Skip to main content
Category

චීන බෞද්ධ කථා … ( China bawuddha katha )

ආඳ මත්ස්‍යයන් කළ මනුෂ්‍ය ඝාතනය …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

සත්ව හිංසාවේ භයානක ආදීනව ප්‍රකාශිත වාර්තාගත මෙම සත්‍ය කතාව මෙං පිංගත් නමැති ශාස්තෘවරයා විසින් කියන ලද්දකි.

සත් චව් නගරයේ ඉතා රසවත් නූඩ්ල්ස් අලෙවි කරන කාගේත් සිත්ගත් අවන්හලක් විය. එහි අයිතිකරු තායි ටැපාන් නමැති ඉතා දුෂ්ට මනුෂ්‍යයෙකි. හෙතෙම හිංසාකාරී මහා ආත්මර්ථකාමී සාහසිකයෙකි. ඔහුගේ අවන්හල නගරයේ අනෙක් සියලුම තරගකාරී අවන්හල් අභිබවා ඉදිරියෙන් සිටියේ ය. ඊට හේතුව ඔහුගෙ අවන්හලේ පිසින නූඩ්ල්ස් අනෙක් කිසිම අවන්හලකින් එතරම් රසට ලබාගත නොහැකි වීම ය. ඔහුගේ අවන්හලේ පිසින නූඩ්ල්ස් සඳහා ඔහු සියුම් උපාය මාර්ගයක් අනුගමනය කිරීම මෙම සුවිශේෂ රස ගැන්වීමේ රහස ය. එය තායි ටැපාන්ටම පමණක් සීමා වූ රහසකි. ඔහු නූඩ්ල්ස් පිසින භාජනයෙහි තියුණු උල් සහිත ඇණ සවිකොට තිබේ. භාජනයට ජලය වත්කොට එහි පණ ඇති ආඳ මත්ස්‍යයින් දමා භාජනය ලිප තබයි. භාජනයේ ජලය රත්වන විට පණ ඇති ආඳ මත්ස්‍යයෝ එයින් බැහැර වීමට විශාල පරිශ්‍රමයක් දරති. විශාල ලෙස දඟලති. මේ දැඟලීම නිසා තියුණු උල් සහිත ඇණ වලට සීරී කැපී භාජනයට ආඳ මත්ස්‍යයන්ගේ ලේ මිශ්‍රවෙයි. මත්ස්‍යයෝ එහි මිය යති. Read More

මුව මවගේ මරණය …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

වනපෙත තවමත් උදා සුන්දරත්වයේ නිමග්නව ඇත. සෙමෙන් සෙමෙන් උදාවන සූර්යයා පොළෝ තලය වනපෙත හා තණනිල්ල ජෝතිමත් කරයි. ගිරි ශිඛර ආලෝකධාරාවෙන් ඇලලී යන ආකාරය ඉස්මතුවන අතරම, ගලායන දොළමග රැළි සුළි නගමින් උද්දාම වෙයි. සියල්ල සාමකාමීය. ප්‍රබෝධවත්ය. ආශ්වාද ජනකය.

වනපෙත තවමත් උදා සුන්දරත්වයේ නිමග්නව ඇත. සෙමෙන් සෙමෙන් උදාවන සූර්යයා පොළෝ තලය වනපෙත හා තණනිල්ල ජෝතිමත් කරයි. ගිරි ශිඛර ආලෝකධාරාවෙන් ඇලලී යන ආකාරය ඉස්මතුවන අතරම, ගලායන දොළමග රැළි සුළි නගමින් උද්දාම වෙයි. සියල්ල සාමකාමීය. ප්‍රබෝධවත්ය. ආශ්වාද ජනකය.

