Skip to main content

ධ්‍යාන බලයෙන් අහසේ පාවෙන නේපාල භික්‍ෂුව …

ඉංග්‍රීසි භාෂාවෙහි Levitation (ලෙවිටේෂන්) නමැති වචනයක්‌ තිබේ. මෙයට දිය හැකි සරළම භෞතික තේරුම සිටින තැනින් ඉහළට නැඟ පා වීමය. ඒ අතර තවත් විඤ්ඤාණවාදී තේරුම් දෙකක්‌ ද මෙයට තිබේ. ඉන් පළමුවැන්න ධ්‍යාන බලයෙන් අහසේ පාවීමය. අනෙක “සෘද්ධිචාරය” ය. සෘද්ධිචාරය පිහිටන්නේ රහතන්වහන්සේලා ඇතුළු සෘද්ධි බලයෙන් අහසේ ගමන් කළ හැකි අයට ය. ගුප්ත විද්‍යාවට අයත් භූතාත්මවලට මෙන්ම දේව සංකල්පයේ පාර්ශ්වකරුවන් වන දෙවිවරුන්ටද අහසින් ගමන් කළ හැකි බව පිළිගැනේ. තම සිරුරට සවි කර ගත හැකි ජෙට්‌ එන්ජිමක ආධාරයෙන් අහසේ ගමන් කිරීමට භෞතික විද්‍යාඥයකුට හෝ ඔහු විසින් එම කාර්යය සඳහා යොදවන පුද්ගලයකුට පුළුවන. අප ගුවන් යානයක යන විට සිදු වන්නේද අහසේ පාවීමකි. පැරෂුටයක්‌ නැතිව තට්‌ටු තිහ හතළිහක්‌ උස අහසින් බිමට පනින කෙනකු ද ක්‍රමානුකූලව අහසේ සිට මහ පොළවට පාවී එයි. ඔහුගේ ගමන සිරස්‌ (Vertical) අතට සිදු වන්නක්‌ වන නිසා පෘථිවියට ආසන්න වන විට ගුරුත්වාකර්ෂණයේ බලපෑමට හසුවී ඉතාම වේගයෙන් පොළොව මතට වැටී ඔලුව පැලී කොන්ද කැඩී අතපය කුඩු වී විනාශයට පත් වෙයි.

දෙවි කෙනකුත් නොවන, අර්හත්ඵල සමාපත්තියට පැමිණි පුද්ගලයකුත් නොවන, භූතාත්මයකුත් නොවන ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නමැති පුද්ගලයා මෙයට මාස 02 කට පෙර ඇමරිකාවේදී අහසේ ඇවිද යමින් දහස්‌ ගණනක පිරිසක්‌ පුදුමයට පත් කළේය. ඇමරිකන් ජාතික ඉන්ද්‍රජාලිකයකු වන ඔහු සිය සිරුරට ජෙට්‌ එන්ජිමක්‌ හෝ පැරෂුටයක්‌ සවිකරගෙන සිටියේ නැත. එහෙත් ඉතා මෘදු ලෙස අහසට නඟිමින්ද ආපසු පොළොවට එමින්ද තම සංදර්ශනය බැලීමට පැමිණි තරුණියක්‌ දැතින් ඔසවාගෙන අහසට නැඟ පාවී ගොස්‌ ආපසු ක්‍රමයෙන් පහත් වී ඇය බිම තබා යළි අහසට නැඟීමෙන් ද ඔහු ජනයා තුළ ප්‍රීතියක්‌ මෙන්ම තැති ගැන්මක්‌ ද ඇති කළේය. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් අහසින් ගමන් කළ පළමුවැනි අවස්‌ථාව හෝ සියවැනි අවස්‌ථාව මෙය නොවේ. ඔහු 150 වරක්‌ පමණ සංදර්ශන පවත්වා අහසින් ගමන් කර ඇත. ගත වූ ශතවර්ෂයේ ඉපදී මේ ශතවර්ෂයට පැමිණි විශිෂ්ටතම මැජික්‌කාරයා හැටියට කොපර්ෆීල්ඩ් හඳුන්වනු ලැබේ. ඔහු ගැන ඉදිරි ලිපියකින් පාඨකයා දැනුවත් කරනු ලැබේ.

