ජාතක කථා. ( Jathaka katha) Archives - Page 55 of 55 - IFBC Organization | Dhamma

542 අස්ථාන ජාතකය

Posted by | ජාතක කථා. ( Jathaka katha) | No Comments

සද්ධර්ම ඡක්‍රවර්තීවූ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසද්දී එක් කලකිරුණු භික්ෂුවක් අරබයා දේශනා කළ සේක.

මාගමක් ගැන සිතා කලකිරුණු ඒ භික්ෂුව ගෙන්වා බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් මහණ, ඔඹ කලකිරුණේ සැබෑදැයි විචාරා සැබෑයයි කී කල්හි මහණ මාගම නම් අකෘතඥය, මිත්‍රද්‍රොහිය විශ්වාසකළ නොහැකිය. පෙර නුවණැැතියෙක් දිනපතා දහසක් දෙමින්ද මාගමක් පෝෂණය කරන්නට නොහැකි වූයේ එක් දිනක් දහස නොලැබු මාගම විසින් බෙල්ලෙන් අල්වා බැහැර කරන ලද්දේද වීය. එනිසා මෙසේ අකෘතඥවූ මාලමගේ වසඟයට නොයවයි අතීතය ගෙන හැර දැක්වූ සේක.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කග්හි ඒ රජුගේ බ්‍රහ්මදත්ත කුමාරයාත් බරණැස් සිටුහුයේ පුත්‍රයාත් එක්ව ක්‍රීඩා කොට මිත්‍ර වූහ. එකම ඇඳුරු කුලයෙහි ශිල්ප හැදෑරූහ. පිය රජු ඈවෑමෙන් කුමාරයා රාජ්‍යයෙහි පිහිටියේය. Read More

543 පක්ක ගොධ ජාතකය

Posted by | ජාතක කථා. ( Jathaka katha) | No Comments

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවරම් වෙහෙර වැඩ වසන සේක් එක් කෙළෙඹියෙකු ඇරඹ මේ ජාතකය දේශනා කළ සේක.

එක් දුර ගමනක් යන පුරුෂයා සමඟ භාය්‍ර්‍යාවකට අතර මගදී හමුවූ වැද්දෙක් “දෙදෙනාම අනුභව කරවි” යයි එක් පිසු ගොයකු දුන්නේය. ඒ පුරුෂයා භාර්යාව පැන් ගෙන ඒමට යවා හොයා සම්පූරණයෙන්ම අනුභව කොට භාර්යාව පැමිණි කල්හි සොඳුර සොයා පැන ගියේ යැයි කීය. භාය්‍ර්‍යාවද පිසු ගොයත් පැන ගියවිට කුමක්කරමුද කියා පැන් බී දෙදෙනාම දෙව්රමට ගොස් බුදුන් වැඳ එකත් පසක සිටියේය.

බුදු රජාණන් වහන්සේ උපාසිකාව, නුඹගේස්වාමියා නුඹට ස්නේහවන්තද? උපකරකදැයි විචාරණ ලද ඕතොමෝ ස්වාමීනි, මම නම්මොහුට හිත කැමැත්තෙමි. ස්නේවන්ත වෙමි. උපකාර වෙමි. මොහු නම් මට එසේ ස්නේහ නැතැයි කීවාය. බුදුරජාණන්වහන්සේ උපාසිකාව මෙසේ නොස්ිතව, යම් කලෙක නුඹගේ ගුණය මොහු දැනගන්නේද එකල මොහු නුඹට සියලු සම්පත් දෙන්නේ යයි අතීතය ගෙනහැර දැක් වූ සේක. Read More

544 විතිය කොසිය ජාතකය

Posted by | ජාතක කථා. ( Jathaka katha) | No Comments

බුදුරජාණන් වහන්සේ දෙවරම් වෙහෙර වැඩ වසන සේක් කොසොල් රජු ඇරබ දේශනා කර වදාළ සේක. කොසොල් රජ පසල් දනව් සංසිඳවීම පිණිස නුසුදුසු කාලයෙහි නික්මුනේය. ඒ නුසුදුසු බව ප්‍රකාශ කිරීම වස් බුදුරජාණන් වහන්සේ අතීතය ගෙනහැර දැක්වූසේක.

