සිරි සදහම් ( Dhamma) Archives - IFBC Organization | Dhamma

විලාසිතායැයි කියමින් නිරුවත පෙන්වන අක්කලාට බුදු හිමියන් ලබා දුන් පිලිතුර …

Posted by | සිරි සදහම් ( Dhamma) | 3 Comments

” ලංකාවෙ කොල්ලන්ට තියෙන්නෙ අසහනය. මම කරන්නෙ මට ඕනි විලාසිතාව. ” මෙහෙම කියන්නෙ අපේ ලංකාවෙ විලාසිතා කරන අක්කල. ඒ අයට බුදු හාමුදුරුවො දුන්නෙ කදිම පිලිතුරක්.

මේ සිදුවීම සදහන් වෙලා තියෙන්නේ “තාලපුට සුත්‍රයේ” (සංයුක්ත නිකාය-04-558 පිටුව)
බුදුන්ගේ කාලේ තාලපුට කියල වේදිකාවල නැටුම් දක්වන පුද්ගලයෙක් හිටියා. මෙන්න මේ පුද්ගලයා බුදුන්වහන්සේ හමුවෙන්න ඇවිත් වන්දනාමාන කරලා පැත්තකට වෙලා මෙහෙම ප්‍රශ්නයක් බුදුන් වහන්සේගෙන් විමසනවා.

| බුදුන් වහන්ස, අපේ පරණ ගුරුවරුන් කියනවා බොරුව ඇත්ත වගේ පෙන්නලා නැටුම් නටල අපි මිනිස්සු විනෝදයට පත්කරනවා, ඒ අය නැටුම් දැකල ප්‍රීති ප්‍රමෝදයට පත්වෙනවා. අපි මේ මිනිස්සුන්ව පිනවලා රැස්කරගන්නේ අප්‍රමාණ පිනක්, ඒ නිසා අපේ නැටුම් නටන පිරිස මරණෙන් මතු “පහාස” කියන දිව්‍ය ලෝකයේ එහි දෙවියන් සමග උපදිනවා කියල මම අහල තියෙනවා, මේ ගැන ඔබවහන්සේගේ අදහස දැනගැනීමට කැමතියි.

Read More

සෝමාවතිය සොයාගිය පරිස දුටු විශ්මිත බුදුරැස් දහරාව …

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

කොළඹින් උදෑසන ගමන් ඇරඹූ අප දඹුල්ල හබරණ හිඟුරක්ගොඩ පසු කොට පොළොන්නරුවට පැමිණෙන විට උදෑසන 10 පසු වී තිබුණි. පොළොන්නරුවේ ගල් විහාරය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කිරීම ආපසු එන දිනයට යොදා ගනිමින් අපි ඉක්මනින් සුංගාවිල පසු කොට ඉදිරියට ඇදුනේ අද දින අපගේ ගමනාන්තය වෙනත් ඉසව්වක් වූ නිසාවෙනි. සුංගාවිලෙන් එහාට ඇති සෝමාවතිය රක්ෂිතය නිදැල්ලේ හැසිරෙන වන සතුන්ගේ පරාදීසයකි. විශේෂයෙන් මේ මහ වනය පුරා අණසක පතුරා සිටින දැවැන්තයන් නම් වන හස්තීන් වෙති. වාහනය මඳක් නවතා ඈතින් පෙනෙන වන ගොමු අතරේ උන් නිදැල්ලේ හැසිරෙන අපූරුව අපි බලා සිටියෙමු.

අඩිපාරක්වත් සොයාගැනීමට අපහසු වනගැබ තුළ ඉදිරියට ඇවිද යාම ඉතා අපහසු ය. දිවා කල මුළුල්ලේ මහ වනයේ අතුපතුර පීරමින් ගමන් කළ පිරිස දැන් හොඳට ම විඩාවට පත් වී ඇත. අලි කොටි වග වලසුන්ගේ කෙළි බිමක් වන් මේ මහ වනය තුළ සැතැපුම් ගණනක් පා ගමනින් ම පැමිණි බැවින් ඇඳිරි වැටීමට පෙර ආපසු යාම ද කළ නො හැකි දෙයකි. දිවා කාලයේ පවා මඟ සොයා ගැනීමට අසීරු මේ වන රජ දහන තුළ දැන් රජයන්නේ ඝන අඳුරයි…. ඈතින් ඇසෙන කුඤ්චනාද හා නෙක වන සතුන්ගේ ගෙරවුම් හඬ පිරිසගේ ලොමුඩැහැ ගැන්වීමට සමත් වී ඇතත් ස්වාමීන් වහන්සේ අඳුර මැදින් ගමන් කරන්නේ සියුම්ව ඇසෙන වෙනත් හඬකට කන් යොමාගෙන ය. ඈතින් ඇසෙන්නේ හේවිසි නාදයක් බව යාන්තමට හඳුනාගත් පිරිසගේ නෙත් කෙවෙනි තුළ බලාපොරොත්තුවේ එළි දැල් වී තිබේ. හේවිසි නාදය ළං ළං වෙත් ම අඳුරු වන පෙත මැදින් සෞම්‍ය ආලෝකයක් මතු වී පෙනේ. ස්වාමීන් වහන්සේ වහ වහා එ් දෙසට වඩින්නේ පිරිසට ද ඉක්මනින් පා ඔසවන්නට දිරිය දෙමිනි.

Read More

තවදුරටත් පක්ෂ දේශපාලනය වෙනුවෙන් ජාතිය ආගම පාවා දෙනවාද?

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

දළදා පෙරහැරට වින කඨින්නේ මුදලට ගිජු වූ දේශපාලන බිරින්දෑවරුන්ම බව පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් පවසති. පෙරහැර විනාශ කිරීමේ සැලසුම කරන්නේ නිමල් සිරිපාලද සිල්වාගේ බිරිද ඇතුලු එන් ජී ඕ නඩය විසින් බවත්, පෙරහැර නැවැත්උවහොත් එක් අලියෙකුට කෝටි හතර බැගින් ගෙවන බවත් නොඑසේනම් මුදල් ආධාර ලබාදීම නවතා දමන බවත් නෝර්වේ රජය දැනුම් දී ඇති බව දරණාගම හිමියන් පවසති.

