Skip to main content
Category

ජාතක කථා. ( Jathaka katha)

502 මහාකපි ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ශාසතෘන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක්. දෙව්දත් තෙරුන් විසින් බුදුන් මුදුනට ගලක පෙරලීම අරභයා වදාළ සේක.
නිදාන කථාව දිනක් දම්සභා මණ්ඩපයෙහි රැස්වූ භික්ෂූන් අතර බුදුගුණව වර්ණනා කොට දෙව්දතුන්ගේ නුගුණ කිය කියා උන්කල්හි එහි වැඩ බුදුරජාණන් වහන්සේ මහණෙනි දෙව්දත් තෙම මෙලෙස කෙළේ දැන් මතු නොවෙයි. පෙරත් හිසට ගල් පෙරළුයේම වේදැයි ඉකුත් වත ගෙනහැර දැක්වීය.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක රාජ්‍යය කරන කල්හි කසී දනව්වෙහි සීසා ජීවත් වන එක්තරා බමුණෙක් දිනක නැතිවූ ගොන් බානක් සොයමින මහ වනයට වැද මංමුලා වූයේ සතියක් නිරාහාරව ඇවිද එක් තිඹිරි රුකකට නැගී නොපැසුණු ඵල අනුභව කරනුයේ ඇඟ බල නැති හෙයින් අතු අගින් ගිලිහී බිහිසුනු මහත් ඇඳිර නරාවලකට වැටුණේය. Read More

503 පණ්ඩනාග ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සද්ධර්ම රාජයාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සේක්. දෙව්දත් තෙරුන් පොළව ගිලීම අරභයා දේශනා කළ සේක.

ඒ කෙසේද යත්,

දිනක් දම් සභාවේ රැස් වූ භික්‍ෂූන් විසින් දෙව්දත් තෙරුන්ගේ නුගුණ කියමින් උන් කලට එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, බොරු කීමෙහි පොළවට වන්නේ දැන් පමණක් නොවෙයි. පෙරත් බොරු කියා පොලව පළාගෙන ගියේ වේදැ යි ඉකුත් වත පෙන් වූ සේක.

ඉහත බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි පන්සියයක් වෙළඳහුනැව් නැගී යාත්‍රා කරන්නාහු. සත්වෙනි දවස් ගොඩ නොපෙනෙන කල්හි කුණාටුවකට අසු වී නැව බිදුනේ් ඒ් වෙළඳුන්ගෙන් එක්කෙනෙකු හැර සෙස්සෝ මසුන්ට ගොදුරු වූහ. ඉතුරු වූ තැනැත්තා දිය වේගයෙන් පාවී අවුත් කණ්ඩිය පට්ටන නම් තොටට පැමිණියේ ඇඳුම් නැතිව නග්නව එගම සිඟන්නට වන්නේය. එගම මනුෂ්‍යයෝ මොහු දැක මේ තාපස තෙම උසස් ගුණ ඇත්තේය. යටත් පිරිසයෙන් පිළිත් නොහදනේ්ය. මහත් පින් කෙතකි. Read More

504 සම්බුලා ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ධර්මරාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් කොසොල් රජ බිසවු මල්ලිකා දේවීන් අරභයා වදාළසේක. දිනක් දම්සභා මණ්පයෙහි රැස්වූ භික්ෂුන් වහන්සේලා අතර මෙබඳු කථාවක් පහළ වූයේය. ඇවැන්ති මල්ලිකා දේවිය මවිපිය නෑදෑයින්ට සහ තම ස්වාමියාට කළමනා වතාවන් ආචාර ආදිය කිසිම අඩුවක්නැතිව කරන්නීය. බුද්ධ උපස්ථානයද මඟ නොහරන්නියයි කථා කරමින් උන්සඳ එහිවැඩි බුද් රජාණන් වහන්සේ බුද්ධශාසනයේ වැඩ හිඳ මහණෙනි, මොතොමෝ පති දේවතා කොට විසුවේ දැන් මතු නොවෙයි. පෙරත් මෙලෙසම විසුවා වේදැයි ඉකුත් වත වදාළ සේක.

