Skip to main content

කලාවට අධිපති සරස්වතී දේවිය …

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ හින්දු දේව මෑණියන් වහන්සේ නමකි. උතුම් ශ්‍රීසරස්වතී දේව මෑණියන් වහන්සේ දැනුමට, සංගීතයට කලාවට ප්‍රඥාව සහ ඉගෙනීමට අධිපති දේව මෑණියන් වහන්සේ ලෙස සැලකෙයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් “ත්‍රිදේවි” ලෙසින් හැඳින්වෙන උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් සහ උතුම් ශ්‍රී පාර්වතී දේව මෑණියන්ගෙන් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේයි. මෙම උතුම් ත්‍රිදේවීන් උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන්ට, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට සහ උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේලාට පිලිවෙලින් නිර්මාණය කිරීමටත්, ආරක්ෂා කර පවත්වාගෙන යාමටත් සහ ලෝකයේ ප්‍රතිජනන චක්‍රයටත් උපකාර වේ.

උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ ගැන මුලින්ම සඳහන් වන්නේ ඍග්වෙදයේය. හින්දු සම්ප්‍රදායේ වෛදික යුගයේ සිට මේ දක්වාම උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ඉතා සුවිශේෂී දේව මාතාවකි.  උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට ගෞරව දැක්වීමට “වසන්ත් පන්චමි” නම උත්සවය (වසන්තයේ පස් වන දිනය) සමහර හින්දු බැතිමතුන් සමරනු ලබයි. එම දිනය ඔව්න් සලකුණු කරන්නේ කුඩා දරුවන්ට අක්ෂර මාලාව නිවැරදිව ලිවීමට උදවු කිරීමටයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ හින්දු බැතිමතුන්ගෙන් පමණක් නොව බටහිර සහ මධ්‍ය ඉන්දීය ජෛන බැතිමතුන් සහ සමහර බෞද්ධ සම්ප්‍රදායන්ද උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් හට ගෞරව පුද පූජා පවත්වති.

උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ ඉන්දියාවේ පමණක් නොව, දැනුමට, සංගීතයට සහ කලාවට අධිපති දේව මෑණියන් වහන්සේ ලෙසින් නේපාලයේ, ජපානයේ යම් ප්‍රදේශ වල, වියට්නාමයේ, ඉන්දුනීසියාවේ, මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ දී වැඳුම් පිදුම් ලබති.

“සර” යන පදයෙහි සංස්කෘත අර්ථය වන්නේ හරය, සාරය වැනි අර්ථයන්ය. “ස්ව” යන පදයෙහි සංස්කෘත අර්ථය වන්නේ තමා වැනි අර්ථයන්ය. මෙම පද දෙක සන්දී කිරීමෙන් සරස්වතී යන නාමයෙහි අර්ථය “ආත්ම ඥානයට නියමුවන්නිය” යන අර්ථයයි. සංස්කෘත භාෂාව සමඟ බැඳී පවතින “සුරස-වති” යන්නෙහි අර්ථය “ජලය බහුලව පවතින” යන්නයි.

“සරස්වතී” යන නාමපදය ගංගා සඳහා සහ ඉතා වැදගත් දේව මෑණියන් වහන්සේ නමක් වන උතුම් සරස්වතී දේව මෑණියන් උදෙසාද ඍග් වේදයේ ආරම්භක පාඨයන්හි භාවිත කර ඇත. ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශ වල ගංගා සරස්වතී නදිය, ද්‍රිෂද්වති නදිය ලෙසින් ගංගා නම් කොට ඇත. එනම් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ගංගා වලට අධිපති දේව මෑණියන් වහන්සේ නමක් ලෙසින්ද අර්ථ දක්වයි. ඍග් වේදයේ දෙවන පොතෙහි සඳහන් වන පරිදී උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ මෑණිවරුන්ගේත්, ගංගාවන්ගේත්, දේවදූන්ගේත් ශ්‍රේෂ්ඨතමයන් වේ.

උත්තම මෑණියන් වහන්සේද, උත්තම ගංගාවද, උත්තම දේව මෑණියන් වහන්සේද “සරස්වතී” ලෙසින් හැඳින්වේ. අප මෙහි කීර්තියක් නැත්තවුන් ලෙසින් සිටින සහ දයාබර මෑනියණනි ඔබ අප හට කීර්තිය ලබා දෙනු  මැනවි.

