
උදය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩි වියට පැමිණ එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා “අනාගතයෙහි රහත් භාවයට පැමිණෙන්නෙමි” යි ප්‍රාර්ථනා කොට නොයෙක් පින්කම් කළහ. හෙතෙම එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විඳ අපගේ බුදු රජාණන් වහන්සේ ගේ කාලයෙහි සැවැත් නුවර බ්‍රාහ්මණ කුලයක උපන්නේ ය. උදය මාණවක නමින් ප්‍රසිද්ධ ව සිටි හෙතෙම පසු කාලයක දී බාවාරි නම් තවුසාගේ ශිෂ්‍යයකු ව තවුස් දම් පිරිය. දිනක් බුදුරජාණන් වහන්සේ හමු වීමට තම පිරිවරත් සමග පැමිණි උදය තවුසා උන්වහන්සේන්ගෙන් මෙසේ ඇසීය
” සවාමීනි, අවිද්‍යාව දුරු කරන, කෙලෙසුන් දුරු කරන, රහත් බව ලබා ගැනීමට හැකි ක්‍රමය දේශනා කරනු මැනවි “
බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මෙසේ වදාළ සේක.
” උදය, කාම සිතුවිලිත්, දොමිනස් සිතුවිලිත් දුරු කරන, කයේ මැලිකම දුරු කරන, පසුතැවිලි දුරු කරන , උපේක්ෂා ස්මෘති දෙකින් යුක්ත, අවිද්‍යාව නසන්නාට රහත් බවට පැමිණිය හැකිය. “
නැවතත් උදය බමුණා මෙසේ ඇසීය. ” ලෝකයෙහි බැඳීම් කවරේ ද? හැසිරීම් කවරේ ද? කුමක් ප්‍රහීන කිරීමට නිවන යයි කියනු ලැබේ ද? “
ඊට පිලිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
” නන්දි නම් තෘෂ්ණාව ලෝකයෙහි බැඳී මයි. විතර්කය හැසිරිමයි. තෘෂ්ණාව දුරුකිරිමට නිවන යයි කියනු ලැබේ. “
මේ දේශනාව කෙළවර උදය තවුසා ඇතුළු දහසක් තවුසෝ රහත් වූහ. බුදුරජාණන් වහන්සේ ඔවුන් සියලු දෙනාම එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කළසේක. උදය මහරහතන් වහන්සේ අසූ මහා ශ්‍රාවක පිරිසට ද අයත් වූ ස්ත.