මහරජ, පෙර බරණැස් රජ නොකල්හි නික්මී උයනෙහි කඳවුරක විසීය. එකල්හී එක් බමුණෙක් උණ පඳුරකට පිවිස සැඟවූනේය. කපුටු රැලක් පැමිණ නික්ම යනවිට ඌ අල්වා ගැනීමට හාත්පස පිරිවරා සිටියහ. ඌ හිරු බැසයාම නොබලා කලින්ම නික්ම පැනයාමට පටන් ගත්තේය. ඉක්බිති කපුටෝ ඌ පිරිවරා ගෙන තුඩින් කොටා බිම හෙළුහ. රජ බෝසතුන් අමතා පණ්ඩිතය, කුමක් හෙයින් මේ කපුටෝ බකමූණා බිම හෙළුවාහුදැයි විචාලේය. බොසත් තෙම මහරජ, නොකල්හි තමන්ගේ වසන තැනින් නික්ම යන්නාහු මෙබඳු දුක් ලබත්මට. එහෙයින් නුසුදුසු කාලයෙහි තමන් වසන තැනින් නික්ම යාම නුසුදුසුයයි කියා මෙසේද කීය. Read More

545 සිහ කොත්ථුක ජාතකය

Posted by | ජාතක කථා. ( Jathaka katha) | No Comments

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙ වැඩ වාසය කරන සේක්. කෝකාලිකයන් ඇරබ මේ ජාතකය දේශනා කොට වදාළ සේක. එක් දවසක් අන් බහුශ්‍රැතයන් ධර්ම දේශන කරන කල්හි නූගත් කෝකාලික තෙමෙත් ධර්ම දේශනා කරන කැමැත්තෙන් විය. භික්‍ෂූන් අතින් ඒ සියල්ල දැන වදාල බුදුරජාණන් වහන්සේ මහණෙනි, කෝකාලික තෙමේ අද පමණක් නම් කටහඩින් ප්‍රකට වූයේ නොවේ. පෙරත් කටහඩින් ප්‍රසිද්ධ වූයේ යැයි වදාරා අතීතය ගෙන හැර දැක් වූ සේක.

පෙර බඹදත් රජු බරණැස් නුවර රාජ්‍ය කරවන කල්හි බොසතාණන් වහන්සේ හිමවතැ සිංහයෙක් ව ඉපිද එක් සිවල් දෙනක් හා සංවාසයෙහි යෙදී එක් ප්‍රත්‍රයෙක් ලැබීය. ඒ පුත්‍රයා ඇඟිලි වලින්ද, නිය වලින්ද, කෙසුරෙන්ද, වර්ණයෙන්ද, ලක්‍ෂණයෙන්ද පියාට සමානය. ශබ්දයෙන් මවට සමානය. ඉක්බිති දවසක් වැසි වැස අවසන් වූ කල සිංහයන් නාද කරමින් සිංහ ක්‍රීඩා කරන විට මේ තෙමේද සිංහයන් අතර නාද කරනු කැමතිව සිවල් හඩින් නාද කළේය. Read More

546 මෙණ්ඩක පඤ්හ ජාතකය

Posted by | ජාතක කථා. ( Jathaka katha) | No Comments

මේ ජාතක කථාව උම්මග්ග ජාතකයෙහි එළක ප්‍රශ්නයෙහි ආයේය. එයින් බලා දැන ගත යුතුයි.

එක් දවසක් රජ්ජුරුවෝ එක් එළුවකු හා බල්ලකු හිතමිත්‍රකමින් වාසය කරනවා සී මැඳුරු කවුළුවෙන් දුටහ. දිනක් එළුවා ඇත්හළ තුලට ගොස් ඇතුන්ට ලාලූ තණ අනුභව කොට ඇත්හලයාගෙන් පිට අවුරා පහරක් ලබාගෙන වේදනාවෙන් මිරිකි මිරිකී ගොස් රජගෙයි අගුවේ වැද හොත්තේය. එදවස්ම බල්ලාත් මුළුතැන්ගෙට ගොස් මාංශ අනුභව කොට අරක්කැමියාගෙන් පහර කා වේදනාව විදිමින් එන්නේ කෙඳිරිගාමින් පසුවන තම මිත්‍ර එළුවා දැක සබඳ දැන් ඉතින් කෙසේ ජීවත්වමෝදැයි කීහ. එළුවා කියන්නේ මිත්‍රය තොප තණ නොකන බැවින් තොප ගැන සැකයෙක් නැත. ඇත්හළට ගොස් එහි හැසිර අවසරයක් බලා තණ කට්ටයක් රැගෙන එව. මා ගැනද සැක නොකරන බැවින් මමද මුළුතැන්ගෙයි හැසිර අවසරයක් බලා මස් කැටියක් රැගෙන එන්නෙමි. එය තොපට අනුභව කරත හැක. මේ නියායෙන් අපි දෙදෙනා ජීවත්වන්නමෝවේදැයි කීහ. උන් දෙදෙනා මෙසේ සැපසේ වෙසෙති.

