨ ස්ථානයක් හිමිවේවි. තීරණය ඔබ අතේ.

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

මම සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.