Read More

දළදා වහන්සේට අත තබා හොට පටලවා ගන්න එපා …

Posted by | සිරි සදහම් ( Dhamma) | One Comment

වර්තමානයේ දළදා වහන්සේ වෙනුවෙන් ඇතිවන සතුරු බලපෑම් ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. බෞද්ධයා යනු සියලු ආගම්වලට ගරු කරන පුද්ගලයෙකි. කිසිදු ආගමකට හානියක් නොකරන පුද්ගලයෙකි. පරම අවිහිංසා වාදී පුද්ගලයෙකි. ඉන් ප්‍රයෝජන ගන්නා අන්තවාදී ආගමික කාක්කෝ දළදා හිමියන් වෙත දිගින් දිගටම පහර දෙති. දළදා හිමිට අතීකයේ පටන්ම එල්ල වූ හතුරු බලපෑම් අපමණය. දඹදිව කලිගු රජුගේ පටන් අද දක්වාම ඒ සතුරු බලපෑම්වල අඩුවක් නොමැත.  දළදා වහන්සේ ගින්නට දමා පුලුස්සන්නටත්, කුලු ගෙඩියේ තබා තලා දමන්නටත් වෑයම් කල මිනිස්සුන්ට උන්වහන්සේ අපරිමාණ කරුනා දහරා විහිදුවා ලූහ. මෑත කාලයේද දළදා මාලිගාවට බොම්බ ගසා විනාශ කරන්නට උත්සාහ කලහ. සැබෑ දළදා වහන්සේ බුරුමයට වැඩිය බවත් ශ්‍රී ලංකාවේ වැඩ සිටින්නේ ඇත් දත්  වලින් කල අනුරුවක් බවත් පත්තර කඩමල්ලකට එන්.ජී.ඕ කාරයන් ලියූහ. ඉනිදු පලක් නොවූ තැන දියවඩන නිලමේ සොරදෙටුවෙක් බව දිගින් දිගටම මඩ ගැසූහ. දළදා පෙරහැරේ යන ශිල්පීන් සොයා ගොස් ඔවුනට බොරු දෙසාබාමින් පෙර හැරට නොයන ලෙස දැනුම් දුන්හ. දැන් අලුත්ම සෙල්ලම වන්නේ අලි ඇතුන්ට හිංසාවක් වන බව පවසමින් දළදා පෙරහැර නවතා දැමීමට සිදුකරන උත්සාහයයි. මේ රටේ සිදුවන සත්ව ඝාතන, ඌරන් කුකුලන් ආදිය මැරීම,  සතුන් සත්තු වත්තේ හිර කරන් සිටීම, නයි වදුරු නැටුම්, අලි සෙල්ලම්, පොලිස් අශ්වාරෝහක සේවා, පොලිස් සුනඛ සේවා වලින්සිදුවන සත්ව හිංසා වලට කථා කිරීම‍ට කිසිවෙක් හිංසාව සිදුවන්නේ අලින් පෙරහැරේ ගෙන යාමෙන් පමණි. ඒ සතුන්ට නහවා, කවා පොවා පිරිසිදු කර, පිරිසිදු ඇදුම් අන්දවා විශේෂයෙන්ම කරඩුව වඩමවන ඇතිට උඩු වියන් පාවඩ හෙලා සිදුකරන්නේ සුලු පටු සත්කාරයක්ද? කොයි රටේ මොන සතාටද මේ තරම් ගෞරවයක් දක්වන්නේ. එවන් සතුන්ට සත්ව හිංසා වන බව කියන අද බාලයන් කවුරුන්ද? මේ රටේ සංස්කෘතිය වැනසීමට දගලන නයට කහින ඩොලර් කාක්කන් රටට සිදුකරන හානිය සුලුපටු නොවේ.

Read More

ජය ශ්‍රී මහා බෝධියේ අත්තක් කැපූ උන්මත්තකයා කවුද ? මහ බෝ හාමුදුරුවො ගැන ඔබ නොදත් කථාවක් …

Posted by | සිරි සදහම් ( Dhamma) | 15 Comments

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ පොළව මට්ටමෙන් ඉහළ විශේෂ පීඨයකය. එම විශේෂ පීඨය‍ට කිසිවෙක් පා තබන්නේ නැත. එය එතරම්ම පූජණීයය. වැඩ හිදිනා පීඨය ලෙස එම ස්ථානය හදුන්වයි. මේ වැඩ හිදිනා පීඨයද සමග මහ බෝධීය සදහා මලු හතක් පිහිටා තිබේ. එනම් වැලි මලුව, විහාර මලුව, දෙවැනි මලුව, රන්වැට මලුව, උඩමලුව පැරණි රන් වැට, මහ බෝ මලුව හා වැඩ හිදින පීඨයයි.

සාමාන්‍ය ජනතාවට යාමට අවසර ඇත්තේ දෙවැනි මලුව වෙතය. එහි සිට වන්දනා මාන කටයුතුද කපු මහත්වරුන්‍ගේ දේවාශිර්වාද, විවිධ පූජා කටයුතු සිදුකල හැකිය. පසුගිය සියවසේ මුල් කාලයේදී වන්දනා කරුවන්ට මහ බෝධිය ආසන්නයටම යාමට අවසර තිබිණි. ඒ කාලයේ වන්දනාවේ එන අය මහබෝධිය දක්වාම ගොස් වන්දනා මාන කලහ. එය දෙවැනි මලුව ( අද වන්දනා කරන තැන ) දක්වා සීමා ඌයේ 1929 ජූලි 30 වැනිදා වූ සිදුවීමක් පදනම් කරගෙනය.