ckickමැජික්‌ නමැති දෘෂ්ටි මායාව ද නොවන ගුවන් යානයක්‌ හෝ ජෙට්‌ එන්ජිමක්‌ද නොවන සෘද්ධි බලයක්‌ ලොව තිබිය හැකිද? Paranomal හෙවත් “අතිඓන්ද්‍රීය ලෙස හැඳින්වෙන මේ බලය සාමාන්‍ය භෞතිකවාදයට හසුවන්නේ නැත. ලෝහමය හැඳි ගෑරුප්පු යනාදිය අතින් නොඅල්ලා චිත්ත බලය යොදා නැමීමට හැකි තරුණයෙක්‌ ඊශ්‍රායලයේ ජීවත් වෙයි. යුරි ගෙලර් නමැති එම තරුණයාගේ චිත්ත බලය නවීන විද්‍යාවට අල්ලාගත නොහැක. 19 වැනි ශතවර්ෂයේදී ලන්ඩනයේ ජීවත් වූ ඩැනියල් ඩංග්ලස්‌ හෝම් ඇතැම් විට සිය මිතුරන් ඉදිරියේදී ක්‍රමයෙන් පොළොවෙන් ඉහළට එසැවී වහළයේ සීලිම දක්‌වා ගමන් ගත්තේය. ඔහු කියුවේ භූතාත්ම කිහිපයක්‌ විසින් තමා ඔසවාගෙන යනු ලබන බවය.

සෘද්ධි බලය නමැති ක්‍රියාවලිය ඉතාම බහුල ලෙස ක්‍රියාත්මක වන්නේ ආසියාතික ආගමික සමාජය තුළය. තිබ්බතයේ ලාමාවරු සහ ඉන්දියාවේ යෝගිවරු භාවනානුයෝගීව සිටින අතර පොළොවෙන් ඉහළට එසැවී පාවීමට පටන් ගැනීම ඉතා සුලභය. සුප්‍රකට ඇමරිකන් මැජික්‌ ශිල්පියකු වූ Dan White වසර 2011 අගෝස්‌තු 13 වැනිදා නේපාලයේ කත්මණ්‌ඩු නගරයේදී පද්මාසන ඉරියව්වෙන් භාවනා කළ භික්‍ෂුවක්‌ දැසින් දුටු අතර ඩිස්‌කවරි රූපවාහිනිය වෙනුවෙන් එම දර්ශනය වීඩියෝගත කළේය. එය www.youtube.comlevitating monk යනුවෙන් ටයිප් කර නැරඹිය හැකිය.

2011 අගෝස්‌තු 13 වැනිදා කත්මණ්‌ඩු නුවරදී මහායාන බුදුදහමට අයත් එම ලාමාවරයා (භික්‍ෂුව) හමුවන ඩැන් වයිට්‌ තම මැජික්‌ බලය ඔහුට පෙන්වන්නේ අහසේ පායා ඇති සඳ අතුරුදන් කිරීමෙනි. ඇමරිකන් මැජික්‌ ශිල්පි ඩේවිඩ් කොපර්ල්ඩ් ද මේ ආකාරයෙන්ම ට- මහල් මන්දිරය සහ ඇමරිකන් ලිබර්ටි ප්‍රතිමාව ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ අතුරුදන් කර යළි මවා පෙන්වා ඇත. ඩැන් වයිට්‌ගේ දෙවැනි මැජික්‌ ක්‍රියාව වන්නේ ඔහුගේ ගෙලෙහි ඇති මාලය ගෙල කැපී වෙන්වී යන පරිදි පහළට ඇද ලාමාවරයාට ත්‍යාගයක්‌ වශයෙන් දීමෙනි. මාලය ගෙල කපාගෙන පහළට ඇදීමත් ඒ හාම වෙන්වුණු ගෙල ප්‍රදේශය හාවීමත් එකවර සිදු වෙයි. මෙය දකින ලාමාවරයා උපේක්‍ෂා සහගත සතුටකින් එම ක්‍රියාව පිළිගන්නා අතර එයට ප්‍රශංසා කරයි. ඉන්පසු පද්මාසන ඉදිරියව්වෙන් අහසේ පාවී පෙන්වන ලෙස ඔහු ලාමාවරයාගෙන් ඉල්ලයි. මැජික්‌ සහ ප්‍රාතිහාර්ය යනු දෙආකාරයක ක්‍රියාවන් දෙකක්‌ බව කියන ලාමාවරයා තමා ආසන්නයෙන් ඉවත්වන ලෙසත් එවිට තම බලය ක්‍රියාත්මක කර පෙන්වීමට උත්සාහයක්‌ ගත හැකි බවත් කියයි. මේ අනුව ඩැන් වයිට්‌ ලාමාවරයා වෙතින් ඉවත්වූ පසු පද්මාසනයෙන් හිඳ ගන්නා ලාමාවරයා ස්‌වල්ප වේලාවක්‌ භාවනාවෙහි නිමග්න වන අතර ක්‍රමයෙන් ඔහු මහපොළොවෙන් ඉහළට එසැවෙන්නට පටන් ගනී. විනාඩියක්‌ පමණ එම ඉරියව්වෙන් සිටින ලාමාවරයා නැවත කෙමෙන් පොළවට පහත් වී ප්‍රකෘති තත්ත්වයට පත්වෙයි.

