සැවැත්නුවර විසල් සිටු මැඳුරක යස ඉසුරෙන් ආඪ්‍ය වූ මිගාර නම් මහා සිටුවරයෙකි. ඔවුන්ගේ එකම පුතු පූර්ණවර්ධන නම් වන්නේය. හේ යොවුන් ලියන් මන කොඳ විල් පුබුදු කරවන සොමි සඳක් සේ සුදිලිණි. ආරෝහපරිණාහ දේහ විලාසයෙන් ද මුදු වදනින් ද යුතු භද්‍ර යෞවනයෙහි පසු වූ පූර්ණවර්ධනයන්ට නොරිසි වන්නා වූ ලියෝ එපුර සිටිත්ද? මහරු කුල ලියෝ ද වෙනත් ධනීහු ද ඔවුන්ට නොයෙක් ආකාර විවාහ යෝජනා රැගෙන ආහ. එහෙත් ඒ කිසිවක් පූර්ණවර්ධනට රුචි නොවීය. හේ කුමක් හෝ දොසක් දක්‌වා තමන් වෙත එන හැම සුබ සරණ යෝජනාවක් ම ඉවත දැමීම සිටු දෙමහල්ලන්ගේ ද තැවුලට හේතු විය. ඔහුගේ එම විලාසය එනුවර බොහෝ කුල ලියෝ නො ඉවසූහ. හේ රූ මදයෙන් මත්ව තම දියණියන්ට අවමන් කරන බවට සමහරු දෝෂාරෝපණ ද කළහ. තවත් කෙනෙක් ඔවුන්ට සදිසි ලියක් දෙව්ලොව මිස මනුලොව නොවන්නී යෑයි උපහාසයෙන් කීහ.
සිව් දෙසින් ඇදී එන පොදු ජනතාවගෙන් ද වෙනත් රජ, සිටු, වෙළෙඳ ප්‍රභූන්ගෙන් ද සිව් වේදයෙහි පාරප්‍රාප්ත බ්‍රාහ්මණයන්ගෙන්ද, නිබඳ සැදි ඡේතවනාරාමය අන්‍ය තීර්ථකයන්ගේ පමණක් නොව බුදුන්ගේ සමකාලීන බොහෝ සෘෂිවරුන්ගේa ද ආගමික නායකයන්ගේද දොම්නසට හේතු විය. රජවරුන්ගෙන් හා ධන සිටුවරුන්ගෙන් ලැබෙන අනර්ඝ පරිත්‍යාග බුදුන් වහන්සේට හිමිවීම එයට ප්‍රබල හේතුවක් ද විය. බුදුන් වහන්සේ කිසිවිටෙක ලාභ සත්කාරයෙහි නො ඇලුණු නමුදු ඒ සඳහා සමාජයෙහි තිබුණේ උග්‍ර තරගයකි. බිම්බිසාර රජු විසින් පරිත්‍යාග කරන ලද වේළුවනය මෙන්ම අනේපිඬු සිටුතුමන් විසින් පරිත්‍යාග කරන ලදි.
බුදුන් වහන්සේගේ නිරන්තර ප්‍රසාදයට ද පැසසුමට ද පාත්‍ර වූ රාජකීය පරපුරක් සේ ලිච්ඡවී රජ දරුවෝ ප්‍රකට වූහ. ලිච්ඡවීහු ස්‌වභාවයෙන් ම මනා රුවැත්තෝ වූහ. මධුර කතා ඇත්තෝ වූහ. යහපත්, පැහැපත් චර්යා ඇත්තෝ ද වූහ. සංඛ්‍යාවෙන් සත් දහස් සත් සියයක් පමණ වූ ලිච්ඡවීහු ඡවි වර්ණයෙන් ද එක හා සමාන වූ හෙයින් ලිච්ඡවී යන නාමය ද අන්වර්ථ විය. පර සතුරු හෝ අන් උවදුරක් නොමැතිව රාජ්‍ය විචාල ලිච්ඡවීන්ට එරට වැසියෝ ද නොමඳව ගරු කළහ. ඔවුන්ගේ රට වඡ්ජි නම් වූ අතර එහි අගනුවර වේසාලි හෙවත් විසාලා නම් විය. විසාලා යනු ද කලින් කල ව්‍යාප්තව පැතිර ගිය විසල් නගරයකි. එහෙයින් ඒ නම ද එපුරට අන්වර්ථ විය.