Read More

අසිරිමත් ආශ්චර්යයන් පිරි සෝමාවතිය …

Posted by | සිරි සදහම් ( Dhamma) | One Comment

සුළඟ මිදිනි. හිරු නතර විනි. ගහ කොළ ගල් පිළිම සේය. කිසිවකු කිසිවක්‌ කතා නොකර සෝමාවතිය චෛත්‍ය රාජයාණන් දෙස බලා සිටියහ. ඒ නම් ආශ්චර්යයක්‌මය. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල වටේට රශ්මි මාලාවක්‌ විහිදේ…

සාධු… සාධු… සාධු… ඒ දැකුමෙන් ප්‍රමුදිත වූ දහස්‌ සංඛ්‍යාත බැතිමුතුන්ගේ සාධු නාදයෙන් සෝමාවතිය පුද බිම රැව් පිsළිරැව් දුන්නේය.

ඒ අසිරිමත් මොහොත උදා වූයේ පසුගිය ඇසළ පුන් පෝය දින දහවල් 11.30 ට පමණය. විනාඩියක්‌ දෙකක්‌ එම රශ්මි මාලාව කොත් කැරැල්ලට ඉහළින් දිස්‌ විය. ඒ ආශ්චර්යවත් මොහොතේ සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස සිටීමට තරම් මම ද වාසනාවන්ත වීමි.

Read More

ශ්‍රී දළදා වහන්සේ ගැන ඔබ නොදත් කථා …

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

සාමාන්‍යයෙන් පොදු මහජනතාව වෙනුවෙන් දළදා ප‍්‍රදර්ශනයක් පවත්වනු ලබන්නේ වසර පහක පමණ කාලයක් ඉක්ම යාමෙන් පසුවය. එහෙත් දිනපතාම දළදා මාළිිගාවට ගොස් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින කරඬුව අසලටම ගොස් වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. අවසන් වශයෙන් දළදා ප‍්‍රදර්ශනයක් පවත්වා වසර හයකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් ඇති බව දැන ගැනිමට ලැබේ. ඒ සඳහා මල්වතු – අස්ගිරි මහානායක හිමියන් වහන්සේ සහ දියවඩන නිලමේතුමා යන තිදෙනාම සිටීම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව කරඬු තුනක් අගුළු දමා අස්ගිරි, මල්වත්ත මහනායක ස්වාමීන් වහන්සේට සහ දියවඩන නිලමේතුමාට යතුරු භාර දී ඇති බැවිනි.

දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා එම පියවර ගෙන ඇති අතර, කරඬු හත වෙඩි නොවදින වීදුරු ආවරණයකින්ද ආරක්ෂිතය. වත්මන් දියවඩන නිලමේතුමාගේ කාලය ද, එළඹෙන ජූලි මස පළමුවෙනිදායින් පසුව අවසන් වීමට නියමිතය. කෙසේ වුවත්, මෙම කරඬු හතේ ඉතිහාසය පිළිබඳ විවිධ අදහස් සමාජයේ පවතී. එපමණක්ද නොව කරඬු හත තබා ඇති අනුපිළිවෙල ගැන ජනතාව අතර පමණක් නොව භික්ෂූන් වහන්සේ අතරද නිවැරදි අවබෝධයක් නැත. දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ හේමමාලා කුමරිය කොණ්ඬේ ගසා ගෙන වැඩම කළ කරඬුවේද? බුරුම කරඬුවේද? ඊට ප‍්‍රථම දළදා වහන්සේ ගැන කිසියම් අවබෝධයක් ලබා ගත යුතුව තිබේ.

මහා පුරුෂයකුගේ විසි තුන්වන ලක්ෂණය

බුදුරජාණන් වහන්සේගේ දත් සාමාන්‍ය පුරුෂයෙකුගේ දත් වගේ නොවේ. සාමාන්‍ය පුරුෂයෙකුට පිහිටන්නේ දත් තිස් දෙකකි. බුදුරජාණන් වහන්සේගේ දත් ගණන, හැඩ රුව අතින් වෙනස් වන බව බොහෝ දෙනෙක් දනිති. එහෙත් වෙනස් වෙන්නේ කෙසේද කියා නොදනිති.

සාමාන්‍ය පුද්ගලයකුගේ දත් නැතිනම් දන්ත එක එක හැඩයෙන් යුක්තයි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් සමහරක් දත් ලොකුයි. සමහරක් දිගයි, පොඩියි, කොටට පිහිටන දත්ද ඒ අතර පවතී. ඒ වුණත් බුදුරජාණන් වහන්සේගේ සියලූම දත් එක හා සමානයි. මේ නිසා ‘‘සමදන්ත” කියාද උන්වහන්සේගේ දත් හඳුන්වා දී තිබේ.  සමදන්ත පිහිටන්නේ මහා පුරුෂයකුගේ මුඛයක පමණි. බුදුරජාණන් වහන්සේද මහා පුරුෂයෙකි. මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකකි. බෞද්ධ පොත්වල සඳහන් වන ආකාරයට ඉන් විසි තුන්වන ලක්ෂණය දත්ය.  එය ‘‘චත්තාලීස දන්ත” ලක්ෂණයට අයත් වේ.

