Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

522 මහාජනක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සර්වඥ රාජෝත්තමයන් වහන්සේ ජේතවනරාමයේ වැඩ වාසය කරන සේක්. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවඅරභයා මේ ජාතකය වදාල සේක

බුදුරජාණන් වහන්සේ මහාභිනික්මන් කළ නියාව ගැන දිනක් දම්සභා මණ්ඩපයේ භික්‍ෂුන් අතර උපන් කථාවක් අරභයා මහණෙනි, මේ ජාතියෙහි මෙය පුදුමයක් නොවේ. පෙර නමුහු කළ නුවණැති සමයෙහි පවා රාජ්‍ය හැර මහභිනික්මන් කළෝ වේදැයි ඉකුත් වත වදාල සේක.

යටගිය දවස මියුලු රාජ්‍ය කළ මහාජනක නම් රජ්ජුරුකෙනෙකුන්ට අරිටුජනකය පොලෝජනකය යයි දරුවන් දෙදෙනෙක් වූහ. කල්යාමේදී අරිටුජනක කුමාරුවන්ට යුවරජු තනතුරද පොලෝජනක කුමාරුවන්ට සෙනෙවිරත් තනතුර දී මහාජනක රජ්ජුරුවෝ මියපරලොව ගියහ. එවිට අරිටුජනක යුවරජ්ජුරුවෝ රාජ්‍යයට පැමිණ සෙනෙවිරත්දූරයෙහි සිටි මල් රාජ කුමාරුවන්ට යුවරජ තනතුර දී දැහැමෙන් රාජ්‍ය කරන සමයෙහි එක් ැමාත්‍යයෙක් අරිටුජනක රජ්ජුරුවන්ට කියන්නේ ස්වාමීනී, ඔබගේ රාජ්‍යය යුවරජ්ජුරුවන් වහන්සේ පැහැර ගැනීමට උත්සාහ කරතියි කියා මුසා කිය බිඳපීය. රජ්ජුවෝ මූ නැවත නැවතත් කියන්නේ සැබවයි සිතා මල් රජ්ජුවන් දඟගෙයි ලැවූහ. Read More

523 සාම ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මව්පියන්ට උවටැන් කරන එක් භික්‍ෂුවක් අරභය මේ ජාතකය වදාළ සේක.

සැවැත් නුවර අසූ කෙළක් ධනය ඇති එක් සිටු පුත්‍රකේ මව්පියන්ට අතිශයින් ප්‍රිය කරන්නේ ඒ දෙදෙනාට අවශ්‍ය උවටැන් සියල්ලක්ම තමා අතින් ඉටු කරන්නේය. හේ දිනක් බුදුන් හමුවට ගොස් බණ අසා මහණවනු කැමතිව ඉතා දුකසේ මව්පියන්ගෙන් අවසර ලබගෙන පැවිදිව ආරණ්‍යසේනාසනය පැමිණ දොළොස් අවුරුද්දක් උත්සාහ කොටත් කිසියම් ගුණ විශේෂයක් උපදවාගත නොහැකි විය.

උන්වහන්සේ මහණ වූ තැන් පටන් මව්පියන් දෙදෙනා ක්‍රමයෙන් දුක්පත් බවට පැමිණියාහුය. වස්තුව එකිනෙකා අත්කර ගත්හ. දැසිදස් ආදීහු මුතුමැණික් ආදී දේ රැගෙන පළා ගියහ. මෑත භාගයෙහි පැන් බිඳකුදු ලබා ගැනීමට තරම් කිසිවෙගෙන් සහායක් නොලැබ කිලිටි කඩමාලු හැඳ කබල් ගත් අත් ඇතිව සිඟා කා අවිඳින්නාහුය. Read More