එක්වරම මේ සුන්දරත්වය මධ්‍යයේම මිනිස් රුවක් දිස්විය. ඉක්මනින්ම ගලායන දොළ පාර තරණය කළ ඔහු වේගවත් ගමනින් ඉදිරියේ ඇති තණ තලාව දෙසට ගමන් කළේය. මද දුරක් ගොස් නතර වූ ඔහු වටපිටාව මැනවින් සෝදිසි කෙළේ තමා බලාපොරොත්තු වූ කිසිවකු සැපත්වන තුරු බලා සිටින්නාක් මෙනි. මෙම පුද්ගලයාගේ මුහුණෙහි දැඩි ප්‍රතාපවත් බවක් ඇත. කන් පෙති විශාලය. ඇස් බැම අසිපත් හා සමානය. තියුණු ඇස් දිවියකුගේ් ඇස් මෙන් විය. වීරෝදාර පුරුෂයින් පළඳින තලප්පාවක් හිසෙහි විය. වම් අතේ දුන්නක් දරයි. දකුණු හියොමුරෙහි එල්ලන ලද ඊතල පැස ය. ඔහු නිර්භිත ජව සම්බන්න ප්‍රබල පුරුෂ ලක්ෂණ අනාවරණය කෙළේය. ඔහු (ට්) සු මෙන්චූන් ය. සුන්දර පාරිසරික ලක්ෂණ වලට කැමැත්ත දක්වන ඔහු දඩයම් ක්‍රීඩා ලෝලියෙකි. Read More

උගුලට හසු වූ සාවුන් මුදා ගැනීම …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

හ්‍යු නිං (HUINENG) නමැති චීන මහා ස්ථවිරයන් වහන්සේ ක්‍රි.ව. 638 සිට 713 දක්වා ජීවත් වූහ. ඉතා දිළිඳු පවුලක උපත ලද උන් වහන්සේට කුඩා කල පාසලකට ගොස් ලිවීම හෝ කියවීම ආදී ඉගෙනීමේ අවස්ථාවක් නොවුණි. එහෙත් උපතින් ම උන්වහන්සේ දායාද කොට ලැබූ ආශ්චය¸ ජනක ප්‍රඥාවකින් හා බුද්ධි බලයකින් ද යුක්ත වූ සේක. එම අද්භූත ශක්තිය හේතු කොටගෙන බුද්ධාගම පිළිබඳව දැනගන්ට ලැබුණ වහාම ධර්මයට නැඹුරුව පැවිදි බිමට ඇතුළත් වූහ.

බොහෝ වෙහෙස මහන්සිව ධ්‍යාන වඩවා මාර්ගඵල අවබෝධ කර ගැනීමට දුෂ්කරතා මධ්‍යයේම උන් වහන්සේ සමත් වූ සේක. චෑං ධර්මශාස්ත්‍ර පීඨයේ පස්වැනි කුළපති වූ උන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ, එම පීඨයේ පළමුවැනි කුලපති තුමන් විසින් ඉන්දියාවෙන් ගෙන්වන ලද “ පළමුවැනි කුළපති බෝධිධර්ම නාමධාරි “ චීවරය සහ පාත්‍රයද හ්‍යුනං මාහිමියන් වෙත ප්‍රදානය කරන ලදී. ඒ අනුව මාහිමියන් හ්‍යුනිං, චැං ධර්ම ශාස්ත්‍ර පීඨයේ හය වැනි කුලපති බවට පත්විය.

ජපන් ජාතිකයෝ එම පදවිය සෙන් (ZEN) යනුවෙන් හඳුන්වති. Read More

මරණ දඩුවමට බිය නොවූ යං මිං …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

යං මිං ගුරු දේවයාණන් ගේ නියම නම වූයේ යෙං ෂව් කියාය. ඔහුගේ අභාවයෙන් පසුව චීන අධිරාජයා විසින් එවකට චීනයේ ඉහළම ගෞරව නාමය වන “චිචුහ් “ යන සම්මානයෙන්ද ඔහු පුදනු ලැබීය. එසේ වූ නමුත් සියලු දෙනා ම ඔහු හඳුන්වනු ලැබුවේ “ ගුරුදේව යං මිං “ යන නාමයෙන් ය. මන්ද ඔහු ජීවත් වූයේ හැංකව්හි යං මිං විහාරස්ථානයේ බැවිනි.

ඔහු ගිහි ජීවිතය අතහැර පැවිදි බිමට පැමිණීමට පෙර ඔහුගේ නම වෑං ය. ඔහුගේ වයස අවුරුදු විසි ගණන්වලදී හැංකව් නගරයට ආසන්න යූහාන් ප්‍රාන්තයේ රාජ්‍ය භාණ්ඩාගාරයේ නිලධාරියකු ලෙස සේවය කෙළේය. ආහාර පිණිස මත්ස්‍යයන් සහ කූනිස්සන් විශාල ලෙස ඝාතනය කිරීම ගැන ඔහු මහත් සේ දුකට පත්ව සිටියේය. එම මසුන්ගේ ජීවිත ගලවා ගැනීම පිණිස සමහර අවස්ථාවල රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් ද ඔහු විසින් යොදවන ලදී. ඔහු මසුන් මිලදී ගෙන වෙරළට ගෙන ගොස් ඔවුන් මුදාහැර මරණයෙන් මුදවනු ලැබීය. Read More

