Skip to main content

අටමස්ථානය සිංහාවලෝකනයෙන් ( සිංහයෙක් ආපසු හැරී බලන අයුරින් ) පිහිටා ඇතිබව ඔබ දන්නවාද ?

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු දඹදිව පැළලුප්නුවර අශෝකාරාමයේ පැවති තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස ලංකාව ඇතුළු සමීප රාජ්‍යයන් වෙත ධර්මදූතයන් පිටත් කර ධර්මප්‍රචාරය සිදු කෙරිණි. මිහඳු මාහිමියෝ ප්‍රමුඛ පිරිස ලංකාවට වැඩම කළේ ඒ අනුවය. ඒ පොසොන් පුර පසළොස්‌වක පොහොය දිනක දී ය. ලංකා රාජ්‍යය විචාළේ දෙවනපෑතිස්‌ රජතුමාය. ලංකාවට පැමිණි දෙවන දිනයේ මිහඳු හිමි ප්‍රධාන පිරිසට අනුරාධපුරයේ පිහිටි රජමාළිගයෙන් දන් පිරිනැමිණි. දන් වළදා අවසානයේ මිහඳු හිමියෝ පේතවත්ථු, විමානවත්ථු සහ පච්චසංයුක්‌තයෙන් ධර්ම දේශනා කළසේක. අනතුරුව දෙවනපෑතිස්‌ රජතුමන් විසින් මිහිඳු හිමියන්ට මහමෙවුනා උයන ස`ගසතු කොට පූජාකරන ලදී. රජතුමන් විසින් දෑසමන් මල් වට්‌ටියක්‌ ද පූජා කරන ලදී. මිහිඳු හිමියෝ දෙවනපෑතිස්‌ රජු සම`ග මහමෙවුනා උයනේ ඇවිද යමින් දෑසමන් මල් ඉසිමින් අටමස්‌ථානය පිහිටන තැන් සලකුණු කළ බව වංශකථාවල සදහන් ය.


එසේ මිහිඳු හිමියන් සලකුණු කළ ඇතැම් ස්‌ථානයන්හි විහාර ආරාම ගොඩ නැගුනේ මිහඳු හිමි දවස නොව ඊට පසු කාලවකවානුවල දී ය.

මේ අටමස්ථානයන් පිහිටා ඇත්තේ සිංහයෙක් ආපසු හැරී බලනා ආකාරයට බව සදහන් වේ. එය සිංහාවලෝකනය ලෙසින් හැදින්වේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙම සිංහාවලෝකනය අනුගමනය කල බව ධර්මයේ සදහන්ය. පිරිනිවන් පෑමට කුසිනාරාවට යන අතර තුර සිංහාවලෝකනයෙන් විශාලා මහනුවර දෙස බලා අනද හිමියන් අමතා “ ආනන්ද, මා විශාලා මහනුවර දකින අවසන් අවස්ථාවයැ” යි දේශනා කල බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ සදහන්ය. මේ පිලිබද වැඩි විස්තර පහත සබැදියෙන් ( Link) ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව අසා දැනගත හැකිය

අටමස්ථාන, සොළොස්මස්ථාන ඇතුලු බොහෝ සියලු විස්තර නරඹන්න

https://dhamma.ifbcnet.org/

රුවන් වැලි සෑයේ විස්තරයපෙිටුව අවසාන‍යේ වීඩි‍යෝ‍වෙන් නරඹන්න

http://wp.me/p4XCOM-kz

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.