ජපානය දියුණුකළ “S-5” අපේ සිංහල අලුත් අවුරුද්ද තුළ තිබෙනවා

ගහකොළ මලින් ඵලින් බරවෙන සිංහල අලුත් අවුරුද්ද සොබා දහමේ අසිරිමත් දායාදයකි. ජීවිතයද සොබා දහමේම කොටසක්‌ බැවින් සොබා දහම හා බැඳුණු සිංහල අලුත් අවුරුද්ද ජීවිතයට මහඟු ආශිර්වාදයක්‌ ගෙන එයි. ජාතික සමගියට සහ රටේ සංවර්ධනයට සිංහල අලුත් අවුරුද්දේ දායකත්වය කෙබඳුද?

ඉතාමත් දිගු කාලයක සිට අපේ ජාතික අනන්‍යතාව ලොවට විදහා දැක්‌වූ ජාතික උත්සවය සිංහල අලුත් අවුරුද්දයි. නමුත් නවීන ලෝකය හමුවේ මේ ජාතික උත්සවයේ අනන්‍ය ලක්‍ෂණ පිරිහෙමින් තිබෙන බව ඇතැමුන් දරන මතයක්‌…රෑ

සිංහල අලුත් අවුරුද්ද පිරිහීමකට ලක්‌වෙලා කියන අදහස ලෝකය නවීකරණය වීමත් සමග ඇතිවූ දෙයක්‌. සිංහල අලුත් අවුරුද්දේ බාහිරින් පෙනෙන ලක්‍ෂණ තුළ යම් වෙනස්‌කමක්‌ ඇතිවී තිබෙන්නට පුළුවන්. නමුත් සිංහල අලුත් අවුරුද්දේ මූලික හරාත්මක පැත්ත තවමත් වෙනස්‌ නොවී පැරැණි ලෙසම පවතින බවයි මගේ හැඟීම. එදා සහ අද අතර මේ ජාතික උත්සවයේ ස්‌වරූපය වෙනස්‌වී තිබෙන්න පුළුවන්. එදා ජනප්‍රියව තිබූ ඇතැම් අවුරුදු ක්‍රීඩා අද භාවිතයෙන් ඉවත්වී තිබෙනවා විය හැකියි. පොර පොල් ක්‍රීඩාව වෙනුවට ක්‍රිකට්‌ ක්‍රීඩාව අලුත් අවුරුද්දේ දකින්නට පුළුවන්.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම පමණක්‌ නොව කෘෂිකාර්මික සමාජයේ අස්‌වනු නෙළාගෙන ඉන්පසු එළැඹෙන ප්‍රීතිමත් විවේක සමය තුළයි එදා සිංහල අලුත් අවුරුද්ද උදාවුණේ. නමුත් නූතන සමාජය ක්‍රමයෙන් සේවා අර්ථ ක්‍රමයක්‌ තුළ මාසික වැටුප් ලබන ශ්‍රම බලකායක්‌ ජීවත්වන තත්ත්වයකට දැන් පරිවර්තනය වෙමින් තිබෙනවා. එබඳු සමාජයකට පැරැණි කෘෂිකාර්මික සමාජයට මෙන් අවුරුද්ද නිදහසේ සමරන්න විවේකයක්‌ නැහැ. නවීකරණය වන සමාජය තුළ තිබෙන අවිවේකත්වය නිසා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර මුළුමනින්ම ඉටුකරන්නට ලැබෙන්නෙ ටික දෙනකුටයි. නමුත් මූලික සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අදටත් අකුරටම ඉටුකරන බොහෝ පිරිස්‌ සිටිනවා. උදාහරණයක්‌ හැටියට වැඩ අත්හැරීම, පුණ්‍යකාලය, වැඩ ඇල්ලීම, ආහාර අනුභවය යන ප්‍රධාන සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අදත් බොහෝ දෙනා අකුරටම ඉටුකරනවා. බොහෝ දෙනකුට ඉටුකරන්නට අවස්‌ථාවක්‌ නොලැබෙන්නේ හිස තෙල් ගෑම, රැකී රක්‍ෂා ආදියට පිටත්ව යැම වැනි චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක්‌ පමණයි. වර්තමාන සමාජය තුළ මෙබඳු වෙනස්‌වීම් ඇතිවීම ස්‌වාභාවිකයි. නමුත් සිංහල අලුත් අවුරුද්දේ මූලික හරයන් නොනැසී පවත්වාගෙන ඒම ඉතාමත් වැදගත්.

