
පරිපූර්ණ වීර්ය ඇති භික්ෂුන් අතරෙහි අග්රස්ථානය ලැබූ සෝණ මහරහතන් වහන්සේ කෝලි විස නම් ගෝත්ර යෙහි උපන් නිසා හෝ කෝටි ප්රාප්ත ධනවත් ගොවි කුලයක උපන් නිසා කෝලි විස යැයි ප්රසිද්ධ විය. භික්ෂූන් විසින් වීර්යය වැඩිය යුතු වුවද මුන්වහන්සේ වීර්යය අඩු කළ යුතු විය. ඒ නිසාම පරිප්පු පරිපූර්ණ වීර්ය ඇති භික්ෂුන් අතර එහි මුන්වහන්සේ අග්ර වූ සේක උන් වහන්සේගේ පූර්වාපර චරිත චරිතාපදානය පහත දැක්වේ.
මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහල වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මිනිසුන් සසරින් එතෙර කරනු පිණිස දහම් දෙසන සමයෙහි මෙම සෝණ තෙරුන් වහන්සේ එක්තරා සිටු කුලයක ඉපිද “සිරිවඩ්ඪ” කුමාර නමින් ප්රසිද්ධව වාසය කළහ. හෙතෙම දිනක් අනිකුත් පිරිස් සමග බණ අසනු පිණිස විහාරයට ගොස් පිරිස් කෙළවර සිට බණ අසමින් සිටි යේය. එම අවස්ථාවෙහි පියමතුරා නම් බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට පරිපූර්ණ වීර්යය ඇති භික්ෂූන් අතරින් අග්රස්ථානය තබනු දුටු සිරිවඩ්ඪ කුමාරයා ඒ ගැන බලවත් සේ සතුටු ව “තමන් ද අනාගත බුදු කෙනෙකුගෙන් එම පදවිය ලබන්නෙමි “ යි සනිටුහන් කර ගත්තේය.
බණ අසා කෙළවර වූ කල්හි හෙතෙම මහා සංඝයා වහන්සේට පසුදින දනට ආරාධනා කොට පසුදින පහන් වූ කල්හි උන්වහන්සේලාට මහදන් දී එතැන් පටන් සතියක් දන්වැට පවත්වා සත්වන දින සර්වඥයන් වහන්සේගේ පාමුල වැටී තමන්ව වහන්සේගේ ප්රාර්ථනාව දන්වාසිටියේය. බුදුරජාණන් වහන්සේ අනාගතය බලා එම ප්රාර්ථනාව මුදුන්පත් වනු දැක සිරිවඩ්ඩන කෙළඹියා මෙයින් කල්ප ලක්ෂයකටයක් ගියතැන ගෞතම නම් බුදු රජාණන් වහන්සේ ලොව පහළ වී උන් වහන්සේගේ ශාසනයෙහි තොප ආරද්ධ විරිය ඇති භික්ෂූන් අතරෙහි අග්රස්ථානය ලබන්නේ යැ යි විවරණ දුන් සේක
i want all pictures and Story of all Rahathan Wahansela