ආශ්චර්යයන් යනු මොනවා ද?

ආශ්චර්යය යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ ආසියාවේ ආශ්චර්යය ආදී තැන්වල දී කියෑවෙන දේවල් නො වේ. ආශ්චර්යය යනු, සිතාගැනීමට, අදහා ගැනීමට නො හැකි දේ හැඳින්වීමට යොදා ගැනෙන පදයක්‌ ලෙස ගැනීම වඩාත් සුදුසු ය. තව ද, බටහිර විද්‍යාවෙන් පැහැදිලි කළ නො හැකි එසේ නොමැති නම් එයට එරෙහි ව යන දැ හැඳින්වීමට මෙහි දී ‘ආශ්චර්යය’ යන්න යෙදේ. විවිධ ආගමික මතවාද දරන්නෝ, විවිධ දේවාල, කෝවිල් ඇසුරු කරන්නෝ තම තමන්ට අදාළ ශාස්‌තෘන්ට සහ අදාළ ස්‌ථානවලට සබැඳි ව මෙවැනි ආශ්චර්යයන් ඇතැ’යි පෙන්වීමට උත්සාහ ගනිති. එසේ ම, බටහිර විද්‍යාව තම ආගම කරගත්තෝ එවැනි දැ නැතැ’යි පෙන්වීමට උත්සාහ ගනිති. ඔවුන් බොහෝ විට පෙන්වීමට උත්සාහ ගන්නේ මේ ආශ්චර්යයන් ලෙස සලකන දැ සැබෑ ආශ්චර්යයන් එනම්, බටහිර විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි හෝ ඊට එරෙහි ව යන දැ නො ව ඊට අනුගත, එමඟින් පැහැදිලි කළ හැකි දැ බව ය. එසේ නොමැති නම් මේ උදවිය (බටහිර විද්‍යාව තම ආගම කරගත්) පවසනු ඇත්තේ, විද්‍යාව, ඉදිරියේ දී මේ පිළිබඳ ව නිවැරැදි විග්‍රහයක්‌ කරනු ඇති බව ය.
මේ සියල්ල පිටුපස ඇත්තේ, අප සහ අප අවට සියල්ල පිළිබඳ සියල්ල දැනගැනීමේ ඒකායන මඟ බටහිර විද්‍යාව ය යන අදහස ය. දැනුම ලැබී ඇත්තේ, සහ ඉදිරියට ලැබෙන්නේ මේ (බටහිර) විද්‍යාව ඔස්‌සේ පමණක්‌ බව මෙහි අදහස ය.
බටහිර විද්‍යාවේ සීමා පිළිබඳ ව විදුසර පාඨකයාට අමුතුවෙන් කියා දිය යුතු නැත. විශේෂයෙන් පසුගිය සංවත්සර කලාපය කියෑවීමෙන් වුව ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ ලද හැකි ය.


බටහිර විද්‍යාව තම මූලික ම සීමාව දමාගන්නේ මනීන්ද්‍රිය මඟහැරීමෙනි. මනීන්ද්‍රිය වැඩීමෙන් ග්‍රහණය කර ගත හැකි දැ සහ මනස වැඩීම පිළිබඳ ව බටහිර විද්‍යාව නිහඬ ය. එය පංෙච්න්ද්‍රියන්ට සීමා වේ. මේ පංචේන්ද්‍රිය අත්දැකීම්වලට වුව මනස සබැඳි වුව ද බටහිර විදයාව ඒ බව පවා නො දනී. බටහිර විද්‍යාව සියල්ල පංචේන්ද්‍රියයන් ඔස්‌සේ අවබෝධ කරගැනීමට යත්න දරමින් සිටී. පෙර සඳහන් මනීන්ද්‍රිය අද්දැකීම් වුව විද්‍යාවට (බටහිර) අනුගත ව ඇත්තේ, ඒවා පංචේන්ද්‍රිය මඟින් ග්‍රහණය කරගත හැකි නම් හෝ /හා ඒ ආශ්‍රිත ආකෘති ඔස්‌සේ විග්‍රහ කළ හැකි නම් ය. ඇස්‌ නො පෙනෙන අයකු රූප පෙනීම ආදිය සෙසු ඉන්ද්‍රිය ඇසුරින් තේරුම් ගැනීමට උත්සාහ ගැනීමට මෙය කිසිසේත් නො දෙවැනි ය.