-ඍග්වේද 2.41.6

ඍග්වේදයේ 10 වන ග්‍රන්ථයෙහි පහතින් දැක්වෙන පරිදි උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට වන්දමාන කර ඇත්තේ සුවපත් කරන, බහුල බලයන් පවිත්‍ර කරන සහ ජලය ගලා යාමට අධිපති දේවමෑණියන් වහන්සේ නමක් ලෙසින්ය.

ජලය වේවා, මෑණියන් වේවා, අප පිරිසිදු කරයි,

ගිතෙල් සමගින් පිරිසිදු වන ඔව්න්, අපවද ගිතෙල් සමග පිරිසිදු කරයි,

මෙම උතුම් ශ්‍රී දේවමෑණියන් වහන්සේ කෙලෙස් වලින් මුදා ගැනීමටයි,

මම ඔව්න්ගෙන් පිරිසිදුව සහ පවිත්‍රව නැගී සිටිමි.

-ඍග්වේද 10.17 ජෝන් මුයිර් විසින් පරිවර්තනය කර ඇත.

ඍග්වේදයේ 10 වන ග්‍රන්ථයේ ඇති දේව ගීත වල දැක්වෙන්නේ, උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ දැනටමත් “ඥානෙයහි අයිතිකාරිය” බව ප්‍රසිද්ධියේ පැවසේ. ඍග් වේදයට පසුව ලියවුනු වේද ග්‍රන්ථ සහ බ්‍රාහ්මණ ග්‍රන්ථ වල උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ගේ වැදගත්කම විදහා දක්වා ඇත. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ගේ ශ්‍රී නාමයෙහි අර්ථය “පාරිශුද්ධ වූ ජලය” , “පාරිශුද්ධ කරන්නීය” , “ කථනය පිරිසිදු කරන්නීය” , “ ඥානය පාරිශුද්ධ කරන්නීය” වැනි අර්ථයන්ගේ සිට අවසානයේ අධ්‍යාත්මික සංකල්ප වන ඥානය, කලාව, සංගීතය, ස්වාරමධුර්ය, ධ්‍යානය, භාෂාව, අලංකාර ශාස්ත්‍ර, කථිකත්වය, නිර්මාණාත්මක ක්‍රියාවන්ට සහ ඕනෑම යහපත් දෙයක හරය සහ පුද්ගලයෙකුගේ ජීවනය පාරිශුද්ධ කිරීමට මෙම උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් මුර්තිමත්ව සිටී. උපනිෂාද් සහ ධර්ම සාස්ත්‍ර ග්‍රන්ථ වල උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගෙන් යටහත් ලෙස අයද සිටින්නේ පාඨකයාට සිල්වත් ලෙස භාවනා කිරීමටත්, සිල්වත් ලාභද, තේරුම සහ එක්එක් කාර්යයන්ගේ සහ ක්‍රියාවන්ගේ හරයත් නගා දෙන ලෙසයි.

හින්දු සාහිත්‍යයේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ට බොහෝ නාමයන් භාවිතා කරයි. ඒවා නම් “බ්‍රහ්ණනි” (උතුම් බ්‍රහ්ම දෙවියන්ගේ ශක්තිය) , “බ්‍රහ්මී” (දේව මෑණිවරුන්ගේ ශාස්ත්‍රය), “භාරදී” (දේව මෑණිවරුන්ගේ ඉතිහාසය), “වාණි” සහ “වාචි” (මෙම දෙකම පිලිවෙලින් ගීත, සංගීත සහ තාලවල ගලා යාමත්, සුභාෂිත කථනයත් ය.), “වර්ණේශ්වරි” (අක්ෂර වල දේව මෑණියන්), “කවිජිහ්වග්‍රවාශිනි” (කවියන්ගේ දිවෙහි වැජඹෙන බැවින්).

