සොළොස්මස්ථාන... (Solosmasthana) Archives - IFBC Organization | Dhamma

සොළොස්මස්ථාන… (Solosmasthana)

Posted by | සොළොස්මස්ථාන... (Solosmasthana) | No Comments

ලොව්තුරා බුදුරඣාණන් වහන්සේගේ පාද ස්පර්ශය සිදු වූස්ථානයන් 16 සොළොස්මස්ථාන ලෙස හැදින්වේ. සොලොස්මස්ථාන වදින ගාථාව පහක පරිදි වේ.

සොළොස්මස්ථාන වන්දනා ගාථාව

මහියංගනං නාගදීපං – කළ්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපී – චේතියංච මූතියංගනං
තිස්සමහා විහාරංව – බෝධිමරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං – ථූපාරාම භයාගිරං
ජේතවනං සේලචේතියං – තථා කාචරගාමකං
ඒ‍තේ සෝළසඨානානි – අහං වන්දාමි සබ්බදා.
සොළොස්මස්ථානය‍ට අයත් ස්ථාන

පහත ලින්ක් වලින්ද අදාල ස්ථානයන් පිලිබද විස්තර ලබාගත හැක.

1) මහියංගන‍ය  2) නාගදීපය 3) කැළණි 4) ශ්‍රී පාදස්ථානය 5) දිවා ගුහාව 6) දීඝවාපිය 7) මුතියංගනය 8) තිස්ස මහා විහාරය 9) ශ්‍රී මහා බෝධිය 10) මිරිසවැටිය 11) රුවන්වැලි සෑය 12) ථූපාරාම‍ය 13) අභයගිරිය 14) ජේතවනාරාමය 15) ශෛල චෛත්‍යය 16) කතරගම කිරි වෙහෙර

මහියංගණය මහ සෑරදුන් … ( Mahiyanganaya Sthupa)

Posted by | පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | One Comment

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වසරේදී තෙවැනි ලංකාගමනය වශයෙන් අප මව් බිමට වැඩියේ කැලණි පුරවරයට ය. මෙම ගමනේදී සමන්තකූට පර්වතයටත්, දිවා විහරණය කළ දිවාගුහාවටත්, අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙව්නාව පිහිටන භූමියටත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වන ස්ථානයටත්, ලෝවාමහාපාය පිහිටුවන තැනටත්, පිරිත්ලාගෙය, දන්තාදර නම් පොකුණ, ථූපාරාමය, රුවන් වැලි සෑය, මිහින්තලයේ සේල චෛත්‍යය දිගා නකා වෙහෙර පිහිටන තැන ආදී ස්ථාන වලටත් වැඩි බව වංශ කතාවල කියැවෙයි. මහා වංශයට හෝ දීප වංශයට අනුව අද අප කතා කරන සොළොස්මස්ථථානයන් සමහරකගේ නිශ්චිත ස්ථානයන් පිළිබඳව සටහන් වී නොමැත.

එහෙත් මහනුවර හෝ දඹදෙණි යුගවලදී ඉහත ගාථාව ලියැවී ඇති බව වියතුන් ඇතැමකුගේ මතය යි.

එහෙත් බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමිය වෙත වැඩි ගමන් වලදී නිරෝධ සමාපත්ති සුවය විඳි ස්ථාන ලෙස මෙම සොළොස්මස්ථාන හඳුන්වනු ලබ යි.

Read More

නාගදීප චෛත්‍ය රාජයන් වහන්සේ ( Nagadeepa Sthupa )