මේ වීඩියෝ පටය ඉතා ජනප්‍රිය ය. එහෙත් එය වීඩියෝ පටයක්‌ නිසාම සමහරුන්ගේ සැකයට පාත්‍ර වී තිබේ. ඩිජිටල් තාක්‍ෂණය මගින් කළ හැකි බොහෝ දේ ඇති බව ප්‍රේක්‍ෂකයා දන්නේය. එහෙත් ලාමාවරයාගේ ක්‍රියාව ඉන්ද්‍රජාලයක්‌ නොව ප්‍රාතිහාර්යයක්‌ම බව ඩැන් වයිට්‌ගේ මතය ය.

තිබ්බතීය භික්‍ෂූන්වහන්සේලා ප්‍රාතිහාර්ය දක්‌වන්නේ කෙසේද? අන්තර්ජාලයේ ඇති aliensandangels.wordpress.com වෙබ් අඩවියේ එන පරිදි ලාමාවරුන් මේ ප්‍රාතිහාර්යය කරන්නේ තම චිත්ත ශක්‌තිය එක්‌ ලක්‍ෂ්‍යයකට සංකේන්ද්‍රනය කර සිරුරේ සෑම සෛලයක්‌ම තුළ ඇති ශක්‌තිය එම ලක්‍ෂ්‍යය වෙත ගෙන්වාගෙන ඉඉංග්‍රීසි භාෂාවෙහි Levitation (ලෙවිටේෂන්) නමැති වචනයක්‌ තිබේ. මෙයට දිය හැකි සරළම භෞතික තේරුම සිටින තැනින් ඉහළට නැඟ පා වීමය. ඒ අතර තවත් විඤ්ඤාණවාදී තේරුම් දෙකක්‌ ද මෙයට තිබේ. ඉන් පළමුවැන්න ධ්‍යාන බලයෙන් අහසේ පාවීමය. අනෙක “සෘද්ධිචාරය” ය. සෘද්ධිචාරය පිහිටන්නේ රහතන්වහන්සේලා ඇතුළු සෘද්ධි බලයෙන් අහසේ ගමන් කළ හැකි අයට ය. ගුප්ත විද්‍යාවට අයත් භූතාත්මවලට මෙන්ම දේව සංකල්පයේ පාර්ශ්වකරුවන් වන දෙවිවරුන්ටද අහසින් ගමන් කළ හැකි බව පිළිගැනේ. තම සිරුරට සවි කර ගත හැකි ජෙට්‌ එන්ජිමක ආධාරයෙන් අහසේ ගමන් කිරීමට භෞතික විද්‍යාඥයකුට හෝ ඔහු විසින් එම කාර්යය සඳහා යොදවන පුද්ගලයකුට පුළුවන. අප ගුවන් යානයක යන විට සිදු වන්නේද අහසේ පාවීමකි. පැරෂුටයක්‌ නැතිව තට්‌ටු තිහ හතළිහක්‌ උස අහසින් බිමට පනින කෙනකු ද ක්‍රමානුකූලව අහසේ සිට මහ පොළවට පාවී එයි. ඔහුගේ ගමන සිරස්‌ (Vertical) අතට සිදු වන්නක්‌ වන නිසා පෘථිවියට ආසන්න වන විට ගුරුත්වාකර්ෂණයේ බලපෑමට හසුවී ඉතාම වේගයෙන් පොළොව මතට වැටී ඔලුව පැලී කොන්ද කැඩී අතපය කුඩු වී විනාශයට පත් වෙයි.