බරණැස බඹදත් රජ තමාගේ පුත් සොත්‍ථිසේන රජකුමරුවි වැඩිවිය පැමිණි කල්හි යුවරජ තතනතුරෙහි පිහිටුවා ඉතා රූපත් සම්බුලා නම් රාජකුමාරිකාව ඔහුට අගමෙහෙසුන් කොට පාවා දුන්නේය. කල් යාමකින් සොත්‍ථිසේන යුවරජ හට අසාධ්‍ය වූ කුෂ්ට රෝගයක් ඇති වූයේය. කරන ලද පිළියම් වලින් ගුණයක් නොවුයේ ශරිරය පැලි පැලී දිය බසින්නට වන. එකල්හි අනුන්ට පිළිකුල් වූ මේ වාධියෙන් පෙළෙන මට රාජ්‍යයෙන් කම් නැත. වලට වැද අසරණ ව මිය යාම යහපතැයි පිය රජ්ජුරුවන්ට දන්වා සියළු සම්පත් හැරදමා සිය කැමැත්තෙන් ආ සම්බුලාවද කැටුව වනගතව රම්‍ය භූමි ප්‍රදේශයෙක්හි පන්සලක් කොට වාසය කලාහ. Read More

505 තන්ඩුලනාලි ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තවද එක්සමයෙක්හි ශාක්‍යසිංහ වූ සම්‍යක් සම්බුදු රජානන්වහන්සේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි වාසය කරණ සේක් ලාළුදායී නම් තෙර කෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළ සේක.

එ කෙසේ ද යත්,

එක් සමයෙක්හි දබ්බමලලපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සංඝයා වහන්සේට ලාබත් ආදී වූ බත් පමුණුවන සේක. උන් වහන්සේ උදෑසන ලා බත් පමුණුවන්ටවන් කල්හි උදායිස්ථවිරයන් වහන්සේට කිසිකලක යහපත් බතෙක් පැමිණෙන්නේය, කිසිකලක නපුරුබතෙක් පැමිණෙන්නේය, උදායි ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේට නපුරු බත පැමිණ දවස් ලාබත් බෙදන්නාවූ ස්ථානයෙහි අලළාන කරණ සේක. කිම දබ්බල පුත්‍ර යෝමලාබත් බෙදන්ට දනිද්ද අපි නොදනිමෝදැයි කියාත් කියතන සේක.
උන් වහන්සේ ලාබත් බෙදන තැන අලාළන කරණහෙයින් එසේ වී නම් දැන්නුඹවහන්සේම ලාබත් බෙදාදුන මැනවයි කියා ලාබත් පෙට්ටි ඒ තෙරුණ් වහන්සේට පාවාදුන්හ. එතැන් පටන් සංඝයා වහන්සේට ඒ ලාළුදායි ස්ථවිරයන් වහන්සේම ලාබත් බෙදාදෙන සේක. Read More

506 තෙසකුන ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේ්ක්. කොසොල් රජ්ජුරුවන්ට අවවාද වශයෙන් වදාරන ලදි.

දිනක් බණ අසනු පිණිස විහාරයට ගිය කොසොල් රජුජුරුවන් අමතා මහරජතුමනි, මහ රජදරුවන් විසින් දසරාජ ධර්මයෙන් රාජ්‍ය කටයුතු වන්නේය. රජ්ජුරුවෝ අධර්මකාරී වූවාහු නම් රාජපුරුෂයෝද අධර්මික වන්නාහයි අවවාද කොට පෙර අබුඬොත්පාද කාලවල පවා රජදරුවෝ නුවණැතියන්ගේ අවවාදයෙහි පිහිටා රාජ්‍යය කොට දෙව්ලොව ගියෝ වේදැයි ඉකුත්වත් වදාළ සේක.

යටගිය දවස බරණැස රාජ්‍යය කල බ්‍රහ්මදත්ත රජතුමා දේවතාරාධනය කොටත් දරු කෙනෙක් නොලදින් දිනක් උයන් කෙළියට ගොස් සල් ගසක් උඩ පක්‍ෂීන් කැදැල්ලක් දැක පුරුසයෙකු ගස උඩට නංවා බලා බිජුවට තුනක් ඇති නියාව දැන ඒ කුමන බිජුවට දැයි වැද්දන් ගෙන්වා විමසා එකක් බකමූණූ බිජුවක්ය, එකක් ගිරා බිජුවක්ය, එකක් සැළලිහිණි බිජුවක් යයි අසා මොහු මාගේ දරුවෝ වන්නාහයි ඒ තුනම අමාත්‍යයන්ට තුන්දෙනෙකුට පාවාදී මා දරුවෝ මේ බිජුවට වලින් උපන් කල්හි මට කියවයි නියම කළහ. Read More

507 ශරභංග ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

ධර්මරාජයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මුගලන් තෙරන්ගේ පරිනිර්වාණය අරභයා මේ ජාතකය වදාල සේක.

