මා විසින් මෙම විෂය සම්බන්ධයෙන් පනස්‌වන දශකයේ පළවූ ලිපි එලෙසින්ම පළ කළේ එකල භාවිත කළ භාෂා ශෛලීය සහ මේ සම්බන්ධයෙන් විද්වතුන් තුළ තිබූ උනන්දුවද හුවාදක්‌වනු පිණිසයි. නමුත් තම මතය තහවුරු කිරීම සඳහා “දෙවියන්” පිළිබඳව සමහර තැන්හි සඳහන් කර ඇති දෑ කතෝලික බැතිමතුන්ගේ නොසතුටට සහ චිත්ත සන්තාපයට හේතුවීමට ඉඩ ඇති බැවින් මින් පසුව එම ලිපිවල එම කොටස්‌ අත්හැර කරුණු පමණක්‌ හැකිතාක්‌ දුරට සඳහන් කරන බවද දන්වා සිටිමි.

(1953 පෙබරවාරි මස සිංහල බෞද්ධයා – පුරාවෘත විශේෂඥ එස්‌. කුලතිලක විසින් පළ කළ ලිපියේ ඉතිරි කොටස මෙසේයá)


“රෝමයේ තිබෙන සුරක්‍ෂිත මළ සිරුරු හා සාවියර්තුමාගේ සිරුර හුදු දේව බලයෙන් බව ලෝවැස්‌සන්ට නිශ්චයෙන් පිළිගැනීමට සුවඳක්‌ විහිදුවීම වැනි විශේෂ යමක්‌ එහි තිබේද? නැත. “ඇන්ටෝනියෝ වුල්ෂ් ගැන්ගෝද සිල්වා” නමැති කතෝලික මහා වෛද්‍යවරයා පවා තීන්දු කර ඇත්තේ මෙය “එම්බාම් කරන ලද ශරීරයක්‌” වශයෙනි. එබැවින් සාවියර් සිරුර මෙන් මිසර අවධියෙන් මෙහා පවතින සිරුරු සියල්ල දේව බලයෙන් නොව බෙහෙත් සංයෝග බලයෙන් සුරක්‍ෂිත කළ මළ සිරුරු බව සනාථ වේ. එම මතය බොරු කිරීමට නම් මිසර කාලයෙන් එහා සිටි දෙවියන් විසින් නොදිරා තිබීමට ආශිර්වාද කළ දේව භක්‌තිකයකුගේ සිරුරක්‌ තිබෙන තැනක්‌ ලෝකයාට පෙන්විය යුතුයි….

“දැනට මෙසේ ලොව ඇති තාක්‌ පල්ලිවල තිබෙන සේවියර්ගේ බඳු සිරුරු රෝමානු කතෝලිකයන්ගේ වේ. නමුත් කැන්ටබරියේ අග්‍ර බිෂොප්තුමා ආදීන් ඇතුළු අන්‍ය නිකායවල ක්‍රිස්‌තියානින්ට දෙවියන් වහන්සේගේ එම ආශිර්වාදය ලැබී නැත. මන්ද එම අන්‍ය නිකායන්හි පල්ලි එකකවත් ඒ ආකාරයේ සිරුරු නැති බැවිනි…

“ක්‍රම ක්‍රමයෙන් ලෝකයෙහි ප්‍රඥවන්තයන් බිහිවී ඖෂධ සංයෝගානුසාරයෙන් මළ සිරුරු නරක්‌ නොවී දීර්ඝ කාලයක්‌ තබාගැනීමට පුළුවන් ක්‍රම දැන සිටි බැව් මිසර “මමීස්‌” නම් සුරක්‍ෂිත කරන ලද මළ සිරුරුවලින් පවා සනාථ වේ. මෙලෙස ඖෂධ කවා සුරක්‍ෂිත කරන ලද එම මෘතදේහ ඒ තිබූ තැන්වලින් රහසින් ගෙන තම අදහස්‌වලට ගැලපෙන අයුරින් වෙනස්‌කොට ස්‌වලබ්ධිකයන්ගේ අන්ධ භක්‌තිය වඩාත් තහවුරු කරනුවස්‌ පෙන්වමින්, මහෝත්තම දෙවියන් විසින් විනිශ්චය දවස එනතුරු නොදිරා ආශිර්වාද කොට දෙවා වදාරන ලදැයි කියමින් රෝමානු කතෝලික පල්ලිවල තබා ඇත. සත්‍ය මෙය නොවේ නම් එංගලන්ත සභා ආදී වෙනත් ක්‍රිස්‌තියානි නිකායයෙහි එක පල්ලියකවත් එවන් සිරුරු නැත්තේ ඇයි…?

“බෞද්ධ අප තුළ මේ පිළිබඳව තවත් සැකයක්‌ ඇත. එනම් කතෝලික හැම පූජා ප්‍රසාදිවරයන්ගේ සිරුරේ කොටසක්‌ මෙන් බෙල්ලේ හෝ ඉනේ ශුද්ධ වූ ලොකු කුරුසියක්‌ තිබෙන මුත් මෙම සිරුර මත එවැන්නක්‌ නොමැත්තේ ඇයි යන කරුණයි…

“සෑම කතෝලික පාදිලිවරුන්ගේම මෘත දේහ තබාලන ආගමානුකූල සිරිත නම් දෙවියන් බලන සේ මුහුණ උඩට හරවා සිරුර උඩුබැල්මෙන් සතපා තිබීමයි. නමුත් මේ සිරුර තිබෙන්නේ වම්පසට ඇලවය. අතද සිරුරෙන් ඈතට විසිවී ඇත. තිබෙන එකම අතවත් මළ විගස පපුව මත තබා නැත. කුරුසියද අතින් ගෙන නැත. උඩුබැල්මෙන් සතපාද නැත….

