Category

සිරි සදහම් ( Dhamma)

මහා සුදස්සන සූත්‍රය …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

මහා සුදස්සන සූත්‍රය

ත්‍රිපිටක පොත් වහන්සේ‎ | සූත්‍ර පිටකය‎ | දීඝ නිකාය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම්වූ මල්ල රජුන්ගේ සල්වනයෙහි සල් ගස් දෙකක් අතරෙහි පිරිනිවන්පාන කාලයෙහි වාසය කළෝය.

එවිට ආයයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීය.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුඩා නුවරක්වූ නොසම නුවරක්වූ ශාඛා නගරයක්වූ මේ කුසිනාරා නුවරෙහි පිරිනිවන් නොපාන සේක්වා.

´´ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නුවරයයි, මෙසේ නොකියව. ආනන්දය, පෙර එක් කාලයක අහිෂේක ලැබුවාවූ, ක්‍ෂත්‍රිය වංශයෙහි උපන්නාවූ,(ආයුධ නොගෙන)සතුරන් ජයගත්තාවූ ජනපදයන්හි ස්ථිර බවට පැමිණියාවූ, මහා සුදර්ශන නම් රජෙක් විය. ඔහුට මේ කුසිනාරා නුවර කුසාවතී නමින් රාජධානි වී. ඒ නගරය වනාහි නැගෙනහිරින්ද, බටහිරින්ද, දිගින් දොළොස් යොදුන් විය. උතුරු දිගින්ද දකණු දිගින්ද පළලින් සත් යොදුන් විය. ආනන්දය, කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය. සියල්ලෙන් සම්පුර්ණ විය. බොහෝ ජනයා ඇත්තී විය. මනුෂ්‍යයන්ගෙන් ගැවසී ගත්තීවිය. කෑම්බීම් ආදියෙන්ද ඉතා සුලභ විය. ආනන්දය, යම්සේ දෙවියන්ගේ ආළකමන්දා නම් රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධද සම්පූර්ණද එමෙන්ම කුසාවතී රාජධානිය සියලු සම්පත්තියෙන් සමෘද්ධ විය. සම්පූර්ණද විය.

´´ආනන්දය, මහාසුදර්ශන රජ රත්න හතකින්ද සෘද්ධි සතරකින්ද සමන්විත වූයේය. ආනන්දය, ඒ පුණුපෝය දිනයෙහි ස්නානය කොට අටසිල් සමාදන්ව උඩුමහල් තලයට පැමිණ සිටි සුදර්ශන මහා රජුට දැති දහසයකින් යුක්තවූ නිම් වළලු සහිත වුනැබ මඩුලු (බොස් ගෙඩිය)සහිතවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ දිව්‍යය චක්‍ර රත්නය පහළ වූයේය. ඒ දැක මහා සුදර්ශන රජුට මෙවැනි අදහසක් ඇතිවිය. දිව්‍යමයවූ චක්‍ර රත්නයක් පහළවූ බැවින් ඔහු සක්විති රජ වෙම්දෝයි යනුවෙනි.

´´ආනන්දය, ඉක්බිති මහා සුදර්ශන රජ උන් ආසනයෙන් නැගිට සලුවක් ඒකාන්ශ කොට පොරවා වම් අතින් රන් කෙන්ඩිය ගෙන ´පින්වත් චක්‍රරත්නය, (මාගේ අණසක) පවත්වාවා! පින්වත් චක්‍රරත්නය (සතර මහත් දිවයින) ජයගෙන දේවායි´ කියමින් දකුණු අතින් පැන් ඉස්සේය. ආනන්දය, එවිට ඒ චක්‍ර රත්නය මහා සුදර්ශන රජ සහ සිවුරඟ සෙනග කැටුවම පෙරදිගට ගමන්ගති. ආනන්දය, යම් පෙදෙසක චක්‍ර රත්නය පිහිටියේද එහි සුදර්ශන රජ සිවුරඟ සෙනග සමග වාසයට පැමිණියේය.

´´ආනන්දය, නැගෙනහිර දිසාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් වූවාහුද ඔවූහු මහා සුදර්ශන රජු වෙතට පැමිණ මෙසේ දැන්වූහ. ´´මහ රජ්ජුරුවන් වහන්ස, එනු මැනව. ඔබගේ ගමන ඉතා යහපත් වේමය.(මේ මහද්වීපය)ඔබ සන්තකය, අපට අනුශාසනා කළ මැනවයි´´ යනුවෙනි. මහාසුදර්ශන රජ (ඔවුන්ට) මෙසේ අනුශාසනා කළහ. සතුන් නොමැරිය යුතුය. නොදුන් දෙය සොර සිතින් නොගත යුතුය.(සොරකම් නොකල යුතුය) කාමයන්හි වරදවා නොහැසිරිය යුතුය. බොරු නොකිය යුතුය. සරා පානය නොකල යුතුය.(තොප) අනුහව කල අය බදුම අනුහව කරව්යයි´´(ඒ ඒ රජවරුන්ටම ඒ ඒ රටවල් පාවා දෙයි) ආනන්දය, නැගෙනහිර දිශාවෙහි යම් විරුද්ධ රජ කෙනෙක් ඇද්ද ඔවූහු මහා සුදර්ශන රජුට අනුව පැවැත්තාහුය.(යටත්වූහ)