සිංහල අලුත් අවුරුද්ද රටක්‌ දියුණු කරගන්නට උපයෝගී කරගන්නෙ කොහොමද කියන කාරණය ගැන හිතන කොට මට මතක්‌ වෙන්නෙ ජපානය. ජපානය ලෝකයේ දියුණු රටක්‌ හැටියටයි අප සලකන්නේ. කිසිවක්‌ නැතිව සිටි ජපානය දියුණු රටක්‌ බවට පත්වුණේ කෙසේද කියන කාරණය ලෝකයේ කතාබහට ලක්‌වුණා. එයට හේතුව හැටියට එළිදරව් වුණේ ඔවුන්ගේ කළමනාකරණ පද්ධතියේ විශේෂත්වයයි. ජපානයේ තිබෙන මේ සුවිශේෂ කළමනාකරණ පද්ධතිය බටහිර ලෝකය හැඳින්වූවේ එස්‌ පහ සංකල්පය යනුවෙනුයි. කිසිවක්‌ නැතිව සිටි ජපානය ලෝකයේ බලවත් රටක්‌ බවට පත් කළ මේ එස්‌ පහ සංකල්පය බටහිර රටවලුත් තමන්ගේ ආයතනවලට යොදාගත්තා. මෙය අද කළමනාකරණ ක්‍ෂේත්‍රයේ අනුගමනය කළ යුතු සංකල්පයක්‌ හැටියට මුළු ලෝකයටම හඳුන්වල දීල තියෙනවා.

අපි එස්‌ පහ ඉගෙනගන්නෙ ජපනුන්ගෙන් නෙමෙයි. ජපනුන්ගෙන් එය බටහිර රටවලට ගිහින් ඒ රටවලින් තමයි අපි ගත්තෙ. අද අපේ රට බටහිර රටවලින් ගත්තු එස්‌ පහ හරියටම ක්‍රියාත්මක කරන ආයතවලට සම්මාන පවා දෙනවා. නමුත් අපි හරියට කල්පනා කරල බැලුවොත් අපේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල තිබෙන්නෙ බටහිර රටවලින් අපි අරගත්ත එස්‌ පහයි. සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල තියෙන මේ එස්‌ පහ අපි හඳුනාගෙන නැහැ.

ජපානය ලෝකයට හඳුන්වා දුන් එස්‌ පහේ පළමුවැන්න සෙයිරි නමින් ඔවුන් හඳුන්වන තමන්ට අනවශ්‍ය දැ ඉවත් කිරීමයි. සිංහල අලුත් අවුරුද්දට සූදානම් වන අපිත් මුලින්ම කරන්නෙ තමන්ට අනවශ්‍ය දැ ඉවත් කිරීමයි. ළිපේ අළු ටික පවා අපි ඉවත් කරන්නට අස්‌පස්‌ කරනවා. ජපනුන් සෙයිරි යන්නෙන් අදහස්‌ කරන්නෙ භෞතික වශයෙන් අනවශ්‍ය දේ ඉවත් කිරීම පමණක්‌ නෙමෙයි මානසිකවත් අනවශ්‍ය දේවල් ඔවුන් ඉවත් කරනවා. ඒක භාවනාවක්‌. ආධ්‍යාත්මය පිරිසිදු කරගන්නවා. මෙයත් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර තුළ තිබෙනවා. ගේදොර අතු පතු ගාල අස්‌පස්‌ කරනව වගේම හිතේ පුරවගෙන ඉන්න පැරැණි කෝන්තර තරහ මරහත් හිතෙන් අයින් කරල දාන එක අලුත් අවුරුදු චාරිත්‍රවලට අයිතියි. දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට බුලත් දීල කථාබහ කරල අපි අවුරුද්දෙ සමගිවෙනව. ගමේ පන්සලට හැමෝම අවුරුද්දට එකතු උන කාලෙ පන්සලේ හාමුදුරුවො මුල්වෙලා තමයි ගමේ මිනිස්සු සමගි කරවන්නෙ. බලන්නකො මොනතරම් වැදගත්කමක් මේ අවුරුද්දෙ තියෙනවද?