දෙවි කෙනකුත් නොවන, අර්හත්ඵල සමාපත්තියට පැමිණි පුද්ගලයකුත් නොවන, භූතාත්මයකුත් නොවන ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නමැති පුද්ගලයා මෙයට මාස 02 කට පෙර ඇමරිකාවේදී අහසේ ඇවිද යමින් දහස්‌ ගණනක පිරිසක්‌ පුදුමයට පත් කළේය. ඇමරිකන් ජාතික ඉන්ද්‍රජාලිකයකු වන ඔහු සිය සිරුරට ජෙට්‌ එන්ජිමක්‌ හෝ පැරෂුටයක්‌ සවිකරගෙන සිටියේ නැත. එහෙත් ඉතා මෘදු ලෙස අහසට නඟිමින්ද ආපසු පොළොවට එමින්ද තම සංදර්ශනය බැලීමට පැමිණි තරුණියක්‌ දැතින් ඔසවාගෙන අහසට නැඟ පාවී ගොස්‌ ආපසු ක්‍රමයෙන් පහත් වී ඇය බිම තබා යළි අහසට නැඟීමෙන් ද ඔහු ජනයා තුළ ප්‍රීතියක්‌ මෙන්ම තැති ගැන්මක්‌ ද ඇති කළේය. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් අහසින් ගමන් කළ පළමුවැනි අවස්‌ථාව හෝ සියවැනි අවස්‌ථාව මෙය නොවේ. ඔහු 150 වරක්‌ පමණ සංදර්ශන පවත්වා අහසින් ගමන් කර ඇත. ගත වූ ශතවර්ෂයේ ඉපදී මේ ශතවර්ෂයට පැමිණි විශිෂ්ටතම මැජික්‌කාරයා හැටියට කොපර්ෆීල්ඩ් හඳුන්වනු ලැබේ. ඔහු ගැන ඉදිරි ලිපියකින් පාඨකයා දැනුවත් කරනු ලැබේ.

මැජික්‌ නමැති දෘෂ්ටි මායාව ද නොවන ගුවන් යානයක්‌ හෝ ජෙට්‌ එන්ජිමක්‌ද නොවන සෘද්ධි බලයක්‌ ලොව තිබිය හැකිද? Paranomal හෙවත් “අතිඓන්ද්‍රීය ලෙස හැඳින්වෙන මේ බලය සාමාන්‍ය භෞතිකවාදයට හසුවන්නේ නැත. ලෝහමය හැඳි ගෑරුප්පු යනාදිය අතින් නොඅල්ලා චිත්ත බලය යොදා නැමීමට හැකි තරුණයෙක්‌ ඊශ්‍රායලයේ ජීවත් වෙයි. යුරි ගෙලර් නමැති එම තරුණයාගේ චිත්ත බලය නවීන විද්‍යාවට අල්ලාගත නොහැක. 19 වැනි ශතවර්ෂයේදී ලන්ඩනයේ ජීවත් වූ ඩැනියල් ඩංග්ලස්‌ හෝම් ඇතැම් විට සිය මිතුරන් ඉදිරියේදී ක්‍රමයෙන් පොළොවෙන් ඉහළට එසැවී වහළයේ සීලිම දක්‌වා ගමන් ගත්තේය. ඔහු කියුවේ භූතාත්ම කිහිපයක්‌ විසින් තමා ඔසවාගෙන යනු ලබන බවය.