´´ආනන්දය. ඉක්බිති ඒ චක්‍ර රත්නය පෙරදිග සමුද්‍රයට බැසගෙන එයින් නැගී මහා සුදර්ශන රජ සහ සිවුරඟ සෙනග කැටුවම දකුණු දිශාවට පෙරදිග ගමන මෙන් විය. බස්නාහිර ගිය ගමනද උතුරට ගිය ගමනද එසේම විය.

´´ආනන්දය, ඉක්බිති ඒ චක්‍ර රත්නය මුහුද කෙළවර කොට ඇති මුළු පොළව ජය ගෙන කුසාවතී රාජධානියට ආපසු ඇවිත් මහා සුදර්ශන රජුගේ ඇතුළු නුවර වාසල් දොර නඩු ශාලාව ඉදිරියෙහි, රජුගේ ඇතුළු නුවර(අන්තංපුරය) වැඩියක් හොබවමින් රථ අලවන්ගුවේ ඇතුළත් කරන ලද්දක් මෙන් සිටියේය. ආනන්දය, මහාසුදර්ශන රජහට මෙබදු(ආනුහාව ඇති) චක්‍රරත්නය පහළ වූයේය.

´´ආනන්දය, නැවතද සර්වාන්ගයම සූදුවූ ස්ථාන හතකින් පොළව ස්පර්ශ කරන්නාවූ, සෘද්ධි ඇත්තාවූ අහසින් යන්නාවූ, උපොසථ නම් හස්ති රාජ රත්නයක් පහළවූයේය. ඒ දැක මහාසුදර්ශන රජුගේ සිත පැහැදුනේය. පින්වත්නි, ඒකාන්තයෙන් හස්තියානය ඉදින්නික්මීමට පැමිණේ නම් ඉතා යහපතැයි කියායි, ආනන්දය එවිට ඒ හස්ති රත්නය ඉතා බොහෝ කලක් යහපත්ව දමනය කරන ලද උතුම් අජානීය හස්ති රාජයෙක් යම්සේද එමෙන්ම දමනයට පැමිණ ඉතා හොදින් හික්මුනේය.

ආනන්දය, පෙරවූ දෙයක් කියමි. ඒ මහා සුදර්ශන රජ හස්ති රත්නය විමසන්නේ උදේ කාලයෙහි හස්ති යානාවට නැගී මුහුද කෙළවර කොට ඇති මුළු පොළවට අනුශාසනා කොට කුසාවතී රාජධානියට ආපසු ඇවිත් උදේ ආහාරය නිමවූයේය. ආනන්දය, මහාසුදර්ශන රජහට මෙබදු හස්ති රත්නයක් පහළ වූයේය.

නැවතද ආනන්දය, මහාසුදර්ශන රජහට, මුළු ශරීරිය සූදුවූ කාක ශීර්ෂවූ(කවුඩෙකුගේ හිසට සමාන හිසක් ඇති) දකුණට කැරකුන කෙශ කලාපයක් ඇති සෘද්ධිමත්වූ අහසින් යන්නාවූ වලාහක අශ්වරාජවූ අශ්ව රත්නයක් පහළ වූයේය. ආනන්දය, පෙරවූ දෙයක් කියමි. මහා සුදර්ශන රජ ඒ අශ්ව රත්නය විමසනුයේ උදය කාලයෙහි අසු පිටට නැගී සමුද්‍රය කෙළවර කොට ඇති මුළු පොළවෙහි ඇවිද කුසාවති රාජධානියට ආපසු ඇවිත් පෙරවරු ආහාරය නිමවූයේය. ආනන්දය, මහාසුදර්ශන රජහට මෙබදු අශ්ව රත්නයක් පහළ වූයේය.

´´තවද අනිකක් නම්, ආනන්දය, ඒ මහා සුදර්ශන රජහට මාණික්‍ය රත්නයක් පහළ වූයේය. ඒ මාණික්‍ය රත්නයේ ආලෝකය හාත්පසින් යොදුනක් තැන පැතිර සිටියේය. ආනන්දය, පෙරවූ දෙයක් නම් මහා සුදර්ශන රජ ඒ මණි රුවන විමසනුයේ සිව්රඟ සේනාව සරසා ඒ මාණික්‍ය රත්නය කොඩියෙහි අගට නංවා ඇස් අදුරු කරන තද කළුවර රාත්‍රියෙහි(නුවර) සැරිසරයි, ආනන්දය, ඒ කුසාවති නගරය අවට ගම් වාසීහු මාණික්‍යයේ ආලෝකයෙන් දවාලයයි සිතා කර්මාන්ත ආරම්හ කළහ. මහාසුදර්ශන රජහට මෙබදු මාණික්‍ය රත්නයක් පහළ වූයේය.