එස්‌ පහේ දෙවැන්න සෙයිතොං. එනම් අනවශ්‍ය දැ අයින් කළ පසු ඉතිරි අවශ්‍ය දේවල් පිළිවෙළට තබාගැනීම. සිංහල අලුත් අවුරුද්දේ එළැඹෙන අලුත් අවුරුද්දට පිළිවෙළකට සූදානම් වීම අපි කරනවා. අස්‌පස්‌ කළ නිවසේ බඩු මුට්‌ටු පවා අලුත් විධිහකට වඩාත් ක්‍රමවත් විධියකට තියෙනවා. කුස්‌සියෙ භාවිත කරන වළං මුට්‌ටි පවා අලුත් කරනවා.

එස්‌ පහේ තෙවැන්න සෙයිසෝ බටහිර රටවල් මෙය හැඳින්වූයේ ෂයින් කියලයි. එනම් පිරිසිදු කිරීම. සිංහල අලුත් අවුරුද්දේ පිරිසිදු කිරීමට ප්‍රධාන තැනක්‌ හිමිවන බව අමුතුවෙන් කිවයුතු නැහැ. හොඳින් දිය නා පිරිසිදුවී අලුත් ඇඳුම් ඇඳගැනීම සිංහල අලුත් අවුරුද්දේ නොකරන කෙනෙක්‌ නැහැ. ගේදොර ශුද්ධපවිත්‍ර කරනව. ගෙබිමේ මැටි ගානව. මුලු කෙදරම අලුත්වෙනව. මොනතරම් උසස් සංස්කෘතියක් අපිට තියෙනවද? සිංහල අලුත් අවුරුද්දේ සියලුම දෙනා අලුත් ඇඳුම් ඇඳීම වෙනත් කිසිදු රටක සිදුකරන චාරිත්‍රයක්‌ නෙමෙයි. නමුත් එය අපේ රටේ ජනතාව අනිවාර්යයෙන් කරන දෙයක්‌.

එස්‌ පහේ හතරවැන්න සෙයිකෙත්සු. එනම් ප්‍රමිතිය කිසියම් දෙයක්‌ සිදුවිය යුතු විධිය, ආකාරය, පළමුව කළ යුතු දේ ඊළඟට කළ යුතු දේ සහ ඊටත් පසු කළ යුතු දේ කිසියම් කාර්යයක්‌ කළ යුතු පිළිවෙළ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර තුළ ඉතාම පැහැදිලිව දක්‌වා තිබෙනවා. අලුත් අවුරුදු චාරිත්‍ර සිදුකළ යුතු විධිය දක්‌වා තිබෙනවා. මේ පිළිවෙල කාටවත් වෙනස්‌ කරන්න බැහැ. වැඩ නවත්වන්න වේලාවක්‌ තියෙනවා. වැඩ පටන් ගන්න වේලාවක්‌ තියෙනවා. ළිපිගිනි මොළවන්ඩ, ආහාර පිසින්න, අනුභවයට, ගනුදෙනු කරන්න මේ සියල්ලට නිශ්චිත වේලාවක්‌ සහ විධියක්‌ තිබෙනව.

