Skip to main content
Category

බුද්ධ වංශය ( The Buddha wanshaya)

පදුමුත්තර බුද්ධ වංශය. ( Padumuttara Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

නාරද බුදුරජුන් ට පසු කාලයෙ හි බුදුබව ට පැමිණි දෙපා ඇති සතුන්ගෙන් උතුම් වූ නො කැළඹුනු සයුරකට බක්ඳු උපමා ඇති පදුමුත්තර පියුමතුරා ජිනරාජයන් වහන්සේ විය. යම් කල්පයක එක සම්බුදුවරයන් වහන්සේ නමක් උපදී ද,  ඒ කල්පය ම මණ්ඩ කල්පය වෙයි.   කුසල් ඇති ජන සමූහයා ඒ කාලයෙ හි උපදී.

පදුමුත්තර භාග්‍යවත්හු ගේ පළමුවන දම් දෙසු මෙ හි දී කෝටි ලක‍ෂයක් දෙනා ට ධර්මවබෝධය වීය. ඉන්පසු ද දහම් වැසි වස්නා කල සත්ත‍වයන් තැවෙන කල් හි තිස්හත් ලක‍ෂයක් දෙනාට දෙවන ධර්මවබෝධය වීය. මහාවීර වූ බුදුරජතෙම යම් කාලයෙක ආනන‍ද නම් පියරජු කරා එළඹි සේක් ද,  පියරජු වෙත ට එළඹ අමා බෙරය ගැසී ද,  නිවන සොයාගත් බව දැන්වී ද අමා බෙරය ගැසූ කල් හි දහම් නමැති වැස්ස වසින කල් හි පණස් ලක‍ෂයකට තුන්වන ධර්මවබෝධය වීය.

සියලු සත්ත‍වයන් ට සරණ සිල් ආදීන් ගේ අනුසස් දැක්වීමෙන් අවවාද කරන්නා වූ සිවුසස් අවබෝධ කරවන,  චතුරෝඝයයෙන් සත්ත‍වයන් එතර කරන ධර්ම දේශනාවෙ හි දක‍ෂ පදුමුත්තර බුදුරජතෙම බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක. Read More

සුමේධ බුද්ධ වංශය ( Sumedha Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

පියුමතුරා බුදුරදුන් ට පසු කාලයෙ හි සතුරෙකු ට නො ළං විය හැකි, උසස් තෙද ඇති,  සියලු ලෝකයා ට උතුම් වූ  සුමේධ පහන් නුවන් ඇති  පිරිපුන් මුව ඇති  ගුණයෙන් මහත් වූ,  අවංක වූ,  බබළන සිරුරක් ඇති  සියලු සතුන් ට වැඩ සිදුකරන  බොහෝ දෙනා සසර බැඳුමෙන් මුදවාලූ සේක.

යම් කලක බුදුරජතෙම පිරිසිදි උතුම් සම්බෝධියට පැමිණ,  සුදස්සන නුවරෙ හි දී දම්සක් පැවැත්වී ද උන්වහන්සේ ගේ ඒ දම්දෙසුමෙ හි දී ධර්මාවබෝධවීම් තුනක් වූ හ. එයින් කෝටි ලක්ෂයක් දෙනා ට පළමුවන ධර්මාවබෝධය විය. නැවත ද ඒ ජිනරාජතෙම කුම්භකර්ණ නම් යක්ෂයා දමනය කළ සේක් ද,  කෝටි අනූ දහසක් දෙනා ට දෙවැනි ධර්මාවබෝධය වී ය. නැවතද,  අපමණ පිරිවර ඇති බුදුරජතෙම සිවුසස් දෙසූ සේක් ද,  අසූ කෝටියක් දෙනා ට තුන්වන ධර්මාවබෝධය වී ය.

