Skip to main content

පොළොන්නරුවේ තිවංක පිළිමගෙට වැටෙන අද්භූත එළි මොනවාද ?

හෙල ඉතිහාසය පුදුම සහගතය. විශ්වාස කිරීම පවා අපහසුය. අනුරාධපුරය පොලොන්නරුව තවමත් විශ්වාස කල නොහැකි අද්භූත සිද්ධීන් වලින් පිරී පවතී. මේ කියවෙන්නේ එවන් අද්භූත කථාන්දරයකි. මේ ලිපිය උපුටාගන්නා ලද්දේ මවුබිම පුවත්පතිනි.

ඔහු පිරිත් අසන්නේය. පන්සිල් නොව අටසිල්ද රකින්නේය. ඒ සියල්ල අභිභවමින් තම පණටත් වඩා තිවංක පිළිමගෙය රකින්නේය. ඕන ලොක්කෙකුට වැරදි තැන් පෙන්වාදීමට ඔහු පසු බට නොවේ. තම රාජකාරිය දේවකාරියක් ලෙස ඇදහූ මේ මිනිසා පුරාවිද්‍යා ඉතිහාසයේ තැබූ රන් සළකුණක් බඳු විය. තම නිළ ඇඳුම ඇඳ රාජකාරිය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එකම රැකවලා වූවේ මොහුය.

රටට දැයට බරක් නැති ඔහු සොයා ගිය අපි ධර්මරත්න මහතාගේ නිවසට ගියෙමු. තිවංක පිළිමගෙය සමඟ බැඳි මතකයක් දැන ගන්නට අවැසි වග පැවසූ විට ඔහු ඊට බොහෝ සතුටු විය. ධර්මරත්න මෙම පිළිමගෙයෙහි අප නොදොටු සිතුවම් දැක ඇත්තා සේ එහි විනාශයද ඇස් පනාපිටම දැක ගත්තේය. ඔහු කියන පරිදි ඔහු රැකියාවට පැමිණි මුල් යුගය වන විට තිවංක පිළිමගෙයි සිතුවම් කතා කරන්නා තරමට අලංකාරව තිබිණි.


වරෙක පොලොන්නරුවේ මැදිරිගිරියෙන් අතුරුදන් වූ පුරාවස්තු ප්‍රමාණයක් රේගුවෙන් ගත්තේය. එහි තිබූ බඩු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හරි හැටි හඳුනා ගන්නට නොහැකි විය. එහෙත් එහිදී ධර්මරත්න පවසා ඇත්තේ එම පුරා වස්තු ආකෘති පමණක් බවත් ඒවා කඩා බලන්නේ නම් තමන් එහි වගකීම ගන්නා බවත්ය. මේ වන විට ඒවා ජර්මනියේ තබා ඇති අතර කඩා බැලීමෙන් තහවුරු වූයේ මැටි වලින් සාදාතිබූ අනුරූ බවත්ය.

Thiwanka- Alien Gossip9
වෘත්තියෙන් මුරකරුවකු වුවද දැනුමෙන් සහ අත්දැකීම් වලින් මහාචාර්යවරයකු වැනි ධර්මරත්න පවසන්නේ තිවංක පිළිම ගෙයෙහි විවිධ හාස්කම් ඇති බවයි. එලෙස ඔහු තමන් අත්විදි හාස්කම් පිළිබඳව හෙලි කළේය.

තිවංක පිළිමයට ඉදිරියෙන් වූ වම් පස බිත්තියෙහි අඳින ලද දේව රූප ගණනාවකි. එහි සතරවරම් දෙවි වරුන්ට අමතරව තවත් අඳුනා ගත නොහැකි වෙනස් වර්ගයේ රුවක් ද වේ. එම සිතුවමේ මුහුණ ආවරණයක් ඇඳ ඇති අතර එය වර්තමානයේ ගගණගාමීන් භාවිතා කරන හිස් වැසුමකට සමාන වේ.

