
ධෝතක මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර එක්තරා කුල ගෙයක උපන්නාහු එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ද ” අනාගතයෙහි රහත් භාවයට පැමිණෙන්නෙමි” යි ප්‍රාර්ථනා කොට බොහෝ කුසල් කළහ. නැවත එම කුලපුත්‍රය එයින් චුතව බොහෝ කාලයක් සසර සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර බ්‍රහ්මණ මහා සාර කුලයක ඉපිද ධෝතක නමින් ප්‍රසිද්ධ ව වාසය කෙළේය, පසු කාලයකදී බාවාරී නම් තාපසතුමාගේ ශිෂ්‍යයෙක් ව තවුස් දම් පිරීය, බාවාරි තවුසාගේ අනුදැනුම මත ධෝතක තාපසතුමා බුදුරජාණන් වහන්සේ කරා පැමිණ උන්වහන්සේන්ගෙන් පහත දැක්වෙන ප්‍රශ්නය විචාළේය,
“ශ්‍රේෂ්ඨ උත්තමයාණෙනි, මම කවර නම් ධර්මයක් අනුව යමින් මේ තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත ආශ්‍රව ධර්මයන්ගෙන් මිදෙන්නෙම්”
ඊට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
” ධෝතකය, තොපට ශාන්තිය කියමි. මෙලොව රාගාදි උපද්‍රව රහිතව යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ ලෝකයෙහි තෘෂ්ණාව.දුරු කරව. ධෝතකය, උඩ ද යට ද සරසද මැද ද යමක් මනා කොට දන්නෙහි ද ලෝකයෙහි මෙය කරදරයක් යයි දැන භවයෙන් භවයෙහි තෘෂ්ණාව දුරු කරව “
මෙම ධර්ම දේශනාව ඇසූ ධෝතක තාපස තුමා ඇතුළු දහසක් තවුසෝ රහත් ඵලයට පත්වූහ. බුදුරජාණන් වහන්සේ එහී භික්ෂුභාවයෙන් ඔවුන් සියලූ දෙනම පැවිදි කළ සේක. ධෝතක තෙරුන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එක්තරා රහත් නමක් වූස්ක.