Skip to main content

අසුර බල නැසූ ශිව දෙවියෝ …

හින්දු දේව කතා වල සඳහන් වන නිසා ලංකාවේ අපිට මහ දෙවියන් ගැන එතරම්ම හැඟීමක් නැත.
කතරගම දෙවියන්ට, භද්රකාලි මෑණියන්ට හෝ පත්තිනි මෑණියන් තරම් අපට ශිව දෙවියන් ගැන අදහසක් නැත.
– කෙසේ වුවද මැද විශ්වය හෙවත් මිනිසුන්ට වැඩියෙන්ම බලපාන කොටසේ සිටින බලගතු, අනුහස් සහිත දෙවි කෙනෙකි.කෙසේ වුවද, ලෝකයටම අධිරාජ්යයෙක්ව සිටි මහා රාවණ මහ රජතුමා දැඩි ශිව භක්තිකයෙක් බව සඳහන්ය. යෝග බලයෙන් යුතු රාවණ රජතුමාට ඒ සම්බන්ධව ආශිර්වාද ලබාදීමට මූලික වී ඇති දෙවි කෙනෙකි ඊශ්වර දෙවියන්.● ඊශ්වර දෙවියන්ට දේවීන් 3ක් යැයි සඳහන් වේ.
ප්රධාන දේවිය වන්නේ පාර්වතී මෑණියන් හෙවත් දුර්ගා මෑණියන්ය.
ඊලගට ගංගා දේවිය ගැන සඳහන් වන අතර උමයංගනා දේවිය ගැනද සඳහන් වෙයි.

● ලංකාවේ අතිමහත් වන්දනයට පාත්ර වන ස්කන්ධ කුමාර හෙවත් කතරගම/මුරුගන් දෙවියන්ගේද, සැමගේ ආදරයට පත්ව සිටින ගනේශ්වර හෙවත් ගණ දෙවියන්ගේද, කැලේ දෙවියන් යන නමින් ගෞරවබහුමානයට ලක්වන, අයියනායක බණ්ඩාර දෙවියන්ගේද පියා වන්නේ ශිව දෙවියන්ය.
– මෙහිදී ශිව දෙවියන් පෙර ආත්ම භාවයේ බලගතු ඍෂිවරයෙකි. අයියනායක බණ්ඩාර දෙවියන්ද පෙර ආත්ම භාවයේ ඍෂිවරයෙකි.

● සූර්යයාට මූලිකව ප්රධානත්වය දරන්නේ ශිව දෙවියන්ය. එනිසා හිරුගේ අපල දුරු වීමට මූලිකව පින් දිය යුත්තේ, ශිව දෙවියන්ටය. රාහු – කේතු ග්රහ පීඩනයන්ගෙන් මිදීමටද පින් දිය යුත්තේ ශිව දෙවියන්ටය.
* සූර්ය වන්දනාව පවා මුලින් ශිව දෙවියන්ට වන්දනා කර, ඉන්පසු සූර්ය දිව්ය රාජයාට වන්දනාමාන කිරීම යහපත්ය.

● තවද විශේෂයෙන් කිව යුත්තේ, දැන් සහ විශේෂයෙන් ඉදිරියේ පැමිණෙන වසර වල ධර්මයට ලෝකයම නැඹුරු වන කාලයක් උදාවෙමින් පවතින බවය. එහිදී අකුසල් තිබෙන පව්කාරයන්ට ඔවුන්ගේ කර්ම විපාක අනුව දඬුවම් දෙන්නට මූලික වන දෙවි කෙනෙකි ශිව දෙවියන්. ශිව දෙවියන්ගෙන් බලය ලබාගෙන දුර්ගා මෑණියන් සහ මහා භද්රකාලි මෑණියන් අධර්මය නැසූ ආකාරයන් ගැන පරණ කතා වල දැක්වේ.

– අපට කීමට උවමනා වන්නේ, ඔබ තව තවත් ධාර්මික විය යුතු බවයි.
– පසුගිය කාලයේ රට පුරා ඇති කල මතයක් ලෙස, සල්ලි තියෙනව නම් දෙවියන් උනත් යටයි යන කාරණය දැක්විය හැක. එසේ වුවද දෙවියන් සල්ලි හෝ වෙනත් කිසිවකින් රැවටිය නොහැක. දෙවිවරුන්ගේ අධ්යාත්මික ගුණය වැඩි අතර, අපට වඩා දහම ගැන අවබෝධයද වැඩිය.
එනිසා ඔබ යහපත් කෙනෙක් නම් පින්කම් කර දෙවියන්ට අනුමෝදන් කරන්න.
වැඩියෙන් ලොකු පූජා වට්ටියට දෙවිවරු කැමතියි යන මිථ්යා මත වලින් මිදෙන්න. තවද ඕනෑම දේවාලයක පැවැත්මට එතන සිටින කපු මහතුන්ට මුදල් දීම වරදක් නැත. එවන් තැන් පවත්වාගෙන යා යුතු බැවිනි. නමුත්
ඒ මුදල වැඩිවීම මත දෙවියන් ඔබට ආශිර්වාද නොකරයි.

● දෙවියන් ආශිර්වාද කරන්නේ සිල්වත් ගුණවත් යහපත් අයටය. ඔබට අකුසලයක් නැත්නම් ඔබ යහපත් කෙනෙක් නම් අනිවාර්ය ඔබට දෙවිවරු ආශිර්වාද කරනු ඇත. එය සිහි තබාගෙන කටයුතු කරන්න.

● කරන සියලු පින්කම් වලදී, මතක තබාගන්න පින්කම් කරන්නට මුදල් උවමනා නැත. අවශ්ය වන්නේ ශ්රද්ධාවයි.
කෑම කෑමෙන් අනතුරුව ඉඳුල් ස්වල්පය සහිත පිඟාන සේදීමේදී පවා, “ මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සතුන්ට ආහාරයක්, පානයක් වේවා “ යැයි ප්රාර්ථනා කිරිමම පින් ලැබෙන කටයුත්තකි.

ඒ ආකාරයට කරන සියලු පින්කම්, “ඉෂ්ට දෙවිවරු ඇතුළු සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි “ සිතින් ප්රාර්ථනා කරන්න( එක් එක් දෙවියන්ට පින් දෙන ගාථා කියන්නට අත්යාවශ්ය නැත).

එවිට ඔබගේ යම් අකුසලයක් පාපකර්මයක් අපලයක් තිබුනද ඒවායේ තරමක් හෝ දුරු වීමට දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇත. දෙවිවරු අපගේ පින් මත යැපෙන්නේ නැති බවද කිව යුතුය.
දෙවියන්ට පින් දීම බුදුන්වහන්සේ විසින්ද අනුමත කල කටයුත්තකි !

 

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.