“රාහුල සඟරජතුමා යම් රෝගයක්‌ වැළඳ නොමළ බවත් ආයුක්‍ෂය හේතුවෙන්ම අපවත් වූ බවත් කියමු. එතුමා මෙලොව හැර යන මොහොත පවා ආයුර්දය ක්‍රමයෙන් දැන සිටි සේක. ඒ දින තුන හතරකට පෙර චාරිත්‍ර අනුව හිස රැවුල් බා අගනා සිවුරක්‌ පොරවාගෙන සිට ඉන් මඳ වෙලාවකට ප්‍රථම ඒ තිබූ “ගල් දොaලාවේ”හි දකුණු අත නමා හිසට තබාගෙන වම් හස්‌තය සිරි දේහය මත තබා අනගාරික උතුමෙක්‌ සැතපෙන පුරුදු ලීලාවෙන් අන්තිම ෙශ්‍යාවෙන් එහි සැතපී වදාරන්නට ඇත. ප්‍රාණය නිරුද්ධ වූ ඉක්‌බිති කලින් එතුමා සකස්‌ කරවා තබා තිබූ සුගන්ධ තෛලය දෙන පුරා වත් කර, පියන වසන්නට කෙනකුට විධාන කොට තිබූ බව පරම්පරාගතව එන කතාවලින් පෙනේ. එහි එසේ රහස්‌ව තිබූ ඒ සිරුර අර්ධ ශතවර්ෂයක්‌ නරක්‌ නොවී තිබූ පසු ඔය සාවියර් පාදිලිතුමාට ලැබෙන්නට ඇත. එතුමා එම සිරුරගෙන යන්නට ඇත්තේ මේ පසුව ඇති වන විප්ලවය ගැන අදහස්‌ දැන යෑයි නොසිතමු. එහෙත් මිසරවාසීන්ට වඩා ලක්‌වැසියන්ට අද්භූත අන්දමින් මෘත දේහය සුරක්‍ෂිත කිරීම පුළුවන් බව තම වර්ගයාට හෝ ආගමික උසස්‌ අයට හෝ පෙන්වීමට ගෙනගොස්‌ තබා චීන, ජපන් ආදී රටවල් කරා ගොස්‌ ආපසු එන අතරේ නැවේදී මියගොස්‌ තිබේ. සිරුර ගෝවේට ගෙන එන විට හොඳ හැටි දරදඬුව කාලයක්‌ ගතව ඉවර නිසා සාවියර් නම් හිතවතාගේ මෘත දේහය මේ යෑයි කියා ලොවට ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන්ම අදහස්‌ කළ ඒ සාවියර් තුමාට බොහෝ ලැදිව සිටි පූජකවරයකු ඒ සිරුරෙහි නමා හිසට තබා තිබූ දකුණු අත එවිට මුලින් නොකපා නම් ඒ තිබූ ඉරියව්ව වසාලන්නට ක්‍රමයක්‌ නැති බව පෙනුනෙන්ද, එසේම අප පෙර දැක්‌වූ පරිදි කවි කොටවා තිබූ නිසාත්, ඒ “කරදර” අත මුලින්ම කපා සඟවා සිට කාලයකට පසුව රෝමයේ පෝල් පාප්තුමා හට වැලමිටින් එහා කොටස යවා අකුරු කොටා තිබූ කොටස විනාශ කළ බව අපේ අදහසයි.

ඉතිරි වමත වත් පාදිලි සිරිතට අනුව පපුව උඩ තබාලීමට පවා (දරදඬුකමින්) බැරිව, වෙන කරන්නට දෙයක්‌ නැති නිසාම මොනම සිරිතකටවත් නැති අන්දමට ඒ අත ඔය දැන් තිබෙන ලෙස දේහයෙන් මඳක්‌ ඈත් කොට හදිසියෙන් ලත් මාරක පහරකින් මැරී වැටුණු කෙනකුගේ සිරුරක්‌ මෙන් දැන් ඔය තබා ඇති අව පිළිවෙළට තැබීමට සිදුවූ බව පෙනේ. ඒ වම් අතේ එවිට ගල්වී තිබූ ඇඟිලි අස්‌සේවත් පුරුදු කුරුසිය රඳවා පෙනෙන්නට වත් තබන්නට බැරි වී ඇත. කෙසේ වෙතත් ඒ බැරිවීම ගැන අපි වැඩි අකමැත්තක්‌ නැති බව කියමු.”

(1878 වර්ෂයේ නොවැම්බර් 29 වැනි දින මෙම දේහය බැලීමට ගිය බවුරින් බිෂොප්තුමා බොම්බායේ කතෝලික ඇගිසැමිනර් පත්‍රයට ලියා එවූ ලිපියෙන් මීලග ලිපියෙන්)

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.