Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

512 සෝනක ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද විචිතොපවිත පාරමිතා ඇති ගෞතම ගොත්‍ර ඇති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි දිව්‍ය බ්‍රහ්ම ආය්‍ර්‍ය ඊය්‍ර්‍යාපථ විහරණයෙන් දවස් යවන සේක්. මේ ජාතක ධර්ම දේශනාව තමන් වහන්සේගේ මහබිනික්මන් අරභයා වදාළසේක.

සර්වඥයන් වහන්සේ දම්සභාමණ්ඩපයෙහි රැස්ව නෛෂ්ක්‍රම්‍ය පාරමිතා වර්ණනා කරමින් වැඩහුන් මහා කාශ්‍යප ස්ථවිර ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ මඬ්‍යයෙහි පනවන ලද බුඬසනයෙහි යුගඳුරු මුදුනෙහි දිලිසෙන ලහිරු මඬලක් මෙන් සවණක් ඝන බුඬරස්මීන් විහිදුවමින් වැඩහිඳ මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා සර්වඥයන්ගේ මහබිනික්මන් වර්ණනා කරමින් හුනුම්දැයි දැන්වූ කල්හි මහණෙනි සර්වඥයෝ දැන්මතු මහබිනික්මන් කළාහු නොවෙති, පෙරත් ගිහියෙ ඇරගොස් මහණ වූවෝ වේදැයි වදාරා භික්ෂූන් විසින් ආරාධිත වූ බුදුරජාණන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. Read More

513 සංකිච්ච ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ධර්මරාජයන් වහන්සේ ජීවකයන්ගේ අඹ උයනෙහි වැඩ වාසය කරන සේක් අජාසත් රජහුගේ පිතෘඝාතක කර්මය අරභයා වදාළ සේක.

ඒ අජාසත් වනාහී දෙවිදත් තෙරුන්ගේ බස් ගිවිස පියරජහු මරවා සඞඝ භේදකොට සඟ පිරිසෙන් වෙන්වී මහත් ශොකයෙන් ව්‍යාධියට පැමිණ බුදුන් වැඳ සමාකරවා ගනිමියිසිතා ඇඳක් පිටින්සැවත් නුවට ගියේදෙව්රම් වෙහෙර දොරටුව සමීපයෙහි පොළොව රැිලී අවීචියට ගිය නියාව අසා මමත් මෙසේ නරකයට යම්දෝහෝයි භයින් ත්‍රසත්ව නිදි නොලැබ ජිවිකයන්ගේ බස් අදහා බුදුන් සමීපයට ගොස් ශ්‍රමණපල සූත්‍ර දේඹනාව අසා බුදුන් සමාකරවා ගෙන උපාසක බවට ලත්ව නිති පින් කරමින් වාසය කරන කල්හි ඒ ගැනන දම්සභා මණ්ඩපයෙහි දිනක් උපන් කථාවක් අරභයා මහනෙි, පෙරත් මේ රජ පියා නසා දුකට පැමිණ මා නිසා සැපයෙන් විසුයේ වේදැයි ඉකුත්වත වදාළ සේක. Read More

514 කුස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද දසබලධාරී සුරාසුරව චක්‍රාචාරු චූඩමානි මරිචිසච්ච පරිචුඹිත වරණ යුගල ඇති සර්වඥයන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතනම් රාජ කුමාරයන්ගේ උයන්හි අනේපිඬු මහා සිටානන් විසින් සිව්පණස්කෙළක් ධන වියදම් කොට කරවා පිළිගන්වන ලද රාත්‍රිස්ථාන දිවාස්ථාන චංක්‍රමන මණ්ඩප මාලාකාදීන් විරාජමානවූ පද්මෝද්පල කුචලකුමුදු කල්හාර කුසුමොපශෝභිත පුෂ්කරනීන් රම්‍යවු භූමිප්‍රදේශ ඇති ජේතවන මහා විහාරයෙහි බ්‍රහ්ම ආර්ය ඊර්යාපථ විහරණයෙන් දවස් යවනසේක් සස්නෙහි උකටලීවු ඒක්තරා භික්‍ෂු කෙණෙකුණ් අරභයා මේ කුස ජාතකය ධර්මදේශනාව වදාළසේක.