මුගලන් තෙරන් වහන්සේ සෘධියෙන් කෙළ පැමිණි යන්හට අගතැන් පත්වීම හේතුකොට ගෙන දිව්‍ය ලෝකයෙහිද නරකයෙද ඇවිද සත්වයන් විඳින සැපදුක් දැනගෙන විත් අසවල් අසවල් අය මේ මේ කුසල් කොට දෙව්ලොව ඉපිද සම්පත් අනුභව කරන්නාහ. තීත්‍ර්‍ථක ශාවකයන් අතුරෙන් අසවල් අය නරකයෙහි ඉපිද දුක් අනුභව කරන්නාහයි යනාදීන් පින් කළ සත්වයන් විඳිනා පව්කළ සත්වයන් විඳිනා දුක් ද මනුෂ්‍යයන්ට වදාරණ සේක්. මේ හේතුවෙන් සර්වඥ ශාසනයට මහත් වූ සත්කාර බහුල විය. තීත්‍ර්‍ථකයන් හට සත්කාර පිරිහී ගියේය. එකල්හි තීත්‍ර්‍ථකයන් මුගලන් තෙරුන් මරම්හයි කියා සමණකුන්ත නම් වූ සොරෙකුට මසුරන් දහසක් දී ඒ සදහා කලාසියා නම් ගල්ලෙන සමීපයට යැවූහ. තෙරුන් වහන්සේ එන්නා වූ ඔහු දැක සෘධි බලයෙන් අහසට වැඩිසේක. මෙසේ හය දවසක්ම සොරුගේ පැමිණීමත් තෙරුන්ගේ අහසට වැඩීමත් සිදු විය. සත්වෙනි දින පෙර ජාතියෙහි කරන ලද අපරාප්‍ර්‍යවේදනීය කර්‍මයෙන් අවකාශ ලද්දේය. Read More

508 අලම්බුසා ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙවිරම් වෙහෙර වැඩ වසන සේක් පළම් හරන ලද ස්ත්‍රීයක කෙරෙහි ලෝහ ඉපද වූ භික්ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

නිධාන කථාව:- තමගේ නොකැමැත්තෙන් බුදුන් හමුවට ගෙන ආ ඒ භික්ෂුව අතින් මහණ, සැබෑද තොප පුරාණ දූතිකාව කෙරෙහි ලෝභ කෙළේදැයි විචාරා සැබවයි කී කල්හි එම්බා මහණ, මේ ස්ත්‍රීය තොපට අනර්ථව යෙදුනේ දැන් පමණක් නොවෙයි, පෙරත් ඈ නිසා ධනයෙන් පිරීහි තු අවුරුද්දක් මුළුල්ලෙහි විසඥව වැදහෙව සිහි ලැබගෙන මහ හඬින් හැඬුයේ වේදැයි ඉකුත්වත වදාළ සේක.

ජාතක කථාව:- යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කල්හි කසීරට බමුණු මහසල් කුලයක ඉපිද වැඩිවිය පැමිණ සිල්ප හදාරා වනගතව පැවිදිවූ එක් තාපසයෙක් වීය. ඒ අසළ වාසය කළ එක් මුවදෙනක් තාපසයන් මුත්‍රා කල ස්ථානයක තුබු තණ අනුභව කොට පැන්බී පමණකින් තාපසයන් පිළිබඳ දරු ගැබක් හටගෙන එතැන් පටන් පන්සල සමීපයෙන් පිටත නොගොස් සිටීන්නී කල්යාමෙන් කුමාරයකු වැදුවාය. Read More

509 සංඛපාල ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි උපාසක වරුන්ගේ පෙහෙවස් විසිමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

