Skip to main content

දෙවියන්ට වඩාත් ප්‍රිය වූ භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය – පිලින්දවච්ච මහ රහතන් වහන්සේ …

දෙවියන්ට ප්‍රියමනාප වූ භික්ෂුන් අතුරෙහි පිළිදවච්ච නම් මහරහතන් වහන්සේ අග්‍රස්ථානය ලැබු ස්ක. මුන්වහන්සේ ගේ පුර්වාපර චරිතාපදානය මෙසේ දැක් වේ.

මෙයින් කල්ප ලක්ෂයකට පුර්යෙහි බුදු වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර මහා භෝග ඇති කුලයක උපන් මේ පිළින්දවච්ඡා තෙරුන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදී හුන් කල්හි දිනක් බුදුරජාණන් වහසේ එක් භික්ෂුවක දෙවියන්ට ප්‍රියමනාප වු භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානයෙහි පිහිටුවන සැටි දුටහ. මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නෙමි යි අධිෂ්ඨාන කළ ඒ කුල පුත්‍ර තෙම සන්දිනක් මහ දන් දී අවසානයේ දී සර්වඥයන් වහන්සේට තමාගේ අභිප්‍රාය දැන්වීය. බුරජාණන් වහන්සේ අනාගතය බලා එකී ප්‍රර්ථනාව සඵලවන බව දැන කුල පුත්‍රය, මෙයින් අවුරුදු කල්ප ලක්‍ෂයක් ගිය තැන ලොව බුදුවන ගෞතම නම් බුදුන්ගේ ශාසනයෙහි දෙවියන් ට ප්‍රිය මනාපවු භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය තොපට ලැබෙනු ඇතැ යි විවරණ දුන් ස්ක.

හෙතෙම බොහෝ කුසල් කොට එයින් චුතව අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වු කල්හි දඹදිව සැවැත් නුවර බමුණු කුල ගෙයක ඉපිද පිළින්දවච්ඡා නමින් ප්‍රසිද්ධව විසීය. පසු කාලයක දී බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පැහැදී ලබන ලද ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව උපසම්පදාව ලැබ නොබෝ කලකින් විදසුන් වඩා රහත් වුහ. උන්වහන්සේ ජාති පන්සියයක් පිළිවෙළින් බ්‍රාහ්මණවංසිකව උපන් හෙයින් සසර පුරුද්දට අනුව දුටු දුටු අයට කෙසේද වසලය , කුමක්ද වසලය’ යනුවෙන් සැඩොල් ව්‍යවහාරයෙන් ම කථා කරන සේක. බොහෝ භික්ෂූහු ඔහුගේ මෙම වසලවාදය ගැන කලකිරී ඒ බව සර්වඥයන් වහන්සේට දැන් වූහ. බුදුරජාණන් වහන්සේද උන්වහන්සේ ගෙන්වා සැබැදැ යි අසා සැබවා යි කී කල්හි අනිත් භික්ෂුන් අමතා

” මහණෙනි, පිළිදිව තෙරණුවෝ ජාති පන්සියයක් බ්‍රහ්මණ වංශයෙහි උපන් හෙයින් සසර පුරුද්දට එසේ කියන නමුත් ඔහු කිසිවකු සමග දේවෂයෙන් එසේ කථා නො කරයි. ඒ ගැන වරදවා නො සිත”  යයි වදාළ සේක.

 එක් දිනක් තෙරුන් වහන්සේ රජගහ නුවර පිඬු සිඟා වඩනා වේලෙහි එක්තරා පුරුෂ යෙක් තිප්පිලි පුරවා ගත් භාජනයක් රැගෙන යමින් සිටියේ ය. පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ එකී පුරුෂයා අමතා වසලය, බඳුනෙහි ගෙන යන්නේ කුමක්දැ යි විචාළහ. වසල කථාවෙන් කෝපවු පුරුෂයා වහන්ස, මගේ භාජනයෙහි ඇත්තේ මී බෙටිය. ඒ කීය “සැඩොල එසේම වේවා ” යි උන්වහන්සේ වදාරා වැඩි ස්ක. මදක් තැන් ගිය පුරුෂයා තමාගේ භාජනය හැර බැලු විට ඒ තිප්පිලි සියල්ල දේවතානුභාවයෙන් මී බෙටි වී තිබිණ. අතිශය ශෝකයට පත් පුරුසයා වහ වහා තෙරුන් ගිය මග විචාරමින් ඉදිරියට ගියේ ය. ඒ දුටු වෙනත් පුරුෂයකුගේ උපායෙන් නැවත වරක් තිප්පිලි ගෙන ගිය පුරුෂයා තෙරුන් ඉදිරියට ගියේ ය. එකල්හිද තෙරුන් වහන්සේ එම පුරුෂයා අමතා ”  වසලය, තොප බඳුනෙහි ගෙනයන්නේ මොනවාද?” යි ඇසු සේක. එවිට එම පුරුෂයා සවාමීනි, තිප්පිලිය” යි පිළිතුරු දුන්නේය, වසලය, එසේම වේවා යි තෙරුන් වහන්සේ පවසා වැඩිස්ක. එකල්හි ඒ මී බෙටි සියල්ල තිප්පිලි බවට හැරිණ.

මේ පිලින්දිවච්ඡ තෙරුන් වහන්සේ එක්තරා යුගයක චක්‍රවර්ති රජව බොහෝ දෙනා පංචසීලයෙහි පිහිටුවා ඔවුන් සුගතිගාමී කළහ. දෙලොව උපත ලැබූ ඔවුන් තමන්ට මේ සැපත් ලැබුණේ ආනිසාද යි විමසන කල්හි පිළින්දවච්ඡා තෙරුන් නිසා ලැබුණේ යයි සතුටුව උන්වහන්සේ කෙරෙහි ප්‍රිය මනාප ඇති කර ගනිති. දෙවියෝ උන්වහන්සේ ට සැලකිලි සම්මාන දක්වති. මේ නිසාම පසු භාගයෙහි බුදුරජාණන් වහන්සේ පිළින්දිවච්ඡ තෙරුන් අමතා ” එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං දේවතානං පියමනාපානං යදිදං පිළින්දවච්චෝ ” යනුවෙන් වදාරා දෙවියන්ට ප්‍රියමනාප භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය දුන් සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.