´´නැවතද අනිකක් නම්, ආනන්දය, මහා සුදර්ශන රජහට ස්ත්‍රිරත්නයක් පහළවූයේය. ඕ තොමෝ මනා රූ ඇත්තීය. දැකුම්කට යුත්තීය. උතුම්වූ වර්ණ සෞන්දර්යයයෙන් යුක්ත වූවාය. ඉතා උස්ද නොවීය. ඉතා මිටිද නොවිය. ඉතා කෙට්ටුද නොවීය. ඉතා මහත්ද නොවීය. ඉතා කළුද, ඉතා සුදුද නොවීය, මිනිස් වරණය ඉක්මුණාවූ දිව්‍යය වර්ණයට නොපැමිණියාවූ(දෙවඟනක් සමාන) ස්ත්‍රික් වූවාය. ආනන්දය, ඒ ස්ත්‍රිරත්නයාගේ මෙබඳුවූ ශරීර ස්පර්ශයක් වේ. ඉඹුල් පුළුන් වල හෝ කපු පුළුන් වල යම්බඳු ස්පර්ශයක් ඇද්ද, එබඳු ස්පර්ශයක් ඇත්තීය, ආනන්දය, ශීත කාලයේ ඒ ස්ත්‍රිරත්නයගේ ශරීරය උනුසුම් වෙයි, උණුසුම් කාලයේදී සීතවෙයි. ආනන්දය, ඒ ස්ත්‍රිරත්නයගේ ශරීරයෙන් සඳුන් සුවඳ විහිදෙයි, කටින් මහනෙල් මල් සුවඳ විහිදෙයි, ආනන්දය, ඒ ස්ත්‍රිරත්නය වනාහි මහා සුදර්ශන රජුට පළමු කොටම නැගිටින්නියක් වූවාය. පසුව සැතපෙන්නීය, දාසියක් මෙන් හැසිරෙන්නීය, ප්‍රියමනාපව හැසිරෙන්නීය, ප්‍රිය වචන කියන්නීය, ආනන්දය, ඒ ස්ත්‍රිරත්නය වනාහි මහා සුදර්ශන රජු ඉක්මවා සිතින්වත් නොහැසිරෙන්නීය. ශරීරයෙන් කියනුම කවරේද?ආනන්දය මහා සුදර්ශන රජුට මෙබඳුවූ ස්ත්‍රිරත්නයක් පහළ වූයේය.

´´නැවතද අනිකක් නම්, මහා සුදර්ශන රජහට ගෘහපති රත්නයක් පහළ වූයේය. ඒ ගෘහපති රත්නයට කුශල විපාකයෙන් දිවැස් පහළ විය. ඒ ගෘහපති රත්නය මහා සුදර්ශන රජු වෙත පැමිණ මෙසේ කීවේය. දේවයන් වහන්ස, උත්සහ නොකල මැනව, මම ඔබ වහන්සේගේ ධනයෙන් වුවමනා කටයුතු කරන්නෙමියි´´ ධනයෙන් පැවරීය.

නැවතද අනිකක් නම් ආනන්දය, මහා සුදර්ශන රජුට පරිනායක රත්නයක් පහළ වූයේය. ඔහු පණ්ඩිත වූයේය. කීමෙහි, බිණිමෙහි දක්ෂ වූයේය. ඥාණවන්ත වූයේය. මහා සුදර්ශන රජු වෙතට පැමිණ විය යුත්තන් පැමිණ වීමටද, නොපැමිණවියයුත්තන් නොපැමිණවීමටද, සමර්ථ වූයේය. ඔහු මහා සුදර්ශන රජු වෙත පැමිණ, දේවයන් වහන්ස ඔබ වහන්සේ වෙහෙස නොවනු මැනව. මම අනුශාසනා කරන්නෙමි, කීය. ආනන්දය, මහා සුදර්ශන රජුට මෙබඳු පරිනායක රත්නයක් පහළ වූයේය. ආනන්දය, මහා සුදර්ශන රජු මේ සත් ආකාර රත්නයෙන් යුක්ත වූයේය.

´´ආනන්දය, නැවතද අනිකක් නම්, මහා සුදර්ශන රජ සතර සෘද්ධියකින් යුක්ත වූයේය. මහා සුදර්ශන රජ අන්‍ය මනුෂ්‍යයන්ට වඩා අතිශයින් මනාවූ රූප ශෝහා ඇති දැකීමට ප්‍රියවූ සතුට ගෙන දෙන්නාවූ උතුම් වර්ණ සම්පත්තියෙන් යුක්ත විය.

