Skip to main content
Category

සිරි සදහම් ( Dhamma)

පිරිතේ බලමහිමය සියැසින් දැකගන්න …

By සිරි සදහම් ( Dhamma) No Comments

ධ්‍යාන ලාභී භික්ෂූන් වහන්සේලා අප අතර කෙ‍ාතෙකුත් සිටිති. මේ ලෝකයේ රහතුන්ද වැඩවෙසෙති.  බුදුරදුන් පෙන්වා දෙනුයේ යම් ශාසනික ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැති නම් එහි පළමු වන ශ්‍රමණයා ද, දෙවැනි ශ්‍රමණයාද, තුන්වැනි හතරවැනි ශ්‍රමණයන් ද නොමැති බවයි. මෙහි පළමු ශ්‍රමණයා යනු රහතන් වහන්සේ ය. දෙවැනි ශ්‍රමණයා යනු අනාගාමි ආර්යයන් වහන්සේ ය. තුන්වැනි හතරවෙනි ශ්‍රමණයන් යනු සකෘදාගාමි හා සෝවාන් ආර්ය ශ්‍රමණයන්ය. බුදු සසුන තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති හෙයින් මෙහි ශ්‍රමණයන් හතර දෙනාම වෙති. එහිදී පෙන්වා දෙනුයේ “ඉමේච සුභද්ද භික්ඛු සම්මා විහරෙයියුං න සුඤ්ඤො ලෝකො අරහත්තේහි අස්ස” භික්ෂූන් මනාකොට වාසය කරයි නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන වගයි.

Read More

ටිබෙට් ලාමාවරු පිරිත් බලෙන් මහ ගල් එසවූ කථාව සත්‍ය බව විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු වේ. ( වීඩියෝ සහිතයි.)

By සිරි සදහම් ( Dhamma) No Comments

චිත්ත බලයෙන් බරැති ද්‍රව්‍ය චලනය කරවිය හැකි ශාස්‌ත්‍රයක්‌ අතීතයේ දී ආසියානු රටවල භික්‍ෂුන් වහන්සේ දැන සිටියහ. පසුගිය සියවසේ මුල හරියේදී ස්‌වීඩන් ජාතික ගගන තාක්‍ෂණික ඉංජිනේරුවකු වූ හෙන්රි ජෙල්සන් (Henry Kjelson) Lost Techniques හෙවත් අතුරුදන් වූ ක්‍රමවේද යනුවෙන් පොතක්‌ ලිවීය. (මෙහිදී  Levitation යන වචනයේ තාක්‍ෂණය නමැති පරිවර්තනය වෙනුවට ‘ක්‍රමවේද’ යන්න යෙදුවෙමු.) ඒ පොතේ තිබ්බතීය භික්‍ෂුන් වහන්සේගේ චිත්ත බලය ගැන සඳහන් ය.

හෙන්රි ජෙල්සන්ගේ මිතුරකු වූ ස්‌වීඩන් ජාතික ශාල් (Jaරක) නමැති වෛද්‍යවරයා 1937 දී එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක නිරතව සිටියේය. ඒ අතර ඔහු සමඟ හිතවත් වූ බෞද්ධ තිබ්බතීය ශිෂ්‍යයෙක්‌ මේ විශ්වවිද්‍යාලයේ විය. 1939 දී දොස්‌තර ශාල් එංගලන්තයේ ඉංග්‍රීසි විද්‍යා සංගමයේ අනුග්‍රහයෙන් ඊජිප්තුවේ අධ්‍යයන සංචාරයක නිරත වෙමින් සිටියේය. මේ අතර තිබ්බතීය මිත්‍රයා තිබ්බතය බලා ගොස්‌ තිබිණි. දිනක්‌ හදිසියේම ඊජිප්තුවේ සිටින වෛද්‍යවරයාට තිබ්බතීය මිත්‍රයාගෙන් පණිවුඩයක්‌ ලැබුණු අතර එයින් කියෑවුණේ වෛද්‍ය ශාල් වහාම තිබ්බතය බලා පැමිණ උසස්‌ ළාමාවරයකු වෙනුවෙන් සංවිධානය කෙරුණු දානමය පිංකමකට සහභාගි විය යුතු බව ය.