ඡේතවනාරාමයට පිවිසෙන දොරටුව අබියස සිටි සියල්ලෝ ම මී මැසි පොදියක් සේ කැළඹුණාහු සිහි විකල්ව මෙන් දිව ආ නන්නාඳුනන ගැහැනිය නිසා ය. ඕ කොහි සිට එන්නීද, කොතැනකට යන්නී ද යන වගක් කිසිවෙක් නො දත්හ. ඇතැම් කෙනෙක් ඕ දෙස බැලුවාහු මේ මාගම් සෝලියකට එවන ලද ලියක් සේ ය. එයට සාධාරණ හේතු ද විය. ඒ මෙයට පෙර දර මිටියක් ද කුසට බැඳගෙන බුදුන් වහන්සේට නිගා දෙන්නට පැමිණ චිංචිමානවිකාව නිසා ය. එහෙත් තවත් කෙනෙක් කීවෝ මෑ හෙරක් විය හැකි බව ය. මෙබඳු සැක සංකා ඇය වටා වැපිරුණ ද කිසිවෙක් ඇයට හිංසා නොකළහ. සමහරු ඇගේ වත ගොත විමසමින් ඇය වෙහෙස වූහ. එහෙත් ඇගේ මුවින් එකම වදනක් හෝ පිට නොවීය. බිම බලාගත් වනම සිටි ඇය කෙරෙන් පලවූයේ දැඩි වෙහෙසකාරී බවකි. ඇගේ වස්‌ත්‍ර ඉරී ගොසින්ය. සිරුරෙහි තන්හි තන්හි රත් පැහැ ඉදිමුම් දක්‌නට ලැබිණි. එනිසාම ඇය කෙරෙහි අනුකම්පාවක් ද ඇතිවිය.
ඡේතවනාරාම භූමියෙහි වළලා දමා තිබුණු ස්‌ත්‍රී මළ සිරුර පිළිබඳ පුවත සැවැත්නුවර පුරාම පැතිර ගොස් තිබුණි. රාජ්‍ය ආරක්‍ෂක හමුදාවේ සෙබළුන් විසින් ගොඩ ගන්නා ලද සිරුර හඳුනා ගැනීම සඳහා සුසාන භූමියේ හෝරා කීපයක්‌ම තැන්පත් කර තිබුණි. එහෙත් සිරුර කාගේදැයි හඳුනා ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. මේ අතර සුන්දරී නම් වූ පරිබ්‍රාජිකාවක් දින කීපයක් ජේතවනාරාමයට යන එන ආකාරය දුටු බවට සාක්‌ෂියක්‌ද ඉදිරිපත් විය. සාක්‌ෂිකරුවා නිඝණ්‌ඨ අනුගාමිකයෙක් බවද හෙලිවිය. රාජපුරුෂයෝ ඔහු රැගෙන ගොස් දිගින් දිගටම ප්‍රශ්න කළහ. රාජපුරුෂයන් විසින් විමසන ලදුව නිඝණ්‌ඨ අන්තේවාසිකයා මෙසේ කීවේය.
සැවැත් නුවර චාලනී නම් වන අරණෙහි සැඟවී සිටින, නුවර ගම් බිය වද්දන බිහිසුණු සාහසිකයෙක් පිළිබඳ පුවත ගංවතුරක් සේ පැතිර යමින් තිබිණ. තමන් ඇස ගැටෙන ගැහැනු, පිරිමි, බාල, වැඩිමහල් යනාදී කිසිදු වෙනසක් නොමැතිව මරා දමන්නාවූ හෙතෙම තමන් විසින් මරා දමනු ලබන අයගේ අත්වල මහපටඟිල්ල කපා ගන්නා බවද කෙනෙක් කීහ. එසේ කපා ගනු ලබන ඇඟිලි මාලයක් සේ උර පළඳිනා හෙයින් හේ අංගුලිමාල නමින් හැඳින්වෙන බවද තව කෙනෙක් කීහ. හේ වල්කලා ඇඳුමක් හැඳි, රත් ගිනි පුලිඟුවන් දැසින් ද, හැඩපලු ගෙතී දුර්වර්ණ වී ගිය උරහිස දක්‌වා දිගට වැඩුණු හිස කෙස් වලින්ද යුතු බාහු බලයෙන් පිරිපුන් නව යොවුන් අයෙක් බවද පැවසිණි. එහෙත් මෙසේ දුටු දුටුවන් කුමක් හෙයින් මරා ඇඟිලි කපන්නේද යන වග දත් කිසිවෙක්‌ද නොවූහ.
ආනන්ද හිමියෝද ඡේතවනාරාමයට නුදුරු වෙනත් ගමක පිඬු සිඟා වඩින්නාහු ආපසු ඒමට තරමක් ප්‍රමාද වූහ. උන්වහන්සේගේ සද්ධිවිහාරක භික්‌ෂුහු එයින් තරමක් කැළඹීමටද පත්වූහ. ඒ සඳහා ප්‍රමාණවත් හේතුද විය. එකක් නම් ඒ වන විට බුදුන් වහන්සේට හා බුදුදහමට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබුණු කුමන්ත්‍රණ හා සතුරු ක්‍රියාකාරකම්ය. බුදුන් වහන්සේට ලැබෙන කිත් පැසසුම් අන් ආගම්වල ක්‍රියාකාරීන්ට දරා ගත නුහුණු විය. ඔවුහු නිබඳවම කුමක් හෝ නොතරම් දෙයක් කිරීමට වෑයම් කළහ. බුදුන්ටද සංඝයාටද අවමන් ගැරහුම් කිරීමට නොයෙක් ප්‍රබන්ධ කතා ගොතා ප්‍රචාරය කළහ. ෙ-තවනාරාමයට පවා මාගම්සෝලී චෝදනා එල්ල කළහ. එහෙත් ඒ කිසිවකින් පලක් නොලද්දහ. බුදුන් වහන්සේ වෙත යන ඕනෑම කෙනෙක් ප්‍රසාදයට පත් වීමත්, බුදු දහම පිළිගැනීමත් බොහෝ ආගම් නිකායන්හි වෛරයට හේතු වී තිබුණි.