එස්‌ පහේ පස්‌වැන්න ෂික්‌සුකේ. එනම් විනය. ඉහත කරුණු හතර නියම ආකාරයෙන් පවත්වා ගැනීමට වගබලා ගැනීම. අලුත් අවුරුදු චාරිත්‍ර තුළත් එම චාරිත්‍ර පැවැත්වීමේ විධියක්‌ තිබෙනවා. කිසිම කෙනකුට ඒ විධිය වෙනස්‌ කරන්න බැහැ. පුණ්‍යකාලය තුළ ආගමානුකූල ක්‍රියාවන්හි යෙදිය යුතුයි. ආහාර අනුභවයෙන් වැළකී සිටිය යුතුයි. මෙය රැකිය යුතු පිළිවෙතක්‌. මේ චාරිත්‍ර වාරිත්‍ර අකුරට ඉටුකරන්නට ඕන. මේ තමයි සිංහල අලුත් අවුරුද්දේ විනය. ඒ විනය කඩ කරන්නට බැහැ.

මෙන්න මේ කාරණා ටික දිහා බලන කොට සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ අපි හිතනවට වඩා විශාල වටිනාකමක්‌ තියෙන උත්සවයක්‌. සිංහල අලුත් අවුරුද්ද තුළින් අපට විවර කර දෙන්නෙ ජාතික සමගිය තුළින් අපේ රට සංවර්ධනය කරා ගෙන යන්නට ඉතාම නිවැරැදි මාවතක්‌. සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ ඇවිත් යන දෙයක්‌ නෙමෙයි. ඒ චාරිත්‍ර වාරිත්‍ර හැමදාම පවත්වාගෙන යා යුතු දේවල්. නමුත් අවාසනාවට සිංහල අලුත් අවුරුදු උත්සවය අපි සමරන්නෙ පරම්පරාවෙන් පරම්පරාවට පැවැතගෙන එන ජාතික උත්සවයක්‌ විදිහට පමණයි. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ජීවිතයට හොඳ පාඩමක්‌ ලෙස හිතල එය පිළිපැදල ජාතියක්‌ හැටියට නැගිටින්න අපි කල්පනා කරන්නෙ නැහැ.

ජපානය අලුත් අවුරුදු උත්සවය සමරනවද?

ඔවුන්ටත් අලුත් අවුරුදු උත්සවයක්‌ තිබෙනව. නමුත් මේ චාරිත්‍ර වාරිත්‍ර කිසිවක්‌ එහි නැහැ. විශේෂ කෑම බීම උයනවා. හොඳට ඇඳුම් අඳිනවා. හැබැයි ඒව අලුත් ඒවම නෙමෙයි. ඔවුන්ගේ අලුත් අවුරුද්ද තුළ අපේ අලුත් අවුරුදු චාරිත්‍ර තුළ තිබෙන ජීවිත පාඩම නෑ. අපේ අලුත් අවුරුදු චාරිත්‍ර තුළ තිබෙන පාඩම ඔවුන්ගෙ ජීවිත තුළ හැමදාම තිබුණා. ජපන්නු ඒ ගැන හිතන්නත් කලින් අනාදිමත් කාලෙක ඉඳන් මේ ජීවිත පාඩම අපේ අවුරුදු චාරිත්‍ර තුළ තිබුණා. ඒත් ඒවා අපේ ජීවිත තුළට ගියේ නෑ. ඒ හින්ද අපි එතනමයි. ජපන්නු ලෝකය ජයගත්තා.
අද තියෙන චාර්ත්‍ර ටිකත් විනාශ කන්න ත්‍රස්ථවාදියො ඇවිල්ල. බුදුදහමේ නමින් සිංහල සංස්කෘතිය විනාශකරන කද පණුවො බෝවෙලා. බුදුහාමුදුරුවො උපාලි ගෘහපතියට කිව්වෙ අපි පවත්වගෙන ආපු චාරිත්‍ර වෙනස් නොකර ඉදිරියට කරගෙන යන්න කියල. මොකද ඒව නවත්තන්න ගියොත් සංස්කෘතික ගැටුම් ඇත්වෙන්න පුලුවන්. අද ඒ තත්වෙට සිංහල අවුරුද්ද ගේන්න අසපුවාදී කදපණුවො වලිකනව. නැකැත කියන කාරනේ බුදුදහමින් ප්‍රතික්ෂේප කලේ ඒමගින් අපේ වැඩ කටුතු වලට බාධාවෙන නිසයි. නමුත් වෙලාවට වැඩකරන එක කොතනද බුදුදහමින් ප්‍රතික්ෂේප උනේ. අනික බුද්ධකාලෙ නොයෙක් උත්සව තිබුන. ඔය ගිරග්ග සමජ්ජ වගේ උත්සව තිබුනනෙ. බුදුහාමුදුරුවො කොතනද එහෙම දේවල් විවේචනය කලේ. බුදුහාමුදුරුවො ඒව වර්ජවය කරන්න කාටද උපදෙස් දුන්නෙ. ඒ උත්සව තියෙන කාලෙට බුදුහාමුදුරුවො භාවනා වැඩසටහන් කලාද? බුදුහාමුදුරුවො හැමවෙලේම දේශනා කලේ පොදු මහජනතාව එක්ක ගැටුම් ඇත් කරගන්නෙ නැතිව මේ ශාසන කටයුතු කරන්න කියල. භික්ෂූන්ට අකැපනම් ඒවට සම්බන්ධ නොවෙනව මිසක් ඒව කඩාකප්පල් කරන්න අවසර දුන්නෙ නෑ නේද?

