Skip to main content

අරූප ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය මහා පන්ථක මහ රහතන් වහන්සේ …

මෙයින් කල්ප ලක්ෂයකටයකට අතීතයේ දී පළවූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ අවධියෙහි එක්තරා කෙළඹි පුත්‍රයෙක් තම බාල සොහොයුරා සමඟ සර්වඥයන් වහන්සේ කාෙළඹ නිතිපතා දහම් අසයි. එක් දිනයක දී බුදුරජාණන් වහන්සේ අරූප ධ්‍යානයේ දී දක්ෂ වූ භික්ෂුවක අග්‍රස්ථානයෙහි තබන දැක කුල පුත්‍රයා මා විසින් ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේ නම් මැනවැයි සිතා බුදුපාමොක් මහ සඟනට සතියක් මහ දන් පවත්වා අවසානයේ දී බුදුරජාණන් වහන්සේට සිය අභිප්‍රාය දන්වා සිටියේය. සර්වඥයන් වහන්සේ ඔහුගේ අභිප්‍රාය සඵල වනු දැක් මෙයින් කල්ප ලක්ෂයකටයකට මත්තෙහි ලොව බුදුවන ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි දී ඔබට එම අග්‍රස්ථානයේ ලැබෙනු ඇතැ යි විවරණ දුන් සේකැ.

එකී කුල පුත්‍රතෙම එතැන් පටන් බොහෝ කුසල් කොට එයින් චුතව දිව්‍ය ලෝකයෙහි උපන්නේය. නැවත දෙවි මිනිසුන් සැප වලළඳා අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ මෙලොව පහළ වූ අවධියේ දී මුලින් සඳහන් වූ සහෝදර කුල පුත්‍රයා සමග රජගහ නුවර ධනවත් සිටු කුලයක පුත්‍රයන් උපන්නේය. ඒ පුවත් සිදු වූ අයුරු සැකෙවින් මෙසේයි. රජගහ නුවර ධනවත් සිටු ගෙදරක වාසය කළ සිටු කුමරියක් එක්තරා මෙහෙ කාරයෙකු සමග මිත්‍රව සිට මවුපියන් දැන ගනීවි යැයි බියෙන් ඔහු සමග රහසින් පලා ගියාය. කළත් ගෑමේ දී ඇයට දරු ගැබ්ක් හට ගැනිණ. දරුවා ලැබෙන්නට ආසන්න වූ කල්හි සිය ස්වාමියා ප්‍රතික්ෂේප කරද්දීත් ඇය දෙමව්පියන් කරායාමට හුදෙකලාව ම පිටත් වූවාය. ඒ බව දැනගත් ස්වාමියා ඇය සොයා ගෙන ඇය පසුපස ගියේය.

එක්තරා ස්ථානයකදී දෙදෙනා හමුවිය ඒ මොහොතේ දී ම ඇයට පුතෙකු ලැබෙන හෙයින් ගිය ගමන නවතා ආපසු ස්වාමියා සමඟ ගෙදරට පැමිණියා ය. මගදී උපන් හෙයින් පුතුට පන්ථක යයි නම් කරණ ලද්දේය. දෙවන වරට ද ඇයට දරු ගැබක් හට ගත් කල්හි මුලින් කී පරිදිම මවුපියන් හමුවීමට යද්දී තවත් පුත්‍රයකු අතරමගදී ලැබීය. ඒ දරුවාද මගදී උපන් හෙයින් පන්ථක යයි නම් තබා මුල් දරුවා මහා පන්ථක නමින්ද බාලයා චුල්ලපන්ථක චමින්ද නම් කෙරිණි. චුල්ලපන්තක පුත්‍රයාගේ චරිත අප චරිතාපදානය මීලග චුල්ලපන්තක චරිත කථාවෙහි දක්වනු ලැබේ මේ දරුවන් දෙදෙනා පසු කාලයක දී තම පුත්තණුවන් වෙත යවන ලද්දේය’

එහි සුවසේ වැඩුනාහ. මහා පන්ථක තෙමේ තම මුත්තනුවන් සමඟ නිතර විහාරයට ගොස් බණ අසා මෙසේ කලක් වූ කල්හි ඔහුට පැවිදි වීමට කැමැත්තක් පහලවිය. ඔහු ඒ බව තම මුත්තනුවන් ට දන්වා ඔහුගෙන් අවසර ලබාගෙන බුදු බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි විය. ඒ සාමණේරයන් වහන්සේ බොහෝ කොට ධර්මය ඉගෙන උපසම්පදාව ලැබ නොබෝ කලකින් සතර අරූපාවචර ධ්‍යානලාභීව රහත් බවට පත් වූ සේක මෙසේ ධ්‍යාන සුවයෙන්ද නිර්වාන සුවයෙන් ද කල් යවන්නාහු පසුකලකදී බුදු රජාණන් වහන්සේ භික්ෂූන්ට අග්‍රස්ථාන දෙන අවස්ථාවක ” අරූප ධ්‍යානලාභී භික්ෂූන් අතර එහි මහා පන්ථක තෙරුන් අග්‍ර වන්නේ යැ” යි අග්‍රස්ථානයෙහි තබා වදාළසේක

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.