උපන් හැම භවයකම මල් වැසි ඇද වැටෙන භගු මහ රහතන් වහන්සේ . . . . .

භගු මහරහතන් වහන්සේ වනාහී මෙයින් කල්ප ලක්‍ෂයකට පුවයෙහි බුදු වු පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලයෙයක උත්පත්තිය ලැබුවේය. මෙතුමා වැඩි වියට පත් වූ කහි බුදුන් වහන්සේගෙන් බණ අසා අනාගතයෙහි දී රහත් වනු පිණිස ප්‍රාර්ථනා කළේය. ඒ අනුව සසර බොහෝ කාලයක් පින්දහම් කොට අනතුරුව අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සාක්‍යරාජ කුලයෙහි ඉපිද හගු නමින් ප්‍රසිද්ධව වාසය කළේය. මෙසේ වාසය කරන අතර අපගේ සර්වඥයන් වහන්සේ නෑයන්ට සංග්‍රහ කරනු පිණිස කිඹුල්වත් නුවරට වැඩි අවස්ථාවේ බොහෝ සාක්‍යකුල වතුන් පැවිදි වූහ. අනුරුද්ධ කුමාරයා ඇතුළු සාක්‍ය කුමාරවරුන් පැවිදිවන අවස්ථාවෙහි භගු කුමාරයාද ඒ සමගම පැවිදි විය.

දිනක් භගු ස්ථවිරයන් වහන්සේ බාලක ලෝණ ගම වාසය කරන්නේ සිතෙහි අලසකම දුරු කිරීම පිණිස සක්මන් කරන අවස්ථාවෙහි සක්මනින් ඇද වැටුනහ. උන් වහන්සේ එයම අරමුණු කොට ථිනමිද්ධය පහ කොට විදර්ශනා වඩා රහත් වූ සේක. බුදුරජාණන් වහන්සේ දිනක් භගු තෙරුන් අමතා කිමෙක් ද භගු, අප්‍රමාදව වාසය කරන්නෙහිදැ යි විචාළ සේක. එවිට භගු තෙරුන් වහන්සේ මෙසේ පැවසූහ. ” මම මිද්ධයෙන් මඩනා ලද්දෙමි විහාරයෙන් සක්මනට නික්මුණෙමි, සක්මණට නැගෙනුයෙම් එහි ම බිම වැටුණෙමි. ඒ මම අවයවයන් පිරි මැදගෙන යළිදු සක්මනට නැග සක්මන් කෙළෙමි. සිතද සන්සුන් කර ගනිමි. එයින් මට යෝනිසෝ මනසිකාරය උපන. ආදිනව පහළ වී. එයින් මාගේ සිත කෙළෙසුන් කෙරෙන් මිදිණ. මම රහතෙක් වීමි” භගු තෙරුන් වහන්සේ පියුමතුරා නම් බුදුන්ට දැසමන් මල් පූජාවක් කළ කුසලය හේතු කොට ගෙන උපදින උපදින හැම ආත්මයකම උන් වහන්සේට මල් වැසි වසින බවත්, මෙම ආත්මයේ දී ද එසේම මල් වැසි වැස බවත් අපදානයෙහි සඳහන්

error: Content is protected by www.ifbcnet.org.