Posted by | පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | No Comments

බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩියේ නාගදීපයට ය. එය සිදුවූයේ බුද්ධත්වයෙන් වසර 5 කට පසුව එළඹුන එක් බක් මස අමාවක පොහොය දිනකදී ය. මේ වනවිට අප මහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තුංග සම්බුද්ධත්ව මහා මංගල්‍යය සිදුවී වසර 2600 ක් ගතවී ඇත. එසේ නම් වර්තමානය වනවිට දෙවන ලංකාගමනය සිදුවී වසර 2595 ක් ගතවී තිබේ. ඉතින් ඉතා දීර්ඝ ඉතිහාසයක් මහා කාල පාශයකින් වැසී යාමේදී යම් සිදුවීමක් ඉතා නිවැරැදි ලෙස නිරවුල් කර ගැනීම ඉමහත් වූ අපහසු කාර්යයකි. ඒනිසා වංශ කතාවන්හි සටහන්, ඉතිහාසය විසින් රැගෙන ආ තොරතුරු, ජනශ්‍රැති ඔස්සේ යම් නිරවුල් තැනකට එළඹීමට අපි උත්සාහ කරමු.

සම්බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් නොවෙතත් ඉතා පැරැණි වංශ කතා වූ දීප වංශය, මහා වංශය සහ සමන්තපාසාදිකාව වැනි ග්‍රන්ථයන්හි ඒ පිළිබඳ විස්තර සටහන් කර තිබේ.

ඒවාට අනුව බුදුන් වහන්සේ වැඩිය බව සඳහන් වන නාගදීපය නිශ්චිත එක් ස්ථානයක් නොවන බවත් එ දවස නාගදීපය යනු උතුරු ප්‍රදේශයට අයත් වන වපසරියක් බවත් වියතුන් බහුතරයකගේ මතය වී තිබේ.

Read More

කැලණිය චෛත්‍යරාජයන් වහන්සේ ( Kalani Sthupa )

Posted by | පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | No Comments

මණිඅක්ඛිත නා රජුන්ගේ ආරාධනයෙන් බුද්ධත්වයෙන් වසර අටක් ඇවෑමෙන් එළඹුණු වෙසක් මස පුර පසළොස්වක දින අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ කැලණියට සපැමිණියේ ලක්බිමට වැඩි තුන්වැනි සදහම් චාරිකාවට ඓතිහාසික සටහනක් තබමිනි.

බුදුරජාණන් වහන්සේගේ මෙම සදහම් විදේශ සංචාරයට පන්සියයක් මහ රහතන් වහන්සේ ද එකතු වූහ. ඝෘද්ධි බලයෙන් වඩින ගුවන් ගමන මොනතරම් නම් අසිරිමත් වන්නට ඇති ද? නීල ආකාශ ගංගාව හරහා පාවී යන කාශාය වස්ත්‍රයේ චමත්කාරයෙන් දෙව්ලොව සිටින දෙවිවරු පී‍්‍රති ප්‍රමෝදයට පත් වූහ. මේ දෙවිදේවතාවෝ අතරමඟදී සංචාරයට එක්වෙමින් දූත ගමනට තවත් සම්භාව්‍ය පිරිසකගේ දායකත්වය සැපයූහ. කැලණි පුරවරයේ මණිඅක්ඛිත නාග භවනට පැමිණි බුදුන් වහන්සේ සහ පන්සියයක් මහරහතන් වහන්සේ ගෞරව බහුමානයෙන් පිළිගැනීමට මණිඅක්‍ඛිත මහ නා රජාණන් සැදී පැහැදී මඟ බලා සිටියේ පුරවරය මහත් සේ අලංකාරවත් කරමිනි.

අසලින් ගලා බසිනා සුන්දර කැලණි නදියෙන් ජලස්නානය කළ බුදුපියාණන් වහන්සේ නා විමනේ අලංකාරවත් මාණික්‍ය ආසනයේ සිට සද්ධර්මය දේශනා කළ සේක.

සම්බුදුරජාණන් වහන්සේ කැලණි රාජධානියේ දී ධර්මය දේශනා කළ ස්ථානයේ දී ඒ මාණික්‍ය ආසනය නිධන් කර කුඩා ස්තූපයක් ප්‍රථමයෙන් සෑදුවේ මණිඅක්‍ඛිත නා රජතුමා විසින් බව කියැවෙයි.