ගොලුබෙල්ලන් අතුගෑමේ විපාක …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

චීනයේ චියැංෂුහි චැංෂව් ගමේ හැංෂිනිං නමැත්තා 1567 දී අරුම පුදුම සිහිනයක් දුටුවේය. රන් ආභරණයෙන් සැරසුන දේවතා කෙනෙක් තමා කරා පැමිණ ‘ආශිර්වාද වේවා – මම ඔබට ශුභ දායක පණිවුඩයක් රැගෙන ආවෙමි. ඔබ රජයේ ඉහළම තනතුරකට උසස්වීමක් ලබන්නේ ය’ යනුවෙන් කියා සිටියේ ය.

තමා දුටු මෙම සිහිනය සිහිනයක් මිස සැබෑ සිදුවීමක් නොවන බැවින් හැං ෂිනිං එය ගණනට ගත්තේ නැත. එහෙත් හැං පෙරළා දෙවියන්ගෙන් ‘ඒ මොකද’ කියා ප්‍රශ්න කෙළේය.

‘ඒක මෙන්න මෙහෙමයි’ දෙවිතුමා පිළිතුරු දෙමින් කාරණය විස්තරාත්මකව කීමට පටන් ගත්තේ්ය. ‘ඔබේ ගෞරවණීය සීයා හැං යුචියන් බොහොම දුප්පත් කෙනෙක්. තම පවුලේ දෛනික වියදම් පවා පියවා ගැනීමට ඔහුට ආර්ථික ශක්තියක් නො වීය. නමුත් ඔහු ජීවත්වන සතුන්ට දැඩි අනුකම්පාවක් හා ආදරයක් දැක්වීය. සෑම දිනකම ඉර පෑවූ පසුව ඔහුගේ ගේ සමීපයෙන් ගලා බසින ගංගාවේ වැලිතලාවට ඉදලක් ද රැගෙන යන ඔහු රාත්‍රී කාලයේ ගඟෙන් ගොඩබිම කරා පැමිණ ඉවුරේ අතරමංව සිටින සිංහ ගොළු බෙල්ලන් අතු ගා ගලා බසින ගඟට යොමු කිරීම ඔහු මහත් ආශ්වාදයක් ගෙනදුනි. එවිට එම ගොළු බෙල්ලන්ට විපතක් සිදුනොවී ජීවිතය ආරක්ෂා වන්නේ ය. වැලිතලාවේ සිටින විට අත්වැරදීමකින් හෝ කාටහරි මේ ගොළු බෙල්ලකු පෑගුනහොත් මිය යන්නේ්ය. එමගින් හැං ගොළු බෙල්ලන් දහස් සංඛ්‍යාත සංඛ්‍යාවක ජීවිත අනතුරෙන් බේරා දී ඇත. සමහර දිනවල ඔහුට ආහාර පවා නැතිව සාගින්නේ උග්‍ර වූ විට ඒ ගින්න අමතක කිරීම පිණිස ගං ඉවුරේ වැලි තලාව සැතපුම් ගණනක් දුරට ඔහු අමදින්නේය. මේ ක්‍රියාවෙන් ඔහු සත්වානුකම්පාව නිසාම දහස් ගණනින් වූ සිංහ ගොළුබෙල්ලන්ගේ් ජීවිත අනතුරෙන් බේරා තිබේ. Read More

දරුවන් නැති ධනවතා …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

චීනයේ (ක්‍රි.ව. 1279 – (1368) යූ ආන් අධිරාජයාගේ පාලන සමයේ මොන්ගෝලියාවේ ගෙංඝිස් ඛාන් (GENGHIS KHAN ) විසින් චීන රාජ්‍යය ආක්‍රමණය කරනු ලැබීය. එසමයේ එහි නගරයක මහා ධනවතෙක් ජීවත් විය. මෙම ධනවතා සහ ඔහුගේ බිරිය මහත් සේ අසහනයට පත්ව සිටියේ ඔවුන්ට දරු සම්පත් නොවූ බැවින් ය. ඔවුන් මහත් සේ පුතකු අපේක්‍ෂා කළ නමුත් නොලැබීමේ හේතුවෙන් දුකට සහ කලකි රීමට පත්ව සිටියහ. විශාල ලෙස පසුතැවීමට පත්ව සිටි ධනවතා තමාට කොපමණ මිල මුදල් හා වස්තුව ඇතත් ඒ සියල්ලටම වඩා දරු සම්පත අගය කරන බව අසල්වාසීන් ද දැන සිටියහ. මේ අතර මෙම ධනවතාගේ මිත්‍රයෙක් දිනක් ඔහු මුණ ගැසීමට පැමිණ මෙසේ කීවේය.

ඔබේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්න ඔබ විහාරයට ගොස් ස්වාමීන් වහන්සේ හමුවෙන්නෙ නැත්තෙ ඇයි? ඒ ස්වාමීන් වහන්සේට පුදුම අද්භූත බලයක් තියෙනව. අතීතයත් අනාගතයත් දෙකම දකින්න පුළුවන් පුදුමාකාර බලයක් ඒ හිමියන්ට තියෙනව. Read More

හොඳ දෙයට හොඳ ප්‍රතිඵල, නරක දෙයට නරක ප්‍රතිඵල …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

චීනයේ චියැංගියින් අධිරාජ්‍යයාගේ පාලන සමයේ 1836 වර්ෂයේදී එරට මස් සඳහා මැඩියන් ඝාතනය තහනම් කිරීමේ නීතියක් ප්‍රකාශයට පත්කරන ලදී. එම අවස්ථාව වනවිට මැඩියන්ගේ මාංශය චීනයේ සුපිරි හෝටල්වල ඉතා ප්‍රණීත භෝජනයක් බවට පත්ව තිබිණි. මැඩියන් දඩයම් කිරීම තහනම් කිරීමේ නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මැඩියන් විසින් භවභෝග වලට හානිකර කෘමීන් විශාල ලෙස කා දමන බැවින් එයින් කෘෂිකර්මාන්තයට සිදුවන විශාල මෙහෙය ගැන සලකා ගෙනය. ඒ අනුව මස් පිණිස මැඩියන් ඝාතනයට කිසිවකුට නීතියෙන් අවකාශ නොලැබිණි.

මැඩියන් මරා මස් පිණිස විකුණා ජීවත් වූ ගැමියකු වන චෑං අෂිශි නමැත්තාට ඔහුගේ මිත්‍ර පිරිසක් විසින් මේ අලුත් නීති ප්‍රකාශය ගැන දැනුම් දෙන ලදී. අකුරු නොදන්නා ඔහු නීති ප්‍රකාශනය කියවීමට නොහැකි බැවින් ඒ ගැන දැන නොසිටියේ ය. මේ අලුත් ආරංචිය ඇසීමෙන් චැං අශිෂි නොසතුට පළ කෙළේ ය. Read More

ආත්ම රැස් කරන්නාගේ පැමිණීම …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

අධිරාජ්‍ය පරිපාලන විභාගයෙන් උසස් ලෙස සාමාර්ථයක් ලැබූ චාඕ ( CHAO) ට සුවිශේෂ දක්ෂතා ලාභීන්ගේ පදවිය ලැබිණි.

ඉතා කාරුණික අවංක පුද්ගලයෙකු වූ ඔහු කිසිම ප්‍රාණියකුට කවරාකාරයක හෝ වේදනාවක් නොදීමට තරයේ වග බලාගත් මානව හිතවාදියෙකි. එක් දිනක් ඔහු තමාගේ ඥාතිවරයකු බැහැදැකීමට ගියේය. තමා යායුතු ස්ථානයට ළඟාවීමට ගඟ තරණය කළයුතු විය. ඒ සඳහා තොටුපොලෙන් අඟුලකට ගොඩ වූ ඔහුට ගඟ මැද දී තමා ගමන් කරන අඟුලේම තවත් පුද්ගලයකු සිටිනු දක්නට ලැබිණි. පුදුමයකි. මේ අමුත්තා මෙයින් වසර තුනකට පමණ පෙර අභාවප්‍රාප්ත වූ තමාගේම යටත් නිලධාරියකු ලෙස සේවය කළ අයෙක් බව චාඕට මතක් විය.