Read More

අහ‍සේ පා‍වෙන මියන්මාරයේ කයිතියෝ (රන්ගිරිවෙහෙර) චෛත්‍ය රාජයානන් වහන්සේ …

By සිරි සදහම් ( Dhamma) No Comments

මේ චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටා ඇත්තේ මියන්මාරයේ. මේ චෛත්‍යරාජයාණන් වහන්සේ කයිතියෝ වෙහෙර නැතහොත් Kyaiktiyo Pagoda එසේත් නැතිනම් Golden Rock ලෙස මෙය හැදින් වේ. ආශ්චෛර්යමත් මේ චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබද ඇති අති පූජනීයත්වය නිසාම මා එය රන්ගිරිවෙහෙර ලෙස හදුන්වන්නම්. මෙතැන් සිට දිගහැරෙන්නේ මේ රන්ගිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබද කථාවයි.
මේ චෛත්‍යරාජයාණන් වහන්සේ වැඩසිටින්නේ වන්දනීය ප්‍රදේශයක් ලෙස සැලකෙන මියන් මාරයේ මොන් ප්‍රදේශයේ කයිතියෝ කන්ද මතයි. ස්වේසගොන් චෛත්‍ය රාජයාණන් මෙන්ම මහමුනි චෛත්‍යරාජයන් වහන්සේද පිහිටා ඇත්තේ මේ ප්‍රදේශයේ යි. රන් ගිරි වෙහෙර මීටර 7.3ක් නැතිනම් අඩි 24ක් පමණ වන කුඩා ස්ථූපයක් වන අතර එය ඉදිකර ඇත්තේ දැවැන්ත කලුගලක් මත පිහිටි කුඩා ගල් කුට්ටියක් මතයි. මේ ගල් කුට්ටිය සහිත සම්පූර්ණ වෙහෙර බැතිමතුන් විසින් රන්පත්මගින් මගින් ආවරණය කර ඇත. ඒ නිසා Golden Rock යන නම ලැබී ඇත. පුරාවෘත අනුව මෙහි ගෝතම බුදු සමිදුන්ගේ කේෂධාතු තැන්පත්ව ඇති හෙයින් මේ අයුරින් පුදුම සහගත අයුරින් පිහිටා ඇති බව දක්වා ඇත. මෙම රන්ගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ ගුරුත්වාකර්ෂණ බලපෑමට හසු නොවී සිටීම පුදුමයට කරුණකි. මේ රන්ගිරි වෙහෙර දකින ඕනෑම පුද්ගලයෙක් නැවත බුදුදහම පිළිබද හිතන්නට අවස්ථාව සලසා දෙයි.

Read More

මඩු දේවස්ථානය කාගේද?

By සිරි සදහම් ( Dhamma) No Comments

මඩු පල්ලිය නමින් වර්ථමානයේ ප්‍රකට වී ඇති, උතුරු මැද පළාතේ පිහිටි පූජා භූමිය සියවස් කිහිපයක් තිස්සේ බෞද්ධයන්ගෙන් පුදලත් උතුම් ආගමික ස්ථානයකි. මේ පුදබිමෙහි ඉතිහාසය පළමුවන ගජබාහු (112-134) රාජ්‍ය කාලයෙන් ආරම්භ වේ. වංකනාසික තිස්ස රාජ්‍ය කාලයෙහි කේරළයට අල්ලාගෙන ගොස් සිටි සිංහලයන් මෙරටට නැවත ගෙන ඒමට ගජබාහු රජතුමා නීල මහා යෝධයා සමග එහි ගියබව පූජාවලියෙහි සඳහන් වේ. ආපසු එන ගමනේදී එරට ප්‍රචලිතව පැවති පත්තිනි දේවියගේ සංකේතයක් වන පත්තිනි සලඹද ගෙන ආ බව ජනප්‍රවාදයෙහි එයි. පත්තිනි වන්දනය සිංහලයන්ට හුරු පුරුදු වූයේ එදා පටන් බව කියනු ලැබේ.

බුද්ධාගම රාජ්‍ය නිල ආගම උවත් දෙවි දේවතාවන් ඇදහීම මුළුමනින්ම ප්‍රතික්ෂේප නොවීය. පත්තිනි අම්මා බෞද්ධ සංස්කෘතියට අබ්බැහි වූයේ සීලප්පදිකාරම් නම් දෙමළ පොතෙහි එන විස්තරය නිසාය. එහි එන ප්‍රවෘත්ති පරිදි ඈ පතිවෘතා ධර්මයේ මූර්තියක් වූ නිසාය. එදා ඇගේ ස්වාමියාට මරණ දඪුවම හිමිවූ විට ඔහු බේරා ගැනීමට ඈ කල පරිත්‍යාගය ඉතා උතුම්කොට සැලකූ එරට ජනතාව ඈ දේවත්වයට නංවා අදහන්නට පටන් ගත්හ.