ckickසර්වඥයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි දත් විස්ස බැගින් උඩු සහ යටි හනුයෙහි පිහිටා ඇති දත් සංඛ්‍යාව හතළිහකි. මේ ආකාරයෙන් සමදත් හතළිහක් පිහිටා තිබීම නිසා දානය වළදන විට එම ආහාර හොඳින් විකෙන බව සමහර පොත්වල සඳහන් වේ. ඒ කෙසේ වුවත්, දළදා මාළිගාවේ තැන්පත් කර තිබෙන්නේ බුදුන් වහන්සේගේ යටිහනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. ජීවමානව පවතින එකම දන්ත ධාතුන් වහන්සේය. දළදාව කියාද එය හඳුන්වති. දත් නොකියා ‘‘දළ” කියන පදය සාමාන්‍යයෙන් යොදන්නේ ඇතෙකුගේ දත් ගැන කතා කිරීමටයි. මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා පවසන ආකාරයට ‘‘දළ” කියන්නේ සිංහල පදයකි. එම පදය සිංහලයට පැමිණ තිබෙන්නේ ‘‘දාඨා’’ යන පාලි පදයත්, දංෂ්ට‍්‍රා කියන සංස්කෘත පදයත් පදනම් කර ගෙනයි. දත් ඇන්දේ තිබෙන විශේෂ දත් හතරකට දාඨා (දංෂ්ට‍්‍රා) යන පදය භාවිත කෙරේ. ඉන් එකක් නම් වාම ශ‍්‍රී දළදාවයි.
වෛද්‍ය නිහාල් කරුණාරත්න විසින් රචිත මහනුවර අතීතය සහ වර්තමානය (ක‍්‍රි.ව 1474 – 1998) නමැති කෘතියෙහි සඳහන් වන ආකාරයට ක‍්‍රි.ව 1818 වසරේදී උඩරට කැරැල්ල පැවති අවස්ථාවේ වීර මොනරවිල කැප්පෙටිපොළ දිසාව දන්ත ධාතුන් වහන්සේ භාරගත් අවස්ථාවේ කරඬු තිබුණේ කෙසේද කියා සඳහන් කර තිබෙන්නේ මේ ආකාරයෙනි. ‘‘දෙවෙනි විමලධර්මසූරිය රජතුමා විසින් පිටින් ඇති විශාල කරඬුව පුජා කෙරී ඇති අතර එහි රන් ආලේප කෙරී ඇත්තේ කීර්ති ශ‍්‍රී රජතුමා විසිනි. තවද ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්දාසිංහ රජු විසින් රිදී ආලේපිත කුඩා කරඬුවක් පූජා කරන ලදි. ශ‍්‍රී විජය රාජසිංහ නරොත්තමාණන් විසින් තව ඉතා කුඩා කරඬුවක් රත‍්‍රන් සමඟ මැණික් ඔබ්බවා පූජා කෙරී ඇත. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් තවත් ඉතා කුඩා ප‍්‍රමාණයේ කරඬු දෙකක් පූජා කරන ලදි. ඊළඟ තිබී ඇත්තේ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා රැගෙන එන ලද කරඬුවයි” වශයෙනි. ක‍්‍රි. ව. 1818 වසරේ මැයි මාසයේ මුල් සතියේදී හඟුරන්කෙත අරත්තන රජමහා විහාරස්ථානයේදී කැප්පෙටිපොළ දිසාවගේ ප‍්‍රධානත්වයෙන් දළදා ප‍්‍රදර්ශනයක් පවත්වා ඇත. මේ සඳහා හඟුරන්කෙත ඩිංගිරාල ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ජෝන් ඬේව් දුටු දන්ත ධාතුන් වහන්සේ
ජෝන් ඬේවි විසින් රචිත Account of the Interior of Ceylon නමැති කෘතියෙහි දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ ඇසින් දුටු විස්තරයක් සපයයි. එහි මෙසේ සඳහන් වේ.

‘කහට පැහැ මුසු කහ පැහැයකින් යුත් මෙම දන්ත ධාතුන්  වහන්සේ අඩි දෙක තුනක් තරම් සමීපයේ සිට තමන්ට දැක ගත හැකි වූ බවත්, දන්ත ධාතුන් වහන්සේ දඹ රන් තහඩුවකින් ඔතා සුරක්ෂිතව තිබෙන අයුරුත්, එයට පිටතින් අගනා මුතු මැණික්, වෛරෝඩි, දියමන්ති ආදිය ගවසා ඇති බවත් යනුවෙනි. ඔහුගේ විස්තරයෙහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. දර්ශණීය හා මාහාර්ඝ කුඩා කරඬුවක් තුළ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබේ. ඒ කරඬුවෙහි මරකත මාණික්‍ය, රත්න මාණික්‍ය හා  දියමන්ති අතිශය කලාත්මක අයුරින් ඔබ්බවා ඇත. මෙම කරඬුව ඊට වඩා තරමක් විශාල ස්වර්ණමය කරඬුවක් තුළ බහා තිබෙනු දැක ගත හැකිය. ඒ කරඬුව සරුවපිත්තල බඳු දෙයකින් ආවරණය කර මස්ලින් රෙද්දකින් ඔතා තවත් කරඬුවක බහා ඇත. ඉක්බිති තුන්වැනි කරඬුවකද තැන්පත් කර ඇත්තේ ඉහතින් පැවසූ අයුරින්ම ය. සතරවැනි කරඬුවක් තුළද දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කෙරේ. එය උසින් අඩි එකහමාරක් පමණ වේ. මෙම කරඬුව චෛත්‍යයක හැඩය දරයි. දන්ත ධාතුව රැුඳි කරඬුව හැරුණ විට තවත් කරඬු තුනක් තුළ බහා ඇත. එවිට සියලූ කරඬු ප‍්‍රමාණය සතකි. ඒ සියලූ කරඬු හැඩයෙන් දාගැබක ස්වරූපය ගන්නා සේ නිර්මාණය කර ඇත. බාහිර කරඬුව තනා පූජා කරන ලද්දේ විමලධර්මසූරිය රජතුමා විසිනි.” වර්තමානයේද ඒ අයුරින්ම දන්ත ධාතුන් වහන්සේ කරඬු සතක තැන්පත් කර තිබේද? මේ පිළිබඳ සමාජයේ විවිධ අදහස් පවතී. බුරුම සහ ඉන්දියන් රජය විසින් ද දළදා වහන්සේ වෙනුවෙන් කරඬු කිහිපයක් පූජා කෙරී ඇති බව සඳහන් වේ.