යළි අපමණ යසස් ඇති සුමේධ බුදුරජ පිළිබඳ තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති,  රාගාදී කිලුටු නැති රහතන් වහන්සේලා ගේ රැස්වීම් තුනක් වූ හ.
යම් කලෙක ජිනරාජයන් වහන්සේ “සුදස්සන” නම් උතුම් නුවරට වැඩි සේක් ද,  ඒ කාලයෙහි ආශ්‍රවයන් ක්ෂය කළ රහත් වූ භික්ෂූහු සියක් කෝටියක් රැස් වූ හ. ඒ කාලයෙ හි නැවත ද,  “දේව” නම් පර්වතයෙ හි භික්ෂූන් ට කඨින සිවුර ඇතිරීමේ දී අනූ කෝටියක් රහත් භික‍ෂූන් ගේ දෙවන රැස්වීම විය. නැවත ද,  දසබලධාරී බුදුරජතෙම යම් කලෙක චාරිකාවෙ හි වැඩි සේක් ද,  ඒ කාලයෙ හි අනූ කෝටියක ගේ තුන්වන රැස්වීම වී ය. Read More

සුජාත බුද්ධ වංශය ( Sujatha Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

එ ම මණ්ඩ කල්පයෙ හි සිංහයෙකු ගේ හනුවකට බඳු හනුවක් ඇති දෙටු ගවයකු ගේ කඳ ට බඳු සම වට  කඳට ඇති  අපමණ තෙද ඇති සතුරන් විසින් ළංවිය නො හැකි සුජාත නම් බුදුවරයෙක් වී ය.

සඳ මෙන් නිමල් වූ හිරු මෙන් ප්‍රතාප ඇති බුදු සිරින් හැම කල දිලිසෙන උන්වහන්සේ මෙසේ බබළන සේක. සම්බුදුරජතෙම පිරිසිදි උතුම් සම්බෝධිය ට පැමිණ සුමංගල නුවර දී දම්සක් පැවැත් වී ය.

සුජාත නම් ලෝනා හිමි පළමු දම් දෙසුමෙ හි දී උතුම් දහම් දෙසු කල් හි අසූ කෝටියක් දෙනා ධර්මාවබෝධය කළ හ. යම් කලෙක අපමණ යසස් ඇති සුජාත බුදුරජතෙම දෙව්ලොව වස් එළඹි සේක් ද, එ කල තිස්හත් දහසකට දෙවන ධර්මාවබෝධය වී ය. යම් කලෙක අසමසම වූ සුජාත බුදුරජතෙම පියාණන් වෙත ට එළඹි සේක් ද,  සැට ලක‍ෂයක් දෙනා ට තුන්වන ධර්මාවබෝධය වී ය.

මහර්ෂි වූ සුජාත බුදුරදුන් ට තාදී ගුණ ඇති  සන්හුන් සිත් ඇති රාගාදී කිලුටු නැති රහතන් වහන්සේලා ගේ රැස්වීම් තුනක් වූ හ.
Read More

පියදස්සී බුද්ධ වංශය ( Piyadassi Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

සුජාත බුදුරදුන් ට පසු කාලයෙ හි,  ලෝනාහිමි වූ සතුරන් විසින් නො ළංවිය හැකි,  අසමසම වූ,  මහ පිරිවර ඇති පියදස්සී නම් සම්බුදුරජතෙම වී ය. අපමණ යසස් ඇති ඒ පියදස්සී බුදුරජතෙම හිරු මෙන් බබළයි.   සියලු මොහඳුර නසා,  දම්සක් පැවැත්වී ය. උතුම් තෙද ඇති ඒ පියදස්සී  බුදුරදුන් ගේ ද ධර්මභිසමය  තුනක් වූ හ.  පළමු වන ධර්මවබෝධය කෝටි ලකක්ෂයක් දෙනා ට වීය.

