
සරණංකර බුදුරදුන් ට පසු කාලයෙ හි කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ කළ නො හැකි ගුණ ඇති, ළංවිය නො හැකි නම් වූ ලෝකනායක බුදුවරයෙක් විය. තථාගතයන් වහන්සේ කිසිවකු සරණාගමණයෙ හි ද, කිසිවකු පන්සිල් හි ද, අනිකකු දස සිල් හි ද, යෙද වී ය. ඒ දිවකුරු මුනික්ෂ තෙම කිසිවකුහට ශ්‍රාමණ්‍යය යි කියන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙසයි. කිසිවෙකුහට අසම දහම් වූ සිවු පිළිසිඹියාවන් දෙසයි. නරදෙටුතෙම කිසිවකුහට උතුම් අට සමවත් දෙයි. කිසිවකුහට ත්‍රි විද්‍යාවන් ද, ෂඩ් අභිඥාවන් ද දෙයි. මහමුනිඳු තෙම ඒ ක්‍රමයෙන් ජන සමූහයා ට අවවාද කරයි. එහෙයින් ලෝක නායක දිවකුරු මුනිඳුන් ගේ සස්න පැතිර වීය.
පිරුණු කොපුල් ඇති ගව රජෙකු ගේ කඳ ට බඳු කඳක් ඇති දීපංකර නම් බුදුරජහු බොහෝ දෙනා සසරින් එතෙර කරයි. දුගතියෙන් මුදවයි. මහමුනික්ෂප සිව්සස් අවබෝධ කළ හැකි ජනයා දැක සිය දහස් ගණන් ද, යොදුන් ඇසිල්ලකින් ගොස් ඔහු ට සිව්සස් අවබෝධ කරවයි. ලෝනාහිමි වූ බුදුරජතෙම පළමුවර ධර්මවබොධයේ දී කෝටි සීයක් මහජනයා ට සිව්සස් අවබෝධ කළ සේක. දෙවන වර ධරමාවබෝධයේ දී අනූකෝටියක් දෙනා ට සිවුසස් අවබෝධ කළ සේක. යම් කලෙක් හි බුදුරජතෙම දෙව් විමනෙ හි දී දහම් දෙසූ සේක් ද, එ කල කෝටි අනූ දහසක් දෙනා ට තුන්වන වර ධර්මාවබෝධය විය.
දීපංකර ශාස්තෘන් වහන්සේ ට භිකෂූන් පිළිබඳ රැස්වීම් තුනක් වූ හ. කොටි ලකෂයක් දෙනෙකුගෙන් පළමුවන රැස්වීම විය. නැවත නාරද පරවතය ට ජිනෙන්ද්රයන් වහන්සේ විවේකය පිණිස වැඩිය කල් හි රාගාදී කෙළෙස් කිලිටු නැති කළ රහතන් වහන්සේලා සියක් කෝටියක් පමණ රැස්වූ හ. මහා වීර්යය ඇති දීපංකර මහා මුනිතෙම යම් කලෙක සුදර්ෂන නම් පර්වතයෙ හි දී භිකෂූන් අනූ කෙළ දහසකින් පිරිවරා ද, මම ඒ කාලයෙ හි කෙලෙස් තවන, අහසෙ හි හැසිරෙන සුළු පංඤ්චාභිඤ්ඤාවන් හි පරතෙර ට පැමිණි සුමෙධ නම් ජටාධරයෙක් වීමි. එ කල දස දහසක්, විසි දහසක් පමණ දෙනා ට සිව් සස් අවබෝධය විය. එක් එක් කෙනා ට වූ සිව්සස් අවබෝධය ගණන් වශයෙන් ගිනීම කළ නො හැක. ඒ කාලයෙහි දිවකුරු බුදුන් ගේ ඉතා පිරිසිදි කළ සස්න පැතිරුණේ විය. බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ, දියුණු වූයේ, පිරුණේ ද, විය.
ෂඩ් අභිඥා ලාභීවූල මහත් ඍධි ඇති, සාර ලකෂයක් පමණ භිකෂූහු හැම කළ දිවකුරු බුදුරදුන් පිරිවරකොට හැසිරෙත්.