පළමු කරඬුව දෙවන විමලධර්මසූරිය රජතුමාගෙනි
හේමමාලා කුමාරිකාවගේ කෙස් කළඹ අස්සේ කුඩා කරඬුවක බහා ආරක්ෂා සහිතව සඟවා ගෙන පැමිණි දන්ත ධාතුන් වහන්සේ අද වන විට මහනුවර  සෙංකඩගලපුර ශ‍්‍රී දළදා මාළිිගයේ ඇතුළු මාළිගාව නැතහොත් ගඳකිළිය නම් කොටසේ තැන්පත් කර තිබේ.
දන්ත ධාතුන් වහන්සේ ඇතුළත් කරඬු වෙඩි නොවදින වජ‍්‍රමය ආවරණයකින් ආරක්ෂා කර තිබේ. මෙම වීදුරු ආවරණය පූජා කර තිබෙන්නේ ජපානයේ හේ්ජි පන්සලේ පූජ්‍ය රිම්පෝ නිවා නායක තෙරුන් වහන්සේය. දළදා වහන්සේ මහනුවරට වඩම්මවා ගෙන ඇවිත් දළදා මාළිගාවේ තැන්පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ පළමුවන විමලධර්මසූරිය රජතුමාටය.
දළදා මාලිගාවේ උඩමාලයේ මල් ආසනයට යාබදව පිහිටි පිරිත් මණ්ඩපයට ඉදිරියෙන් ගන්ධ කුටිය පිහිටා තිබේ. වෙඩි නොවදින වීදුරු ආවරණය තුළ මහ කරඬුව හෙවත් පළමු කරඬුව තබා ඇති අතර එය රනින් ආලේප කර ඇත. අඩි පහ හමාරක පමණ උසකින් යුක්තය. රිදී විසිපන් දහසකින් (25,000) නිමවා රන් ආලේප කර නව රත්නයන් ඔබ්බවා රත්න චෛත්‍යයක් ආකාරයෙන් නිමවා ඇත. මෙම කරඬුව පූජා කර තිබෙන්නේ දෙවන විමලධර්මසූරිය රජතුමා (ක‍්‍රි.ව. 1687 – 1707) බව මහා වංශය සඳහන් කරයි. මෙහි වටිනා මිණි මුතුවලින් යුත් ස්වර්ණාභරණ පලඳවා ඇත. මෙම කරඬුව සෑහෙන බරකින් යුක්ත වන බැවින් ඉවත් කිරීම සඳහා අවම වශයෙන් මිනිසුන් දෙදෙනෙකුගේ සහයවත් ලබා ගත යුතුව තිබේ. එහි දෙපස පෙරහර කරඬුව හා බුරුම කරඬුව තැන්පත් කර තිබෙන අතර ඒවායෙහිද වටිනා ස්වර්ණාභරණ පලඳවා තිබෙනු දැක ගත හැක. දළදා වහන්සේ තැන්පත් කළ කරඬුව ස්වර්ණමය මිටි සිංහාසනයක් මත තිබේ. පෙරහරේ ගෙන යනු ලබන කරඬුවක්ද වීදුරු ආවරණය තුළ තැන්පත් කර ඇත. එය රනින් නිමවා ඇති අතර, වෛරෝඩි සහ වෙනත් මැණික් වර්ගවලින් සරසා තිබේ. තක්ෂිලාවේ ධර්මරාජිත ස්තූපයෙන් සොයාගත් ධාතුන් වහන්සේලා සමඟ ඉන්දීය ආණ්ඩුව විසින් පරිත්‍යාග කරන ලද කරඬුවක්ද මෙහි ඇති බව සඳහන්ය.
පෙරහර කරඬුව යන්නෙන් අදහස් කරන්නේ මහනුවර වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහරේ ඇතා පිට වඩම්මන පෙරහර කරඬුවයි. මෙම පෙරහර කරඬුව පොසොන් පසළොස්වක පෝයදා ද ඇතා පිට වඩම්වයි. ඒ කරඬුව ළඟ තේවා මුරය මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට මාරුවන අවස්ථාවේදීය. වසරකට වරක් එම චාරිත‍්‍රය සිදුවේ. පෙරහර කරඬු තුනක් දක්නට ලැබේ. ඉන් එකක් ක‍්‍රි.ව 1753 වසරේදී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා විසින් ද, අනෙක් කරඬු දෙක තායිලන්ත රජයෙන් ද පරිත්‍යාග කරනුලැබ  තිබේ. මෙයින් එක් කරඬුවක් දළදා මාලිගා කෞතුකාගාරයෙහිත්, අනෙක් කරඬු දෙක ගන්ධ කුටියෙහිත් තැන්පත් කර ඇත. වර්තමානයේ මහනුවර දළදා පෙරහැරේ ඇතා පිට වඩම්මනු ලබන්නේ තායිලන්ත රජය විසින් පූජා කරන ලද පෙරහර කරඬුවෙහිය.
මහ කරඬුව ඉදිරිපස රනින් නිම කරන ලද මල් ආසනයකි. මෙහිදි පූජා කිරීමට ගනු ලබන්නේ සුදු පැහැති පිච්ච මල් පමණක් වීම විශේෂත්වයකි.

බුරුම රටෙන් දෙවැනි කරඬුව

ඉහත සඳහන් කරන ලද පළමුවෙනි කරඬුව ඉවත් නොකර දෙවැනි කරඬුව දැක ගත නොහැකිය. පළමු කරඬුව ඉවත් කිරීමට නම් එහි පේසා වළලූ ළඟින් ගැලවිය යුතු වේ. ඒ ආකාරයෙන් පළමුවැනි කරඬුව ඉවත් කිරීමෙන් අනතුරුව දෙවෙනි කරඬුව දක්නට ලැබේ. මෙම කරඬුව පූජා කර තිබෙන්නේ බුරුම රටෙනි. කරඬුව වටා වටිනා කෞතුක වස්තූන් රාශියක් තැන්පත් කර තිබේ.