ධර්මරත්න මහතා පවසන්නේ ඇතැම් දිනෙක තිවංක පිළිම ගෙයට ඉහලින් අහසේ දිලිසෙන අමුතු වස්තු පැමිණෙන බවත් ඒවායින් නිකුත් කරන ආලෝකය පිළිම ගෙය තුලට වැටෙන බවත් ය. මෙය නිස්කලංක රාත්‍රීන් වල දී වගේම සමහර දවල් කාලයන් හිදී ද දක්නට ලැබෙන අතර මෙම සිතුවම් සේම එම වස්තූන් යම් කිසි අදෘශ්‍යමාන යමක් හෝ වෙනත් ග්‍රහලෝක වල ක්‍රියාකාරිත්වයන් සමඟ බැඳීමක් ඇති බව ඔහු විශ්වාස කරයි.

තිවංක පිළිමගෙය එදා මෙන්ම අද ද අධ්‍යාත්මික මනස දියුණු කරවන ස්ථානයක් බවත් අළුයම 5 ට පමණ ඔහු පිළිමගෙය පිරිසිදු කර පැයක් හමාරක් බුදුන් වැඳීමට හුරු වී සිටී. එවිට මිටි පුද්ගලයෙක් ඔහු අසලින් හිටගන්නා අතර බුදුන් වැඳ දෙවියන්ට පින් දී අවසන් වන විට ඔහු ද අතුරුදන් වන බව පවසයි.

එසේම මස්, මාළු කා මත්පැන් පානය කර පැමිණෙන එකදු මුරකරුවකුට හෝ මෙහි සිටින්නට ඉඩ නොදෙන අතර ඔවුන්ව රෑට පා පහර වදින බවත් ඇද එළියට දමන බවත් ධර්මරත්න මහතා පවසයි.

මෙහි අද වනවිටත් නාගයන් දෙදෙනෙකු සිටින බව පවසන ධර්මරත්න මහතා තවත් එක් අපූරු සිදුවීමක් විස්තර කළේය.

දිනක් බුදුන් වඳින විට පැමිණෙන්නා වැනි වූ මිටි පුද්ගලයන් පිරිසක් ධර්මරත්න මහතා වටේ දුවන්නට පටන්ගෙන ඇත. ඔවුන් කළු පැහැති වන අතර හිසකෙස් රැළි වූ ස්වභාවයක් යුක්තය. පාදජාලා සේම වළලු ද පැලඳ සිටි ඇති අතර ටික වෙලාවක් එසේ ඇවිදමින් සිට නොතේරෙන භාශාවකින් යමක් පවසා ඇත.

ඊට පැයකට දෙකකට පසු පණිවිඩ කරුවෙක් පැමිණ ධර්මරත්න මහතා හට පවසා ඇත්තේ තිවංකය ආසන්නයේ කොල්ලකරුවන් පිරිසක් නිධන් හෑරීමට සූදානම් වන බවත් එවන්නට කෙනෙක් නැති බැවින් හැකිනම් ගොස් බලන ලෙසත් ය.

ධර්මරත්න එහි යන්නට පිටත් වූ විට පෙර කී ඔහු වටකොටගත් පිරිස ද ධර්මරත්නට ඉස්සර වී ගමන් කර ඇත. එසේ ගිය ඔවුන් නිධන් ගැනීමට සැරසී උන් ස්ථානයේ එක් තැනකදී ඔවුන් නතර වී ඇත. හොඳින් බැලූ විට ආරක්ෂක නූල් කිහිපයක් දුටු ධර්මරත්න ඒවා කඩා ඉවත් කර ඇත. එවිටම පිරිස ඉදිරියට යාමට පටන් ගෙන ඇති අතර තුවක්කු පවා රැගෙන හිටි කොල්ලකරුවන් ද පැන දුවන්නට පටන්ගෙන ඇත. අඩි දහසයක් හාරා තිබූ ඒ ස්ථානය එලෙස රැක ගැනීමට හැකි වූ බවට ඔහු මහත් සතුටු වේ.”

සියල්ල අවසානව ඔහු තම රැකියාවෙන් සමුගන්නේ විශ්‍රාම යන්නට වසර 7ක් තිබියදීය. ධර්මරත්න පුරාවිද්‍යා කොමසාරිස්තුමාගෙන එකම වරයක් ඉල්ලීය. ඒ තිවංක පිළිමගෙය තව දුරටත් රැක ගැනීම සඳහා තම මයිලණුවන්ට තමාගෙන් පසු මුරකරු තනතුර ලබාදෙන ලෙසටය. අද එහි මුරකරු වන්නේ ධර්මරත්න නම් අයියාගේම මලණුවන්‍ ය

මවුබිම පුවත් පත ඇසුරිනි …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.