524 නිමි ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

බුදුරජාණන් වහන්සේ මියුලු නුවර මුවදෙව් නම් අඹ උයන්හි සැරිසරා ඇවිදිනා සේක්. එක් සිත් කළු භූමි ප්‍රදේශයක් දැක පූර්ව චරිතයක් සිහි වී සිනහ පහළ කළ සේක. ඒ දුටු ආනන්දතෙරන් වහන්සේ උත්කටුකයෙන් හිඳ දොහොත් මුදුන් දී වැඳ ඊට හේතුව විචාල සේක. එවිට බුදුරජාණන් වහන්සේ ආනන්දයෙනි, මේ භූමිය පෙර මම මඛාදෙව නමින් රජව ධ්‍යාන කෙළි කෙළ විසූ තැන යයි පවසා තවත් පැහැදිළි කරනු සඳහා ඉකුත්වත වදාළ සේක.

එදා වේදේහ රට මියුළු නුවර රාජ්‍ය කළ මඛාදේව නම් රජ්ජුරු කෙනෙකුන් සුවාසු දහසක් අවුරුදු කුමාර කෙලියෙන් ද සුවාසු දහසක් අවුරුදු යුවරජු කමින් ද සුවාසු දහසක් අවුරුදු මහ රජ කමින් ද කල් යව කපුවා විසින් රන් අඩුවෙන් උගුල්ලා තම අතෙහි තුබූ නර කෙස දැක මරණය නලලට පැමිණියාක් මෙන් යයි නුවණින් සලකා බලා මගුල් කපුවාට ගම්වරයක් දී ජ්‍යෙෂ්ඨ පුත්‍රයා කැඳවා මම මහණ වෙමි. Read More

525 ඛණ්ඩහාල් ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ශාන්ති නායකයන් වහන්සේ රජගහනුවර තිසා වැව් ගිජුකුළු පව්වෙහි වසන සේක. දෙව්දත් තෙරුන් අරභයා මේ ජාතකය වදාළ සේක

දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේට විද ජීවිතක්‍ෂයට පත් කිරීම සදහා දුනුවායන් යවා තම උත්සාහය සඵලමත් නොවීය, මේ ගැන ධර්මසභා මණ්ඩපයෙහි භික්‍ෂූන් අතර කථාවක් උපන් කල්හි එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, පෙරත් මේ දේවදත්තයෝ මේ ජාතියේ මාවත් විදීමට ගිය දුනුවායනුත් මැරීමට උත්සාහ කොට ව්‍යර්ත වූවත් මෙන්ම පෙරත් මා ඇතළු බොහෝ දෙනෙක් මරුමුවට පත් කිරීමට වෙසෙස නිෂ්ඵල වූහයි ඉකුත්වත් වදාළ සේක.

යටගිය දවස බරණැස පුෂ්පවතී නුවර වසවර්ත්ති නම් රජකෙනෙකුගේ පුත්‍ර ඒකරාජ නම් රජ කෙනෙක් රාජ්‍ය කරන්නාහ. ඒ රජ්ජුරුවන්ගේ පුත්‍ර චන්‍ද කුමාරයෝ යුව රජු තනතුර දරති. ඛණ්ඩහාල නම් පුරෝහිත බ්‍රාහ්මණයා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අතර අත්සලම අගය කොට නීතියට පිටු පා අයුක්තියටස අදින්නේය. Read More

526 මහා නාරද කාෂ්‍යප ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර ලට්ඨි වනොද්‍යානයෙහි වසනසේක් උරුවෙල කාශ්‍යප දමනය අරභයා මේ ජාතකය වදාළසේක.