තෙලිඟු භාෂාවෙන් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට “චාදුවුල තල්ලි” , “ශාරදා” ලෙසින් හැඳින්වේ. කොන්කනි භාෂාවෙන් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට “ශාරදා”, “වීනපනි”, “පුස්තක ධරිනි” යනුවෙන් හැඳින්වෙන අතර වෙනස් ලෙස “ශරදී”, “ශාරදාම්බ”, “වාණි”, වීනාපනි” ලෙසින් ප්‍රසිද්ධ දේවස්ථානයක් වන “ශ්‍රින්ගෙරි” දේවස්ථානයේ සඳහන් වී ඇත. දෙමල භාෂාවෙන් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේව “කලයිමංගල්”, “කලයිවාණි”, “වාණි”, “භාරති” යන නම් වලින් හඳුන්වනු ලබයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේව “ශාරදා” නාමයෙන් හැඳින්වෙන අතර එහි අර්ථය සරත් ඍතුවට ප්‍රිය කරන්නී යන්නයි. “වීණා පුස්තක ධරණී” ලෙසින් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් හඳුන්වන්නේ වීනාවක් සහ පොතක් දරාසිටින බැවින්ය. තවද “වාක්‍දේවි”, “වාග්දේවි”, “වාණි” ලෙසින් හැඳින්වෙන අතර මේවා සියල්ලගේම අර්ථය කථනයයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ හඳුන්වන තවත් නාමයන් මෙසේයි; “වරධානයගී” (වරයන් ලබා ලබා දෙන්නීය), “සාවිත්‍රි” (උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන්ගේ භාර්යාව), “ගයත්‍රී” (වේදයින්ගේ මව).

ඉන්දියානු සාහිත්‍යයේ ආදී කාලින සහ මධ්‍ය කාලින යුග වලට අයත් ක්‍රි.පු. 1000 වර්ෂ සහ ක්‍රි.ව.1500 දක්වා කාලයේ සෑම මුලශ්‍රයමකම පාහේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ පිළිබඳව සඳහන්ව ඇත. හින්දු සංස්කෘතියට අනුව වෛදික යුගයේ සිට වර්තමානය දක්වා උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ ඉතා වැදගත් දේව මාතාවක් ලෙස වැඩ සිටියි. හින්දු වීර කාව්‍යයක් වන මහාභාරතයේ ශාන්ති පර්වයේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වේද ජනයාගේ මව ලෙසින් දක්වා ඇත. පසුව උතුම් බ්‍රහ්ම දෙවියන් ලෝකය මැවීමේදී උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ දිව්‍යමය නිර්මාණාත්මක සංද්වනියට ප්‍රදුර්භුත වී ඇත. තෛත්‍රිය බ්‍රාහ්මණයේ දෙවන ග්‍රන්ථයේ දැක්වෙන්නේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ දක්ෂ කථනයෙහි සහ කනට මිහිරි සංගීතයේ මව බවයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උතුම් බ්‍රහ්ම දෙවියන්ගේ ක්‍රියාකාරී ශක්තියයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් පිලිබඳ කුඩා ග්‍රන්ථයන් වල සඳහන් වේ. එනම්; ක්‍රි.ව.8 වන සියවසයේ පමණ ලියවුනු සාරදා තිලක වැනි පොත්පත්ය.

කථනයට අධිපති දේව මෑණියන් වහන්සේ අප හට නිවැරදි කථිකත්වයක් ලබා ගැනීමට ශක්තිය ලබා දෙත්වා,

ඕතොමෝ නව සඳ කේශකලාපයෙහි පැළඳ සිටින්නීය,

ඕතොමෝ උත්කෘෂ්ට ප්‍රභාවක් සමග දිලිසෙයි,

ඕතොමෝ සුදු නෙළුමක් මත වාඩි වී හාන්සි වී සිටින්නීය,

සහ ඔතොමොගේ අත් වලින් තද රතු පැහැ තුඩු වත කරන්නීය,

උතුම් දේව මෑණියන්ගේ කැමැත්තට අනුව ලියන උපකරණ වල දීප්තිය සහ පොත් නිපදවි ඇත.

