Skip to main content
Category

බොදු පුවත්. ( Buddhism News )

කටුගෙයක් තුළ සැඟවූ මහනුවර රජවාසල …

By බොදු පුවත්. ( Buddhism News ) No Comments

ලංකාදීප වෙබ් අඩවිය වාර්ථා කරයි …
මහනුවර දළදා මාළිගාව පිහිටා තිබෙන ස්ථානය මෙරට සෑම දෙනෙකුම පාහේ දන්නා බව අමුතුවෙන් පැවසිය යුතු කරුණක් නොවේ. එහෙත් සෙංකඩගලපුර රජ මාළිගය හෙවත් රජවාසල පිහිටා තිබූ ස්ථානය මෙරට බොහෝ දෙනෙක් දන්නේ නැත. මහනුවර ජීවත්වන අයගෙන් බොහෝ දෙනෙක් ද ඒ අතර සිටීම පුදුමයට කරුණකි. රජ මාළිගාව පිහිටා තිබුණේ ද, දළදා මාළිගය අසලමය. මෙරට රජ මාළිගා අතුරින් තවමත් මේ තරමින් හෝ ඉතිරිව පවතින එකම රජමැඳුර මෙය පමණකි.

දැනට පුරාවිද්‍යා කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන යන රජවාසල පුරාවිද්‍යාත්මක කෞතුක භාණ්ඩ ප‍්‍රදර්ශනාගාරයක් නොවිය යුතුය. මෙරට බොහෝ දෙනෙකුගේ අදහස එයයි. කෙසේ වුවත්, පැරණි රජවාසල වශයෙන් සඳහන් වන්නේ එදා රජවාසලෙහි අමුත්තන් පිළිගැනීම සඳහා භාවිතා කළ ගොඩනැගිල්ලයි. නැතහොත් දැකුම් (දකින* මාළිගයයි. එසේ නම් රජවාසලෙහි අනෙකුත් ගොඩනැගිලිවලට සිදුවූයේ කුමක්ද?
ඉංග‍්‍රීසින් කන්ද උඩරට පාලන බලය ලබා ගැනීමත් සමඟම මෙරට රජවරුන්ගේ පාලන ක‍්‍රමය ද අවසන් විය. ඒ නිසාම මෙරට පිහිටි රජමැඳුරු ද විනාශ වූ අතර එහි නටබුන් පමණක් තැනින් තැන අදට ද දක්නට ලැබේ. එහෙත් තරමක් දුරට සතුටුදායක මට්ටමින් හෝ ඉතිරිව පවතින එකම රජමැදුර පිහිටා තිබෙන්නේ සෙංකඩගල පුරවරයේ ය. ඒ ”මහනුවර රජවාසලයි”. රජවාසල පිහිටා තිබෙන්නේ දළදා මාළිගාව අසලය. දැනට පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් භාවිතා කරන රජවාසල, මහනුවර දළදා මාළිගය දේව වීදිය ඉදිරිපිට පිහිටි සුදු සේලයෙන් වර්ණවත්ව පවතින දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පිහිටා තිබේ. වර්තමානයේ දිගු ගොඩනැගිල්ලක් වශයෙන් පැවතිය ද, අතීතයේ සේනාසම්මත වික‍්‍රමබාහු රජතුමාගේ සිට පාලකයන් දොළොස් දෙනෙක් වාසය කර තිබෙන විශාල මන්දිරයකි. Read More

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න …

By බොදු පුවත්. ( Buddhism News ) No Comments

සඳ හිරු සෑයට සැමගේ ශ්‍රම දායකත්වයත් වැදගත්

ඉස්සර හැදුවෙ බංකර දැන් හදන්නේ චෛත්‍යය

දාගැබ, චෛත්‍යය, ස්තූපය හා සෑය යනුවෙන් හැඳින්වෙන ඉදිකිරීම් වූ කලි බෞද්ධ දර්ශනයට අනුකූල දාර්ශනිකමය පදනමක් සහිත ඉදිකිරීමකි. මේ ස්තූප හෙවත් චෛත්‍යය ඉදිකිරීමට අපේ සිංහල බෞද්ධ ජනතාව පුදුම දස්කමක් හා කැපවීමක් දැක්වූහ. ඔවුහු එය සැලකුවේ ‘බුදුන් දකින පින්කමක්’ ලෙස ය.

අපේ රටේ එදත් අදත් මහා ස්තූපය රුවන්වැලිසෑය චෛත්‍යයයි. වසර 40 ක් අන්‍ය ආගමික පාලකයකු සතුව තිබූ රට මුදා ගැනීමේ විජයග්‍රහණයේ සංකේතය ලෙස එය ඉදිවිය. පැරණි රජ දවසින් පසු අපේ රටට පසුගිය වකවානුවේදී වසර 30 ක යුද්ධයකට මුහුණ දෙන්නට සිදු විය.

නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඍජු නායකත්වය යටතේ අද රට නිදහස ලබා ඇත. එමෙන් ම රට ආර්ථික ලෙස දියුණු වෙමින් පවතී.පැරණි රජ දවසින් පසු අපේ රට ඉතාමත්ම ස්ථාවරත්වයට සෞභාග්‍යත්වයට පත්ව‍ූ වකවානුවක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමය පෙන්වා දිය හැකි ය. රට සමාජයීය, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික ලෙස මෙතරම් ස්ථාවර යුගයක් රජ දවසින් පසු තවත් නැති තරම් ය. Read More

error: Content is protected by www.ifbcnet.org.