සුදස්සන නම් දෙව්රජ මිසදිටුව කැමති වී ද, ශාස්තෘන් වහන්සේ ඔහු ගේ මිසදිටුව පහකරවමින් දම් දෙසූ සේක් ද, ඒ කාලයෙහි මහත් වූ,  අසම වූ මහාජනයා ගේ රැස්වීමක් වීය. එ විට කෝටි අනූදහසක් දෙනෙකුන් ගේ දෙවන ධර්මාවබෝධය වී ය. යම් කලෙක සත්ත‍වයන් ට නිවන් මග පෙන්වන බුදුරදහු දොණමුඛ නම් ඇතු හික්මවූ සේක් ද, කෝටි අසූ දහසක් දෙනා ට තුන් වන ධර්මාවබෝධය වී ය.

ඒ පියදස්සී බුදුරදුන් ට ශ්‍රාවකයන් ගේ රැස්වීම් තුක් වූ හ. කෝටි ලක‍ෂයක් දෙනා ගේ පළමු වන රැස්වීම වී ය. Read More

අත්ථදස්සි බුද්ධ වංශය ( Aththadassi Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

එ ම මණ්ඩ කල්පයෙ හි නරශ්‍රේෂ්ඨ වූ අත්ථදර්ශී නම් බුදුහු මහත් වූ මෝහාන්දකාරය නසා උතුම් සම්බෝධිය ට පැමිණියාහු ය. මහබඹහු විසින් අයදිනා ලද්දේ දම්සක් පැවැත්වූ හ. දසදහසක් සක්වල දෙවියන් සහිත ලෝකයා අමයෙන් සැතැප්වූ සේක.

ඒ ලෝකනාථයන් වහන්සේ ගේ ද, ධර්මාවබෝධයන් තුනක් විය. කෙලලක්ෂයක් සත්නට පළමුවැනි ධර්මාවබෝධය වී ය.මහර්ෂී වූ ඒ අත්ථදස්සි බුදුන් ට ද, විගත රාගාදී මළ ඇති සන්හුන් සිත් ඇති තාදී ගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනක් විය.

අනූදහසක් රහතුන් ගේ ප්‍රථම සමාගමය විය. අසුඅටදහසක් රහතුන් ගේ දෙවන සමාගමය විය. අනුපාදාවිමුක්තියෙන් කෙලෙසුන් කෙරෙන් මුත් පහ වූ රාගාදී මළ ඇති මහර්ෂි වූ සැත්තෑඅටදහසක් ශ්‍රාවකයන් ගේ තුන්වැනි සමාගමය විය.

එ සමයෙ හි මම උග්‍ර වූ තපස් ඇති පෘථිවියේ ශ්‍රේෂ්ඨ ය යි සම්මත නමින් සුසීම නම් වූ ජටිලයෙක් වීමි. පරසතු මදාරා දිවකුසුම් දෙව්ලොවින් ගෙනවුත් සම්බුදුන් පිදීමි. Read More

ධම්මදස්සී බුද්ධ වංශය ( Dhammadassi Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

එ ම මණ්ඩ නම් කල්පයෙ හි මහා යසස් ඇති ධම්මදස්සී නම් බුදුරජ තෙම මොහඳුර නැතිකොට දෙවියන් සහිත ලෝකයෙ හි අතිශයින් බැබළී ය. අපමණ තේජස් ඇති ඒ ධම්මදස්සී බුදුරදුන් ගේ දම්සක් පැවැත්මෙ හි දී කෝටි ලක‍ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මභිසමය වී ය. යම් කාලයෙක ධම්මදස්සී බුදුරජතෙම සඤ්ජය නම් තාපසයා හික්මවූ සේක් ද,   අනූ කෝටියක් දෙනෙකුන් ට දෙවන ධර්මවයබෝධය වී ය.

යම් කාලයක සක්දෙව් රජ පිරිස් සහිත ව සත්ත‍වයන් හික්මවන ධම්මස්සී බුදුරදුන් කරා එළඹි සේක් ද,  එ දා අසූ කෝටියක් දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී ය.
දෙවියන් ට දෙවි වූ ඒ බුදුරදුන්ට ද තාදී ගුණ ඇති,  සන්හුන් සිත් ඇති,  රාගාදී කිලුටු නැතිකළ රහතන් වහන්සේලා ගේ සන්නිපාත තුනක් වූ හ.

යම් කාලයෙක ධම්මදස්සී බුදුරජතෙම සරණ නම් නගරයෙ හි වස් එළඹි සේක් ද,  එ දා කෝටි දහසක් දෙනෙකුන් ගේ පළමුවන රැස්වීම වී ය. නැවත ද යම් කාලයෙක් හි බුදුරජතෙමේ දෙව්ලොවින් මිනිස් ලොව ට වැඩි සේක් ද, ඒ කාලයෙ හි ද සියක් කෝටියක් දෙනෙකුන් ගේ දෙවන රැස්වීම වී ය. නැවත ද යම් කාලයෙක් හි බුදුරජතෙම තෙලෙස් ධූතගුණයන් ප්‍රකාශ කළ සේක් ද, ඒ කාලයෙ හි අසූ කෝටියක් දෙනෙකුන් ගේ තුන්වන රැස්වීම වී. Read More

සිද්ධත්ථ බුද්ධ වංශය ( Siddhattha Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

ධම්මදස්සී බුදුරදුන් ට පසු කාලයෙ හි සිද්ධත්ථ නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර පහකොට අහස ට නැගී හිරු යම් සේ ද,  එ සේ වී ය. උන්වහන්සේ ද බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එතර කරවන සේක්  දහම් නමැති වැස්සෙන් දෙවියන් සහිත ලෝකයා නිවමින් දහම් වැසි වැස්වූ සේක.

අසම තෙද ඇති ඒ සිද්ධත්ථ බුදුරදුන් ගේ ද ධර්මාභිසමය තුනක් වූ හ. කෝටි ලක්ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මවයබෝධය වී ය. නැවත ද භිමරථ නම් නුවර දහම් දෙසූ සේක් ද, එ කල් හි අනුකෙලක් සත්නට දෙවන ධර්මාවබෝධය විය. සිද්ධත්ථ බුදුරජතෙම වෙභාර නම් උතුම් නුවර දී දහම් දෙසූ සේක් ද, ඒ කාලයෙ හි අනූ කෝටියක් දෙනෙකුන් ට තුන්වන ධර්මාවබෝධය වී ය.

දෙපා ඇති සත්ත‍වයන් ට උතුම් වූ ඒ බුදුරදුන් ට ද තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති රාගාදී කිලුටු නැති කළ රහතන් වහන්සේලා ගේ සන්නිපාත තුනක් වූ හ. කෙලෙස් කිලුටු නැති ඒ රහතන් වහන්සේලා ගේ රැස්වීමෙ හි මේ තුන්තැන් ය.   කෝටි සියයක් දෙනෙකුන් ගේ ද,  කෝටි අනූවක් දෙනෙකුන් ගේ ද,  කෝටි අසූවක් දෙනෙකුන් ගේ ද රැස්වීම් වූ හ.
Read More

තිස්ස බුද්ධ වංශය ( Thissa Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

සිදුහත් බුදුරදුන් ට අනතුරු ව පසු කාලයෙ හි අසම වූ තමහට සමාන පුද්ගලයෙක් නැති අපමණ තෙද ඇත්තා වූ  බොහෝ පිරිවර ඇති ලෝනාහිමි තිස්ස නම් බුදුරජ ලොව පහළ විය. අනුකම්පා ඇතිසේක්  මහා වීර්යය ඇති සේක්  පසැස් ඇති සේක් මොහඳුරු නසා දෙවියන් සහිත ලෝකයා හොබවා ලෝකයෙ හි උපන් සේක.

ඒ තිස්ස නම් බුදුරදුන් ගේ ද ඍධිය අසම ය. සීල හා සමාධිය ද අසමාන ය.   උන්වහන්සේ සියලු ධර්මයන් හි පරතෙරට පැමිණ දම්සක් පැවැත්වූ සේක. ඒ බුදුරජතෙම දස දහසක් සක්වළෙ හි පිරිසිඳු වූ වචනය හෙවත් ධර්මය දෙසූ සේක. පළමුවන දම් දෙසුමෙ හි දී කෝටි සියයක් දෙනා ධර්මාවබෝධය කළ හ.

ඒ කාලයෙ හි උන්වහන්සේ වෙත ට පැමිණි දෙවි මිනිසුන් දෙවන දම් දෙසුමෙ හි දී අනූ කෝටියක් ද, තුන්වන දම් දෙසුමෙ හි දී සැට කෝටියක් ද සසර බැඳුමෙන් මිදූ සේක. Read More

ඵුස්ස බුද්ධ වංශය ( Phussa Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

එ ම මණ්ඩ කල්පයෙ හි දෙවි මිනිසුන් ගේ අනුශාසක වූ තමහට වඩා උතුමෙක් නැති උපමා රහිත අසමසම වූ “ඵුස්ස” නම් බුදුරජතෙම වී ය. ඒ ඵුස්ස නම් බුදුරජතෙම ද, සියලු මොහඳුරු නසා ලෝභ නමැති මහ අවුල ලිහා දමා දෙවියන් සහිත ලෝකයා සතප්පවමින් අමාදියෙන් වැස්සේ ය.

ඵුස්ස බුදුරජුන් දම්සක් පවත්වන කල දී කෝටි ලක්ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය. අනූ ලක‍ෂයක් දෙනෙකුන්ට දෙවන ධර්මවබෝධය වී ය. අසූ ලක‍ෂයක් දෙනෙකුන්ට තුන්වන ධර්මවබෝධය වී ය.

මහර්ෂී වූ ඵුස්ස බුදුරජුන් පිළිබඳ තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති රහතන් වහන්සේලා ගේ රැස්වීම් තුනක් වූ හ. සැට ලක‍ෂයක් රහතුන් ගේ පළමුවන සමාගමය වී ය.  පනස් ලක්ෂයක් රහතුන් ගේ දෙවන සමාගමය වී ය. උපාදානයන්ගෙන් අල්වා නො ගෙන මිදුණු ඉපදීම නැති කළ සතලිස් ලක්ෂයක් රහතන් වහන්සේලා ගේ තුන්වන රැස්වීම වී ය.
Read More

විපස්සී බුද්ධ වංශය ( vipassi Buddha Wanshaya )

By බුද්ධ වංශය ( The Buddha wanshaya) No Comments

ඵුස්ස බුදුරදුන් ට පසු කාලයෙ හි පසැස් ඇති සියලු සතුන්ට උතුම් වූ නමින් විපස්සී නම් බුදුරජතෙම ලෝකයෙ හි උපන් සේක. සියලු අවිද්‍යාවන් නැතිකර දමා උතුම් සම්බුදු බව ට පැමිණි සේක් දම්සක් පැවැත්වීම ට බන්ධුමතී නුවර ට වැඩිය සේක.

ලොව ට නායක වූ බුදුරජතෙම දම්සක් පවත්වා බාල සොහොවුරු ඛණ්ඩකුමාර ද,  පුරොහිත බමුණු පුත් තිස්ස ද යන දෙදෙනා ට සිව්සස් අවබෝධ කරවී ය.   ගණනින් නො කිය හැකි අපමණ සත්ත‍වයන් ට පළමු ධර්මාවබෝධය වී ය.  නැවත ද අපමණ යසස් ඇති බුදුරජතෙම ඒ බන්ධුමතී පුරයෙ හි දී සිව්සස් දෙසූ සේක. එ දා අසූහාර දහසක්  දෙනෙකුන්ට දෙවන ධර්මවබෝධය වී ය.

අසූහාර දහසක් ජනයෝ සම්බුදුරජ අනුව පැවිදි වූ හ. ආරාමය ට පැමිණි ඔවුන් ට පසැස් ඇති බුදුරජතෙම දහම් දෙසූ සේක. Read More

error: Content is protected by www.ifbcnet.org.