–          උතුම් සරස්වතී දේව මෑණියන් සඳහා, සාරදා තිලක

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ බෞද්ධ ප්‍රතිමාශිල්ප වල ප්‍රමුඛ දේව මෑණියන් වහන්සේ නමක් වේ. උදාහරණයක්‌ ලෙස බෞද්ධ දෙවි දේවතාවන් අතර වැඩ සිටින “සාධනමාලා” දේව මෑණියන් වහන්සේ සංකේතාත්මකව හින්දු ප්‍රාදේශීය ප්‍රතිමාශිල්ප වලට සමාන වේ. නමුත් හොඳින් දන්නා උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ පිලිබඳ වචනයෙන් දක්වනවිස්තර වලට අසමාන බවක් දක්වයි.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ නිර්මල සුදු පැහැයෙන් යුතු වස්ත්‍රයකින් සැරසී සිටිනු බොහෝ විට දැකිය හැකි අතර සුදු පැහැ නෙළුමක් මත හිදගෙන සිටිනු දැකිය හැක. මෙයින් ආලෝකය, ඥානය සහ සත්‍යය නිරුපනය වේ. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් විසින් ඥානය මුර්තිමත් කිරීම පමණක් නොව උසස් යථාර්තය අත්දැකීමද නිරුපනය කරයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ  සුදු පැහැති තේමාවන් යටතේ නිරුපනය වන අතර සුදු පැහැ වස්ත්‍ර, සුදු පැහැ නෙලුම් මල්, සුදු පැහැ හංසයන් ද නිරුපනය වේ. සුදු පැහැයෙන් සත්ත්ව ගුණ හෙවත් පාරිශුද්ධභාවය, සත්‍යය දැනුම සඳහා විචක්ෂණ බුද්ධිය, ප්‍රඥාව සහ විදර්ශනාවයි.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අත් සතරක් සමග බොහෝ විට දැකිය හැකි වුවත් ඇතැම් විට අත් දෙකක් සමග ද දැකිය හැකි වේ. උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේ අත් සතරක් සමග නිරුපනය වන විට එම අත් වලින් උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන් අත් සතරෙන් වහන්සේ දර්පනය වේ. එනම් එම නිරුපනය වන්නේ, මනස් (මනස, සංවේදන), බුද්ධි (බුද්ධිය, තර්කනය), චිත්ත (පරිකල්පනය, නිර්මාණශීලිත්වය) සහ අහම්කාර (ස්වයං විඥානය, අහංකාරය). උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන් වහන්සේ හවාත්මක බව නිරුපනය කරන අතර උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අභිනය සහ යථාර්තය නිරුපනය කරති.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අත් සතරෙන් දරා සිටින අංගයන් රූපාත්මක අර්ථයක් ලබා දේ. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ අත් සතරෙන් පොතක්, මල් මාලයක් හෝ නවගුණ වැලක්, ජලය සහිත කළයක් සහ විනාවක් හෝ සිතාරයක් දරා සිටිති. පොතෙන් අර්ථවත් වන්නේ විශ්වය, ධර්මාචාර්ය, සර්වකාලීන සහ සත්‍යය දැනුම සමග සෑම ආකාරයකම දැනුමයි. මල් මාලය හෝ නවගුණ වැලෙන් නියෝජනය වන්නේ භවනා කිරීමේ ශක්තිය, ඇතුල් මනසිකාරය සහ අධ්‍යත්මිකතාවයයි. ජලය පිරි කළයෙන් නිරුපනය වන්නේ වැරදි දැනුමේ සිට නිවැරදි දැනුම දක්වා දැනුම නිවැරදි කිරීමයි, අපැහැදිලිත්වයේ සිට පැහැදිලිතාවට ගෙන ඒමයි, නිරවශ්‍ය බවේ සිට සාරවත්භාවයට ගෙන ඒමයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වඩාත් ප්‍රසිද්ධ අංගය වන්නේ වීණාවයි. එය සියලුම විද්‍යාවන් සහ කලාවන් නියෝජනය කරයි. එලෙසින්ම උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වීනාව දරා සිටීම සංකේතවත් කරන්නේ දැනුම ප්‍රකාශ කිරීමෙන් එකමුතු බව නිර්මාණය වන බවයි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සමග අනුරාගය බැඳී පවතී, සංගීත රිද්මයේ ඇති ආදරය සහ, එය හැගීම් සහ සංවේදී බව රැඳී සංගීත සහ කථනයන් සියල්ල නිරුපනය වේ.

බොහෝ විට උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ගේ පාදය ආසන්නයේ හංසයෙකු දැකිය හැක. හින්දු පුරාානොක්ති වලට අනුව හංසයා යනු ඉතා පාරිශුද්ධ පක්ෂියෙකු වන අතර හංසයා කිරි සහ ජලය මිශ්‍රණයකින් දියෙන් කිරි වෙන් කරගෙන කිරි පානය කල හැකි පක්ෂියෙකු ලෙසින් සැලකෙයි. එම සංකේතයෙන් පැහැදිලි වන්නේ නරකෙන් හොඳත්, බාහිර පෙනුමෙන් හරයත්, තාවකාලික දෙයින් බොහෝ කල්පවතින දෙයත් වෙන්කර ගත හැකි බවය. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ හංසයින් සමග ඇති බැඳීම නිසා ඕතොමෝ “හංසවාහිනී” ලෙසින්ද හැඳින්වේ. එහි තේරුම නම් හංසයා වාහනය කර ගත්තීය යන්නයි. එවැනිම හංසයා යන සංකේතයෙන් අධ්‍යාත්මික  පරිපුර්ණත්වය, උත්තරීතර බව සහ මෝක්ෂය ද අදහස් වේ.