ඒ කෙසේද යත්,

සැවැත් නුවර වසන්නාවු එක්තරා කුලපුත්‍රයෙක් බුදු සස්නෙහි යෙදී මහණව එක් දවසක් සැවැත්නුවර පිඬුසිඟා ඇවිඳිනේය. සර්වාභරණ විභූසිතවු එක් මාතුගාමයෙක් දැක සුභ නිමිත්ත ග්‍රහණයෙන් බලා කෙලශවසඟව ශාසනයෙහි ඇලුම් නැතිව දික්වු නිය කෙස් හා ඉළුපුනු නහරබහන් කිළුටුවූ සිවුරු හා සුදු මැලිවූ සිරුැ ඇතිව වසන්නේය. Read More

515 සෝණනන්ද ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ජාතිකාන්තාරාදීන් සත්වයන් එතරකොට නිර්වාණ ක්‍ෂෙමභුමියට පමුණුවනහෙයින් ශාස්ත්‍රු නම්වූ දේවාතිදේව සමන්තභද්‍ර ශාක්‍යසිංහ කරුණානිධාන සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසේක් මේ සෝණනන්ද ජාතකය දුප්පත් මව්පිය දෙදෙනෙක් හට උපස්ථාන කරණ භික්ෂූන් වහන්සේ කෙනෙකුන් අරභයා වදාළසේක.

මෙහි වර්ථමාන කථාව සමාජාතකයෙහි පෙණෙන්නේය එකල සෙසු භික්ෂූන් වහන්සේ ඒ නමට මහණ තෝ නෛර්යාණිකවූ බුද්ධශාසනයෙහි මහණව සැදැහැයෙන් දෙනලද සිව්පසයගෙන ගිහින් පෝෂ්‍ය කරන්ට කාරනා කිම්දැයි දොඩානොකැමති පරිද්දෙන් බුදුන් සමීපයට කැඳවාගෙණ ගොස් දක්වා ස්වාමිනි මේ මහණ ගිහින් පෝෂ්‍ය කෙරෙමින් වෙසෙසින් දැන්වුසේක. ඒ අසා සර්වඥයන් වහන්සේ මහණෙනි මේ භික්ෂූහට නොදඩවා පුරාතනයෙහි නුවණැත්තෝ මුළුදඹදිවට පැමිණියාවු රාජ්‍යශ්‍රිහැර මව්පියන් පෝෂ්‍ය කෙරෙමින් වාසයකළාහු වේදැයි වදාරා ඒ භික්ෂූන් වහන්සේ විසින් ආරාධිතවූ තිලෝගුරු සර්වඥයන් වහන්සේ විසින් අතීතකාලයෙහි පැවති කථාන්තරය පාංශුප්‍රතිචඡන්න ජාතිරංගමාණික්‍යයක් ගෙනහැර දක්වන්නාක් පරිද්දෙන් වදාරණසේක්, Read More

516 චුල්ල හංස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද ජාති කාන්තාරාදීන් සත්වයන් තාරණයකොට නිර්වාණ ක්‍ෂෙමභූමියට පමුණුවන හෙයින් ශස්ත්‍රූනම්වු තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් ආයුෂ්මත්වු අනදමහතෙරුන් වහන්සේ විසින් සර්වඥූයන් වහන්සේ උදෙසා කරණ ලද ජිවිත පරිත්‍යාගය අරභයා මේ චුල්ලහංස ජාතක ධර්මදේශනාව වදාළසේක.

දෙවිදත්තෙරහු විසින් සර්වඥයන් නසන පිණිස මෙහෙයන ලද්දාවු දුනුවායන්ගෙන් පළමුගිය තැනැත්තවු අවුත් මහානුභාව සම්පන්නවූ ලෝකාග්‍ර ප්‍රාප්ත ශාක්‍යරාජවංශ ප්‍රසුත ඒ බුදුන් විෂයෙහි අපරාධයක් කරන්නා තබා කිපි සිතින් ආසන්නයට වැද්දත් නොහැක්කැයි යනාදන් කිසඳ ඒ අසා දෙවදත්ත ස්ථවිරයෝ තොපට බැරිවී නම් මම්ම ඊට උපායක් කෙරෙමියි සිතා එතැන් පටන් උත්සාහකෙරෙමින් එක් දවසක් බුදුරාජනන් වහන්සේ ගිජ්ඣකූට පර්වත ප්‍රාන්තවූ පච්ඡිමඡායාවෙහි සක්මන් කෙරෙමින් වැඩ සිටි නියාව දැක පර්වත මස්තකයට පැන නැගී සක්මන් කරණ සර්වඥයන් මස්තකයෙහි ගල් කුළක් පෙරලා ජිවිතක්ෂයට පමුණුවාලමියි සිතා මහත් වටකුළුහලක් රුකුලක් දක්වා දණ්ඩකින් පෙරලා එළුවාහුය. Read More