රජ්ජුරුවෝ උන්දෙන්නාගේ මිත්‍ර ධර්‍මය දැක මා විසින් නොදුටු විරූ කාරණයක් දුටුවෙමි. මොහු දෙන්නා ඔවුනොවුන්ට පස මිතුරුවත් එකට වාසය කරති. මේ කාරණය අලලා පැනයක් ගොතා පණ්ඩිතවරු පස්දෙනාගෙන් අසා ඒ නොදත් කෙනෙකුන් රටින් යවන්නෙමි. දත් කෙනෙකුන්ට උපකාර කරන්නෙමි. අද වේලා මදව ගියේය. සෙට සේවයට ආකල විචාරන්නෙමියි සිතූහ. දෙවන දින සේවයට අවුත් උන් කල්හි ගාථාවකින් මේ සත්ව ලෝකයෙහි කිසි විශ්වාසයෙක් නැති පසමිතුරු වූ දෙදෙනෙක් සබඳවූහ. මිත්‍ර ධර්‍මය පවත්වමින් ඇවිදිනාහ. එයට කරුණු කිමෙක්දැයි කීහ. අද පෙරවරු වේලෙහි මේ පැනය නොවිසඳන්නහු නම් තොප හැම දෙනම රටින් නෙරපන්නෙමි. නුවණ නැත්තවුන්ගෙන් මට ප්‍රයෝජණ නැතැ”යි කීහ. සේනකයෝ මුල් අසුනෙහි හුන්හ. මහෞෂධ පණ්ඩිතයෝ කෙළවර අසුනෙහි වැඩ උන්සේක. උන්වහන්සේ ඒ පැනය පරීක්‍ෂා කෙරෙමින් අත්‍ර්‍ථනොදැන “මේ රජතෙමේ බොළඳ ගුණ ඇත්තේය. මේ පැනය සිතා ගෙන දැනගන්ට නොපොහොසත. ඔහු විසින් කිසිවක් දක්නා ලදැයි සිතා එක දවසකට අවසර ලබන්නෙම් වීනම් මේ පැනය දැනගනිමි යි සිතූසේක.

සේනකාදී පණ්ඩිතවරු සතරදෙන අඳුරු ගබඩාවකට වන්නවුන් මෙන් කිසිවක් නුදුටුවහ. එබැවින් රජ්ජුරුවන් වැඳ එක්දිනයකට අවසර ලබාගෙන ගියාහ. මහෞෂධ පණ්ඩිතයෝද හුනස්නෙන් නැගී උදුම්බරා දේවීන් සමීපයට ගොස් දේවීන්වහන්ස අද හෝ ඊයේ රජ්ජුරුවෝ බොහෝ වේලාවක් කොතැන සිටියෝ”දැයි විචාළසේක.

සේනකාදී පණ්ඩිතවරු සතරදෙන අඳුරු ගබඩාවකට වන්නවුන් මෙන් කිසිවක් නුදුටුවහ. එබැවින් රජ්ජුරුවන් වැඳ එක් දිනයකට අවසර ලබාගෙන ගියාහ. මහෞෂධ පණ්ඩිතයෝද හුනස්නෙන් නැගී උදුම්බරා දේවීන් සමීපයට ගොස් දේවීන්වහන්ස අද හෝ ඊයේ රජ්ජුරුවෝ බොහෝ වේලාවක් කොතැන සිටියෝ” දැයි විචාළසේක.