සෙසු මනුෂ්‍යයන්ට වඩා බොහෝ කල් ජීවත් වන්නෙක් විය. අන්‍ය මනුෂ්‍යයන්ට වඩා ආබාධ අඩු කෙනෙක් විය.

තවද, ආනන්දය, සක් දෙවිඳු මහා සුදර්ශන රජුගේ සතිවිල්ල තමාගේ සිතින් දැන විස්වකර්ම දිව්‍ය පුත්‍රයාට කථා කර මහා සුදර්ශන රජුට විසීමට ´ධම්ම´ නම් ප්‍රාසාදයක් මවවයි, කීය. විස්වකර්ම දිව්‍ය පුත්‍ර තෙමේ ´ධර්ම´ නම්වූ ප්‍රාසාදයක් මැවූයේය.

´´ආනන්දය, ඊට පසුව මහා සුදර්ශන රජහට මෙබඳු අදහසක් ඇතිවිය. එනම් යම් හෙයකින් මම දැන් මහත් සෘද්ධි ඇත්තේ මහත් ආනුහාව ඇත්තේ වෙම්ද, මාගේ මේ සම්පත්තිය කිනම් කුසලකර්මයක්හුගේ

ඵලයක්ද, කවර කර්මයෙක්හුගේ විපාකයෙක්ද?කියායි. ඉක්බිති රජහට මෙබඳු අදහසක් ඇතිවිය, මාගේ මේ සම්පත්තිය ත්‍රිවිධ කුශල කර්මයාගේ ඵලය වෙයි. ත්‍රිවිධ කර්මයන්ගේ විපාකය වෙයි. ඒ කවරේද යත්, දානයේද, උපෝසථ සීලයේද, කය හා වචනය සංවර කිරීමේද, යන ත්‍රිවිධ කුසල කර්මයේ ඵල විපාකය යනුයි,

තවද ආනන්දය, ඒ මහා සුදර්ශන රජ තෙම මහාබ්‍යහ නම් කූටාගාරයෙහි දොරටුව ළඟ සිට ප්‍රිති වාක්‍යයක් කීයේය. කාම සිතිවිලි සිටුව, ක්‍රොධ සිතිවිලි සිටුව කාම සිතිවිලි ක්‍රෝධ සිතිවිලි මෙපමණකින් සිටීවා, හින්සා සිතිවලි මෙපමණකින් සිටීවා, මෙපමණකින් සිටීවා කියායී.

තවද ආනන්දය, මහා සුදර්ශන රජ තෙම මහාබ්යුහ නම් කුටාගාරයෙහි රනින් කළ පර්යන්කයෙහි(ආසනයෙහි) හුන්නේ කාම තෘෂ්ණාවෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, ප්‍රථම ධ්‍යානය උපදවා විසුයේය. දෙවැනි ධ්‍යානය උපදවා වාසය කළේය. තුන්වැනි ධ්‍යානය උපදවා විසුයේය. සතරවැනි ධ්‍යානය උපදවා විසුයේය.

නැවතද ආනන්දය, මහා සුදර්ශන රජ තෙම සෑම තන්හි සියලුම ප්‍රාණින් සහිතවූ සියලුම ලෝකය විශාලවූ මහත් බවට ගියාවූ අප්‍රමාණ වෛර නැති හින්සා රහිතවූ මෛත්‍රි සිතින් පතුරුවා විසුයේය. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින් උපෙක්ෂා සහගත සිතින් පතුරුවා විසුයේය.

එකල්හි ආනන්දය, සුහද්‍රා දේවිය සිව්රඟ සෙනගද අන්තක්පුර ස්ත්‍රින්ද සමඟ ධර්මප්‍රාසාදයට එළඹ ධර්ම ප්‍රාසාදයට නැගී මහාබියූහ කූටාගාරයට පැමිණ දොරබාව අල්වා ගෙන සිටියාය. ඉක්බිති මහා සුදර්ශන රජ තෙම ශබ්දය ඇසී කිමෙක්ද?මේ මහත් සේනාවක්හුගේ ශබ්දයක් මෙනැයි සිතා මහාබියූහ කූටාගාරයෙන්, නික්මුණේ, දොරබාව අල්වා ගෙන සිටි සුහද්‍රා දේවිය දුටුවේය. දැක, සුහද්‍රා දේවියට මෙසේ කීවේය. එම්බා දේවිය, මෙතැන්හිම සිටුව, කූටාගාරයට ඇතුල් නොවෙවයි කීයේය.