බිම්බිසාර රජුන් බුදුන් වහන්සේගේ අග්‍ර මහා දායකයකු ලෙස සිටියදීම ඔහුගේ පුත් අජාසත් කුමරුන් දෙව්දතුන්ගේ සමාගමයට රිසිවීම පිළිබඳව බොහෝ දෙනෙක් සංවේගයට පත්වය සිටියහ. දෙව්දතුන් විසින් ආරම්භ කරන ලද බෞද්ධ විරෝධී සියලු ක්‍රියාකාරකම්වලට අජාසත් කුමරුන්ගේ සහාය ලැබෙන බව ඇසූ සමහරු කෝපයටද පත් වූහ. කුමරුන්ගේ මව හෙවත් බිම්බිසාර රජ බිසව නම් ඒ අනතුර අනුමාන කළාය. එය බුදුන්ට පමණක් නොව රජ පවුලටද අසුබ නිමිත්තක් වන බව ඇය කල්පනා කරන්ටද වූවාය. ඇගේ චිත්ත වීථිය වසා නැගෙන්ට වූයේ අජාසත් කුමරුන් තම කුස පිළිසඳ ගත් කල ඇතිවූ දොළ දුකක්, එහි පීඩනයත්ය. ඒ දොළ පසිඳ ලීමට රජු සිය උර පලා ලේ දුන් අයුරුද ඇයට සිහිවිය. ඇගේ සිත පතුලෙහි වූ නිමිතිකරුවන්ගේ අනාවැකිද නැගී සිටින්නට විය. එහෙත් බිම්බිසාර රජු නම් ඒ කිසිවක් බරපතල කරුණු ලෙස නොසැළකීය. තම ඕරස පුතුන් පිළිබඳ නපුරු සිතක් ඇති කර ගැනීමට රජුට නොහැකි විය. අනෙක් අතට රජු නිතරම කල්පනා කළේ අජාසත් කුමරුන් නුවණින් පරිපාකයට පත්වෙද්දී මේ සියල්ල පසක් කර ගන්නා බවය. එහෙත් සිදු වූයේ වෙනත් දෙයකි.
බිම්බිසාර රජුන් ඔවුන්ගේම පුත් අජාසත් රජුගේ වධහිංසාවලට ගොදුරුව මිය යැමේ පුවත ලැව්ගින්නක් සේ රජගහ නුවර පුරා පැතිර යමින් තිබිණි. නුවර වැසියෝ මහත් සොවින් රජ මැදුර ඉදිරිපිට අංගනයට රැස්‌වූහ. ඈත ගම් දනව්වල ජනයා ද දුක්‌බරව නුවර වෙත ඇදෙමින් සිටියහ. බොහෝ දෙනෙක් මාලිsගාව තුළ සිදුවූ කිසිවක් නොදත්හ. රජතුමා සිය පුත් අජාසත් කුමරුට සිහසුන පවරා විවේකීව සිටින්ට ඇතැයි සමහරු සිතූහ. එහෙත් ඒ වන විට මාලිsගාව තුළ සිර වූ රහස් ද පිටතට ඇදෙමින් තිබිණි. පුතකුගේ වධයට පියකු පත්වීම බොහෝ දෙනකුගේ සංවේගයට මෙන්ම කෝපයටද හේතු විය. එහෙත් ඒ සා දරුණු විපත් වැලකට බිම්බිසාර රජුන් ගොදුරු වීමේ සැබෑ හේතුව දෙව්දත් හාමුදුරුවන් බව කිසිවෙක් නොදත්හ.
බුදුන් වහන්සේ විසින් නුවර ගම් දනව් වෙනසකින් තොරව අඛණ්‌ඩවම සිදු කෙරෙන ධර්ම සංචාරය දනන් තුඩ තුඩ රැව් දෙන මාතෘකාවක් බවට පත්ව තිබිණි. ගිම්හානයේ සැඩ හිරු රැසින් තැවෙන ගහ කොළ සුසුම් සුළං හෙලද්දීත් වස්‌සානයේ පිබිදෙන ඇළ දොළ සුමුදු සුදු දිය හසරැළි නගද්දීත් බුදුහු වෙහෙසක් නොමැතිවම වඩිති. සුදු වළාවෝ ගුවන් ගැබ වසා ගනිද්දීත්, අඳුරු වැසි වළාවෝ හෙණ ගුගුරුවද්දීත්, බුදුහු නිසංසලවම වඩිති. ඒ බුදු සිරිත ආශ්චර්යවත් වූද, අසාමාන්‍ය වූද වික්‍රමයක් සේ ජනයා දුටහ.