මලණ්ඩ සී මැදුරු කවුළුවෙන් පිටත බලමින් සක්මන් කළහයි බිසව කීහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ රජ්ජුරුවන් මේ දිසාවේ කිසිවක් දක්නාලද වන්නේයයි සිතා ඒ ස්ථානයට ගොස් පිටත බලා එළුවාගේ හා බල්ලාගේ ක්‍රියාව දැක මේ දෙදෙනා ගැනම මේ පැනය සලකන ලදැයි සනිටුහන් කොට ගෙන ගෙට වැඩිසේක. පුක්කුසාදී වූ අනික් තුන්දෙනාට ප්‍රශ්නය විසඳා ගත නොහැකිව එක්ව පැනය නොවිසඳු කල්හි රජ්ජුරුවෝ කිපෙති. කුමක් කරමෝද? අපට වර්ෂයක් සිතුවත් මෙහි අදහස නොවැටහෙයි. මහෞෂධ පඬිතුමා මෙය සත සහශ්‍ර ගුණයෙන් සිතා නිමවා ඇත. උන් සමීපයට යම්හයි එහි ගොසින් එකත්පස්ව සිට පණ්ඩිතයෙනිෟ නුඹවහන්සේ විසින් පැනය විසඳන ලදදැයි විචාළහ.

උන්වහන්සේ මා පැනය නොවිඳනකල්හි භුවනත්‍රයේ අනික් කවරෙක් විසඳන්නේද? එසේය පැනය සිතන ලදැයි වදාළසේක. අනික් පණ්ඩිතවරු සතරදෙන එසේවීනම් අපටත් වදාළ මැනවයි කීහ. මහාකරුණා ගුණයෙන් යුතු මහතාණෝ” ඉදින් මම මුන් සතරදෙනාට පැනය නොකියෙන්නම් රජ්ජුරුවෝ මේ ජඩ කොල්ලන් සතර දෙනාවම රටින් නෙරපනාහ. මට සත්රුවනින් පුදන්නාහ. එය මාගේ කරුණාවට තරම් නොවේයයි උන් කෙරෙහි කරුණාවෙන් උන් මිටි අසුන්වල හිඳුවා තමා දෙසට දොහොත් මුදුන්දී වැඳගෙන ඉන්නා ලෙස නියමකොට රජ්ජුරුවන් දුටු නියාව නොහඟවා රජ්ජුරුවන් විචාළකල මෙසේ කියවයි ගාථාසතරක් උගන්වා එහි අත්‍ර්‍ථය නොවුගන්වා යවූසේක.

දෙවන දින රාජ සභාවේදී සේනකයෝ දේවයන් වහන්ස මා පැනය නොදන්නා කළ අනික් කවරෙක් දනීදැයි වැඳුවන් ඉදිරියෙහි කොළඹු ලන්නාසේ මහෞෂධ පණ්ඩිතයන් හමුවෙහි තමාගේ වියත්කම අඟවා කලින් ඉගෙන ගත් ගාථාව කීහ.

ඒ ගාථාවේ අදහස නම්:- ප්‍රසිද්ධ අමාත්‍ය පුත්‍රාදීන්ට එළුමස් ප්‍රියය. ඔවුහු බළුමස් අනුභව නොකරන්නාහ. එසේවූ බල්ලාගේ හා එළුවාගේ සමගි සංඛ්‍යාත විශ්වාස වී” ගාථාව කී මුත් සේනකයෝ අත්‍ර්‍ථය නොදන්නාහ. රජ්ජුරුවෝ අත්‍ර්‍ථය තේරුම්ගෙන පුක්කුසයන් අතින් විචාළහ. ඔහුද කටමැත දොඩා කටපාඩම් කරගත් ගාථාවකීහ.

එහි අදහස:- අසුපිට ඇතිරීම සඳහා එළුසම් ගන්නාහ. බල්ලන්ගේ සම් නොගන්නාහ. එසේ වුවද එළුවාගේ සහ බල්ලාගේ විශ්වාසය වී ඔහුද අත්‍ර්‍ථය නොදත් නමුත් රජ්ජුරුවෝ එයද තේරුම්ගෙන කාවින්‍ද පණ්ඩිතයන් අතින් විචාළහ. උයිත් තමා උගත් ධර්‍මය නොදත් ගාථාව කීහ. ඒ ගාථාවේ අදහස මෙසේ දතයුතුයි:- එළුතෙමේ ඇඹරී ඇති අංඇත්තේය. බල්ලාට අං නැත්තේය. එළුතෙමේ තණ හා කොළ කන්නේය. බළුමස් නොකන්නේය. බළුතෙම සාවුන් හා බළලුන් කන්නේය. එසේද වුවත් එළුවාගේ හා බල්ලාගේ විශ්වාසය වී”මෙසේ සෙනකාදී සතරදෙන තමන් උගත් ගාථා පමණක් කී කල්හි රජ්ජුරුවෝ අත්‍ර්‍ථ දත් හෙයින් නොවිමසා පස්වැනි වූ අසරණ සරණ මහෞෂධ පණ්ඩිතයන් අතින් විචාළහ. උන්වහන්සේ එසේ නම් ඇසුව මැනවයි සිංහනාද කොට තත්වූ පරිදි ගාථා දෙකකින් කීසේක. “සතර පයෙහි අටකුරෙක් ඇති එළුතෙමේ මස්ගන්නා වේලෙහි කිසි කෙනෙකුන්ට නොපෙනී මේ බල්ලාට මස් ගෙනෙන්නේය. මේ බල්ලාද එළුවාට තණ ගෙනෙන්නේය. මොවුන් දෙදෙනාගේ පෙරළිය ජන ප්‍රධාන වූ වේදේහ රජතෙමේ ප්‍රසාදයෙහි සිටියේ දිටීයයි වදාළසේක. රජ්ජුරුවෝ සතර දෙනා ගැනම පැහැදී ගාථා දෙකකින් ඔවුන්ට ප්‍රශංසාකොට අජානීය අශ්වයින් යෙදූ අලංකාර රථයක් සමඟ සියළු සැපතින් සමෘද්ධ වූ ගම්වරය බැගින්ද දෙවූහ.