මනීන්ද්‍රිය අත්දැකීම් නොමැති අයකු වුව පංචේන්ද්‍රිය අත්දැකීම්වලින් පිටස්‌තර ව ද ‘ලෝකයක්‌’ පැවතිය හැකි බව පිළිගැනීම, පංචේන්ද්‍රියයන් ඇසුරින් එවැන්නක පැවැත්ම තහවුරු කරන තුරු එවැන්නක පැවැත්ම නො පිළිගැනීමට වඩා බොහෝ වැදගත් ක්‍රියාවකි. පංචේන්ද්‍රියයන් ඔස්‌සේ ම ඉන් පිටස්‌තර දැ තහවුරු කෙරෙන තුරු සිටින තැනැත්තා මනීන්ද්‍රිය වැඩීමට උත්සාහ නො ගනී. මෙය අප මීට පෙර ද දක්‌වා ඇති පරිදි ඇස්‌ නො පෙනෙන කෙනකු සෙසු ඉන්ද්‍රිය මඟින් රූප පෙනීම ආදිය තහවුරු කෙරෙන තුරු තම අන්ධ දැස්‌ සඳහා ප්‍රතිකාර නො ගන්නවා වැනි ය.
සම්මා සම්බුදුරජාණන්වහන්සේ යනු, මනීන්ද්‍රිය වැඩීම (ධ්‍යාන වැඩීම ආදිය මඟින්) කාම, රූප, අරූප සහ සමස්‌ත සංසාරයේ ඇති තතු මුළුමනින් ම අවබෝධ කරගත් උතුමන් වහන්සේ ය. ධර්මය වූ කලී බුදුන්වහන්සේ ගේ නිර්මාණයක්‌ නො වේ. එය සසරේ ඇති තතු ය. චිත්ත, චෛතසික රූප යන පරමාර්ථ ධර්ම සූවිසි ප්‍රත්‍යයනට අනුකූල ව හේතුඵල දහම තුළ සසර ක්‍රියාත්මක වේ. පොල් ගසක්‌ පැළ වීම, පොල්ගෙඩි හටගැනීම, එය පොළොවට වැටීම, ඉර නැඟීම, බැස යැම ආදියේ සිට යමාමහ පෙළහර, බුද්ධ චරිතයේ සිදුවීම් ඇසුරු කරගෙන පොළොව කම්පා වීම ආදිය දක්‌වා සියල්ල මේ සසරෙහි ස්‌වාභාවික ක්‍රියා ය. සසරේ අතිශය ස්‌වල්ප මාත්‍ර වූ කොටසක්‌ අත්දකින අපට මේ ඇතැම් දැ සිතා ගැනීමට නො හැකි වුවත් මේවායේ කිසිදු අද්භූත ආශ්චර්යවත් කිසිවක්‌ නැත. මේ සියල්ල ‘බුද්ධ ඥනයට’ අතැඹුලක්‌ සේ පැහැදිලි ය. බුදුරැස්‌a විහිදීම, දේවතා එළි ඇති වීම ආදිය ද මෙපරිදි ම ය.
සංසාරගත සමස්‌ත ක්‍රියාවලියේ අතිශය අංශු මාත්‍ර වූ කොටසක්‌ බටහිර විද්‍යාවට ද ගෝචර වේ. එසේ නොමැති නම් එම විද්‍යාවේ ආකෘති ඇසුරින් තේරුම් ගත හැකි ය. එහෙත්, මේ අංශුමාත්‍රීය ස්‌වභාවය අප මැනැවින් තේරුම් ගත යුතු ය. එසේ නොමැති ව මේ අංශුමාත්‍රය ඔස්‌සේ සමස්‌ත සංසාරගත ක්‍රියාවලිය ම විග්‍රහ කෙරුමට උත්සාහ ගැනුම නම් මහ අඥානකමකි.