ආනන්දය අනතුරුව, සුහද්‍රා දේවියට මෙබඳු අදහසක් ඇතිවිය. මහා සුදර්ශන රජහුගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසිදුය. විශේෂයෙන් බබලන්නේය. මහා සුදර්ශන රජ තෙම කාලක්‍රියා නොකෙරේවා. දේවි තොමෝ කඳුළු පිසදමා, මහා සුදර්ශන රජහට මෙසේ කීවාය. දේවයන් වහන්ස, ප්‍රියවූ මනාපවූ සියල්ලන්ගේ නානා හාවයවන්නේය. වෙන්වන්නාවූ ස්වහාවය ඇත්තේය. අන්‍ය ගතියකට යන ස්වහාවය ඇත්තේය. දේවයන් වහන්ස, නුඹ වහන්සේ ආසාවක් නැතුවමකාලක්‍රියා කල මැනව. ආසාව ඇත්තහුගේ කාලක්‍රියාව දුක්වන්නේය. නින්දා වන්නේය.

එවිට මහා සුදර්ශන රජ තෙම නොබෝවේලාවකින්ම කාලක්‍රියා කළේය. ආනන්දය, කාලක්‍රියා කලාවූ මහා සුදර්ශන රජ තෙම මනා ගති ඇති හෙයින් සුගති නම්වූ බ්‍රහ්මලෝකයෙහි උපන්නේය. ආනන්දය, මම ඒ කාලයේදී මහා සුදර්ශන රජවීමීයි වදාළ සේක. ආනන්දය, ඒ අසූහාරදහසක් නගර අතුරින් යම් කුසාවතී රාජ ධානියෙක් වීද එසමයෙහි ඒ එකම කුසාවතී නුවර වාසයකෙළෙමි.

ආනන්දය, සංස්කාරයන්ගේ අනිත්‍යතාව බලව, සියලුම ඒ සංස්කාර ධර්මයෝඉකුත් වූහ. නිරුද්ධ වූහ. විනාශ වූහ. මෙසේ සංස්කාරයෝ අනිත්‍ය වන්නාහුය අස්තිර වන්නාහුමය. ආනන්දය, සංස්කාරයෝ මෙසේ අස්වැසීමක් නැත්තාහුමය. යම් මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්ට නොඇලෙන්ට මිදෙන්ට සුදුසු වන්නේමය.

ආනන්දය, මම වනාහි මේ ප්‍රදේශයෙහි හය වාරයක්ම ශරිර නික්‍ෂෙපය(ශරීරය දැමීම) කළ බව දනිමි. ඒ වනාහි ධාර්මිකවූ ධර්මරාජන්වූ චක්‍රවාළය කෙළවර කොට ඇති සතර මහාද්වීපය ජයගත්තාවූ ජනපදයන්හි ස්තිරහාවයට පැමිණියාවූ සප්තවිධ රත්නයෙන් යුක්තවූ සක්විති රජ කාලයන්හිමය. මේ සත්වෙනි ශරිර නික්‍ෂෙපය(ශරීරය දැමිම) වන්නේය. ආනන්දය, දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ දෙවිමිනිසුන් සහිතවූ ලෝකයෙහි යම් තැනෙක්හි තථාගත තෙම අටවැනි වර ශරිර නික්‍ෂෙපය කරන්නේද එබඳුවූ ප්‍රදේශයක් මම නොදක්නෙමියි වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය මෙසේ වදාරා එයින් මත්තෙහි සුගත නම්වූ ශාස්තෲන්වහන්සේ මෙසේද වදාළ සේක.

´´ඉපිද නැසෙන සුලුවූ සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපිද නැතිවෙත්, ඔවුන්ගේ සංසිඳීම සැපවන්නේය´´ යනුයි.

උපුටා ගැනීම – උතුම් ශ්‍රී සද්ධර්මය ( dahamsithum.wordpress )

අධාර්මික රජුගේ කථාව …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

මේ බෞද්ධ රටට බෝසත් රජෙකු අවශ්‍යයැයි කියන්නේ ඇයිදැයි පහත ලිපියෙන් ඔබට පැහැදිලි වනු ඇත. අපේ රට මෙතරම් පිරිහීමට පත් වී ඇත්තේ ඇයිදැයි යන්න ඔබට මේ කථාව කියවීමෙන් මනාව වැටහේවි …

කාශ්‍යප බුදුන්ටත් ගෞතම බුදුන්ටත් අතර කාලයෙහි අතිදේව රජුගේ පුත්‍ර වූ රජෙක් විය. හෙතෙම ධාර්මික උවත් ධනයෙන් හීන විය. ධනය රැස් කරනු කැමති හෙතෙම ඇමතිවරුන්ට මෙසේ කීය. “ මිත්‍රවරුනි, රාජ කෝෂයන් බලමින් අවිද්ද මට එහි ධනය හීන වී තිබෙන බව පෙනිනි. එබැවින් එය ධාර්මික සේ පිරවිය යුතුය. අධාර්මික ලෙස නොපිරවිය යුතුය. එය සමාකාරයෙන් මිස විෂමාකාරයෙන් නොකල යුතුය. ” ඒ කීම ඇසූ එක් ඇමතියෙක් “ ජනපදය සමෘද්දය, ජනපද වාසීහු රජුට ධනය දෙත්වාරන් රිදියෙන් පිරවූ බොහෝ භාජන ගෙයක් පාසා වෙති, මිනිසුන්ට අයත් කෝටි ගණන් රන්කාසි ඇත්තාහ” යි කීහය. “ මිත්‍රය එසේ නොකියව, අධර්මය නොපවතීවා, ධාර්මිකව මියයාම යහපත් උවත් අධාර්මිකව ජීවත්වීම අයෝග්‍යය. අපි දෙදෙන අප්‍රකට වෙශයෙන් රටේ ඇවිද රටේ ඇති ධනය විමසා බලමු”යි රජ කීය. Read More