ඇතැම් විට මයුරා හෙවත් මොණරෙකුද උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ගේ සම මට්ටමෙන් පේනවා ඇත. මොණරා මගින් සංකේතවත් කරන්නේ වර්ණවත් උත්කර්ශයත්, නර්තනයේ සැමරුමත්, සහ – සර්පයින් විනාශ කරන්නා වන නිසාවෙනි.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ චිත්‍රයෙන් දැක්වීම් වලදී උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ගංගාවක් ආසන්නයේ වැඩ වෙසෙනු දැකිය හැකි අතර එය උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ගංගාවකට අධිපති දේව මෑණියන් වහන්සේ නමක් ලෙසින් සලකුණු බැවිනි.

ඉන්දියාවේ වින්ද්‍යා, ඔඩිෂ, බටහිර බෙංගාලය සහ අස්සම් වැනි ප්‍රදේශ වලත්, නැගෙනහිර නේපාලයේ ප්‍රදේශ වලත් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ “දේවි මහත්මය” දේවපුරානොක්තියේ උතුම් “ත්‍රිදේවි” ලෙසින් උපහාර ලබන උතුම් ශ්‍රී මහාකාලි දේවමෑණියන් වහන්සේ, උතුම් ශ්‍රී මහාලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ  සහ උතුම් ශ්‍රී මහාසරස්වතී දේවමෑණියන් වහන්සේ නම් දේව මෑණියන් වහන්සේලා අතුරින් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේයි. මෙය ඉතා වෙනස් හින්දු පුරාවෘත්තයක් වන අතර එය හින්දු ජනයාගේ උතුම් දෙවියන් ත්‍රිත්වයත් ( උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන්, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් සහ උතුම් ශ්‍රී ශිව දෙවියන් වහන්සේ) සහ උතුම් ශ්‍රී දේව මෑණියන් වහන්සේලා ත්‍රිත්වයත් ( උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ සහ උතුම් ශ්‍රී පාර්වතී දේව මෑණියන් වහන්සේ ) ජීවයට පැමිණීම පිලිබඳ විස්තර කරයි. විවිධ පුරාණ පාඨයන් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සඳහා මහා සරස්වතී පුරාවෘත්තයට පුද කර ඇත.

උතුම් ශ්‍රී මහා සරස්වතී දේව මෑණියන් වහන්සේ පිලිබඳ චිත්‍රයෙන් විස්තර දැක්වීමේදී  ඕතොමෝ අත් අටක් නිරුපනය කරන අතර වීනාවක් දරමින් සුදු පහ නෙලුම් මලක් මත වැඩ හිඳ සිටිනු දැකිය හැක.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ ධ්‍යාන ශ්ලෝකය “දේවි මහත්මය” හි පස් වන පරිච්ඡේදය ආරම්භයේදීම සඳහන් කර ඇත:

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ නෙලුම් මල මත හිඳ සීනුවක්, ත්‍රිශුලයක්, නගුල් දතක්,       සංඛයක්, මුසුලක්‌, වක්‍රායුදයක්‌, දුන්නක් සහ ඊතලයක් සිටින ඕතොමෝ ප්‍රභාවත් වන්නේ වසන්ත අහසේ

පුන් සඳ දිලුලන්නා මෙනි. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උතුම් ගෞරියගෙන් උපන් අතර

තුන් ලෝකයේ ස්ථිර පාදම ද වේ. අපි මෙලෙසින් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට අපගේ            උපහාරය දක්වන්නේ ඔබ වහන්සේ සුම්භ ඇතුළු අසුරයින් විනාශ කල හෙයිනි.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ තවත් හින්දු පුරාවෘත්තයක් වන “නවදුර්ගාස්” හිද සඳහන් වේ. උතුම් දුර්ගා නව ආකාර බව පැවසේ. උතුම් දුර්ගා දේව මෑණියන් නැගෙනහිර දිග ඉන්දියාවේ අති ප්‍රභල සහ තරමක් භයානක දේව මෑණියන් වහන්සේ නමක් ලෙසින් සැලකේ. මෙම ප්‍රදේශ වල ජනයා නවරාත්‍රි උත්සව සමයේ  විශේෂ සැමරුම් ඇත.