 

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Read More

547 කුම්භිල ජ‍ාතකය

Posted by | ජාතක කථා. ( Jathaka katha) | No Comments

සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්. තමන් වහන්සේ නසන්නට දෙව්දතුන් කළ ව්‍යසනයක් නිසා මහණෙනි, මොහු මා නසන්ට උපක්‍රම යෙදුවේ දැන් මතු නොවෙයි. පෙරත් කළෝ වේදැයි ඉකුත්වත වඳාළ සේක.

ජාතක කථාව වානරින්‍ද ජාතක කථාවෙහි මෙනි.

වඳුරු තෙම උපක්‍රම බලයෙන් කුම්භීලයාගෙන් මිඳී එගොඩට පැන්න කල්හි කුම්භීලයන් වානරින්‍දයන් අමතා

යෂස්සතේ චතුරො ධම්මා වානරින්‍ද යථා තව

සච්චං ධම්මො ධිති චාගො දිඨංසො අති වතතති

පින්වත් වානරින්‍දය, යමෙකු ලඟ සතය වචනය, ස්තානෝචිත ප්‍රඥාව, ධෙර්යය, ත්‍යාගී බව තිබේද ඔහු නොබියව තම පස මිතුරා (හතුරා) පරදවා ජය ගන්නේය. ඔබද දැන් මාගෙන් මිඳුනේ යැයි කියා ගියේය. Read More

548 කලන්දක ජාතකය

Posted by | ජාතක කථා. ( Jathaka katha) | No Comments

යටගියදවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි අප බෝසතාණන් වහන්සේ අපරාපය්‍ර්‍ය වෛද්‍ය අකුසල කර්මයකින් ලෙහෙනව උපන් සේක. එසයෙහි එක වන ලැහැබෙක කැදැල්ලක් බැඳ පැටියන රක්‍ෂා කොට එතැන්හිවසන කල්හි දිනක් මහා මේඝයක් ඇතිව දස දිසා අඳුර කරවමින් මහත් මේඝ ගර්ජනා පවත්වමින් ධාරානිපාත වැසි වසින්නට පටන් ගත. මෙසේ ක්‍රමයෙන් වැස ඇළ දොළ ගංගා දිය පිරී ඉතිරී මහ වතුරෙන් රුක් මුලුනුපුටා හෙළමින් තැන තැන ගල් මුල්හි පැහැර උදුරමින් කුදු මහත් සතුනට ව්‍යසනය කරමින් මහ වනය එක හෙළා වෙවුල්වා භයානක ශබ්ද පවත්වමින් රළ රැළි දිවන්නට විය.

එසේ දිවගත් මහ වතුර කලන්‍දක බෝධිසත්වයන්ගේ දරු පැටියන් හා සමඟ කැදැල්ල උපුල්වා ගෙන ගොස් මුහුදට හෙලාලීය. Read More

549 කොකාලික ජාතකය

Posted by | ජාතක කථා. ( Jathaka katha) | No Comments

සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ කුමන කරුණක් අරභයා කවර අවස්ථාවක මේ ජාතකය ප්‍රකාශකොට වදාළ සේක් දැයි නොපෙනේ.