මලකුණු සිරුරෙහි බැද මාරයාට පාඩමක් ඉගැන් වූ උපගුප්ත තෙරුන් වහන්සේ …

By | සිරි සදහම් ( Dhamma) | 2 Comments

මුහුදු වෙරළ ඉක්මවීමට කවරෙක් සමර්ථ වේද? මමද මහා බල සම්පන්නයකු වුවද තථාගත බුද්ධ පුත්‍රයෙකුගේ බලයට එය සමාන කළ නොහැක. තොප වහාම ඒ උපගුප්ත තෙරුන් වහන්සේ හමු වී උන් වහන්සේ සරණ යව ….යම් සත්වයෙක් පොළොවට වැටුණූ විට පොළොවම පිහිටකොට නැඟී සිටින්නාක් මෙන් උන්වහන්සේගේ සරණයෙන් මේවා ඉවත්කර ගනුව.

සකල ලෝකවාසී සත්ත්වයාටම අනුපමේය වූ කරුණා නිධාන වූ, සම්මා සම්බුදු මෑණියෝ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ද සමග මථුරා දේශයට වැඩම කළ සේක.මථුරාවෙහිදී ආනන්ද හිමියන් ඇමතූ බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ආනන්දය , මගේ පරිනිර්වාණයෙන් වර්ෂ සියයක් ගතවූ තැන මේ මථුරා පුරයෙහි ගුප්ත නම් සුවඳ බඩු වෙළෙන්දෙකුට දාව උපදින උපගුප්ත නම් පුත්‍රයෙක් වන්නේය. ඔහු බුදුවරයෙක් මෙන් මගේ ශාසනයෙහි බුද්ධ කාර්යය කරන්නේය. ශාසනය බබළවන්නේය. බොහෝ අදමිටු සත්ත්වයෝ ඔහුගේ අවවාදයෙන් යහමඟ දකින්නේය. ඒ උපගුප්ත භික්ෂුව අවවාද දෙන්නා වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබන්නේය.

Read More

ස්වයං වින්දනය කරන ඔබ භයානක කාම යක්ෂයෙකුගේ ගොදුරක් විය හැක.

By | සිරි සදහම් ( Dhamma) | 6 Comments

ස්වයං වින්දනය යනු රෝගයක් නොවන බවත්, එය අහිංසක වින්දනයක් බවත් කාම වෙබ් අඩවි පුන පුනා කියයි. එමගින් ස්වයං වින්දනය සාමාන්‍ය දෙයක් බව පවසමින් එහි වාසි ගැන පවා නන් දොඩවයි. මිනිසුන්ගේ කාමය විකුණ‍ා හෝ මුදල් සොයන්නට බලාපොරොත්තු වන මේ හිගන වෙබ් අඩවි ඔස්සේ නිලියන්ද නිරුවත වැඩි ගණන් වලට විකුනාගනී. ඒතුලින් සිය බඩගෝස්තරය රැක ගැනීමට උත්සාහ කිරීම කෙතරම් අප්‍රිය ජනකද? මේ දිගහැරෙන්නේ මහාමේඝ 2015 පොසොන් කලාපයේ පලවූ ලිපියකි. ලිපිය වෙනුවෙන් දායක වූ සියලු දෙනාට මගේ ප්‍රණාමය වේවා.


උපන්නා වූ සෑම මිනිසෙකුට ම පාහේ මිතුරන් සිටී. මිතුරු ඇසුර සියල්ලන්ට ප්‍රිය ය. නමුත්
ලෝකයේ සියලූ හිතමිතුරුකම් ‘කල්‍යාණ’ යැයි කිව නො හැකි ය. මේ ඇතැම් මිතුරුකම් ජීවිතයේ කෙළවර ළං කරවන්නට සමත් වේ. පාප මිතුරන් කියන්නේ එවැනි අනිටු ඵල ගෙනෙන මිතුරන්ට ය.