“ඔබ මෙහි කරන්නේ කුමක්ද?” චාඕ අමුත්තාගෙන් ප්‍රශ්න කෙළේය. Read More

බිග් හසුසුගේ දිව …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

පැරැණි ගබඩා සංකීර්ණයක ඉදිරිපස දොරටුවෙන් ලොමු දැහැගන්වන සුලු මහා ශබ්දයක් සමගම මිනිසකු බිම පතිතවන හඬක්ද නිකුත්විය. වෙනදා මෙතැනට නුහුරු ඒ ශබ්දය කුමක්දැයි සෙවීමට අසල් වැසියෝ එක්රැස් වූහ.

එම පිරිසට දකින්ට ලැබුණේ අති භයානක දර්ශනයකි. ගව ඝාතක බිග් හසුසු ලේවිලක් මැද මැරී සිටිනු දුටු ඔවුහු මවිත වූහ. ඒ වන විටත් මෘත දේශයෙන් ලේ ගලමින් තිබුණි. මේ ගව ඝාතකයාගේ මරණය කෙසේ සිදුවීදැයි ඔවුහු වඩාත් සුපරීක්‍ෂාකාරී වූහ. මරණය සිදුවී ඇත්තේ ගව ඝාතකයාගේම මාරක ආයුධයෙන් ඔහුගේම දිව කැපී ගිලිහීයාම නිසා බව පසුව අනාවරණය විය. Read More

හැලියේ දැමූ ආඳ මත්සයෝ …

By චීන බෞද්ධ කථා ... ( China bawuddha katha ) No Comments

චීනයේ මිං අධිරාජ්‍ය සමයේ වන්ලි යුගය නිමාවූයේ ක්‍රි.ව. 1573 සිට 1620 දක්වා කාලයේදීය. ඇමරිකාවේ මසාතුසෙට්ස් (MASSACHUSETTS)දක්වා වන්දනා ගමන් කෙරුණේද මේ කාලයේය. ඒ සමයේ චීනයේ හැංකව්  (HANCHOU) ඉතාම අලංකාර පුරවරය ලෙස නම් දරා තිබුණේය. රටවල් සොයාගත් වීර පුරුෂයින්ගෙන් අයෙක් වන මාර්කෝපෝලෝ මේ නගරය “ කින්සායි” (KINSAI) යනුවෙන් නම්කරමින් එය ලෝකයේ ලස්සනම නගරය යයි ද එහි පාරාදීසයකට අයත් සියලුම අංග ඇතැයි ද සඳහන් කර තිබුණේය. එවකට මේ නගරයේ ඉතා ප්‍රසිද්ධ යූ නමැති මහා ප්‍රභූවරයෙක්මෙන්ම මහා ධනවතෙක්ද වාසය කළේය. යූ මහත්මයා සෑම විටම යහපත් දෙයක් කිරීමෙන් සතුටු වූ මහා දානපතියෙක්ද වූයේය. කවර හේතුවක් සඳහාවත් කිසිම සතකුගේ ප්‍රාණය හානි නොකිරීම යූ මහතාගේ ප්‍රතිපත්තිය වූ අතර, එය තම නිවසේ සියලුම සේවකයින්ට ද, පුහුණු කරවා තිබුණි. සේවක පිරිසද තම ස්වාමියාගේ ඒ උදාර ප්‍රතිපත්තිය අකුරටම පිළිපැද්දෝය.

මේ අපේ කතාවට සම්බන්ධ සමයේ යූ මහතාගේ සමිප තම අසල් වැසියාගේ නිවසට කඩා වැදුණු මංපහරණ පිරිසක් නිවසේ තිබුණ සියලුම දේ රැගෙන යාම නිසා ඔහු අසරණභාවයට පත්විය. මේ අසල් වැසියාට වු මහා අසහනයට පිළියම් වශයෙන් යූ මහතා නැවත ඔහුට දෙපයින් නැගී සිටීමට හැකි වන අන්දමට විශාල ලෙස ධනය පරිත්‍යාග කළේය. මේ මහා පුන්‍යකර්මය ගැන යූ මහතාට ඔවුන්ගේ ඉමහත් ගෞරවය හා ප්‍රසංශාවද හිමි විය. මෙම අසල්වැසි මහතාගේ බිරිඳ මෙම උදාර දානමය පින්කම නිසා යූ මහතාට මහත් ගෞරවයක් හා ලෙන්ගතුකමක් දැක්වූවාය. Read More

error: Content is protected by www.ifbcnet.org.