බුදුපිළිමවලින් බුදුරැස්‌ විහිදීමේ දී එහි අවසාන වශයෙන් පෙනීම ඇසුරු කරගත් සුළු කොටසක්‌ ඇතැම් විට බටහිර ප්‍රකාශ විද්‍යාවට ද සංවේදී වනවා විය හැකි ය. එහෙත්, එය මුළුමනින් ම එම ප්‍රකාශ විද්‍යාවට පැහැදිලිs කළ හැකි ද? මෙසේ ම, බුද්ධ චරිතයේ ඇතැම් සිදුවීම් සමග පොළොව කම්පා වීම නිසා ද මේ බටහිර විද්‍යාඥයන් පවසනු ඇත්තේ පොළොවේ භූ තල ගැටීම නිසා මෙසේ සිදු වන බවත් එය විද්‍යානුකූල බවත් ය. පොළෝ කම්පා වීමේ අවසාන කොටස එනම්, භූතල ගැටීම ය යන්න පිළිබඳ ගැටලුවක්‌ නැත. එහෙත්, ගැටලුව වන්නේ, එය ඒ ආකාරයට ඒ ඒ ස්‌ථානවල දී ඒ කාලවල දී ඒ ප්‍රදේශවලින් සිදු වූයේ ඇයි ද? කෙසේ ද? ආදියයි.
සුනාමි ඇරඹී මහ ව්‍යසනයක්‌ වීමේ දී ද බටහිර විද්‍යාවට එහි අග කොටස ගෝචර ය. එනම්, භූ තල ගැටීම, කම්පන ඇති වීම, මුහුද කැළඹීම, රළ ඇති වීම, ඒවා ගොඩබිමට කඩා වැදීම ආදියයි. එහෙත්, මේ භූතල ගැටීම ඒ ආකාරයට ඒ දිනවල දී ඒ ප්‍රමාණවලින් ඒ ස්‌ථානවල දී සිදු වූයේ ඇයි? ආදී ගැටලුවලට තබා මේ රළ නිසා අතිශයින් ම සුනාමි රළට නිරාවරණය වන ස්‌ථානවල තිබූ බුදුපිළිම විනාශ නො වූයේ ඇයි ද යන්න වත් බටහිර විද්‍යාවට ගෝචර ද? මේ පිටුපස ක්‍රියාත්මක කර්ම නියාමය විද්‍යාවට ගෝචර ද? ඉතින් විද්‍යාවට (බටහිර) ගෝචර නැතැ’යි අප මේ සියල්ල මිථ්‍යා ලෙස ප්‍රතික්‍ෂේප කරමු ද ?
අප මිරිගුව සැබෑ ලෙසට ම මිරිගුවක්‌ යනුවෙන් සඳහන් කරන්නේ, එවැන්නක්‌ බටහිර ප්‍රකාශ විද්‍යාවට අනුව සිදු විය හැකි නිසා පමණක්‌ නො ව ඒ බැව් එතැනට ගොස්‌ එහි ජලය නොමැති බව ද තහවුරු කරගත හැකි නිසා ය. එසේ නොමැති ව බටහිර විද්‍යාවට අනුකූල ව සිදු විය හැකි වීම නිසා පමණක්‌ එය එම සිදුවීම ම ය යන නිගමනයට එළැඹීම මොන තරම් පටු දෙයක්‌ ද? බුදුරැස්‌ විහිදීම හා සම්බන්ධ විග්‍රහයන් ද මීට වඩා වෙනස්‌ නො වේ.