බුදුරජාණන් වහන්සේ තන්බෑ ජටිලයන් දමන යෙහිලා ඔවුන් දහසක් දෙනා පිරිවරන ලදුව ලට්ඨි වනොද්‍යානයට වැඩිසේක. ඒ අතර විසිදහසක් පමණ බ්‍රාහ්මණ ගෘහපතීන් හා සමඟ එහි පැමිණ බිම්සර රජ්ජුරුවන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට උන්හ. ඒ පිරිස අතර උන් ඇතැම් බ්‍රාහ්මණ ගෘහපතීන්ට ජටිල තාපසයන් දැක සංකාවෙන් උපන්නේය. කීමෙක්ද? උරුවෙල කාශ්‍යපයෝ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ගෝලයෙක්ද? ශ්‍රමණභවත් ගෞතමයෝ උැවෙල කාශ්‍යපයන්ගේ ගෝලයෙක්ද? ශ්‍රමණභවත් ගෞතමයෝ උරුවෙල කාශ්‍යපයන්ගේ ගෝලයෙක් ද? යන සැකයකි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනවු වැසි කාශ්‍යපය, කවර අරමුණක් දැක ගිනි දෙවියාට කරන්නාවු පූජාව ඇරපීද? මේකරුණ කා අතිනි විචාරමි. කියවයි වදාළසේක.පඤවකාමයෙහි ආදීනව දැක නිශ්ශාර වූ ගිනි දෙවියාට පිදීමෙන්වෙන්උනෙමි. මම ඔබවහන්සේ ගේශ්‍රාවකයෙක්මි ප්‍රකාශ කොට අහසට පැන නැගි බැස බුදුන්ගේ ශ්‍රිපාද පත්මය නමස්කාර කොට සිටිසේක. Read More

527 භුරිදත්ත ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සද්ධර්ම රාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක් පෙහෙවස් විසූ උපාසකවරුන් අරඹයා මේ ජාතකය වදාළසේක.

යටගිය දවස බරණැස රාජ්‍යය කළ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් තම පුත්‍රයාට යුවරජ තනතුර දී ඔහුගේ යස පිරිවර දැක මා මරා රාජ්‍යය පැහැර ගනිද්දෝ යන බියෙන් පුත තෙපි රටින් පිටව ගොස් මාගේ ඇවෑමෙන් පැමිණ රාජ්‍යය භාර ගනුවයි කීහ. කුමාරයෝ පියා වැඳ සමුගෙන නුවරින් නික්ම යමුනා ගංගාවටත් මුහුදටත් අතර පන්සලක් කොට ගෙන වන මුල් ඵලාපල අනුභව කරමින් වාසය කරන්නාහ. එසමයෙහි නාග භවනෙහි තම වල්ලභයා මළ එක් නාග මානවිකාවක් අන් අයගේ සම්පත් බලා දොම්නස්ව නාග භවනින් නික්ම මුහුදු වෙරළෙහි ඇවිදින්නී කුමාරයාගේ පියවර සටහන් දැක ඒ අනුව පන්සලට පැමිණියාය. එකල්හි කුමාරයෝ පලවැල සඳහා ගොස්ය. ඈ පන්සලට වැද තවුස් පිරිකර ආදිය දැක සිතන්නී මේ තාපසයෙක් වසන තැනකි. මොහු සැදැහැයෙන් පැවිදි වූ කෙනෙක්ද? නොහොත් රටින් නගන ලදුව පැවිදි වූ කෙනෙක්දැයි පරික්‍ෂා කරමි. ඉදින් සැදැහැයෙන් පැවිදි වූයේ නම් මා විසින් සරසන ලද යහන නොඉවසති. Read More

528 විදුර ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සද්ධර්ම රාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක් පෙහෙවස් විසූ උපාසකවරුන් අරඹයා මේ ජාතකය වදාළසේක.