ක්‍රි.පූර්ව. 207 වසරේ දී උත්තිය කුමාරයා කැලණි විහාරයේ ප්‍රවර්ධනයට දායක වූ අතර යඨාලතිස්සරජතුමා කැලණි චෛත්‍ය සැට රියනක් උසට බන්දවා පස් මහල් පහයක්ද ඉදිකර කැලණි විහාරය ඉතා දියුණු තත්ත්වයට පත් කළ බව සඳහන් වෙයි.

Read More

ශ්‍රී පාදය (Sri Pada / Adam’s Peak)

Posted by | පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | No Comments

සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදු වූයේ සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරගැනීමෙන් වසර 8 කට පසු එළඹුණු වෙසක් පුරපසළොස්වක පුන් පෝදා ය.

මණිඅක්ඛිත නාග ගෝත්‍රික මහා නිරිඳාණන්ගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වඩමවා වදාළ බුදුපියාණන් වහන්සේ උතුම් සම්බුදු පහසින් මේ ලක් දෙරණත තව තවත් පූජනීයත්වයට පත් කරලීමේ අදිටනින් වෙනත් විශේෂිත ස්ථානයන් කීපයකටම වැඩි සේක.

මේ තෙවැනි සදහම් චාරිකාවේ සතර වැනි මහා ස්ථානය වශයෙන් තෝරා ගත්තේ ‘සමන්තකූට’ නම් වූ උස් වූ කඳු ශිඛරය මතට සපැමිණීමට ය.

මහා කඳු මාලාවක් අතර පිහිටියා වූ ද එම කඳු සමූහය අභිබවමින් ලක් සිරසෙහි මිනි කිරුළ සේ ඉතාමත් රමණීය වූ දසුනක් මවන සමන්ත කූ®ටය මේ ලක් දෙරණත සොබා සෞන්දර්යයේ අග්‍රගණ්‍ය ඵලය යැයි හඳුන්වා දීම අසාධාරණ නොවේ.

Read More

දිවාගුහාව (Diwaguhawa)

Posted by | පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | No Comments

මෙතෙක් ඵෙතිහාසික වශයෙන් පැවැත එන සොළොස්මස්ථානයන්ගෙන් දිවා ගුහාව යන ස්ථානය නිශ්චිත තත්වයන් මත කෙසේ වෙතත් සාධාරණ විශ්වාසයන් මත හෝ හඳුනා ගැනීමට නොහැකි වීම එම හේතුවයි.

ඇතමකු පවසන්නේ මෙම ස්ථානය මිනිස් ඇසට හසුවීමට ඉඩ නොදී දෙවියන් විසින් ආරක්‍ෂා කරන බව යි. සමහරුන් මෙය අත්භූ®ත බලවේගයන්ට බාර දී තිබේ. තවකකු පවසන්නේ දිවාගුහාව සොයා යාමෙන් අතුරු අන්තරා සිදු විය හැකි බව යි. ඒ නිසා එය කිසිසේත් සොයාගත නොහැකි බව ඔවුන් ගේ අදහස යි. මෙතෙක් දිවා ගුහාව සොයා ගැනීමට නො හැකි වූ නිසාම ඒ වටා මෙවැනි අභූත කයි කතන්දර රාශියක් ගොඩ නැගී තිබේ. ඒවා අභියෝග ලෙස ගනිමින් මෙවැනි ඓතිහාසික ස්ථානයක් ගවේෂණය කිරීමෙන් වැළකී සිටීමම ප්‍රශ්නයට උත්තරයක් නොවේ. ප්‍රාමාණික වියතුන්, පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් ආදි වූ වගකිව යුතු ඇත්තන් මෙවැනි ගවේෂණයකට පෙරට ආ යුතුව ඇත. කෙසේ වෙතත් මෙහි චායාරූපයෙන් දක්වා ඇත්තේ දැනට හදුනාගෙන ඇති දිවාගුහාවේ චායාරූපයයි. මෙම දිවා ගුහාව වර්තමානයෙහි හදුනාගෙන ඇත්තේ සිරිපා මලුවේ සි‍ට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවාලෙනයි.