සෘද්ධි බලය නමැති ක්‍රියාවලිය ඉතාම බහුල ලෙස ක්‍රියාත්මක වන්නේ ආසියාතික ආගමික සමාජය තුළය. තිබ්බතයේ ලාමාවරු සහ ඉන්දියාවේ යෝගිවරු භාවනානුයෝගීව සිටින අතර පොළොවෙන් ඉහළට එසැවී පාවීමට පටන් ගැනීම ඉතා සුලභය. සුප්‍රකට ඇමරිකන් මැජික්‌ ශිල්පියකු වූ Dan White වසර 2011 අගෝස්‌තු 13 වැනිදා නේපාලයේ කත්මණ්‌ඩු නගරයේදී පද්මාසන ඉරියව්වෙන් භාවනා කළ භික්‍ෂුවක්‌ දැසින් දුටු අතර ඩිස්‌කවරි රූපවාහිනිය වෙනුවෙන් එම දර්ශනය වීඩියෝගත කළේය. එය www.youtube.comlevitating monk යනුවෙන් ටයිප් කර නැරඹිය හැකිය.

2011 අගෝස්‌තු 13 වැනිදා කත්මණ්‌ඩු නුවරදී මහායාන බුදුදහමට අයත් එම ලාමාවරයා (භික්‍ෂුව) හමුවන ඩැන් වයිට්‌ තම මැජික්‌ බලය ඔහුට පෙන්වන්නේ අහසේ පායා ඇති සඳ අතුරුදන් කිරීමෙනි. ඇමරිකන් මැජික්‌ ශිල්පි ඩේවිඩ් කොපර්ල්ඩ් ද මේ ආකාරයෙන්ම ට- මහල් මන්දිරය සහ ඇමරිකන් ලිබර්ටි ප්‍රතිමාව ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ අතුරුදන් කර යළි මවා පෙන්වා ඇත. ඩැන් වයිට්‌ගේ දෙවැනි මැජික්‌ ක්‍රියාව වන්නේ ඔහුගේ ගෙලෙහි ඇති මාලය ගෙල කැපී වෙන්වී යන පරිදි පහළට ඇද ලාමාවරයාට ත්‍යාගයක්‌ වශයෙන් දීමෙනි. මාලය ගෙල කපාගෙන පහළට ඇදීමත් ඒ හාම වෙන්වුණු ගෙල ප්‍රදේශය හාවීමත් එකවර සිදු වෙයි. මෙය දකින ලාමාවරයා උපේක්‍ෂා සහගත සතුටකින් එම ක්‍රියාව පිළිගන්නා අතර එයට ප්‍රශංසා කරයි. ඉන්පසු පද්මාසන ඉදිරියව්වෙන් අහසේ පාවී පෙන්වන ලෙස ඔහු ලාමාවරයාගෙන් ඉල්ලයි. මැජික්‌ සහ ප්‍රාතිහාර්ය යනු දෙආකාරයක ක්‍රියාවන් දෙකක්‌ බව කියන ලාමාවරයා තමා ආසන්නයෙන් ඉවත්වන ලෙසත් එවිට තම බලය ක්‍රියාත්මක කර පෙන්වීමට උත්සාහයක්‌ ගත හැකි බවත් කියයි. මේ අනුව ඩැන් වයිට්‌ ලාමාවරයා වෙතින් ඉවත්වූ පසු පද්මාසනයෙන් හිඳ ගන්නා ලාමාවරයා ස්‌වල්ප වේලාවක්‌ භාවනාවෙහි නිමග්න වන අතර ක්‍රමයෙන් ඔහු මහපොළොවෙන් ඉහළට එසැවෙන්නට පටන් ගනී. විනාඩියක්‌ පමණ එම ඉරියව්වෙන් සිටින ලාමාවරයා නැවත කෙමෙන් පොළවට පහත් වී ප්‍රකෘති තත්ත්වයට පත්වෙයි.

මේ වීඩියෝ පටය ඉතා ජනප්‍රිය ය. එහෙත් එය වීඩියෝ පටයක්‌ නිසාම සමහරුන්ගේ සැකයට පාත්‍ර වී තිබේ. ඩිජිටල් තාක්‍ෂණය මගින් කළ හැකි බොහෝ දේ ඇති බව ප්‍රේක්‍ෂකයා දන්නේය. එහෙත් ලාමාවරයාගේ ක්‍රියාව ඉන්ද්‍රජාලයක්‌ නොව ප්‍රාතිහාර්යයක්‌ම බව ඩැන් වයිට්‌ගේ මතය ය.

