ලංකා රාජ්‍ය එක් සේසත් කළ දුටුගැමුණු රජතුමා රාජවංශ කතාවේ ඔටුණු පලන් රජ වරු අතර විශිෂ්ටයෙකි. පූජාවලිය පවසන්නේ මේ මහා නරපතිඳුන් ලෝක ශාසනයට මවක බවයි. මහා වංශයට සහ පූජාවලියට අනුව දුටු ගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161–137) තම වසර 24 ක රාජ්‍ය කාලය තුළ විහාර අනූනවයක් කළ බව කියැවෙයි.
එවන් වූ මහී පාලකයාණන් විසින් කළ ප්‍රථම ස්තූපය මිරිසවැටිය චෛත්‍ය නිසා මෙය සුවිශේෂී ස්මාරකයකි. අටමස්ථානයෙන් එකක් වූ මිරිසවැටි චෛත්‍ය අනුරාධපුර ශුද්ධ භූමියේ තිසා වැවටත් අභය වැවටත් අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේට නුදුරින් පිහිටා තිබේ.
සොලීන්ට යටත්ව තිබූ අප මාතෘ භූමිය එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ රාජභිෂේකයෙන් සත් දිනකට පසුව ඇරැඹුණු විහාර කර්මාන්තය නිමා කිරීමට වසර තුනක පමණ කාලයක් ගත වී තිබේ. එය සිදු වී ඇත්තේ බුද්ධ වර්ෂ 385 දී පමණ ය.
කුඩා කල තම දෙමාපියන්ට වූ පොරොන්දුවක් පරිදි සංඝයා වහන්සේට නොදී රජතුමා කිසිවක් අනුභව නොකළේ ය. එහෙත් පෙර දිනක අමතක වීමකින් භික්ෂූන්ට නොදී මිරිස් වැටියක් (මෙය මිරිස් ව්‍යාංජනයක් විය හැක) අනුභව කළ නිසා තම හෘද සාක්ෂිය විසින් ම පමුණුවා ගත් දඬුවමට වන්දි ගෙවීමට රජතුමා මිරිසවැටිය චෛත්‍ය කළ බව ඉතිහාස ග්රන්ථයන්ට අනුව සනාථ කර ගත හැක.