  •             මහවිද්‍ය නීල සරස්වතී

            නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ යනු  ටිබෙටයේ සහ ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල දේව මෑණියන් වහන්සේ නමක්‌ වන “මහවිද්‍ය ටාරා” දේව මෑණියන්ගේ එක ආකාරයක් බව සඳහන්වේ. නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ සම්ප්‍රදායික උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන්ට වඩා වෙනස් දේව මෑණියන්  වහන්සේ නමකි. නමුත් තාන්ත්‍රික සාහිත්‍යයේ දැනුමට සහ නිර්මාණශීලි ශක්තියට ඕතොමෝ අධිපති වේ. එක් හින්දු පාසලක විද්‍යාමානවීම් වලදැක්වෙන්නේ උතුම් ශ්‍රී නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ “උග්‍ර” (කිපුණු සුළු, චණ්ඩ, විනාශකාරී යන අදහස් ලබා දේ.) ලෙසිනි, නමුත් අනෙකුත් බොහෝ විද්‍යාමානවීම් වල දැක්වෙන්නේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ “සෞම්‍ය” ( සන්සුන්, කාරුණික, සාරවත් යන අදහස ලබා දේ.) ලෙසිනි. උතුම් ශ්‍රී නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ සඳහා තාන්ත්‍රික සාහිත්‍යයේ නාමයන් 100ක් පමණ භාවිත කර ඇත. උතුම් ශ්‍රී නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ වන්දනා මන කිරීම සඳහා වෙනම ධ්‍යාන ශ්ලෝක සහ මන්ත්‍ර “තන්ත්‍රසාර” හි සඳහන්ව ඇත. 

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සඳහා වෙන් වුනු දේවස්ථාන රාශියක් ලොව පුරා පිහිටා ඇත. එයින් විශිෂ්ට දේවාලයක් වන්නේ ගෝදාවරී නදි තෙරේ බසරෝන් හි පිහිටි ඥාන සරස්වතී දේවස්ථානයයි. වග්‍රල් සරස්වතී දේවස්ථානය සහ ශ්‍රී සරස්වතී ක්ශේත්රමු දේවස්ථාන තෙළංඟා හි මේදක් ප්‍රදේශයේ පිහිටා ඇත. තවත් බොහෝ සරස්වතී/ශාරදා බැතිමතුන් වන්දමාන කරන වැදගත් ස්ථානයක් වන්නේ කර්ණාටකයේ ශ්‍රීන්ගේරි ශරදඹ දේවස්ථානයයි.  කේරල ප්‍රාන්තයේ එරන්කුලං දිස්ත්‍රික්කයේ උතුරු පරාවුර් ප්‍රදේශයේ තවත් ප්‍රසිද්ධ ශ්‍රී සරස්වතී දේවස්ථානයක් පිහිටා ඇති අතර එය දක්ෂිණ මොකන්බික දේවස්ථානය උතුරු පරාවුර් නම් වේ. තමිල්නාඩුවේ තීරුවාරුර් සිට කිලෝමීටර 25ක් පමණ දුරින් කූතනුර් හි උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උදෙසා වූ දේවස්ථානයක් පිහිට ඇත. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ “බ්‍රාහ්මණි” ලෙසින් හඳුනාගත් තවත් දේවස්ථාන රැසක් ගුජරාටි, හිමාචල් ප්‍රදේශ්, රාජස්ථාන් සහ ඉන්දියාවේ උතුරු ප්‍රදේශ වල පිහිටා ඇත.

බටහිර බෙංගාල ප්‍රදේශයේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ “වසන්ත් පන්චමි” නම උත්සවයේදී වන්දනාමාන කරති. හින්දු ජනයා මෙම උත්සවය සෑම වසරකම 5 වන දිනයේදී සමරති, එනම් පෙබරවාරි මාසයේදීයි. හින්දු ජනයා මෙම උත්සවය දේවස්ථාන වල, නිවෙස් වල සහ අධ්‍යාපනික ආයතන වැනි ස්ථාන වලදී මහත් භක්තියෙන් යුතුව සමරනු ලබති.