517 මහා හංස ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ඓහලෞක්ක පාරලෞකිකාර්ථයෙන් අනුශාසනා කොට සියළු සත්වයන් ස්වර්ග මෝක්ෂ සම්පතට පමුණුවන හෙයින් ශාස්තෲ නම්වු සර්වඥරාජොත්තමයානන් වහන්සේ බිම්සර රජ්ජුරුවන් විසින් කරවා පිළිගන්වන ලද වේළුවනාරාමයෙහි දවස්යවා වදාරණසේක. ආනන්ද මහතෙරුන් වහන්සේ විසින් බුදුන් උදෙසාම ජිවිත පරිත්‍යාග කිරීම අර්ථොත්පත්තිය කොට මේ මහා හංස ජාතක ධර්මදේශනාව වදාළසේක.

මෙහි වර්ථමාන කථාව යට චුල්ල හංස ජාතකයෙහි කථාව හා සදෘශ වන්නේය. මේ ජාතකයෙහි අතීත කථාව ගෙනහැර දක්වන්නාහු සර්වඥයන් වහන්සේ,
එඹා මහණෙනි යටගිය දවස බරණැස් නුවර සෙය්‍යංසක නම් බරණැස් රජ්ජුරුවන්ගේ ඛේමා නම් අගමෙහෙසුන් බිසෝකෙණෙක් වූය. එකල්හි පුරණලද බෝධිසම්භාර ඇති මහබෝධිසත්වයෝ හංස ජාතියෙහි ඉපිද අනු දහසක් හංසයන් පිරිවරා චිත්‍රකූට පර්වතයෙහි වසන්නාහ. Read More

518 සුධාභොජන ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ජාතිකාන්තාරාදීන් සත්වයන් තරනය කරවා නිර්වාණක්‍ෂ්මභූමියට පමුණුවනහෙයින් ශාස්තෲ නම්වු සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් දන්දීමේ බලවත් අදහසක් ඇති එක්තරා භික්‍ෂුකෙනෙකුන් අරභයා මේ සුධාභො ජන ජාතකය වදාළසේක.
සැවැත් නුවර එක්තරා කුල පුත්‍රයෙක් බුදුරාජනන් වහන්සේ ධර්මශ්‍රවණයකොට පහන් සිත් ඇතිව බුදුසස්නෙහි මහණව අඛණ්ඩකොට සිල් රක්‍ෂා කරන්නේ යෙහෙන් පමණ ධ්‍රතාංග ගුණයෙන් යුක්තවූයේ සබ්‍රංසරුන් වහන්සේ කෙරෙහි පවතීන ලද මෙත්සිත් ඇතිව දවස තුන්වෙලේ තුනුරුවන් විසයෙහි කළමනා උපස්ථානයෙහි අප්‍රමාදවු යේ ආචාර සමාචාරයෙන් යුක්තවු දානාධ්‍යසය ඇතිව සාරණයධර්මයන් පුරමින් තමන් විසින් ලබන ලද ආහාරය පිළිගැන්වුන් දැක සුන්බත්ව දන්දෙන්නේමය. ඔහුගේ දාන්‍ය්‍යාසය ඇති නියාව භිකෂුන් වහන්සේ කෙරෙහි ප්‍රසිද්ධව ගියේය. Read More

519 මහා කුනාල ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) One Comment

ත්‍රිභූමනෛක තිලකවූ සකලඥෙය සාගර පාරප්‍රාප්තවූ අනන්ත ගුණ ගණාධාර භුවනත්‍රයගත සකල සත්ව හිතොපදේශකවූ ජාති ජරා ව්‍යාධි මරණාදී සකල දුක්ඛසලීලාඝ සම්පූර්ණවු සංසාර ජලනිධිගමන සමස්ත සත්වයා අමෘත මහා නිර්වාණ පුරප්‍රවේශය කරන්නාවූ ලොවුතුරා බුදුහූ කුණාලවිල සමීපයෙහි පැළපස සැටයොදුන් උස ඇති රන්සිරියෙල් ගලතලමුදුනෙහි කල්පසාථායි සත්යොදුන් උස ඇති සල්රැක් මුල වැඩඋන්සේක් ශාසනයෙහි ඇලුම් මදව වෙහෙස විඳිනාවු පන්සියයක් භික්‍ෂුන් අරභයා මේ කුණාළ ජාතක ධර්මදේශනාව වදාළසේක,
මෙහෙි පිළිවෙළකථාව ශාක්‍යකොලිය දෙනුවර ඇත්තෝ වනාහි කිඹුල් වත්නුවර හා දෙවුදැහැනුවරට අතුරෙහි රෝහිණි නම් ගංගාව දෙනුවර ඇත්තෝ එක්ව අමුණුබැඳ ගොයම්කරන්නාහුය.