අනිත් කාරනේ තමයි සිංහල අලුත් අවුරුද්ද ඉතාම හොදින් තිබුන සමරපු කාලවල මහ රහත් උත්තමයො වැඩ හිටියෙ නැද්ද? එතකොට ඒකාලෙ මොකක්ද වෙච්ච භාදාව නිවන් දකින්න. මේව වැඩක් නෑ කියල හිතුන අය ගිහින් මහන උනා. එයාල මේවගෙ අනිත්‍යය සිහිකරල රහත් උනා. ඒ රහත්වෙනකොට මේ නැකැත් වගේ දේවල් පවා ඉවත්කරමින් තමයි රහත්වෙන්නෙ.
බලන්නකො විශාකා මහ උපාසිකාව එහෙම නොයෙක් උත්සව වලට ගියා කියල ඕනිතරම් සාධක ධර්මය තුල තියෙනවනෙ. අර විශාකාවට මනාලය එහෙම මුනගැහුනෙ උත්සවයකදි නේද? බුදුහාමුදුරුවො ඒ ඇත්තන්ට ඒවට යන්න එපා කියල භාවනා වැඩසටහන් පටන් ගත්තද? අනික විශාකාව සෝවාන් වෙච්ච තැනැත්තියක් නේද? ඉිතින් ඒ ඇත්තිට ඕනට යන්න එපයි කිව්වද බුදුහාමුදුරුවො.
බලන්නකො අපිට දහමට අදාලව මොනතරම් නම් දේවල සිංහල අවුරුද්දෙ තියෙනවද? නවසද බැලීම කියන්නෙ මොකක්ද? සද කියන්නෙ අපිට බොහොම සමීප වස්තුවක්. හිරුගෙන් අපිට ශක්තිය ලැබුනට සදුගෙ බලපෑම හරිම වැඩියි. ඔය පසලොස්වක පෝයට වඩදිය බාදිය සංකල්පය දන්නව නේද? ඔය පසලොස්වලට තමයි වැඩිපුර ජෝඩු පැනල යන්නෙ. හදපානෙ යනව කියන්නෙ. ඒ කියන්නෙ හද කාලෙට මිනිස්සුන්ගෙ සිතේ කාමය ජනිත වෙනව වැඩියි. මේවගේ සද කාලෙට ඔය දද කුෂ්ඨ වගේ දේවලුත් වැඩිවෙනව කියන්නෙ. ඉතින් සූර්යයා අලුත් කක්ෂයක් පටන් ගත්තම ඒකෙන් එන කිරණ අලුත් වෙනව. ඒත් එක්ක සදෙහි බලපෑම වෙනස්වෙන්න පුලුවන් ඉඩ වැඩියි. සදෙන් ‍සෞම්‍ය කිරණ ගලා එනව. මේ කාලය වසන්න මාසය නිසා ඒනිසා මේ කිරණ සිරුරට හිතකර වෙනව. ඔය උදේ වරුවෙ අව්වෙ ඉන්නකොට සී විටමින් ලැබෙනව කියන්නෙ. ඒ වගේ දෙයක්. ඉතින් නව සද බැලුවම ඒක නිවනට කොතනද බාධා වෙන්නෙ.