Read More

බ්‍රහ්මජාල සූත්‍රයෙන් හෙලිවන මහා පිපුරුම්වාදයේ මූලික න්‍යායයන් …

By සිරි සදහම් ( Dhamma) No Comments

විශ්වයේ ආරම්භය පිළිබද ගොඩනගා ඇති විද්‍යාත්මක වාද අනුව මුල් තන ගන්නේ මහා පිපුරුම් වාදයයි. එය මේ තාක් සූත්‍රගත කල සියලු විද්‍යාත්මක වාද වලට වඩා තර්කයෙන් හා ප්‍රායෝගිකත්වයෙන් ඉහළ මට්ටමක පවතී. මෙනිසා එය සත්‍ය වශයෙන්ම සිදුවූ සන්සිද්ධියක් ලෙස ( නියමයක් ලෙස ) නූතන විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් පිළිගනිති. මහා පිපුරුමක් සත්‍ය ලෙසම එහි දැක්වෙන ආකාරයෙන්ම සිදු වුවද නැතද විශ්වයේ සියලු පදාර්ථ හා ශක්තීන් ඊට සමාන ක්‍රියාවකින් හටගත්තේ යැයි ඇදහීම බුද්ධි ගෝචර වේ.
මහා පිපුරුම පිළිබද නූතන විද්‍යාත්මක අර්ථ කථනය විමසා බලමු.

විශ්වයේ පවතින සියලු පදාර්ථ හා ශක්තීන් එක් කේවල ලක්ෂ්‍යයකට සන්කේන්ද්‍රනය වී පැවති අතර එම ලක්ෂ්‍යය අද දක්වාත් ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී.

එම ලක්ෂ්‍යයේ ප්‍රසාරණය හේතුවෙන් පදාර්ථය , ශක්තිය , කාලය හා අවකාශය නිර්මාණය වේ. මීට අනුව ප්‍රසාරනය ඇරඹීමට පෙර කාලය හෝ අවකාශය නොතිබුණි. ප්‍රසාරණය ආරම්භවීම සමගම කාලය හා අවකාශයේ පැවැත්මද ඇරඹිණි.
මහා පිපුරුමේ සන්සිද්ධි කීපයකි.

Read More

සක්වල විස්තරය ( විභංගය ) හදුනාගනිමු …

By සිරි සදහම් ( Dhamma) No Comments

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූත් අප්‍රමාණ වූත් ගුණස්කන්ධයන්ට අපගේ නමස්කාරය වේවා..

මෙතැන් සිට සක්වල විස්තරය…..(සක්වල විභංගය)

මුලින්ම ඔබ යොදුන පිළිබද අවබෝධයක් ලබා සිටිය යුතුය.

වියත් 2 = රියන් 1
රියන් 7 = යෂ්ඨි 1
යෂ්ඨි 20 = ඉස්බ 1
ඉස්බ 80 = ගවු 1
ගවු 4 = යොදුන් 1

මිනිසාගේ ආයුෂය – මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්‍යෙ (ගැනිය නොහැකි සංඛ්‍යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ.

Read More

පරිත්පැන්වල හාස්කම් …

By සිරි සදහම් ( Dhamma) No Comments

පිරිත් දේශනාවකින් පසු සියලු සැදැහැවතුන් වෙත පිරින් පැන් බෙදා දීම අනිවාර්යයෙන් ම සිදුවන්නකි. ථෙරවාදී, මහායාන හෝ වජ්‍රයාන භේදයකින් තොරව සෑම බෞද්ධ රටකම සෑම බෞද්ධ ප්‍රජාවක් තුළ ම මේ චාරිත්‍රය පවතියි. පිරිත් පැන් තුළ රෝග සමනය කරන ශක්තියක් ඇතැයි ද එමගින් අපේ ගත මෙන් ම සිත ද සුවපත් වෙතැයි ද බෞද්ධයෝ විශ්වාස කරති.

එහෙයින් ආශීර්වාදාත්මක ගාථාවක් සජ්ක්‍ධායනය කරමින් දෑතට යොමු කෙරෙන පිරිත් පැනින් උගුරක් පානය කොට ඉතිරිය මුහුණේත් හිසෙහිත් තවරා ගන්නේ ඉමහත් බැති සිතිනි.අලුත් නිවසක පදිංචි වන විට පිරිත් පැන් ඉස ආසිරි සලසා ගන්නා අතර අලුත් දිවියක් පවුලට එක් වන සුබ නිමිති ආ දා පටන් පිරිත්පැන් නිතර නිතර ගැබිණි ලඳුනට ලැබේ.