සෝමාවතිය චෛත්‍යරාජයාණන් වහන්සේ ගෙන් විවිධ රැස්‌ මාලා විහිදෙන ඡායාරූප අප දැක ඇත. එසේ ම, ඒවා පියවි ඇසින් දුටුවන් ගෙන් ඒ පිළිබඳ ව අසා ඇත. මේ රැස්‌ බටහිර විද්‍යාවේ කියෑවෙන විද්යුත් චුම්බක තරංගවලට අයත් ඒවා වනවා විය හැකි ය. ඒ පිළිබඳ ගැටලුවක්‌ නැත. එසේ ම, ඒවා දාගැබෙන් නිකුත් වීම ද බටහිර විද්‍යාවට අනුකූල වනවා විය හැකි ය. එහෙත් ඒ සමග ඒ අදාළ පෘෂ්ඨයට ඒ අදාළ උෂ්ණත්වය ආදිය ලැබුණේ කෙසේ ද? එය එවැනි අවස්‌ථාවල ම ඇති වන්නේ කෙසේ ද? භෞතික වශයෙන් ඊට සම වෙනත් එවැනි පෘෂ්ඨවලින් එවැනි රැස්‌ නො විහිදෙන්නේ ඇයි? මේ ආකාර සැම දාගැබකින් ම මේ ආකාරයට රැස්‌ නො විහිදෙන්නේ ඇයි? අදාළ ආචරණයේ අග අතිශය සුඵ කොටස පමණක්‌ සැලකිල්ලට ගනිමින් එය කෙසේ හෝ බටහිර විද්‍යාවට ගැට ගැසීමට මේ ගන්නා උත්සාහය කොපමණ බුද්ධි ගෝචර ද?
අප මීට පෙර ද දක්‌වා ඇති පරිදි සුළි සුළඟක්‌ ඇති වීමේ දී එහි අවසාන කොටස විග්‍රහ කෙරුමට බටහිර විද්‍යාවට හැකි ය. එහෙත් එහි මූලික අවස්‌ථා පිළිබද ව බටහිර විද්‍යාවට කිසිවක්‌ කිව නො හැකි ය. භූමිකම්පා පිළිබඳව ද එසේ ම ය. ඉතින් මේ ආචරණවල අග කොටස්‌ පමණක්‌ ගෝචර බටහිර විද්‍යාව අල්ලාගෙන ඉන් පිටස්‌තර කිසිවක්‌ නැත හෝ එවැන්නක්‌ ඇත්නම් එය ද විද්‍යාවේ පංෙච්න්ද්‍රිය ක්‍රමවේදය ඔස්‌සේ ම පමණක්‌ දැනගත හැකි ය ලෙස පිළිගැනීම පිළිබඳ ව කිව හැක්‌කේ කවරක්‌ ද?
පංෙච්න්ද්‍රියයන්ට ලැබෙන ඇතැම් අත්දැකීම් පැහැදිලිs කරගැනුමට සමත් ආකෘති කිහිපයකින් බටහිර විද්‍යාව සමන්විත ය. මේ ආකෘති පංචේන්ද්‍රිය ගෝචර නැත. එසේ ම මේ සියල්ල උද්ගාමී තර්කය මත පදනම් වේ. මේ නිසා ම මේ ප්‍රවාද අනාගතයේ ඕනෑ ම අවස්‌ථාවක බිඳවැටීමේ අවදානමෙන් මිදී නැත. එහෙත් ධර්මය එසේ නො වේ. එය තිලෝගුරු, ලෝකවිදු බුදුරජාණන්වහන්සේ විසින් පිරිසිඳ දත් දෙයකි. එය ආකෘතියක්‌ නො වේ. එහි උද්ගාමී තර්ක නැත.
අප මේ සියල්ල දන්නේ ප්‍රත්‍යක්‌ෂයෙන් දැයි දැන් කෙනකු අසනු බැරි නැත. අප මේවා දන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් නො වේ. අප මේවා දන්නේ ශ්‍රද්ධාවෙනි. විද්‍යාවේ සීමාවන් පිළිබඳ ව අපට කිසිදු ගැටලුවක්‌ නැත. එය විද්‍යාවේ ක්‍රමවේද, තර්ක ඔස්‌සේ ම පෙන්වා ලිය හැකි ය. මේ සීමාවන් දන්නා අප ගේ ධර්මය පිළිබඳ ශ්‍රද්ධාව තවත් වැඩි වේ. එසේ ම චිත්ත, චෛතසික, රූප පිළිබඳ විග්‍රහ සහ ඒ ඇසුරෙන් වන අතිශය අල්පමාත්‍ර වූ හෝ අත්දැකීම් නිසා මේ ශ්‍රද්ධාව තවත් වැඩි වේ.