Read More

දීඝවාපිය ( Deegawapiya)

Posted by | පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | One Comment

බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේදී දිවා ගුහාවෙහි දිවා විහරණය කිරීමෙන් අනතුරුව දීඝවාපියට සපැමිණ දීඝවාපී චෛත්‍ය රාජයාණන් පිහිටා ඇති ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි බව වංශ කතා මගින් සනාථ වෙයි.

සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන දීඝවාපිය අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුවට ආසන්නව දීඝවාපි ග්‍රාමසේවා වසම තුළ සමන්තුරය හා අක්කරපත්තුව අතර පිහිටා තිබේ. මෙය අයත් වන්නේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයටය.

බුදුන් වහන්සේගේ පහසින් අති පූජනීයත්වයට පත් වූ නිසාම මෙය සුවිශේෂී වූ පුද බිමක් වශයෙන් සැළකිය හැකි ය.

දීඝවාපිය ඉපැරණි ශාක්‍ය ආර්ය ජනපදයකි. දීඝායු කුමරා විසින් ගල්ඔය නිම්නයේ ගොඩනංවන ලද දීඝ ජනපදය මේ යැයි කියැවෙයි. ධාතු වංශයට අනුව මෙය දිඝා වැව ලෙස සඳහන් වීමෙන් හැඟී යන්නේ මෙහි දීර්ඝ වූ වැවක් නිසා දීඝවාපිය වශයෙන් වැහැරූ බවකි. දීඝවාපිය පසු කලෙක දිගාමඩුල්ල වශයෙන්ද ප්‍රකටව තිබේ.

මෙම දිගාමඩුල්ලෙහි මහා වැවක් කරවන ලද්දේ කාවන්තිස්ස රජතුමා විසිනි. එදා මෙම ජනපදය කෙත් වතු වලින් සපිරි සශ්‍රීක ගොවි බිමක් වශයෙන් පැවතුනි. කාවන්තිස්ස රජතුමා සේරුවිලයාදි දීඝනඛය පිහිටන ස්ථානයේ දිගාමඩුල්ලෙහි සද්ධාතිස්ස කුමාරයා නැවැත් වූ බව ධාතුවංසය පවසයි.

Read More

මුතියංගණ චෛත්‍යරාජයන් වහන්සේ ( Muthiyangana Sthupa )

Posted by | පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | No Comments

සොළොස්මස්ථානයන් අතරින් සත් වැනි ස්ථානය ලෙස නම් කර ඇත්තේ මුතියංගනය මහා සෑ රදුන් ය. එහෙත් එය පිළිබඳ වැඩි විස්තර වංශ කතාවල ඵල නොවී තිබීම ප්‍රශ්නකාරී වෙයි.

මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මධ්‍යයේ ය. මහාවංශය මෙය පිළිබඳ කතා නොකර යි. බෝධි වංශයේ ද එය එසේමය. ධාතු වංශයේ දී ද මුතියංගනය පිළිබඳව නො කියැ වෙයි. එහෙත් මෙම ඉතිහාස ග්‍රන්ථයන්ට වඩා පැරැණි වූ සමන්තපාසාදිකා වෙහි සදහන් වන්නේ මෙසේය. “සම්බුදුහු මෙදුවට ධරමාන කාලයෙ මැ තෙවරක් වැඩියහ. තෙවන වර පන්සියයක් මහණ පිරිවර ඇති වැ අවුත් මහා චෛත්‍යස්ථානයේ ද ථූපාරාම චෛත්‍ය ස්ථානයේ ද මහා බෝධි ප්‍රතිෂ්ඨිතස්ථානයේ ද මුතියංගන චෛත්‍යස්ථානයේ ද දීඝාවාපි චෛත්‍යස්ථානයේ ද කල්‍යාණී චෛත්‍යස්ථානයේ ද නිරෝධ සමාපත්තියට සමවැදී හුන් සේක”.