යටගිය දවස බරණැස රාජ්‍යය කළ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් තම පුත්‍රයාට යුවරජ තනතුර දී ඔහුගේ යස පිරිවර දැක මා මරා රාජ්‍යය පැහැර ගනිද්දෝ යන බියෙන් පුත තෙපි රටින් පිටව ගොස් මාගේ ඇවෑමෙන් පැමිණ රාජ්‍යය භාර ගනුවයි කීහ. කුමාරයෝ පියා වැඳ සමුගෙන නුවරින් නික්ම යමුනා ගංගාවටත් මුහුදටත් අතර පන්සලක් කොට ගෙන වන මුල් ඵලාපල අනුභව කරමින් වාසය කරන්නාහ. එසමයෙහි නාග භවනෙහි තම වල්ලභයා මළ එක් නාග මානවිකාවක් අන් අයගේ සම්පත් බලා දොම්නස්ව නාග භවනින් නික්ම මුහුදු වෙරළෙහි ඇවිදින්නී කුමාරයාගේ පියවර සටහන් දැක ඒ අනුව පන්සලට පැමිණියාය. එකල්හි කුමාරයෝ පලවැල සඳහා ගොස්ය. ඈ පන්සලට වැද තවුස් පිරිකර ආදිය දැක සිතන්නී මේ තාපසයෙක් වසන තැනකි. මොහු සැදැහැයෙන් පැවිදි වූ කෙනෙක්ද? නොහොත් රටින් නගන ලදුව පැවිදි වූ කෙනෙක්දැයි පරික්‍ෂා කරමි. ඉදින් සැදැහැයෙන් පැවිදි වූයේ නම් මා විසින් සරසන ලද යහන නොඉවසති. පඤ්චකාමයෙහි ඇළුනෝ වීනම් සැදැහැයෙන් මහණනුවු නම් මාගේ යහනෙහි සැතපෙති. Read More

529 උම්මග්ග ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවන නම් උයනෙහි දවස් යවන සේක් ප්‍රඥා පාරමිතාව අරභයා මේ ජාතකය වඳාළසේක.
දිනක් දම්සභා මණ්ඩපයෙහි රැස්වූ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වඩනා පෙරමඟ බල බලා ධර්මාසන පිරිවරා වැඩ හිඳ සර්වඥයන් වහන්සේ ප්‍රඥාවෙන් අධම පුරුෂයන් දමනය කළ නියාව කෙතරම් විශ්ම ජනකදැයි කථාවක් උපන් කලට එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි බුදුහු නුවණැත්තෝ වූයේ දැන් මතු නොවෙයි පෙරත් නුවණැත්තෝවේදැයි මේ ජාතකය වදාල සේක.

යටගිය දවස මියුළු නුවර වේදේහ රජ්ජුරුවෝ රාජ්‍ය කරන කල්හි උන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේනකය, පුක්කුසය, කාවින්‍දය, දෙවින්‍දය යන පණ්ඩිතවරු සතරදෙනෙක් වූහ. එසමයෙහි බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නා දවස වේදේහ රජ්ජුරුවෝ මෙබඳු ස්වප්නයක් දුටහ. කෙසේද යත්? සතර පවුරු කොන නාඹ තල් කඳන් සා ගිනිකඳන් සතරක් පවුරේ උසට නැගී දිලිසෙන්නේය. Read More

530 කකණ්ටක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

මෙය ඉහත කී උම්මග්ග ජාතකයෙහි විස්තරව එන්නේය. කටුස්සාගේ කරේ රත්රන් එල්ලීමේදී විසඳු ප්‍රශ්නය බලා දත යුත්තේය

නැවත දිනක් රජ්ජුරුවෝ පණ්ඩිතයන් සමඟ උයනට යන්නේ තොරණේ සිටි එක් බොහොඬෙක් එන්නාවූ රජ්ජුරුවන් දැක වහා බිමට බැස වැදහොත්තේය. ඒ දුටු රජ්ජුරුවෝ පණ්ඩිතයෙනි මේ බොහොඬා කුමක් කෙරේදැයි විචාළහ. දේවයන් වහන්ස නුඹවහන්සේට සේවය කරන්නේයයි වදාළසේක. රජ්ජුරුවෝ එසේවීනම් ඕහට වස්තුවක් දෙමි. කුමක් දියයුතුදැයි විචාළහ. දේවයන් වහන්ස රත්රන් වියැට සමාරක් පමණ වටිනා මස්දීම සුදුසු යයි වදාළසේක. රජ්ජුරුවෝ එසේවිනම් තවත් වැඩිය දෙමියි රත්රන් දෙවියැට සමාරක් අගනා මස් ගෙනහැර දෙවයි කියා එක් පුරුෂයෙකුට නියම කළහ. ඒ පුරුෂයාත් ඒ නියෝගය පරිදි දිනපතා මස් ගෙන බොහොඬාට දෙන්නේය. Read More