ඉක්බිති පොසොන්මස කිනගෙන් ගොයම් මියන්ට වන්කල්හි තොපටත් අපටත් නොසෑහෙන්නේය, අපගේ ගොයම් එකදියවරකින්ම පැසෙන්නේය. එහෙයින් මේ දිය පළමුකොට අපට හැරපියවයි කීහ. Read More

520 චුල්ලසුතසෝම ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද දීපංකර පාදමුලයෙහි අත්පත් නිවන් හැර සත්වකරුණාවෙන් සසරට වැද ගින්නෙහි පැසී මිහිරිවු කිරියොදයක්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි සසර නමැති ගින්නෙන් පැසී සර්වඥ නමැති අමායොදය ඉදි මිහිරිවු අල්පහක්‍ෂනිරුදක චොරඅමනුෂ්‍යාදී සංකතරින් සාර්ථ වාහකයෙක් යම්සේ සතුන් එතරකරේද එමෙන් ජාති ජරා ව්‍යාධි මරණ සංඛ්‍යාත සසරමහකතරින් සත්වයන් ගොඩලා නිවන්කැමති පටුන්ගමට පමුණුවන්නාවු බුදුහු එක්සමයෙක්හි දෙව්රම්වෙහෙර වැඩවසනසේක්.අඟුල්මල් තෙරුන් අරභයා මේ ජාතකය දේශනා කළසේක. ඒ අඟුල්මල් තෙරුන් වහන්සේගේ උත්පත්තියද මහණවිමද අඟුලිමාල සුත්‍රයෙහි වදාළ ක්‍රමයෙන් දතයුතු. උන් වහන්සේ වනාහී සත්‍යක්‍රියාබලයෙන් ස්ත්‍රියගේ දරුගැබ සුවපත්කොට එතැන්පටන් සුලභව ලබන ආහාරයන් ඇතිසේක් විවේකිව විදර්ශනා වඩා රහත්ව අසිතමහාශ්‍රවකයන් වහන්සේට ඇතුලත්වුසේක. එකල්හි ධර්මසභාවෙහි වැඩහුන් භික්ෂුන් වහන්සේලා ඔවුනොවුන් හා කථාකරණසේක් ඇවැත්නී අඟුල්මලයන් වැනි හැමවෙලෙහිම ලේවැකුණු දත් ඇතිව ඉතා දරුණුවූ සොරක්හුපවා අදණ්ඩයෙන් අශ්‍රසත්‍රයෙන් දමනෙලා වදාළසේක. ලොවුතුරා බුදුන්ගේ ගුණයෙන් ඉතා ආශ්චර්ය සේයයි බුදුන්ගේ ගුණ වර්ණනාකොට ධම්සභා මණ්ඩපයෙහි වැඩහුන්සේක. Read More

521 මුගපක්ඛ ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි සකල ජනහිත විධායක විසුඬ බුඬ ඇති කරුණා නිධානවූ සම්‍යක්සම්බුඬ සර්වඥරාජොත්තමයානන්වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම්වෙහෙර වැඩවසනසේක් මේ මුගපක්ඛ ජාතක ධර්මදේශනාව තමන්වහන්සේගේ මහාභිනික්මන් අරභයාගෙණහැරදක්වා වදාළසේක.

එක් දවසක් දම්සභාවෙහි රැස්වඋන්නාවූ භික්ෂුහු බුදුන්ගේ මහාභිනික්මනෙහි ගුණ කිය කියා උන්නාහුය. සර්වඥයන්වහන්සේ එතැන්හි වැඩ මහණෙනි දැනි මා එන්නාට පූර්වභාගයෙහි මේ දම්සභායෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා නුඹවහන්සේගේ මහාභිනික්මනෙහි ගුණ කිය කියා උනුම්හයි කීකල්හි මහනෙනි, දැන් පුරනලද බොධිසම්භාර ඇති මා විසින් රාජ්‍යසම්පත්තිය හැර මහාභිනික්මන්කළ නියාව ආශර්වය්‍ර්‍යනෙවෙයි මම වනාහි නුමුහුකළාවූ ප්‍රඥාඇතිකල්හිද ද්‍රන සිලාදීවූ සමතිස් පෙරුම් පුරන්නේ මේ රජසැපත් හැර මහාභිනික්මන් කෙළෙම්වේදැයි වදාරා ඒ මහනුන් විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉතුත්වත් ගෙණහැරදක්වා වදාළ සේක. Read More

error: Content is protected by www.ifbcnet.org.