බිළිඳා උපදින්නට ලං වත් ම අංගුලිමාල පිරිත කියවා පිරිත් පැන් ලබා දෙන්නේ එමගින් ඇය ට පහසුවක් මෙන් ම රැකවරණයක් ද සැලසෙතියි විශ්වාස කරමිනි. මේ පොදු විශ්වාසය හුදෙක් සාම්ප්‍රදායික වූත් විද්‍යාත්මක සත්‍යයකින් තොර වූත් අභිචාර විධියකට වැඩි යමක් නොවන බවත් සිතන්නෝ එමගින් ලැබෙන්නේ මානසික දිරිමත් කිරීමක් පමණක් බවත් සිතන්නෝ බොහෝ වෙති.

ජල බඳුනක් ඉදිරියේ තබා ගෙන පිරිත් සජ්ක්‍ධායනය කළ පමණින් ජලයට මෙවන් ආශීර්වාදාත්මක ශක්තියක් කැවෙන්නට හැකි ද?

Read More

බුදුදහම හමුවේ නිරුවත්වන ඩාවින්ගේ පරිණාම වාදය …

By සිරි සදහම් ( Dhamma) 4 Comments

දිනය: 1845 වසරේ සැප්තැම්බර් මස 16 වැනි දින
ස්ථානය: කැරිබියන් කළාපයේ ඉක්වදෝර සීමාවේ ගැලෆගෝස් දූපත් පෙළෙහි ඇල්බර්මාලේ දූපත අසළ
කපිතාන් ෆිට්ස්‍රෝයි තම දුර දක්නයෙන් ඈත මුහුදු සීමාව නිරීක්ෂණය කරමින් සිටියේය..ඔහු අසළින් වැදගත් පෙනුමැති, මහත්මයෙකු ” HMS බීග්ල්” නෞකාවේ සොල්දර තට්ටුව මත ඒ මේ අත සක්මන් කරමින් සිටියේය..
“කපිතාන්, ඔබතුමා දැන් මොනව කරන්නද සැරසෙන්නේ?”
“මේ හරියේ සක්‍රීය ගිනි කඳු තියෙනවද කියෙන එක මුලින්ම පරීක්ෂා කරලා ඉන්න ඕන..එයින් පසුව තීරණයක් ගත හැකියි…ඔබට මොනවද වෙන්න ඕනෑ, ඩාර්වින් මහත්මයා? ”
“මට තව ටික දිනක් මේ හරියේ නිරීක්ෂණය කරන්න ලැබුණොත් හොඳයි..ඒත් කපිතාන්, නැව් පන්තිය සම්බන්ධව තීරණ ගන්න දැන් අද්මිරාල් ෆිලිප් පාර්කර් කිංග් මහත්මයත් නැති එකේ, ඒ ගැන හරි තීරණයක් ගන්න ඕනෑ ඔබතුමා නේද?”
” මේ නැවේ සුප්‍රසිද්ධම මගියා එහෙම කියන එක මට ලොකු ගෞරවයක්..මගේ නම් සැලසුම හැමදාම ඉදිරියටම යෑම තමයි..ඔබතුමා ගැන කිව්වොත්?..මම හිතනවා ඔබේ සැලසුමත් ඉදිරියට යෑමයි කියලා”….
චාර්ල්ස් ඩාර්වින් ඈත ක්ෂිතිජයේ හිරු මුහුදේ නාන්නට සැරසෙනු එක් අතකින් සිය නළලත ආවරණය කර ගනිමින් මඳ වේලාවක් බලා සිටියේය…
“ඔව්!” හෙතෙම මිමිණුවේය…”ඔබතුමා කියපු දේ ආසන්න වශයෙන් නිවැරදියි! ඔබේ සැලසුම ඉදිරියට යන්නයි…මගේ සැලසුම අපි ඉදිරියට යන හැටි දැක ගන්නයි”…..
සත්‍ය වශයෙන්ම චාර්ල්ස් රොබර්ට් ඩාර්වින් මානවයා ඉදිරියට යන සැටි දුටුවෙක්ද?…එය සත්‍ය වශයෙන්ම ඔහු හා ඔහුගෙන් පසු කරළියට බට බටහිර විදුදර පිරිවර සිතන අන්දමටම “ඉදිරි ගමනක්ද?”..”අධි-පරිණාමයක්ද?”..