රන්පත් සමූහයක් ඇති අතර ඒවායෙහි ධම්මචක්කපවත්වන සූත‍්‍රය, පාතිමෝක්ඛ්‍ය වැනි වටිනා ධර්ම පාඨ රාශියකි. කෙසේ වුවත් මෙම බුරුම කරඬුව දැන් පිටතට ගෙන වම්පසින් තැන්පත් කර තිබේ. ඒ අනෙක් කරඬු විවෘත කිරීමේ පහසුව සඳහායි. මේ අනුව මහ කරඬුවට අමතරව දැන් තිබෙන්නේ කරඬු හයක් පමණක් යැයි සැලකෙයි.
තෙවැනි කරඩුවේ යතුර දියවඩන නිලමේ සතුයි

මේ අනුව දන්ත ධාතුන් වහන්සේගේ කරඬු හයක තැන්පත් කර තිබුණද, උන්වහන්සේගේ ආරක්ෂාව සඳහා කරඬු තුනක් යතුරු යොදා ආරක්ෂා කර තිබේ. ඉන් පළමු යතුර මෙම තෙවැනි කරඬුව විවෘත කිරීම සඳහාය. (දැන් දෙවෙනි කරඬුව) එම යතුරෙහි භාරකාරත්වය හිමිව පවතින්නේ දියවඩන නිලමේ සතුවය. කරඬුව දඹ රත්තරන්වලින් නිම කර තිබේ. මෙම කරඬුව පුජා කර තිබෙන්නේ කවුරුන්ද කියා සොයා ගැනීමට හැකියාවක් නැත.
මල්වතු අස්ගිරි මහ නා හිමියන් සතු හතර පහ කරඬු

දියවඩන නිලමේතුමා තුන්වෙනි කරඬුව විවෘත කිරීමෙන් පසු හතරවැනි කරඬුව දක්නට ලැබේ. මෙම කරඬුව නිම කර තිබෙන්නේ රත‍්‍රන්වලිනි. එහි ඉතා වටිනා මැණික් ගල් ඔබ්බවා ඇත. මෙම කරඬුව විවෘත කිරීම සඳහාද යතුරක් ඇත. ඒ දෙවෙනි යතුරය. එම යතුර භාරව සිටින්නේ මල්වතු මහා විහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. උන්වහන්සේ හතරවෙනි කරඬුව විවෘත කළ විට පස්වෙනි කරඬුව දක්නට ලැබේ. හතරවෙනි කරඬුව පූජා කර තිබෙන්නේ කවුරුන්ද යන්න සොයා ගත නොහැක.

එහෙත් පස්වෙනි කරඬුව පිළිබඳ විස්තර සොයා ගත හැකිය. පස්වෙනි කරඬුව පූජා කර තිබෙන්නේ ඇහැළේපොළ මහ අදිකාරම්තුමාය. අඩියක් පමණ උස මෙම කරඬුවේ වජ‍්‍ර, ඉන්ද්‍රකීල, ලෝහිතාංක, මරකත, වෛධුර්ය, පුෂ්පරාග වැනි ඉතාමත් වටිනා මැණික් ගල් ඔබ්බවා ඇත. කරඬුවෙහි පාදම වටේට අකුරු කොටා තිබේ. එයින් කියවෙන්නේ ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය සැටට පැමිණි වෘෂභ සංවත්සරයෙහි නිකිනි මස පුර පංචම තිථිය ලත් රවි දින වශයෙනි. එනම් 1816 අගෝස්තු මස 25 දින දාය. එතුමාගේ නම සඳහන්ව පවතින්නේ ඇහැළේපොළ විජේසුන්දර වික‍්‍රමසිංහ චන්දාසේකර අමරකෝන් වශයෙනි. ඇහැළේපොළ අදිකාරම්තුමා විසින් පූජා කර ඇති නිසා ‘‘ඇහැළේපොළ කරඬුව” යන නමින්ද, පසුව එය අස්ගිරිමහා නායක හිමියන් භාරයේ පවතින බැවින් ‘‘අස්ගිරි කරඬුව” කියාත් හඳුන්වති.
හයවැනි කරඬුව

අස්ගිරි මහනායක හිමියන් වහන්සේ තම (තෙවැනි) යතුර භාවිත කර ඇහැළේපොළ කරඬුව ඉවත් කිරීමේදී දක්නට ලැබෙන්නේ හයවැනි කරඬුවයි.  මෙම කරඬුව අසලින්ම හේමමාලා කුමරිය සහ දන්ත කුමාරයා විසින් දළදා වහන්සේ වඩම්මාගෙන එනුලැබ කරඬුව දක්නට ලැබේ.
මෙම කරඬුව පැත්තකින් තබා තිබෙන්නේ අනෙක් කරඬුව වැසීමේදී බාධා නොවන ආකාරයටයි. හයවෙනි කරඬුව උස්සා පැත්තකින් තැබීමේදී හත්වැනි කරඬුව දක්නට ලැබෙනු ඇත. හයවෙනි කරඬුව පිළිබඳ මීට වඩා වැඩි විස්තරයක් සොයා ගත නොහැක.
හත්වැනි කරඬුව