Read More

දෙව් මිනිසුන්ගේ වන්දනාවට බදුන් වූ නැදුන්ගමුවේ රාජා …( Video )

By | සිරි සදහම් ( Dhamma) | One Comment

අද වනවිට බුදුදහම විවේචනය කරන්නට බොහෝ පිරිස් සැදී පැහැදී සිටී. සිය මොලගෙඩිවලට නොවැටහෙන ධර්මය විවේචනය කිරීම පමණක් නො‍ව සාම්ප්‍රදායික චාරිත්‍ර විධි පවා විවේචනය කරති. දිනකට දහස් ගණන් හරකුන් ,එලුවන්, කුකුලන් මරණ රටක පෙරහැර කරඩුව වඩමවන හස්තියාගේ හිංසාව කථා කිරීම මොනතරම් විහිලුවක්දැයි බුද්ධිමතුන්ට වැටහෙනවා ඇත. කෙසේ උවද අන්තර්ජාලයෙන් උපුටාගත් වීඩියෝපට කිහිපයක් ඇසුරින් මේ වීඩියෝ පටය නිර්මාණය වන්නේ නැදුන්ගමුවේ හස්තියා කෙතරම් සතුටින් සිය වගකීම ඉටුකරනවාදැයි පෙන්වා දීමටය.

 

අන්තවාදීන් අතින් විනාශ වීගිය නාලන්දා නිධානය …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

ආසියාවේ විශාලතම විශ්වවිද්‍යාලය ලෙස ප්‍රසිද්ධියට
පත්ව තිබූ භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයේ නෂ්ටාවශේෂ
දකින ඕනෑම අයෙකුගේ හදවත කම්පාවීම නොවැළැක්‌විය හැකිය.

ආසියාවේ විශාලතම විශ්වවිද්‍යාලය ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයේ නෂ්ටාවශේෂ දකින ඕනෑම අයෙකුගේ හදවත කම්පාවීම නොවැළැක්‌විය හැකිය.

බිහාර් ප්‍රාන්තයේ රජගහනුවරට කි. මී. 10 ක්‌ උතුරු දෙසින් මෙම විශ්වවිද්‍යාල භූමිය දැකගත හැකිය.

ක්‍රි. පූ. 3 වැනි සියවසේ ආරම්භ වූ නාලන්දා විශ්වවිද්‍යාලය භාරතයට පමණක්‌ නොව සමස්‌ත ආසියාවටම ඉමහත් මෙහෙවරක්‌ ඉටුකර තිබේ. එදා ඉන්දියාවේ බෞද්ධ අධ්‍යාපනය ඉතා දියුණු මට්‌ටමක පැවැති අතර ඒ සඳහා විශ්වවිද්‍යාල පහක්‌ බිහිව තිබිණි. නාලන්දාව, තක්‌ෂිලාව, වික්‍රමශීලා ඒ අතුරින් ප්‍රධාන ස්‌ථානයක්‌ ගත්තේය. ඒ සියල්ල අතුරින් සෑම අංශයකින්ම වඩාත් දියුණු මට්‌ටමක පැවතියේ නාලන්දා විශ්වවිද්‍යාලයයි. මෙය විවිධ ක්‍ෂේත්‍රයන්ට අදාළ විෂය රැසක්‌ සඳහා කැපවූ ආයතනයක්‌ විය.

Read More

ලොව හෙල්ලූ තවත් අධිරාජ්‍යයෙක් සාමණේර හිමිනමක් ලග දණගසයි …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ සිද්ධස්ථාන සොයා ගෙන එම සිද්ධස්ථානවල අශෝක ස්ථම්භ පිහිටුවා බෞද්ධයන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසීමෙන් ධර්මාශෝක රජතුමා විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම කරන ලද සදානුස්මරණීය සේවාවකි. ධර්මාශෝක රජතුමා ලක්දිව බෞද්ධ ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට පූජනීයත්වයට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි.

බොහෝ ඈත අතීත කාලයක බරණැස් නුවර මී පැණි වෙළෙඳාමේ නියුක්ත වූ සහෝදරයෝ තිදෙනෙක් වූහ. වැඩිමල් සොහොයුරා ඈත ගම්වලට ගොස් මී පැණි එකතු කරයි.දෙවැන්නා එම මී පැණි ගෙනැවිත් දෙයි. බාල මලණුවන් එම මී පැණි විකිණීම කරයි. එකල ගන්ධ මාදන පර්වතයේ වාසය කරන එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් යම් කිසි ව්‍යාධියක් සඳහා මී පැණි ලබා ගැනීමට පිණ්ඩපාතයේ වැඩි සේක. එම පසේබුදුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩියේ ඉහත කී බාල මලණුවන් මී පැණි වෙළෙඳාම් කරන වීථීයේ මය. එකල එක්තරා කුල ගෙයක බැලමෙහෙවර කරන ස්ත්‍රියක් පැන්ගෙන ඒමට කළයක්ද ගෙන යන විට මේ පසේ බුදුන්වහන්සේ දැක අවුත් පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි කුමක් සඳහා වැඩි සේක්දැ” යි ඇසුවාය. ‘එම්බා නැඟණියනි, මී පැණි ටිකක් අවශ්‍යව ඇති බැවින් වැඩියෙමි’ යි පසේ බුදුන් වහන්සේ පිළිතුරු දුන් සේක.