Read More

බුදුහිමියන් පවා ප්‍රතික්ෂේප කල සර්වාගමික “එකගෙයි කෑම“ – භරු ජාතකය ඇසුරින් විමසුමක් …

By සිරි සදහම් ( Dhamma) No Comments

අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය අද මෙරට නිතර අසන්නට ලැබෙන මාතෘකාවකි. සිංහල බෞද්ධයෝ ඊට විරුද්ධ වෙති. එහෙත් ඇතැමුන් පවසන්නේ එසේ විරුද්ධ වීම බෞද්ධයන්ට සුදුසු නොවන බවය. වඩාත්ම හාස්‍යජනක කාරණය නම්, අන්‍යාගමිකයන් ද අද මේ ගැන බෞද්ධයන්ට බණ කියන්නට පටන් ගැනීම ය. එම නිසා, මෙවැනි සිද්ධියක දී බුදුරජාණන් වහන්සේ කෙසේ ක්‍රියා කරත් ද යන්න බෞද්ධයන්ට ඉතා වැදගත් කරුණකි. මෙම ජාතක කතාව දේශනා කිරීමට පදනම් වන්නේ දෙව්රම් වෙහෙර (ජේතවනාරාමය) අසල තීර්තකාරාමයක් ඉදි කිරීම සම්බන්ධ සිද්ධියකි.

එම කතාව මෙසේය.
———————————–
බුදුහිමියන් දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටියදී බුදුහිමියන්ගේ අසිරිමත් වූ බුදුගුණ අරබයා දෙව්රම් වෙහෙරට බොහෝ ජනයා මතු නොව දෙවි බඹුන් පවා රැස් වී තම ගැටලු නිරාකරණය කර ගනිමින් සැනසීමට පත් වූ බව පැහැදිලි ය.

මේ නිසා සිදු වූයේ තීර්ථකාරාම වෙත ගිය පිරිස් තීර්ථකයන් අත්හැර දැමීමයි. තීර්ථකයන්ට ලද ලාභ සත්කාර සියල්ල මේ නිසා අහිමි විය. මෙයින් පිරිහිණු තීර්ථක පිරිසක් කල්පනා කළේ ජනයා තමන් හැර දමා දෙව්රම් විහාරයට ඇදෙන්නේ බුදුන්ගේ විශේෂතාවක් නිසා නොව දෙව්රම් වෙහෙර පිහිටි භූමියෙහි විශේෂතාවක් නිසා බවයි.

Read More

ලොව ශ්‍රේෂ්ඨතම කායික වෛද්‍යවරයා …

By සිරි සදහම් ( Dhamma) One Comment

ක්‍රිස්තු පූර්ව සවන සියවස තරම් දුරාතීතයේදී බුදුන් වහන්සේ දේශනා කළ කරුණු තුළ නූතන වෛද්‍ය ශාස්ත්‍රය පවා ඉක්මවාගිය පෘථුල දැනුම් සම්භාරයක් අන්තර්ගත ව ඇති අයුරු අද අපි විමසා බලමු. මිනිසාට වැලඳෙන කායික රෝග පිළිබඳ ව බුදුන් වහන්සේගේ මෙම වර්ගීකරණය සඳහන් ව ඇත්තේ අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍රයෙහි ය.
‘ඉති ඉමස්මිං කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති, සෙය්‍යථිදං, චක්ඛු රෝගෝ, සෝත රෝගෝ, ඝාන රෝගෝ, ජිව්හා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කණ්හ රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්ඡි රෝගෝ, මුච්ඡා, පක්ඛන්ධිකා, සූලා, විසූචිකා, කුට්ඨං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්ඡු, රඛසා, විතච්ඡිකා, ලෝහිත පිත්තං, මධුමේහෝ, අංසා, පිළකා, භගන්දලා, පිත්ත සමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතු පරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා, සීතං, උණ්හං, ජිගච්ඡා, පිපාසා, උච්චාරෝ, පස්සාවෝති.’
පඤ්චස්කන්ධයේ ඇති විය හැකි මෙම රෝගාබාධ 48කින් යුතු ලැයිස්තුව කා හටත් වැටහෙන ලෙස කෙටියෙන් පැහැදිලි කිරීම වැදගත් යැ යි සිතේ. ඉහත සඳහන් රෝග පිළිවෙළින් දක්වන්නේ නම් මෙබඳු ය:

Read More

error: Content is protected by www.ifbcnet.org.