
බුද්ධෝ තිලෝක සරණෝ තේරුම
බුදුසමිදුන්මය තිලොවට සරණේ
ඝනදුර දුරලන දින රද ලෙසිනේ
බුද්ධ රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා සමිදුන් වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …
ධර්මයමයි මේ තිලොවට සරණේ
ඝනදුර දුරලන දින රද ලෙසිනේ
ධම්ම රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා සදහම් වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …
සංඝරත්නයයි තිලොවට සරණේ
ඝනදුර දුරලන දින රද ලෙසිනේ
සංඝ රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා මහසග වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …