පොහොය වර්ණනාව ... ( Pohoya warnanawa) Archives - IFBC Organization | Dhamma

(01) අසිරිමත් වෙසක් පෝය වර්ණනාව …

Posted by | පොහොය වර්ණනාව ... ( Pohoya warnanawa) | No Comments

‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදී ය
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක් බර ජීවිතයට සැනසුම උදාකර, ඔවුන් සසර සයුරෙන් එතෙර කිරීමේ මහත් කරුණාවෙන් සැදුණු අප සිදුහත් බෝ සතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධයන් වූ අප සැමට අසම වූ උතුම් දිනයකි. මෙදින වූ අසිරිමත් සිදුවීම් රාශියකි.
මෙයින් සාරා සැකි කප් සුවහසකට පෙර සුමේධ තාපසව සිටිය දී දීපංකර සම්බුදුරදුන් හමුවේ දී බුද්ධත්වයට පත්වීම පිළිබඳව පළමු කොට නියත විවරණ ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකය.
කපිලවස්තු පුරයෙහි පාලක ශාක්‍යය වංශික සුද්ධෝදන රජතුමාණන්ගේ අගබිසව වූ මහාමායා මෙහෙසිය කුසින් ලුම්බිණි සල් වනයේ දී බෝ සතුන් බිහි වීමේ අසිරිමත් සිදු වීම ද වූයේ වෙසක් පුන් පොහෝ දිනකය. ‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදීය.
බුද්ධත්වයට පත්වීමත් සමඟ ඇතිවූ මහත් පී‍්‍රතිය ප්‍රකාශ කරමින් ‘අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං’ යන ආදී වශයෙන් ශ්‍රේෂ්ඨ වදන් ප්‍රකාශ කරන ලද්දේ ද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දිනයේදී ය. Read More

(02) අසිරිමත් පොසොන් පෝය වර්ණනාව …

Posted by | පොහොය වර්ණනාව ... ( Pohoya warnanawa) | No Comments

ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ දූත පිරිසට ඇතුළත් වූහ.

අන්රටවලට වඩා ශ්‍රී ලංකාවට එවනලද දූත පිරිස සුවිශේෂත්වයක් ගත් බව පැහැදිලිය. මේ දූත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය සුහදතාව දැඩි ලෙස පැවතීම වැදගත් ලක්ෂණයකි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුතණුකෙනෙක් වූ අතර “සුමන” සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාගේ “සංඝමිත්තා” නම් දියණියගේ පුත්‍රයා වූහ. මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වශයෙන් “භණ්ඩුක” උපාසකතුමා සඳහන් වේ.මෙවැනි රාජකීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට සැපැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.

Read More

(03) අසිරිමත් ඇසළ පෝය වර්ණනාව …

Posted by | පොහොය වර්ණනාව ... ( Pohoya warnanawa) | No Comments

ඉන්දියාවේ මෙන්ම අප රටෙහි ද ස්වභාව ධර්මයා මඟින් ඇසළ සමය තුළ සශ්‍රීක භාවය ලබාදීම නිමිති කරගෙන ඇසළ උත්සව පැවැත් වූ බව, පැරැණි පත පොතෙහි සඳහන් වෙයි.

සිද්ධීන්ගෙන් බහුල ඇසළ මාසය, බෞද්ධ ජනයාට කිහිප අතකින් වැදගත් වෙයි.

වෙසක් පොහෝ දින, අප තිලෝගුරු බුදුපියාණන් ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල් කරුණු සම්බන්ධයෙන් ද, පොසොන් පෝ දින දෙවන පෑතිස් රජ සමයේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම ලක්දිවට ගෙන ඒම සම්බන්ධයෙන් ද බෞද්ධ ජනතාවට කොතරම් වැදගත්වේද, ඒ හා සමාන වැදගත්කමක් ඇසළ පොහෝ දිනට ද ලැබී ඇත.

බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට මෙම ඇසළ පෝ දිනය සම්බන්ධ වීම නිසා, එය බෞද්ධ ඉතිහාසයෙහි උසස් තැනෙකලා සැලකිය හැකි ය. සද්ධර්ම රත්නාවලිය පොතෙහි කර්තෘ ධර්මසේන හිමියන්, එහි දැක්වූ අගසව් කථාවෙන් පෙන්වා දුන් පරිදි, ‘ගිරග්ග සමජ්ජ’ නම් සැණකෙළිය ද, වීදාගම මා හිමියන් විසින් ගුත්තිල කාව්‍යයෙහි දක්වා ඇති මෙවැනිම වූ උත්කර්ෂවත් අන්දමින් පවත්වාගෙන යමින් තිබූ සැණකෙළිය ද , සැණකෙළි පැවැත්වීම, පෙර සිටම පැවත එන්නක් බවට සාක්‍ෂි ය. මේවා ඇසළ උත්සව යැයි නිශ්චික ලෙස සඳහන් නොව වූවද , බුදු දහමේ උපතටත් පෙර සිටම එවැනි උත්සව පැවැති බව සිතා ගත හැකි ය. Read More

(04) අසිරිමත් නිකිණි පෝය වර්ණනාව …

Posted by | පොහොය වර්ණනාව ... ( Pohoya warnanawa) | No Comments


කුසල් දම් පුරනා භික්‍ෂූන් වහන්සේත් උන්වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කරනා බොදු සැදැහැතියාත් අසිරිමත් පින් ඵල නෙළා ගැනීමේ භාග්‍ය උදාකර ගන්නා වූ සුපින්බර පොහොය වන්නේ නිකිණි පුර පසළොස්වකයි. බුද්ධත්වයෙන් වසරක ඇවෑමෙන් සසුනෙහි වූ විසිතුන් දහසකට අධික භික්‍ෂූන් වහන්සේ මහා වැස්සට තෙමෙමින් දඹදිව්තලයෙහි පැවැති පුරාතන නීති ද නොතකමින් ගම් නියම්ගම් පුරා වස්සාන කාලයේ දී ද පාද චාරිකාවේ යෙදුණහ.

කුසල් දම් පුරනා භික්‍ෂූන් වහන්සේත් උන්වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කරනා බොදු සැදැහැතියාත් මහත් වූ පින් ඵල නෙළා ගැනීමේ භාග්‍ය උදාකර ගන්නා වූ සුපින්බර පොහොය වන්නේ නිකිණි පුර පසළොස්වකයි. බුද්ධත්වයෙන් වසරක ඇවෑමෙන් සසුනෙහි වූ විසිතුන් දහසකට අධික භික්‍ෂූන් වහන්සේ මහා වැස්සට තෙමෙමින් දඹදිව්තලයෙහි පැවැති පුරාතන නීති ද නොතකමින් ගම් නියම්ගම් පුරා වස්සාන කාලයේ දී ද පාද චාරිකාවේ යෙදුණහ.

මෙසේ වැඩම කරනා ආර්යන් වහන්සේලාගේ පා යුගවල මඩ තැවරී මිය යන කුඩා ජීවීනුත් දළු ලා වැඩෙන නිල් තණත් පෑගී විනාශ වෙද්දී කෝපයට පත් වූ මිනිස්සු භික්‍ෂූන් වහන්සේට අවමන් කරමින් දොස් නැගූහ. මෙම තත්වය ගැන දැනුවත් වූ බුදුපියාණන් වහන්සේ දෙවැදෑරුම් වූ පෙර හා පසු වස් එළැඹීම් වදාරා ඒවා පිළිපදින්නැ’යි භික්‍ෂූන් වහන්සේට ඔවදන් දුන් සේක. Read More

(05) අසිරිමත් බිනර පොහොය වර්ණනාව …

Posted by | පොහොය වර්ණනාව ... ( Pohoya warnanawa) | No Comments

” අයං වස්සාන කලෝ ” යන වැකිය මේ දිනවල විහාරස්ථානවල නිතර දක්නට ලැඛෙන වැකියකි. ” මේ වස් කාලයයි ” යන එහි තේරුම නොදන්නා අයෙක් නැති තරම්ය. මේ වස්කාලය තුල යෙදෙන වැදගත් පොහොයක් ලෙස බිනර පොහොය දිනය හැදින් විය හැකිය. ශාසන ඉතිහාසයේ වැදගත්ම දිනයක් ලෙසින් බිනර පොහොය දිනය හැදින්විය හැකිය. බුද්ධ ශාසනය රදා පවතින් ශක්තිමත් කණු හතරක් මතය. ඒ භික්ෂු භික්ෂුනී, උපාසක උපාසික යන සිව් පිරිසයි. ඉතින් ඒ ශාසනයේ පැවැත්ම ස්ථීර කරන භික්ෂුණී ශාසනය බිහිවීම ඇතුලූව ඉතාම වැදගත් සිදුවිීම් ගණනාවක් අදවන් බිනර පොහොය දිනයක සිදුවී ඇත.

භික්ෂුණී ශාසනය පිහිටුවීම

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමකොට අප්‍රමාන සත්වගට සෙත සැලසූ සේක. විශේෂයෙන්ම රාහුල පුතා මෙන්ම නන්ද නම් සිය සොහොයුරාද පැවිදිවියට ඇතුලත් වූ පසු මහා ප්‍රජාපතී ගෝතමියටද ගිහිජීවිතයේ සිටීම පිලිබද කිසිදු කැමැත්තක් නොවීය. සිය පණමෙන් බලාකියාගත් ලොකු පුතා මෙන්ම , සුද්ධොදන නම් සිය ස්වාමියාද සසරින් එතෙර වූ මොහොතක, තම නන්ද පුතාද, රාහුල මුනුබුරාද පැවිදිවියට පත්වී සසර ගමන කෙළවර කරගත් මොහහොතක තමා මේ සංසාරයේ අතරමංවී දුක්විදින්නේ කුමකටදැයි ඕ තොමෝ කල්පනා කලාය. Read More

(06) අසිරිමත් වප් පෝය වර්ණනාව …

Posted by | පොහොය වර්ණනාව ... ( Pohoya warnanawa) | No Comments

වප් පොහොය දිනයේ වැදගත් සිදුවීම් මේ අයුරිනි පෙලගැස්විය හැකිය

01. මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් ඵලය ලබාදී සංකස්සපුරයෙන් මනුලොවට වඩිමින් දේවාවරෝහණ පූජාව සිදුකල පූජනීය පොහොය අදයි.

02 අගසව් දෙනම අතරින් දකුණත්සව් ලෙසින් වැඩසසිටි බුද්ධ ප්‍රඥාවට පමණක් දෙවෙනි වූ සැරියුත් මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත් වූයේ අදවන් උතුම් වප් පොහෝ දිනකයි.

03. කල්ප පක්ෂයක් මතුයෙහි බුදුවන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත් වීම සිදු වූ උතුම් පෝ දිනය අදයි.

04. අනුලාදේවිය ඇතුලූ කුල කතුන් පැවිදිබිිමට ඇතුලත් කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුලූ භික්ෂුණී සංඝයා සමග ශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඩමවීමට දූත පිරිසක් දෙවනපෑතිස් නිරිදු විසින් දඹදිවට පිටත්කර හැරීම සිදුවූයේ අදවන්ු පොය දිනයකයි. Read More

(07) අසිරිමත් ඉල් පෝය වර්ණනාව …

Posted by | පොහොය වර්ණනාව ... ( Pohoya warnanawa) | No Comments

01.ප්‍රථම ධර්ම දූත පිරිස ගමන් ආරම්භ කිරීම
02.තුන්බෑ ජටිලයන් දමනය කිරීම.
03.මෛත`ීය බෝසතුන් නියත විවරණ ලැබීම
04.සැරියුත් හිමියන් පිරිනිවන් පෑම
05.කඨින චීවර මාසයේ අවසන් දිනයයි

ඓතිහාසික වාග් විද්‍යාවේ මූලධර්මයන්ට අනුව සිහිල් යන වචනයේ මුල් ‘ස’ කාරයත් පිහිල් යන වචනයේ මුල් ‘ල’ කාරයත් ලොප් වී නොහොත් භාවිතයේ උච්ඡාරණය සදහා හැලී ගොස් ඉහිල් වී පසු කාලයේදී හි කාරයද හැලී ගොස් ඉල් බවට පත්වූ බව සිතිය හැකි බව විද්වතුන්ගේ අදහසයි. උතුරු දඹදිව සරත් සමය අවසානයත් හේමන්තය ආරම්භයත් යන දෙකම සිදුවන වකවානුව බැවින් ඉතාම සෞම්‍ය දේශගුණයක් ඇති වකවානුවක් ලෙස හැදින්විය හැකිය.
ඉල් පොහොය ඉතාම වැදගත් වන්නේ පථම ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරන කටයුතු සදහා පිටත්ව යෑමයි. ප්‍රථම රහත් සැට නම ඇමතූ බුදුපියාණන් වහන්සේ “ චරත භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය … ” ආදී වශයෙන් “ පින්වත් මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස බොහෝ දෙනාට සැප පිණිස, පොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, චාරිකාවේ හැසිරෙව් … ” යනාදී වශයෙන් අනුදැන වදාල සේක. එතැන් පටන් ලොව්තුරු සදහම් ගග බොහෝ දන හිතසුව පිණිස ලෝ පුරා ගලා බසින්නට පටන් ගැනිනි. එවන් මහා සුවයක් සැදූ පින්බර දිනය ඉල් පෝ දිනය වන්නේය. Read More

(08 අසිරිමත් උදුවප් පෝය වර්ණනාව …

Posted by | පොහොය වර්ණනාව ... ( Pohoya warnanawa) | No Comments

උදුවප් පොහොය දිනය අදයිලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකූ සේක. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි

දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.

ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක් කරලමින් අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පිරිස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කර සෝවාන් මග ඵල ලබා නොබෝ කලකින් උතුම් වු සකෘදාගාමි මාර්ග ඵල ද ලැබූහ.

දස සිල් සමාදන්ව කසාවතින් සැරසුණු ආර්ය ශ්‍රාවිකාවන් පැතු පැවිදි බව ලබා දී සදහම් ගංඟාව දස අත ගලා යවමින් ලක්දිව් තලයේ භික්ෂුණී ශාසනය පිහිට වූයේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වැඩම කරවීම නිසාවෙනි.
මෙවන් වූ මෙහෙයක් වෙනුවෙන් දේවානම්පියතිස්ස නිරිඳුන් දැක්වූ රාජ්‍ය අනුකූලතාව ශ්‍රේෂ්ඨය. සඟමිත් තෙරණිය සමඟ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවීමට අවශ්‍ය බව දන්වන සංදේශයක් ද රැගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ දූත පිරිස දඹදිව රම්‍ය වු පැළලුප් නුවරට පිටත් කළහ. Read More

(09) අසිරිමත් දුරුතු පෝය වර්ණනාව …

Posted by | පොහොය වර්ණනාව ... ( Pohoya warnanawa) | No Comments

දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම කෙටියෙන් විමසා බලමු බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම. ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම.

ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය.

සුදෝ සුදු පුන්සඳ කිරණින් මිහිතලයම ආලෝකවත් කරමින් දුරුතු සඳ උදාවෙයි. දුරුතු පුන් පොහෝ දින ලක්වැසි බොදු දනන්ගේ සිත් සතන් සැදැහැයෙන් පිරී ඉතිරී යන්නේ ලක් දෙරණ බුදු සසුන බබුළුවමින් සදහම් එළියෙන් ආලෝකවත් වූ නිසා ය.
දුරුතු පුර පසළොස්වක සෑම වසරකම ජනවාරි මාසයේහි යෙදෙන අති උතුම් පොහෝ දිනයකි. එය වසරේ පළමු පොහෝ දිනය නිසාම තම ආගමික ස්ථානවලට ගොක් දන්දීම්, සිල් රැකීම් ආදී ආගමික වතාවත්වල යෙදීම බොදු දනන්ගේ සිරිතකි.

බුදුරදුන් බරණැස ඉසිපතනාරාමයේ පළමු වස් කාලය ගත කළ සේක. දහම් පණිවිඩය ලොව පුරා පැතිරවීමට, පළමු රහතන් වහන්සේ හැටනම ගම්දනව් කරා පිටත් කර යැවූහ. බුදුන් වහන්සේ උරුවේල් දනව්වට වැඩම කළහ. උරුවේල් කශ්‍යප, නදී කශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පිරිසට දම් දෙසා කුරු රට පිඬු සිඟා වැඩි ‍ෙස්ක. Read More

(10) අසිරිමත් නවම් පෝය වර්ණනාව …

Posted by | පොහොය වර්ණනාව ... ( Pohoya warnanawa) | No Comments

බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය.

ප්‍රථම මහා සංඝ සන්නිපාතය Frist ongregation පැවැත්වූයේද නවම් පොහෝ දිනයේදීය.

බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එකී සම්භාවනීය තනතුරු වලට පත්වීමද, නවම් පොහෝ දිනයකදී සිදු විය.

තථාගත බුදුපියාණන් වහන්සේ, සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් නවම් පොහෝ දිනයකදීය.

බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කළේත්, නවම් පෝය දිනකදීය.

මෙවන් වැදගත් සිදුවීම් නවම් පෝය දිනයේදී සිදුවීම නිසා, ඒවා අනුස්මරණය කරමින් බොදු සිරිතට අනුව තම ජීවිත සකස්කර ගන්නට කිසියම් උත්සාහයක් දැරීමට, බොදු සැදැහැතියන් නවම් පෝය දිනයේදී අදිටන් කරගන්නවාට සැකයක් නොමැත. සිරිලක වෙහෙර විහාර බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන දිනයකි, නවම් පෝය දිනය. දාන-ශීල-භාවනා-ආදී වටිනා කාර්යයන්හි යෙදෙන බෞද්ධ බැතිමතුන්ගේ එකම අදිටන මුළු මනින් බෞද්ධ ප්‍රතිපත්තිවලට මෙදින මුල්තැන දීමයි. Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.