Skip to main content

දිරාපත් වූ සිවුරු පිලිබද පිලිපැදිය යුතු ආකාරය …

පිනවත් යාලුවනේ බුදු හිමියන් නිරන්තර අල්පේචඡ ජීවිතය අගය කලා. මේ දැක්වෙන්නේ දිරාපත්වන සිව්රු පවා උපරිම ප්‍රයෝජන ලබාගෙන පරිභොජනය කරන ආකාරයයි. බලන්න බුදු දහම මොනතරම් ආශ්චර්යමත්ද කියල.
මේ සදහා චුල්ලවග්ගපාලියේ උදේනි රජතුමා හා ආනන්ද හිමියන් අතර ඇතිවූ සංවාදයක් මේ විදිහට දක්වන්නම්.
උ‍ෙද්නි රජුගේ බිසෝවරු පන්සියයක් ආනන්ද හිමියන්ගෙන් බණ අසා පැහැදී ඔවුන්ගේ උතුරු සලු ආනන්ද හිමියන්ට පූජා කර තිබේ. ආනන්ද හිමියෝද ඒවා බාරගත්හ. මේ පිලිබද නොසතුටට පත් උදේනි රජු ආනන්ද හිමියන්ට එරෙහිව අවලාද නගන්නට උනා. ආනන්ද හිමියන් රෙදි රෙදි වෙලෙන්දෙක්ද? රෙදි වෙළදසැල් අරඹා ඇතිද? ආදී වශයෙන් දොස් පැවරුව. ඉක්බිති උදේන රජු ආනන්ද හිමියන් හමුවෙන්නට පැමිණියා. අනද හිමියන් සමග තොරතුරු කථා කලා. එකත්පසෙක සිටිමින් උදේන රජු ආනන්ද හිමියන් බිසෝවරු මෙහි පැමිණියාදැයි විචාලා. බිසවුන් පැමිණි බවත් බණ අසා තමන්ට උතුරුසලු පන්සියයක් පිදූබවත් උන්වහන්සේ දක්වා සිටියා.
එක් අයෙකුට සිවුරු පන්සියයක් කුමටදැයි රජු අසා සිටිය. මේ සිවුරු දුබල සිවුරු ඇති භික්ෂූන්ට බෙදා දෙනබව උන්වහන්සේ දක්වා සිටිය. පැරණි දුබල සිවුරුවලට කුමක් කරයිදැයි රජු ඇසුව. ඒවා ඇතිරිලි කරන බව අනද හිමියන් පැවසුවා. පැරණි ඇතිරිලිවලට කුමක් කරාන්නේදැයි නැවත රජු ඇසුව. එම ඇතිරිලි ගෙන කො‍ට්ටඋර හා බිසි උර මසන බවත්, ඒවා ප්‍රයෝජනයට ගත ‍ෙනාහැකි විට බුමුතුරුණු සකසන බවත්, ඒවා දිරාපත් වූ විට පාපිසි සකසන බවත්, පාපිසි දිරාපත් වූ විට ඒවා කුඩුවශයෙන් ගෙන මැටි සමග අනා බිත්තිය ගසන බවත් අනද හිමියන් පැවසීය. මේ අසා සතුටු වූ රජු කවත් සිවුරු පන්සියයක් පූජා කලසේක.
බලන්න බුදු දහම තුල ඇතිවී ඇති ශික්ෂණය ‍ෙකතරම්ද කියා. පින්වත් යාලුවනේ ලෝබකම කියන්නෙ එක්දෙයක්, අරපිරිමැස්ම කියන්නෙ තව එකක්. ඒ නිසා අරපිරිමැස්ම කියන කාරනය ඔබත් සිතට ගන්න.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.