531 භූරිපඤ්ඤ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

මෙයද උම්මග්ග ජාතකයේහි භූරි ප්‍රශ්නය බලා දත යුත්තේය.

ඉක්බිති රජ්ජුරුවෝ මරණ භයින් තැතිගෙන අමාත්‍යයන් සතරදෙනෙකු කැඳවා සතර වාසලින් නික්ම ගොස් මහෞෂධ පණ්ඩිතයන් දුටුතැන සත්කාර කොට රථයට නංවා ගෙන එවයි විධානය කොට යවූහ. දකුණු වාසලින් නික්මුණු අමාත්‍යයා වනාහි පණ්ඩිතයන් වහන්සේ කුඹල් කමින් වසන ගමට ගොස් ඔහු දැක සත්කාර කොට ගෙන ගිය පිළිද මසුරන් දහසද අත තැබූයේය. කුඹලාණෝත් මා මෙතෙක් වැඩ ගත්තේ මහෞෂධ පණ්ඩිතයන් අතිනැයි දැන බියට පත්වූහ. පණ්ඩිතයන් වහන්සේ නොබව ආචාය්‍ර්‍යයෙනි තොප අපට බොහෝ උපකාර කෙළෙහියයි අසා මසුරන් දහසද ඔහුට දී මැටි වැකුණ ඇගින්ම රථයේ නැග රජ්ජුරුවන් සමීපයට ගොස් දේවයන් වහන්ස අසවල් ගම කුඹල්කම් කොට ජීවත් වෙමි. ඔබ වහන්සේ කැඳවීමෙන් මැටි වැකුණ ඇගින්ම ආමියි කීහ. රජ්ජුරුවෝ ඉදින් මොහු මට විරුද්ධ නම් සේනාව රැස්කරමින් ඇවිදිති. මූ මට සතුරු නොවෙතියි සිතා වහා ගොස් නහාපියා සර්‍වාලංකාරයෙන් සැරසී එවයි නියම කළහ. පණ්ඩිතයන් වහන්සේ උසස් අන්දමින් ඇඳ පැළඳ සිව්රඟ සෙනග සමග සක්දෙව් රජුමෙන් පැමිණ එකත් පස්ව සිටිසේක. එවිට රජ්ජුරුවන් වහන්සේ පණ්ඩිතයන් අමතා පුත පණ්ඩිතයෙනි තෙපි බොහෝ අර්‍ථ චින්තනයෙහි දක්‍ෂයහ. සිතුවොත් දසදහසක් යොදුන් දඹදිව රජ්ජුරුවන් මරා රාජ්‍ය ගැනීමට පොහොසත්ය. එසේ සිටියදීත් මාමරා පියා රාජ්‍ය නොගන්නේ මන්දැයි විචාළහ.

එවිට පණ්ඩිතයන් වහන්සේ රජතුමනි නුවණැත්තෝ සුව පිණිස පව්කම් නොකරන්නාහ. කුමණ හේතුවක් නිසාවත් අනුන්ට හිංසා පීඩා නොකරන්නාහයි වදාරා තමාටත් පියාටත් මහත් සම්පත් දුන් රජ්ජුරුවන් කෙරෙහි ද්‍රෝහි නොවන බැව් දන්වා පරීක්ෂාකාරීව දශරාජ ධර්‍මයෙන් රාජ්‍ය කරන ලෙස අවවාද කළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

error: Content is protected by www.ifbcnet.org.