යටගිය දවස බරණැස් නුවර රාජ්‍ය කළ බ්‍රහ්මදත්ත රජුට ඇමතිව උපන් පුරණ ලද පෙරුමන් ඇති අප බෝධිසත්ත්වයන් වහන්සේ තම ප්‍රඥා මහිමයෙන් අනිසිමග ගමන් ගත් එම රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට සුමඟට යවා දසරාජ ධර්මයෙහි පිහිට වූ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

550 බ්‍රහ්මඉසි ජාතකය

Posted by | ජාතක කථා. ( Jathaka katha) | No Comments

සුගතයන් වහන්සේගේ මුවින් ප්‍රකාශිත බවක් නොපෙනේ.

යටගිය දවස දඹදිව මගධ දේශයෙහි හාලිද්දිය නම් බමුණු ගම නායක බමුණානන්ට දාව අප බෝසතාණන් වහන්සේ එම දේවිය කුසින් බිහි වූහ. බ්‍රහ්ම රාජයකුගේ ශරීර වර්ණයක් සේ ඉතා පැහැපත් ශරීරයක් ඇති හෙයින් ඒ උතුමානන්ට බ්‍රහ්ම කුමාරයෝ යැයි නම් තුබූහ.
ඒ කුමාරයෝ ඉතා නුවණැති හෙයින් දොළොස් හැවිරිදි කාලයෙහි ත්‍රිවේදයෙහි අක්‍ෂර, ලිඛිත, ගණිත ගාන්ධර්වාදී වූ අෂ්ට දස විද්‍යාවන්ද සූසැට කලා ශිල්ප ද හදාරා කෙළවරට පැමිණියහ. එකල්හි ඔහු සමීපයෙහි පන්සියයක් පමණ බමුණු කුමරුවෝ ත්‍රිවේදය ඉගෙන නිම වූහ.

ඉක්බිති මහ බෝසතාණෝ මව්පියන්ට කළමනා වත් නිමවා අතවැසි කුමරවරුන් ලඟට කැඳවා තමන් සන්තක සියලු ධනය ඔවුන්ට දන් දී ගිහිගෙන් නික්ම හිමාල වනයට වැද ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවදිව මේ කළ එරක නම් වූ එකළ මුණ්ඩක නම් පර්වත සමීපයෙහි පන්සලක වෙසෙති. එහිදී බොහෝ කුල පුත්‍රයෝ බෝසතුන් කෙරෙහි පැවදිව කිසුණු පිළියම් ඉගෙන ධ්‍යානයෙන් ගොස් බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ. Read More

448 යුංජ්ජය ජාතකය

Posted by | ජාතක කථා. ( Jathaka katha) | No Comments

තවද මේ ජාතකය සත්‍වයන් ජාතිකාන්තරාදීන් තරණය කොට සාත්තුවක් වැනි වූ හෙයින් ශාස්තෘ නම් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මහාභිනික්මන් අරභයා වදාළ සේක.

ඒ කෙසේද යත්,

එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව උන් භික්‍ෂූන් වහන්සේ, එම්බා ඇවැත්තනි ඉදින් සර්වඥයන් ගිහිගෙහි වසනසේක් වී නම් සියළු චක්‍රාවාට ගර්භයට නායකවූ සප්ත රත්නයෙන් සමන්විතව සෘධියෙන් සමන්විතවූ පුත්‍රයන් දහසක් පරිවාරකොට ඇත. සක්විති රජවනසේක, එසේවු ශ්‍රී විභූතියක් හැර කාමයෙහි ආදිනව දැක මධ්‍යම රාත්‍රිවෙලෙහෙි ඡන්න නම් අමාත්‍යයාගේ සභායෙන් කන්ථක නම් අශ්වරාජයාට නැගී මහබිනික්මන් නොඅවානම් ගංතෙරදී මහණව සාවුරුද්දක් දුෂ්කර ක්‍රියාකොට සර්වඥතා ඥානයට පැමිණ සේකැයි බුදුන්ගේ ගුණ කථාව කියමින් උන්සේක. එකල බුදුහු දිවකනන් අසා වදාරා තුන්තරා ගමනකින් එක්තරා ගමනකින් දම්සභා මණ්ඩපයට වැඩ ධර්මාසන මස්තකයෙහි වැඩ හිඳ මා එන්නට පුර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙනෙම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි එඹා මහණෙනි බුදුහු දැන්මතු නොවයි පෙරත් මහබිනික්මන් නික්මුනෝ වේදැයි වදාරා එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිතවූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. Read More

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.