යටගිය දවස රජගහ නුවර රාජ්‍යය කල මගධ රජ්ජුරුවන්ට දුර්‍යොද නමින් පුත් කුමරෙක් උපන්නේය. ඒ කුමාරයා වැඩිවිය පැමිණ ශිල්ප ශාස්ත්‍රය ඉගෙණ නිමවූයේ පිය රජ්ජුරුවන්ගේ නියමයෙන් රාජ්‍යයට පත්විය. පිය රජ්ජුරුවෝ තාපසව එම උයනෙ හිම වාසය කරන්නාහ. පුත් රජ්ජුරුවෝද දවසට තෙවිටක් පිය තාපසයන් සමීපයට ගොස් දුක් සැප විචාරා එන්නාහ. ඒ හේතුවෙන් තාපසයන්ට ලාභ සත්කාර බහුල විය. කිසිම ගුණයක් වඩාගත නොහැකි විය. එයිනන් කළකිරුනුතාපසයෝ පුත්‍ර රජ්ජුරුවන්ටද නොදන්වා අන් තැනකට යෙමියි සිතා නික්මී මහිංසක රාජ්‍යයෙහි සඬකපාල නම් වූ විලිනන් නික්මුණු කත්තපේත නම් ගංතෙර චන්දන නම් පර්වතය අසළ පන්සලක් කොට එහි වැඩ ධ්‍යාන උපදවා ගෙන වාසය කරන්නාහ එකල සඬකපාල නම් විලින් නා රජ්ජුරු කෙනෙක් පිරිවර සමග තාපසයන් සමීපයට අවුත් බණ අසා යන්නාහ. දිනක් තාපසයන්ගේ පුත් රජ්ජුරුවෝ පියා සොයාගෙන පිරිවර සමඟ තාපසයන්සමීපයට අවුත් බණ අසා යන්නාහ. Read More

510 චුල්ල සුතසෝම ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

දෙව්රම් වෙහෙර වැඩ වාසය කළ බුදුරජාණනන් වහන්සේ විසින් මහහිනික්මන් අරභයා මේ ජාතකය වදාළ සේක.
මෙහි විස්තර මහා ජනක ජාතකයේ මතු එන්නේය.

යටගිය දවස බරණැස් නුවර සුදර්ශන නම් නුවර රාජ්‍යය කළ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට පුන්සඳ පඬලකට බඳු ශොභාමත්වූ මුහුණක් ඇති හෙයින් සෝමනස්ස යන නම ලත් පුත් කුමාරයෙක් විය. ඒ කුමාරයෝ වැඩිවිය පැමිණ පසුව හ්‍රවණය කිරීහෙි ඉතා කැමති හෙයින් සුතසෝම නම් වූහ. සුතසෝම කුමාරයෝ සියළු ශිල්ප නිමවා රාජ්‍යයට පත්ව වන්ද්‍ර දේවීය නම්වූ තම බිසව සමඟ දස රාජ ධර්මයෙන් යුතුව බොහෝ කාලයක් රාජ්‍යය කොට දූ දරුවන් ඇත්තාහු ගෘහ වාසයෙහි කලකිරී මහණ වූ කැමතිව දිනක් කපුවාකැඳවා කපුව, යම්දිනක මාහිස නර කෙසක් දුටුයෙහි වීනම් මට කියාලවයි කියා මෑත භාගයෙහි කපුවා හිස නර කෙස ගෙන රන් අඩුවෙන් පෑ කල්හි මාගේ ශරිරය ජාවෙන් මඬනා ලදැයි මහත් බියට පැමිණ රටවාසීන් රැස්කොට “මා හිස නර කෙසක් හට ගත්තේය. මම මහළුව ගියෙමි. Read More

511 නලිනී ජාතකය

By ජාතක කථා. ( Jathaka katha) No Comments

සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක්. පුරාණ දූතිකාවක් කෙරේ ලොබ කළ භික්‍ෂුවක් අරභයා මේ ජාතකය වදාල සේක.

දිනක් බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි පනවන ලද බුද්ධානයෙහි වැඩ සිටි සේක් භික්‍ෂුන් විසින් කැඳවාගෙන එන ලද එම භික්‍ෂුව අමතා සැබෑද මහණ, ශෘස්ත්‍රයෙහි කළකිරුනෙහිදැයි අසා සැබව ස්වාමිනී, පුරාණ දූතිකාව නිසා යයි කී කල්හි මහණ පෙරත් තොප ඈ නිසා ධ්‍යානයෙන් පිරිහී විනාශයට පැමිණියේවේදැයි ඉකුත්වත වදාල සේක.

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි කසීරට බමුණු මහසල් කුලයක උපන් උතුමෙක් ශීල්ප නිමවා වැඩිවිය පැමිණ හිමාලයට වැද පැවිදිව ධ්‍යාන උපදවා වසන්නේය. එකල එක් මුවදෙනෙක් ඒ තාපසයන්ට මුත්‍රා කලාවූ ස්ථානයේ තිබූ තණ අනුභව කොට එපමණකින් දරුගැබ පිළිසිඳ තාපසයන් කෙරෙහි ස්නේහයෙන් දුර නොගොස් එහිම වසන්නී. නොබෝ දිනකින් කුමාරයකු වැදූවාය. Read More

error: Content is protected by www.ifbcnet.org.