මේ අනුව මුතියංගන සෑ රදුන් පිහිටි ස්ථානයේ ද සම්බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස හඳුනා ගත හැකි වෙයි. සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේ දී මෙම ස්ථානයට වඩින විට මෙම ප්‍රදේශය ජනාවාසයක්ව පැවැති බව කියැ වෙයි. පෙර යක්‍ෂ ගෝත්‍රය විසූ බිම්තැනි ප්‍රදේශයටම අයත්ව තිබූ මුතියංගනය සම්බුදු දහමේ පහසින් ආලෝකය ලද පූජනීය වූ පුද බිමකි.

Read More

තිස්සමහාරාම සෑ රදුන් (Thissamaharama Sthupa)

Posted by | පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | No Comments

තිස්සමහාරාම චෛත්‍ය වන්දනා ගාථාවේ කියැවෙන්නේ “සම්පූර්ණයෙන් සඳ මඬලක් වැනි වූ ලළාට ධාතූන් වහන්සේ නිධන්කොට කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද තිස්සමහාරාම චෛත්‍යයට මම නමස්කාර කරමි” යන්නය.

බුදුරජාණන් වහන්සේ තුන් වැනි වරට ලංකාවට සපැමිණි අවස්ථාවේ දී සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස මෙම තිස්සමහාරාමය හඳුන්වයි.

2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් සම්පාදනය කරන ලද ‘2500 ජයන්ති ඉතිහාසය’ නම් ග්‍රන්ථයට අනුව සටහන්ව ඇත්තේ ‘තිස්ස මහා විහාර කීපයක් ඇතත් මහා ස්ථානය වූයේ එයින් කුමක්දැයි හරි හැටි තේරුම් ගැනීම දුෂ්කර බවයි.’

මහාවංශාදී සැලකිය යුතු ග්‍රන්ථයක නැති මෙම ස්ථානය පිළිබඳව ධාතු වංශය සඳහන් කරයි. එහි දැක්වෙන්නේ කාවන්තිස්ස රජ විසින් සිය නම තබා මාගම එකක් ද සේරුවිල තවෙකක් ද වශයෙන් තිස්ස විහාර දෙකක් කළ බවයි. ඒ දෙතැනටම බුදුන් වහන්සේ වැඩි බව එහි දැක්වෙයි. ජයන්ති ඉතිහාසය තව දුරටත් සඳහන් කරන්නේ මෙසේ ය.

‘සේරුවිල මංගල චෛත්‍යයේ ලළාට ධාතු පිහිටීමේ පුවත ඇතුළත් තිස්සමහා වෙහෙර ධාතු පිළිවෙළ කතාව වශයෙන් හැඳින්වෙන ධාතු වංශය අනුවැ සැලැකිය හැක්කේ බුදුරදුන් සේරුවිලට වැඩි බව මැයැ.’ Read More

ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ( JayaSri maha Bhodhin wahanse )

Posted by | අසිරිමත් අනුරාධපුරය ( Glorious Anuradhapura), පුරාණ වෙහෙර විහාර ... ( Ancient temples), සොළොස්මස්ථාන... (Solosmasthana) | One Comment

පූජනීය අනුරාධපුරවරය, ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මඟින් නම් කර තිබේ. එසේ නම් කිරීමට හේතු වූ සාධක අතර ඉතා වැදගත් ප්‍රධාන සාධකයක් පිළිබඳ යුනෙස්කෝව සඳහන් කරයි. එය නම් අති පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරවරයේ වැඩහිඳීමයි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ සිංහල බෞද්ධයන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. එහෙත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිසා ශ්‍රී ලාංකිකයන් ලද ශ්‍රේෂ්ඨ දායාද කවරේ ද යන්න නිවැරැදිව දන්නා අය ඉතා දුර්ලභ බව අපගේ වැටහීමයි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු, සිද්ධාර්ථ ගෞතම තවුසාණන් ලොව්තුරා බුද්ධත්වය අවබෝධ කළ මොහොතේ, උන්වහන්සේට සෙවණ සලසමින් හා පිටදී වැඩ හිඳීමට උපකාරී කළා වූ දඹදිව බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව වෙති.

Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.