Read More

බෞද්ධ භික්‌ෂුවක්‌ හමුවේ පැරැදුණු මහා ඇලෙන්සැන්ඩර් අධිරාජ්‍යයා …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්‌වා අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ පළමු යුරෝපීය පාලකයා විය. මහා දිග්විජයකරුවකු වූ හේ ඉතිහාසයෙහි හැඳින්වෙන්නේ මහා ඇලෙක්‌සැන්ඩර් නමිනි. ක්‍රි.පූ. 336 දී රජ වී වසර දෙකකට පසු ඇරැඹුණු අධිරාජ්‍යය ගොඩනැංවීම තුළින් තුර්කිය, ඉරානය, ඉරාකය, ඇµaගනිස්‌ථානය හරහා භාරතයේ පන්ජාබ් ප්‍රදේශය දක්‌වා මහා අධිරාජ්‍යයක්‌ ඇතිකරන ලදී.

වයස විස්‌සේදී රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු වයස අවුරුදු විසි දෙකේදී මහා දිග්විජය අරඹා එකොළොස්‌ අවුරුද්දක්‌ යුද්ධ කර දැවැන්ත අධිරාජ්‍යයක්‌ ගොඩනංවා ජයග්‍රාහී ලෙස ආපසු තම රටට එමින් සිටියදී ක්‍රි.පූ. 369 දී නොහොත් වයස අවුරුදු තිස්‌තුනේදී අතරමඟ බැබිලෝනියාවේදී මියගියේය. ඔහුට තම අධිරාජ්‍යය භුක්‌ති විඳීමට කාලයක්‌ නොවීය.

Read More

ගත සිත සමාධි ගත වන පොළොන්නරුවේ ගල් විහාරය …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

ඉපැරැණි පොලොන්නරු පුද බිමේ පිහිටි බෞද්ධ සිද්ධස්‌ථාන අතුරින් ගල් විහාරයට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි.
ලක්‌වැසි බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨ උරුමයක්‌ද වන මෙය දූරාතීතයේ පටන්ම වන්දනීය, පූජනීයත්වයට පත්ව තිබේ.
දොහොත් මුදුන්දී, සාධුකාර දෙමින් සැදැහැවතුන් මෙහි පැමිණෙන්නේ ජීවමාන බුදුන් දකින්නට මෙනි.මෙම නිසල ආගමික පරිසරයේ කොතකුත් වේලා සමාධිගත වන්නට හැකි යෑයි කිවහොත් වඩා නිවැරදිය.
වන අරණක සෙවන ලබන බිමේ ගල් කුලකට බුදුගුණ ගැන්වීමෙන් හෙළ කලාකරුවාගේ විස්‌මිත නිර්මාණ හැකියාව එක්‌ පසෙකින් ලොවටම විදහා දැක්‌වීමකි.

Read More

සූවිසි විවරණය …

By | සිරි සදහම් ( Dhamma) | No Comments

01.පළමු වැනි නියත විවරණය …දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්
දීපංකර බුදුහිමි පාද මූලයෙහි වේද මන්ත්ර ධරන්නා වූ ත්රිවේදය සහිත නොයෙක් ශාස්ත්රයන්හි පාරප්රාප්තව සිට තවුස් පැවිද්දෙන් පැවිදිව අෂ්ට සමාපත්ති ,පඤ්ච අභිඥා ලාභී ,සුමේධ තවුස්ව සිට එම බුදුන් වඩින මගක මඩ සහිත බිමක් සකස් කරමින් සිටිය දී බුදුන් වැඩිය හෙයින් බුදුන් ප්රධාන මහා සඟ රුවනට වැඩමවීම පිණිස ඒ දණ්ඩක් සේ එම මඩ බිමෙහි ජීවිත ආශාව රහිතව මුනින් වැතිර සිටීම ….
02.දෙ වැනි නියත විවරණය …කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන්
කොණඩඤ්ඤ බුදුහිමි පාද මූලයෙහි විජිතාවී නම් සක්විති රජව සක්වළගල හිමිකොට ඇති මහසයුර ඇතුළුව ආධිපත්ය පවත්වමින් සිට බුදුන් වහන්සේ ප්රමුඛ කොටිලක්ෂයක් රහතුන් වහන්සේලා මධුර වූ ආහාරයෙන් සන්තර්පණය කිරීම ….
03.තුන්වැනි නියත විවරණය …මංගල බුදුරජාණන් වහන්සේගෙන්
මංගල බුදුහිමි පාදමූලයෙදී සුරුචි නම් ත්රිවේදයෙහි පාරප්රාප්ත බ්රාහ්මනයෙක්ව සිට බුදුන් වෙත එළඹ බුදුන් සරණ ගොස් බුදු පාමොක් මහා සඟනට ගඳ මලින් පුදා එළකිරියෙන් පමණක් පිසූ භෝජනයෙන් සැතැපීම …

Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.