ගෝව, මහාරාෂ්ට සහ කර්ණාටක වැනි ප්‍රදේශ වල උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උදෙසා පුද පූජාවන් ආරම්හ වන්නේ මහා සප්තමිහි සරස්වතී අව්හන් වලින් වන අතර එය අවසන් වන්නේ විජයදශමි සමග සරස්වතී උදාසන් හෝ විසර්ජන් වලිනි.

සරස්වතී පූජා නියමාවලිය (පඤ්චාංගය)

  • සරස්වතී පූජා අව්හාන් – මහා සප්තමි – ත්‍රිරත්න ව්‍රතන්, අන්ද්‍රා ප්‍රදේශයේ ඇරඹේ.
  • සරස්වතී පූජා (ප්‍රධාන පූජාව ) – දුර්ගාඅශ්ටමි
  • සරස්වතී උත්තර පූජා – මහනවමි
  • සරස්වතී විසර්ජන් හෝ උදාසන් – විජය දශමි
  • සරස්වතී කාර්තික් පුර්නිම, ගුජරාටයේ සිද්ධපුර් (ශ්‍රීස්තල්) හි පුරාණයේ පතන් රාජ්‍යය පාලනය කල සොලන්කි රජුගේ සමයේ සිට පවත එයි.

කේරලයේ සහ තමිල්නාඩුවේ නවරාත්‍රි උත්සවයේ අවසාන දින තුන වන අශ්ටමි, නවමි සහ දශමි “සරස්වතී පූජා” ලෙස නම කර වෙන්වන්නේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ උදෙසා පුද පූජාවන් පැවැත්වීම සඳහාය. උත්සවය ආරම්භ වන්නේ පූජා ව්‍ය්පු ( වන්දනාමාන සඳහා ස්ථාපනය ) කරමින්ය. පූජාව සඳහා පොත් අන්තර්ගත කිරීම අශ්ටමි දිනයේදී සිදු කෙරේ. එය නිවැසියන්ගේ නිවසක් වේවා, කුඩා ළමුන්ගේ පෙරපාසලක් වේවා, ප්‍රාදේශීය දේවස්ථානයක් වේවා, පොත් කියවීම සඳහා ගනු ලබන්නේ තෙවන දිනයේ (විජය ලක්ෂ්මි දිනයේ ) උදැසන වන්දනාමාන කිරීමෙන් පසුවය. එය නම් කරන්නේ “පූජා එඩුප්පු” (පූජාවෙන් ලබාගන්නවා) ලෙසින්ය. කුඩා ළමුන් මෙම දින වල තරමක් සතුටු වනුයේ ඔව්න්ගෙන් පාඩම් වැඩ අපේක්ෂා නොකරන බැවිනි. විජය දශමි දිනය කේරලයේදී සමරන්නේ “එස්හතින්නිරුතු” හෙවත් ලිවීම සඳහා ආරම්භය ලෙසින් කුඩා ළමුන් පෙරපාසල් ඇතුලත් කිරීමට පෙරය. මෙය “විද්‍යාරම්භාම්” ලෙසින්ද නම් වේ. මෙම දිනයේදී ළමුන් සහල් ඇතිරූ තැටියක දඹරගිල්ලෙන් වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු යටතේ පළමු වරට අකුරු ලියයි.

බුරුමයේ ක්‍රි.ව.1080 දී පමණ කරවූ බව සලකන ශ්වේසිගන් මොන් ශිලාලිපියේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ නාමය පිළිබඳව පහත ආකාරයෙන් සඳහන් වේ.

“ඥානය සහ කථිකත්වය සරස්වතී නම් වන අතර ශ්‍රී ත්‍රිභූවනදිත්යධම්මරාජ රජුගේ මුඛයේ වැජබෙයි.”

තැන් තුන් විසින් පරිවරිථනය කර ඇත.

මියන්මාරයේ බෞද්ධ කලාවන්ගේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට “තුරතදී” (හෝ තයේතාදී) නාමයන් හඳුන්වා ඇත. මියන්මාරයේ සිසුන් ඔව්න්ගේ විභාග ආදීයට පෙර උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගනියි. මියන්මාරයේ මහායාන නිකායේ ධර්ම ග්‍රන්ථ ආරක්ෂා කරන උතුම් දේව මෑණියන් වහන්සේ ලෙසද උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ වැඳුම් පිදු ලබති.

