අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) Archives - Page 2 of 2 - IFBC Organization | Dhamma

ශ්‍රී පාද අඩවියේ තිබී නැතිව ගිය ඇත් සොහොන …

Posted by | අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) | 2 Comments

ශ්‍රී පාද අඩවිය ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. කලක් හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයේද ඉන්පසු මස්කෙළිය සමන්එළිය මහා විද්‍යාලයේද විදුහල්පති ලෙස අවුරුදු පහකට වැඩි කාලයක් මම සේවය කළෙමි. වෙසක් මහට පසු වර්ෂාව සමඟ ඇතිවන දැඩි මීදුම, තද වර්ෂාව හා සීතල ඉවසිය නොහැකි තරම්ය. ජනවාරි අග සිට මාර්තු මුල දක්වා වැටෙන අව්ව දැරිය නොහැකි තරම් ඇඟපත පුලුස්සයි. ඒ මේ අඩවියේ ලොකු ගහකොළ නැති බැවිනි.

මේ කාලයට පාසලේ ළමයින්ගේ ඇඟ අව්වට පිලිස්සී කළු වී තුවාල මතුවෙයි. ජීවන වියදම දැඩිය. නගරය කලින් කල වෙනස් වෙයි. පහතරටින් ආ වෙළෙඳුන් හැර වතු කම්කරුවන් හැර රජයේ සේවයට එන අය මාරුවී යති. ඒ නිසා එහි ස්ථිර පදිංචිකරුවෝ අඩුය. මේ කාලය තුළ ශ්‍රී පාදයේ සැඟවුණු තොරතුරු අලළා “පූජනීය ශ්‍රී පාදය” නමින් මම ග්‍රන්ථයක් ලියා පළ කළෙමි. මේ ග්‍රන්ථය ලිවීමේදී ප්‍රදේශයේ සිය ගණනක් සමඟ මම සාකච්ඡා කළෙමි. අවාරයේ ශ්‍රී පාද පද්මය මුර කරන මුරකරුවන් දෙදෙනා, සමන් දේවාල කපු මහත්වරුන්, තේවා භාර හිමිවරුන්, වතුකරයේ දිගුකාලීනව රැකියා කරන වතු නිලධාරීන් හා කම්කරුවන්, නල්ලතන්නියේ හෝටල හිමියන් මෙන්ම මස්කෙළිය හිටපු ගම්මුලාදෑනි රොබට් මහතාද ශ්‍රී පාදයේ ඉහළ සීමාව දක්වාම නිතර රාජකාරිවලට අවුරුදු තිහක් පමණ ඇවිද හොඳ අත්දැකීම් තිබූ අයෙකි. මෙහිදී මගේ අවධානය යොමුවූ මාතෘකාවක් වූයේ ශ්‍රී පාද අඩවියේ සැඟවුණු ගුප්ත අලි සුසාන භූමියක් වූයේද යන්නය.

Read More

සිරිපා මලුව යට ඇති අදුරු ගුහා‍වේ කථාව සත්‍යයක්ද?

Posted by | අසිරිමත් ශ්‍රීපාදය ... ( Adam's Peak (Sri Pada), Sri Lanka ) | No Comments

බුදු රදුන් වහන්සේගේ සිරිපා සටහන ඉදුනිල් මැණිකක් මත තබා ඇති බවත්, එම සිරිපා සටහන වසා පර්වතයක් තබා දැනට ඇති ශ්‍රීපාද ලාංඡනය කොටා ඇති බවත් පුරාණයේ සිටම බෞද්ධයන් අතර විශ්වාසයක් හා පිළිගැනීමක් පවතී.
සිරිපා මළුවේ කැපූ කළු ගල් අතුරවා මළුව වටා ශක්තිමත් අන්දමින් ප්‍රාකාරය බන්දවා 1940දී ප්‍රතිසංස්කරණය කරන ලදී.
සිරිපා සටහන පිහිටි පර්වතයත්, සමන් දෙවි මැදුරත් අතර තිබුණු දොළොස්මහේ පහන එතැනින් ඉවත්කොට එහි කළු ගල් ඇතිරවීමට පොළව හෑරීමේදී එතැනින් අදුරු වූ ගැඹුරු කුහරයක් පෑදුනු බවත්, එම කුහරයෙන් දක්නට ලැබුණු පරිදි බාල්ක වැනි විශාල ගල් කුළුණු මත මෙම පර්වතය තබා ඇති බව විශ්වාස කළ හැකි බවත්, මළුවෙහි ගල් ඇතිරවීමට අවහිර කිරීමට මෙන් කළු දෙබරුන් මතුවී වැඩ කළ කම්කරුවන්ට අනින්නට වූ බවත් එකල ශ්‍රී පාදස්ථානයෙහි භාරකාර ධුරය දැරූ සිඩ්නි එල්ලාවල මහතා තමන් වහන්සේ සමග පැවසූ බව රාජකීය පණ්ඩිත කිරි ඇල්ලේ ඥාණවිමල හිමියෝ සදහන් කරති.
මෙම අදුරු ගුහාවට එළිය වැටෙන කුහර කීපයක් මළුවට පහලින් මහගිරි දඹය වටා ඇති අතර දෙබරුන් රිංගන්නේ එම කුහර වලින් බවත් කියනු ලැබේ.
සමන් දෙව් රජුන් හෝ වෙනත් රජෙකු විසින් හෝ සිරිපා සටහන තැබූ ඉදුනිල් මැණික වසා එහි ආරක්ෂාව පිණිස මෙසේ ගල් කුලුණු මත මෙම පර්වතය තැබුවා විය හැකිය. කෙසේ වෙතත් සිරිපා මළුවේ අදුරු ගුහාවක් ඇති බව ඉහත සිද්ධියෙන් ද හෙළිවේ.
ඊට වැඩි යමක් දැන ගන්නට නම් ඒ ගැන පර්යේෂණ කළ යුතුය.

— 1987 අප්‍රේල් 21 වන දින කල්පනා සගරාවෙන් උපුටා ගන්නා ලදී ——

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.