ඒ කාලයෙහි “සෙඛ” නම් වූ රහත්බව ට නො පැමිණි යම්කිසි කෙනෙක් මිනිස් බව හරිත් ද, ඔවුහු නින්දා කරන ලද්දේ වෙත්.
අභිඤ්ඤා කුසුමයෙන් මනා ව පිපුණු බුද්ධ ශාසනය තාදී ගුණ ඇති ආසවයන් නැති කළල රාගාදී කිලුටු නැති. රහතුන් වහන්සේලා කරණකොටගෙන සියලු කල් හි බබලයි.
දීපංකර ශාස්තෘන් ගේ නුවර රම්මවතී නම් වී. පියතෙම “සුදෙව” නම් රජ ය. වැදූ මව “සුමෙධා” නම් බිසව වී. ඒ දිවකකුරු මුනික්ෂන අවුරුදු දසදාහක් ගිහිගෙයි විසී ය. හංස, කොඤ්ච, මයුර යන උතුම් ප්‍රාසාද තුනක් වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ තුන් ලකෂයක් වූ හ. ප්‍රසිද්ධ දෙටු බිරිඳ “පදිමා” නම් වූවා ය. පුත් තෙම “උස්හක්ඛඣ” නම් වී.
දිවකුරු ජිනරාජ තෙම සතර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කළේ නො අඩු දස මසක් මුළුල්ලේ ප්‍රධාන වීර්යය කළ සේක.
මුනිඳු තෙම ප්‍රධාන වීර්යය කොට රහත් ඵලය අවබෝධ කළ සේක. මහාවීර වූ ඒ දිවකුරු මහ මුනික්ෂක තෙම මහබඹහු විසින් අයදනා ලද්දේ ය. උතුම් ශෝභාවක් දරන්නාවූ නනදාරාමයෙ හි දී දම්සක් පැවැත් වු සේක. මහරි රුක් මුලෙ හි වැඩහුන් සේක. තීර්ථකයන් මැඩීම කළ සේක.
දීපංකර ශාස්තෘන් වහන්සේ ට “සුමංගල” ද, “තිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවක දෙනමක් වූ හ. “සාගත” නම් උපස්ථායකයෙක් විය. “නනදා” ද, “සුනනදා” ද, යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය පළොල් ගස යි. කියනු ලැබේ. ඒ දීපංකර ශාස්තෘන් වහන්සේ ට “තපස්සු” ද, “භල්ලික” ද, යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූ හ. “සිරිමා” ද, “සොනා” ද, යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූ හ.
දීපංකර මහමුනිඳු අසූ රියනක් උස ඇත්තේ පහන් රුකක් මෙන් ද, පිපී ගිය සල් රුකක් මෙන් ද, විය. ඒ මහාඍෂි වූ දිවකුරු බුදුරදුන් සියක් දහසක් අවුරුදු ආයු ඇත්තේ වීය. ඒතාක් කල් වැඩ වසමින් උන් වහන්සේ බොහෝ ජන සමූහයා සසරින් එතර කළ සේක.
සදහම බබුළුවා මහජනයා සසරින් එතර කරවාල ගිනි කන්දක් මෙන් දිලිහී, සව්වන් සහිත වූ ඒ දිවකුරු මුනිසක්ෂ පිරිනිවි සේක. ඒ ඍද්ධිය ඒ පිරිවරද, පා යුගයෙ හි ඒ සක් ලකුණු ද, යන සියල්ල අතුරුදන් විය. සියලු සකර දහම් හිස් වූවාහු නො වේ ද?
අනුශාසක වූ දීපංකර ජිනරාජයන් වහන්සේ නනන්දාරාමයෙ හි දී පිරිනිවී ය. එ හි ම උන්වහන්සේ ගේ ධාතු පිහිටුවා කළ ජිනථූපය තිස්හය යොදුනක් උස්වී ය.
[ඛුද්දක නිකාය , බුද්ධවංශ පාළි, දීපංකර බුද්ධවංශය]
උපුටාගැනීම – www.thiryak.org