තිබ්බතීය භික්‍ෂූන්වහන්සේලා ප්‍රාතිහාර්ය දක්‌වන්නේ කෙසේද? අන්තර්ජාලයේ ඇති aliensandangels.wordpress.com වෙබ් අඩවියේ එන පරිදි ලාමාවරුන් මේ ප්‍රාතිහාර්යය කරන්නේ තම චිත්ත ශක්‌තිය එක්‌ ලක්‍ෂ්‍යයකට සංකේන්ද්‍රනය කර සිරුරේ සෑම සෛලයක්‌ම තුළ ඇති ශක්‌තිය එම ලක්‍ෂ්‍යය වෙත ගෙන්වාගෙන ඉවතට මුදාහැර සිරුරෙහි බර සැහැල්ලු කර ගැනීමෙනි. චිත්ත ඒකාග්‍රතාව ආධ්‍යාත්මික ක්‍රියාවලියක්‌ වුවද එමගින් ශරීරයෙහි බර සැහැල්ලු කරගත හැකි නම් එහි අර්ථය වන්නේ කුමක්‌ද? චිත්ත ශක්‌තියට ශරීරය කෙරෙහි භෞතික බලපෑමක්‌ කළ හැකි බවය.

නේපාලයේ කත්මණ්‌ඩු නගරයේ ලාමාවරයා පොළොවෙන් ඉහළට එසැවෙන්නේ ඉතා සෙමිනි. උන්වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාව වර්ධනය වීමේ වේගයත්, උන්වහන්සේ මහ පොළොවෙන් ඉලිප්පීමේ වේගයත් සමානය. ලාමාවරයා අහසේ පලක්‌ බැඳ සිටින මොහොතේදී කිසිවකු ඔහුට පිටුපසින් ගොස්‌ විශාල හඬක්‌ නැඟුවහොත් එම ඒකාග්‍රතාව බිඳී ලාමාවරයා ගලක්‌ අතහැරියාක්‌a මෙන් බිමට පතික වනු ඇති බවද පෙර සඳහන් වෙබ් අඩවියේ සඳහන් වේ.

– අනුර සොලමන්ස්‌ / Divainaවතට මුදාහැර සිරුරෙහි බර සැහැල්ලු කර ගැනීමෙනි. චිත්ත ඒකාග්‍රතාව ආධ්‍යාත්මික ක්‍රියාවලියක්‌ වුවද එමගින් ශරීරයෙහි බර සැහැල්ලු කරගත හැකි නම් එහි අර්ථය වන්නේ කුමක්‌ද? චිත්ත ශක්‌තියට ශරීරය කෙරෙහි භෞතික බලපෑමක්‌ කළ හැකි බවය.

නේපාලයේ කත්මණ්‌ඩු නගරයේ ලාමාවරයා පොළොවෙන් ඉහළට එසැවෙන්නේ ඉතා සෙමිනි. උන්වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාව වර්ධනය වීමේ වේගයත්, උන්වහන්සේ මහ පොළොවෙන් ඉලිප්පීමේ වේගයත් සමානය. ලාමාවරයා අහසේ පලක්‌ බැඳ සිටින මොහොතේදී කිසිවකු ඔහුට පිටුපසින් ගොස්‌ විශාල හඬක්‌ නැඟුවහොත් එම ඒකාග්‍රතාව බිඳී ලාමාවරයා ගලක්‌ අතහැරියාක්‌a මෙන් බිමට පතික වනු ඇති බවද පෙර සඳහන් වෙබ් අඩවියේ සඳහන් වේ.

– අනුර සොලමන්ස්‌ / Divaina

අපේ ශාසනික ව්‍යාපෘකි වලට ඔබත් සම්බන්ධ වන්න. click කරන්න
සිදුකල ව්‍යාපෘති | සිදු කරන ව්‍යාපෘති | අපේක්ෂිත ව්‍යාපෘති 

https://youtu.be/BwjBAZ3a9tg

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.