නොනගතයත් ඒ වගේ. අර සූර්යයා නව මගට පිවිසෙනකොට ඒ අවස්ථාවෙ සැර කිරන එල්ලවෙන්න පුලුවන්. සිත් දූෂණය කරන. ඔය සූර්යග්‍රහණ වෙලාවෙක් ඒව බලන්න එපා කියනව ‍වගේ. ඒක මොක උනත් ආගමික වතාවත්වල යෙදෙන්න කියලනෙ කියන්නෙ. ඉතින් ඕක බුදුදමට පටහැනිද?

ඊලගට වැඩ ඇල්ලීම. අම්ම ලිදත් එක්ක ගනුදෙනු කරනව. අපි සොබාදහමට ආදරය කරන මිනින්සු විදිහට අම්ම ලිදත් එක්ක කරන ගනුදෙනුවත්, තාත්ත හරක බානට සලකල කැත්ත උදැල්ලට වදින පුදුන එක වැරදිද? එහෙනම් බුදුහාමුදුරුවො බෝධින් වහන්සේට කලගුන දැක්වූවෙ. දැන් මේව බුදු දහමට පටහැනිද?

අලුත් අවුරුද්දෙ පවුලෙ හැමෝම ගෙදරට එකතුවෙලා එක මේසෙ බත්කටක්, කිරිබත් කෑල්ලක් කන එක බුදු දහමට පටහැනිද? තමන්ගෙ අම්මට තාත්තට අවුරුද්දෙවත් බුලත් දීල වදින එක වැරදිද? පරණ තරහ මරහ නැතිකරගන්න එක වැරදිද?

අසපුවාදී අමන කදපණුවො සිංහල සංස්කෘතිය විනාශ කරන්න හදන්නෙ ඒමත ගොඩනැගිල තියෙන බුදු දහම විනාශ කරන්න. මේ ගොන් මෝඩ උපාසක නෑම්බියො ඉතින් යනව අසපුවට. ඉර එලිය වැටිල දිලිසෙනකොට බුදුරැස් කියල කෑගහන ගොන් ගෑනු ටිකයි, බොක්කු උඩ බීඩි ගහ ගහ හිටපු, පන්සලක් පැත්තට නොගිය රස්තියාදුකාරයොයි අසපුවලට රින්ගල දැන් ඊට වඩා බෞද්ධයො නෑ.
පින්වත් යාල්වනේ ඔයාල ඔය කුමන්ත්‍රණ වලට අසු වෙන්නෙ නැතිව මතක ඇතිව මේ අවුරුද්දෙ චාර්ත්‍ර ටික ඉටු කරන්න. ඔයාල බුද්ධිමත්නම් ඔයාලට තේරෙයි මේව බුදුදහමෙදි අනිත්‍ය දේවල් කියල. අපි මේව අත්හැරලයි නිවනට යන්න ඕනි. ඒත් ඒක තමන්ගෙ පවුලෙ සංස්කෘතිය විනාශ කරන දෙයක් නෙවෙයි කියල මතක තියාගන්න.

සිංහල කම මත රැදුනු බුදුදහම රැකගන්න තදින් සිතට ගන්න

අනන්ත බුදුගුන බලෙන් තුන්ලොවම සැනසේවා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක සමග “දිවයින ඉරිදා සංග්‍රහය” පැවැත්වූ සාකච්ඡාවක් උපුටා ගනිමින් මෙම ලිපිය එරන්ද ලක්මාල් වන මා විසින් සකස් කලෙමි

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.