හත්වැනි කරඬුව අඟල් හතරක් පමණ උසය. දළදා වහන්සේ වැඩ සිටින්නේ මෙහිය. මෙය ක‍්‍රි.ව. 1896 වසරේදී බුරුම රටේ භික්ෂූන් වහන්සේ නමක් වන රාජගුරු වජිරාරාමික හිමියන් විසින් පූජා කෙරී ඇති බව දෙමුවාවන පඤ්ඤානන්ද හිමියන් විසින් රචනා කරන ලද උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නමැති පොතෙහි සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.
‘‘වර්ෂ 1889 බුරුමයේ මෙන්ඩූන් රජුගේ අගමෙහෙසිය වූ වජිරක්කන්ධ දේවිය භික්ෂූන් වහන්සේ හතළිස් හය නමක් හා සිය දෙනෙකුගෙන් යුත් ගිහි පිරිසක් සමඟ දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා ලංකාවට පැමිණ ඇති අතර, පසුව මෙම පිරිස අතර සිටි රාජගුරු වජිරාරාමික හිමියන් නැවත බුරුමයට වැඩම කොට ආධාර එකතු කර එක් ලක්ෂ විසිහයදහසක් වියදම් කොට රනින් කරඬුවක් තනා ක‍්‍රි.ව. 1896 වර්ෂයේදී නැවත ලංකාවට පැමිණ දළදා මාළිගාවට එය පූජා කළහ. අද දළදා වහන්සේ වැඩ සිටින්නේ එම කරඬුව තුළය.” යනුවෙනි. මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් රචනා කරනලද ‘‘රටක මහිම – 2 සිරි දළදා මාලිගාව’’ කෘතියෙහිද සඳහන්ව ඇත්තේ හත්වෙනි කරඬුව බුරුමයෙන් පූජා කර ඇති බවකි. මෙම කරඬුව පේසා වළලූ ළඟින් ගැලවිය හැකි වන ආකාරයෙන් සාදා ඇති බවත් සඳහන් වේ. එහෙත් ඉහත සඳහන් කළ පරිදි හේමමාලා දන්ත කුමරු වඩම්මවා ගෙන පැමිණි කරඬුවේ තැන්පත් කර ඇති බව පවසන පිරිසක්ද සිටිති. ඇත්තෙන්ම දළදා වහන්සේ තැන්පත් කර තිබෙන්නේ කුමන කරඬුවේද? මේ පිළිබඳව මල්වතු විහාරයේ කාරක සංඝ සභික දෙහිදෙණියේ ශ‍්‍රී සිද්ධාර්ථ රතනසාර නායක ස්වාමීන් වහන්සේගෙන් විමසුවෙමි. රතනසාර ස්වාමීන්වහන්සේද කාලයක් දළදා තේවාව සිදු කළ සිල්වත් භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ වදාරන්නේ තවමත් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ හේමමාලා කුමරිය කොණ්ඩයේ ගසා සඟවා ගෙන පැමිණි කරඬුවෙහි බවය.
‘‘තතාගතස්ස ධම්ම විනයෝ විවටෝ විරෝචති’’ තතාගතයන් වහන්සේගේ ධර්මය බැබළෙන්නේ විවෘත වූ තරමට බව එහි අදහසයි. බුදුරජාණන් වහන්සේ සමකාලීන වශයෙන් ඇගයීමකට ලක් වූයේ උන්වහන්සේ තුළ පැවති නිදහස් චින්තනය නිසාය. එබඳු ලක්ෂණ වෙනත් ශාස්තෘන් කෙරෙන් විද්‍යමාන නොවේ. ‘‘වීමංසක සූත‍්‍රයෙහි” සඳහන් වන පරිදි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වූ පමණින්, ධර්මය ස්වාක්කාත වූ පමණින් යමක් පිළිගත යුතු නැත. තමන් පිළිගන්නා වූ  ඕනෑම කරුණක් සිතා, විමසා බලා පිළිගත යුතු බව ඉන් කියැවේ.

රජකමත් දළදා වහන්සේ අතර පැවති සම්බන්ධය

ශ‍්‍රී ලංකාව රාජධානියක් බවට පත් වූයේ විජය රජුගේ පැමිණීමත් සමඟය. මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ බෞද්ධ රාජ්‍යයක් බවට පත් විය. පසුව රජකම ලබා ගැනීමට එක් සුදුසුකමක් වූයේ දළදා වහන්සේගේ අයිතිය ලබා ගැනීමයි. එහිදී ඔහු ධාර්මික රජෙකු වශයෙන් ජනතාව පිළිගනිති.
දසරාජ ධර්මයෙන් රට පාලනය කරමින් දළඳා වහන්සේ තම භාරයේ තබා ගැනීමෙන් කලට වේලාවට වැසි ලැබීමත් ඒ හේතුවෙන් ගොවිතැන් කටයුතු සරු සාර වීමත් සිදුවේ. නිසි කාලයේදී වැසි නොලැබුණහොත් නියඟය ඇති වී කෙත්වතු පාළුවට යයි. එපමණක් නොව සතා සිවුපාවන් පවා මැරී යනු ඇත. දසරාජ ධර්මයෙන් පාලනය කරන රජකෙනෙකුට පවා එවන් ස්වභාවික විපත්වලින් රටවැසියන් බේරා ගැනීමට හැකියාවක් පවතින්නේ නැහැ. එවන් අවස්ථාවල දෙවි දේවතාවන් සතුටු කර වැසි ලබා ගැනීමට හැකි දළඳා වහන්සේ සතුව ඇති රජකෙනකු පත් කර ගත යුතුයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පැවතුණි.
එවන් විශ්වාසයක් පැවතීමට හේතු වූයේ විසාලා මහ නුවරට පැමිණි දුර්භික්ෂයේදී බොහෝ දෙනෙක් මිය ගිය අතර ලෙඩ රෝග ව්‍යාප්ත විය. බුදුන් වහන්සේගේ වැඩමවීමත් සමඟම මහා වර්ෂාවක් ඇදහැලී මළකඳන් ආදිය ගසා ගෙන ගොස් මුළු ජනපදයම පිරිසිදු වී නැවතත් සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමට ජනතාවට හැකි විය. බුදුන් වහන්සේට වැසි වස්සන්ට පුළුවන් නම් දළදා වහන්සේටත් වැසි වස්සන්ට පුළුවන් කියන විශ්වාසය ජනතාව අතර පැතිරී ගියේ ඒ ආකාරයෙනුයි. දළදා වහන්සේ අත්පත් කරගන්නේ කවුරුන්ද ඔහු රජු වශයෙන් පිළිගත්තේ එම නිසාය. මෙවන් කරුණු  නිසා රජකුට දළදා වහන්සේ තරම් වටිනා උතුම් වස්තුවක් තිබුණේ නැත. පසුව දළදා වහන්සේ රාජ්‍ය ලාංඡුනය බවට පත් විය. වත්මන් රාජ්‍ය නායකයන් පවා තම පත්වීම ලැබ ගැනීමෙන් පසු පළමුවෙන්ම දළදා වහන්සේ බැහැ දැකීමට යන්නේ ඒ නිසයි. එපමණක්ද නොවේ සමහර රාජ්‍ය නායකයන් ප‍්‍රථම වතාවට ජනතාව අමතන්න තෝරා ගන්නේද දළදා වහන්සේගේ සෙවණෙහි පිහිටි පත්තිරිප්පුවේ සිටය.