කාම්බෝජයේ අන්ග්කොරිඅන් හි හින්දු ජනයා විසින් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට පුදා පූජා පවත්වනු ලැබේ. එය දස වන සියවස සහ එකොලොස් වන සියවසට අයත් යැයි සැලකෙන අභිලේකන වල සඳහන් වේ. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සහ උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන් වහන්සේ 7 වන සියවසයේ සිටම කාම්බෝජියානු අහිලේකන ශිල්ප වල සඳහන් වේ. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ කථනයට, ලිවීමට සහ සංගීතයට අධිපති වීම පිලිබඳ වර්ණනා කර සහ ප්‍රශංසා කර ඛ්මෙර් කවි ලියා ඇත. එම කවි වලින් උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් වහන්සේටත් වඩා වර්ණනා කර තිබුනේ ඕතොමෝගේ ස්වාමියානන් වන උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවිදුන්ය. උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ යසොවර්මන් යුගයේ ඛ්මෙර් සාහිත්‍යයේ “වගිස්වරි” සහ “භාරති”  යන නාමයන්ගෙන්ද හඳුන්වා ඇත.

තායි පැරණි සාහිත්‍යයේ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ කථනයට සහ ඉගෙනීමට අධිපති දෙවියන් ලෙසත්, උතුම් ශ්‍රී බ්‍රහ්ම දෙවියන්ගේ භාර්යාව ලෙසත් සඳහන් වී ඇත. තායිලන්තයේ හින්දු සහ බෞද්ධ දෙවිවරුන් එක ලෙසින්ම වන්දනාමාන කරනු ඇත. තායිලන්තයෙන් උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන්ගේ සහ අනෙකුත් ඉන්දියානු දෙවි දේවතාවන්ගේ ප්‍රතිමා හමු වී ඇත. යන්ත්‍ර (සුර ) සමග උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ සහ මොණරා ද තායිලන්තයෙන් හමු වී ඇත.

උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ඉතා වැදගත් හින්දු දේව මාතාවකි. ඉන්දියාවේ හින්දු සාහිත්‍යය හා සමානවම ඉන්දුනිසියාවේත් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේගේ ප්‍රතිමාශිල්ප සහ ලක්ෂණ දැකිය හැක. ඉන්දුනීසියාවේද උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේ ඥානයට, නිර්මාණශීලී කලාවට, ප්‍රඥාවට, හෂාවට ඉගෙනීමට සහ පාරිශුද්ධියට අධිපති දේව මාතාව ලෙස වැඳුම් පිදුම් ලබති. ඉන්දුනීසියාවේ වෙසෙන හින්දු ජනයා ඔව්න්ගේ ප්‍රධාන උත්සවයක් ලෙස සලකමින් උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේට පූජා උපහාර දක්වන්නේ සරස්වතී දිනයේදීය. එම දිනය “පවුකොන්” දින දර්ශනයේ 210 දිනට ආසන්නව යොදා ගනියි.

සරස්වතී දිනයේදී ජනයා මල් පූජා කිරීම සහ සුපරිශුද්ධ පාඨයන් දේවස්ථාන වලට පුජාකිරිම සිදු කරති. සරස්වතී දිනයට පසු දවස “බන්යු පිනරුහ්” නම් වන පවිත්‍රීකරන දිනයයි. මෙම දිනයේදී හින්දු ජනයා මුහුදට, පරිශුද්ධ දිය ඇලිවලට සහ ගංගාවන්ට ගොස්, ඒවා උතුම් ශ්‍රී සරස්වතී දව මෑණියන්ට පුද කර, උදැසනම බැතිමතුන් එම ජලයෙන් පවිත්‍ර වෙති. ඉන් පසුව ඔව්න් යම් යම් දේ බෙදා ගනිමින් “බෙබෙක් බෙටුටු” හා “නාසි කුනින්ග්” වැනි මංගල්‍යන් පවත්වති.

සරස්වතී දිනය උත්සවයන්ට ඉතා දීර්ග ඉතිහාසයක් පවතී. අසන්න දශක කිහිපයෙහිම මෙම උත්සවය ඉන්දුනීසියාවේ හින්දු ජනයා අතර වඩාත් දන්නා උත්සවය බවට පත් විය. එලෙසින්ම මෙම උත්සවය නාට්‍යාංග සහ නර්තන අංගයන්ගෙන් පිරි උත්සවයක් වේ.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.