අප කළ යුත්තේ ධර්මය හැදැරීම සහ එහි යෙදීම ය. එහි දී ලෞකික කටයුතුවල මතුපිට ඇතැම් දැ සදහා විද්‍යාව ද උපයෝගී කර ගත හැකි ය. සුනාමි ව්‍යසනයේ දී පංච නියාම අනුව (ධර්මයේ ස`දහන්) එහි අග මුල ධර්මයෙන් දැනගත හැකි ය. (ධර්මයේ යෙදී යම් ඵල ලැබූ උත්තමයන් ගෙන්). එසේ ම එහි මතුපිට ඇතැම් කොටස්‌ විද්‍යාවේ නියාම මඟින් ද දැනගත හැකි ය. කෙනකු මිය යැමේ අග මුල පංච නියාම තුළ මුඵමනින් ම දැනගත හැකි ය. එය හෘදයාබාධයක්‌, වකුගඩු අක්‍රිය වීමක්‌a ආදී ලෙස අතිශය මතුපිට ආසන්න කාරණා ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දැනගත හැකි ය. ඉතින් මේ අතිශය මතුපිට (සංසාරයේ) කාරණා ගැන ආකෘති තනන විද්‍යාවෙන් ධර්මයට අදාළ කාරණා මුළුමනින් ම විග්‍රහ කෙරුමට යැම විහි`ඵවකි.
එසේ ම එදිනෙදා ජීවිතයේ සරල ආචරණ ආශ්චර්යයන් ලෙස හුවා දැක්‌වීමට යැම ද විහි`ඵවකි.
මෙහි දී අතිශය වැදගත් වන්නේ යමක්‌ බටහිර විද්‍යාවෙන් විග්‍රහ කිරීමට ප්‍රථම බටහිර විද්‍යාවේ සීමාවන්a මැනැවින් හදුනාගෙන සිටීම ය. ඉහත සදහන් කළ බුදුරැස්‌ විහිදීම වැනි සංසිද්ධියක්‌ බටහිර විද්‍යාවෙන් මුඵමනින් ම විග්‍රහ කළ හැකි යෑයි මොහොතකට සිතමු. එහෙත් ඉන් ධර්මයට හානියක්‌ හෝ ගැටලුවක්‌ හෝ නැත. ධර්මය යනු සංසාරගත ස්‌වභාවයයි. මේ ස්‌වභාවය බටහිර විද්‍යාවට අවබෝධ කළ හැකි නම් මෙසේ විග්‍රහ කිරීම ගැටලුවක්‌ නො වේ. එහෙත් මේ අවබෝධය සදහා බටහිර විද්‍යාඥයන් බුදුන් දෙසූ මඟ යා යුතු ය. එහෙත් එවිට ඔවුන් තවදුරටත් සාම්ප්‍රදායික බටහිර විද්‍යාඥයන් නො වනු ඇත.
මේ අනුව අවසාන වශයෙන් සදහන් කළ යුත්තේ බුදු රැස්‌ විහිදීම, දේවතා එළි වැනි විශේෂයෙන් ධර්මයට සම්බන්ධ සිදුවීම්වල දී ඇතැම් විට බටහිර විද්‍යාවේ ආකෘති මඟින් පැහැදිලි කළ හැකි, ඒවායේ අතිශය මතුපිට (පරිධියේ) කොටස්‌ අල්ලාගෙන, ඒවායේ ඉන් ඔබ්බෙහි කිසිවක්‌ නැත යන ආකාරයේ අදහස්‌ දනවන කෑ කෝ ගැසීම් ඉතා බොළඳ ඒවා බව ය.
– කපිල පීරිස්‌
උපුටා ගැනීම
http://lankacnews.com/sinhala/main-news/52090/

බුදුරැස් විහිනෙ සෝමාවතිය
http://www.youtube.com/watch?v=yLdqwItKHC8
http://www.youtube.com/watch?v=WdJM8Qm8SZs
http://www.youtube.com/watch?v=4Cvu_ZL65jE
http://www.youtube.com/watch?v=fMdEMu0Sxag

මම සත්කෙරේ මෙත් සිතින් එරන්ද ලක්මාල්ද සිල්වා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.