ලංකාදීප ඇසුරිනි …

 

බුදු දහම හා සොබා දහම අතර ඇති වෙන්කල නොහැකි සම්බන්ධය …

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

බුද්ධ චරිතය, බුද්ධ දේශනා අධ්‍යයනය කිරීමේදී වෘක්‍ෂලතාදීන්ගෙන් ගැවසීගත් පරිසරය කෙරෙහි බෞද්ධ චින්තනය දක්වන ආකල්පය පැහැදිලි වෙයි. තුරු ලතාවන් රෝපණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම ඒවායේ පැවැත්මට උපකාරී වීම මෙන් ම තුරු ලතාවන්ගේ සුන්දරත්වයෙන් නිකෙලෙස් අහිංසක වින්දනයක් ලැබීම ද බුදු දහම තුළ මැනැවින් විද්‍යමාන වෙයි.

බුදුන් වහන්සේ සිය හස්තයෙන් ම වෘක්‍ෂ රෝපණය කළ සේක. යමා මහ පෙළහර පා නිගණ්ඨයන් දමනය කළේ උන් වහන්සේ ම රෝපණය කළ ගණ්ඩබ්බ නම් අඹ රුක මුලදී ය. ආනන්ද හිමියන් විසින් බෝධි අංකුරයක් රෝපණය කරන ලද අතර, එය අද ආනන්ද බෝධිය නමින් හැඳින්වේ. බුදුන් වහන්සේ වනාන්තර සිඳ බිඳ ලන්නන් අවමානයට ලක් කර ඇත. වනාන්තර එළිපෙහෙළි කිරීම පිළිබඳ ව දුකුලා ඇවැතක් ද පනවා ඇත. අප ගෞතම බෝසත්හු ලුම්බිනී සල් උයනෙහි සුපිපි සල් රුක් සෙවණක උපත ලදහ. බුද්ධගයාවෙහි විහිදී ගිය අතුපතර ඇති මහා බෝ රුක් සෙවණකදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ හ. බුදු වී පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝවැසි ජනතාවට හිත සුව සැලසූ උන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයන්හි රුක් සෙවණක පිරිනිවන් පා වදාළහ. මේ අනුව උන් වහන්සේගේ උපත, බුදු වීම, පිරිනිවන් පෑම සිදු වී ඇත්තේ තුරු සෙවණක දී ම ය.

Read More

සැමදා මහ රෑ රුවන්වැලි සෑයට අහසින් එන ආලෝකය දෙවියන් ද?

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වැඩ වසන තැන අපට සැවැත්පුරේ දෙව්රම් වෙහෙර හා සමානය. ඒ උතුම් බුද්ධ වන්දනාවට සියලු දෙවියෝ අහසින් වඩින්නාහ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී මධ්‍යම රාත්‍රියේ දීප්තිමත් ආලෝකයක් විහිදුවාගෙන පැමිණි දෙවිවරුන් පිළිබඳ කතා විවිධ සූත්‍ර, දේශනා ආදිය පිරික්සා බැලීමේදී පෙනේ.

දෙවියන් මහත් සේ ප්‍රිය වූ මහා සමය සූත්‍රය එදා බුදුරජාණන් වහන්සේ දඹදිව සිට දේශනා කරද්දී මුළු අහස් කුසම දෙවියන්ගෙන් පිරී ගිය බව කියැවේ. ඒ දේව සභාව කොතෙක්ද යත් ඇතැම් දෙවියන්ට ලක්දිව රුහුණු රටේ අහස් කුස තෙක් පැමිණ මහා සමය සූත්‍රය අසන්නට සිදුවුණු බව පුරාණ අටුවා කතාවක සඳහන් වේ. දෙවියෝ ඒ තරම්ම බුදුරජාණන් වහන්සේට කැමැති වූහ. බුද්ධ දේශනාවට කැමැති වූහ.

එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ දෙවියන්ට මේ වසර දෙදහස් පන්සීය හරියට දවසක් දෙකක් මෙනි. ඒ දෙවියෝම බුදුරජාණන් වහන්සේ ජීවමානව වන්ව වැඩ හිඳින රුවන්වැලි මහ සෑ රදුන් අදත් නමදින්නාහ.

Read More

මහ මුහුද යටින් මතුවන අරුම පුදුම විහාරස්ථානය …

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

මුහුද යට ඇති අපූරු පිළිම පිලිබද ඔබට දැකගන්නට‍ හැකිවන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටා ඇති පෙමුටෙරාන් ගම්මානය ආශ්‍රිත මුහුදේදීය. සංචාරකයන් ආකර්ශනය කරගැනීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ටෙම්පල් ගාර්ඩන් ( Temple Garden) ප්‍රතිමා ඉදිවන්නේ 2006  වසරේදීය. මීටර 29ත් 15ත් අතර ගැඹුරකදී  කිමිදුම් කරුවන්ට මෙම ප්‍රතිමා නැරඹිය හැකිය. ප්‍රතිමා න්රමාණ කරුවන් විසින් මෙහිදී ගෞතම බුදුහිමියන්නේ හා හින්දු දෙවිවරුන්ගේ ප්‍රතිමා පැරණි නටඹුන් ලෙස ඉදිකර ඇති බැවින් ලොව පුරා කිමිදුම් කරුවන්ගේ සංචාරක පාරාදීසයක් වී ඇත. මෙම සටහන http://srilife.lk/   වෙතින් උපුටා ගන්නා ලද අතර මෙවන් සංචාරක කර්මාන්තයට අදාල වැඩ සදහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා යොදැගැනීම අපි තරයේ හෙලා දකිමු.

 

11953027_520122204805592_5911318912231125915_n

11954643_520122871472192_3623285696959516431_n

838f744d92cf7f12df99aa1d5e083c78

12993615_868612943248728_3535225253962325710_n

11949347_520122208138925_7536440495101647666_n

වීඩියෝව නරඹන්න …

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.