Skip to main content
All Posts By

Eranda

වැඩ සිටින්නට දෙවොලක්‌ නැති අයියනායක දෙවියෝ …

By අප අදහන අ‍පේ ‍දෙවිවරු ... ( Our Gods ) 2 Comments

උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්‌වා වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස

ශ්‍රී ලාංකීය ජනතාවගේ ගෞරවයටත්, වන්දනාමානයටත් ලක්‌ව ඇති අයියනායක දෙවියන් වූ කලී ඉතා බලසම්පන්න දේව ආත්මයකි.

කරේනාරේ, කයියනාරේ, අයියනායගම්, අරියනායගම් ආදී නම් රැසකින් විවිධ ප්‍රදේශවල ජනයා අයියනායක දෙවියන් හඳුන්වන අතර කතරගම සන්නසෙහි අයියනාරායන් ලෙසත්, කෝකිල සංදේශයෙහි අයියන් ලෙසත් හඳුන්වා ඇති බැවින් පුරාණ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ බුහුමනට පවා ලක්‌වූ දෙවි කෙනෙකු බව සනාථ වේ.

පුරා විද්‍යාවට අනුව අනුරාධපුරයේ ඡේතවනාරාමයට නුදුරින් පිහිටි වාහල්කඩේ කුලුනක සත්ත්ව රූප තුනක්‌ සහිත වාහනයක වැඩසිටින දේව රූපයේ සිටින්නේ අයියනායක දෙවියන් බවට සනාථ කොටගෙන තිබුණද උන්වහන්සේ වෙනුවෙන් වෙන්වුණ දෙවොලක්‌ මේ ලංකාද්වීපයේ නොමැති වීම විශේෂත්වයකි.

Read More

ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ වැදගත්කම කුමක්ද?

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ කීපයකට පසුව ඉන්දියාවේ දී ලියැවුණු ත්‍රිපිටකය පාලි භාෂාවෙන් ථෙරවාද සම්ප්‍රදාය තුළ නිම වී එය ශ්‍රී ලංකාවේ හා ගිනිකොනදිග ආසියාවේ පමණක් ප්‍රමුඛත්වය උසුලද්දී සර්වාස්තිවාදීන් හා අනෙක් ගුරුකුල අතර ත්‍රිපිටකය පැවැතියේ සංස්කෘත භාෂාවෙනි. එහෙත් ඒවා ඉන්දියාවේ සුරක්‍ෂා නොවීමෙන් මුල් බුදුදහමේ පූර්ණ හැඩරුව දැක ගත හැක්කේ අද අප සතු සුරක්‍ෂිතව ඇති පාලි ත්‍රිපිටකයෙනි. එහි අන්තර්ගත සූත්‍ර හා විනය පිටක පිළිබඳ ගුරුකුල තුළ යම් සාම්‍යයක් දැක ගත හැකි බවත් අභිධර්ම පිටකය අනෙක් ගුරු කුල මගින් පරිහරණය කරන ඒවා සමග ඇත්තේ දුරස්ථ සම්බන්ධයකි. අද දවසේ ලංකාවේ අප සතුව ඇති පාලි ත්‍රිපිටකය මේ වන විට ලෝකයේ සිදු වී ඇති ශාස්ත්‍රීය පර්යේෂණවලට අනුව මුල් බුදුදහම විශ්වසනීය ලෙස නියෝජනය කරන්නක් බවට සැලකිය හැකිය. මුඛ පරම්පරාවෙන් ඉදිරියට ගෙන ආ මෙම මහා ඥාන සම්භාරය තවමත් පූර්ණ සමාජ අභිවෘද්ධිය කෙරෙහි උපයෝජනය වී නොමැති මොහොතක මෙය ජාතික උරුමයක් බවට පත් කිරීම වැදගත් වන්නේ කෙසේ දැයි සොයා බැලීම අතිශය වැදගත්ය.

Read More

අසදෘෂ දානයක ආනිසංස පැරද වූ පිලුණු පැණි කැවිල්ලක දානය …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

තුන් ලෝකයේම බුදුවරු පහල වන්නේ මගුල් සක්වලේ පමණි. එනම් මේ අප ජීවත්වන සක්වලේය. එහිද ජම්බුද්වීපය හෙයත් ඉන්දියාව, නේපාලය අයිති බිම් කොටසේ බුද්ධගයාවේ පමණි බුදුවරු බුදු වන්නේ. එහෙත් මහායාන දහමට අනුව වෙනත් සක්වලද බුදුවරු පහලවන ඔවුන් විශ්වාස කරන්නේ නිවන් දකින්නේ බුදු වීමෙන් පමණක් බවය. මෙම කථාව මහායාන උරුවක් ගන්නා බැවින් එහි පිටසක්වල බුදුවරු ගැන සදහන් වීම් දක්නට ලැබේ. කෙසේ උවද මෙම කථාව අප පලකරන්නේ පිටසක්වල බුදුවරු ගැන සදහන් කිරීමට නොව එහි ඇති අන්තර්ගතය ඔබ වෙත ගෙන ඒමටය. වෙනත් ලෝක ධාතුවක බුදුවරුන් ගැන සදහන්වන කථාව බැහැර කොට දානයේ ආනිසංස ලමණක් සිහිකරත්වා …

සහා ලෝක ධාතුවට ආලෝක වර්ෂ ශත සහස්‍ර ගණනකට එපිටින් පිහිටි ලෝක ධාතුවක අප පෘථිවියට බොහෝ දුරට සමාන වූ ජිව්හා නම් ග්‍රහයකු විය. මධ්‍යකාලීන යුගයක් පැවති සමයෙක ශ්වේතකේතු නම් චක්‍රවර්ති රජවරයකු දසරාජ ධර්මයෙන් ජනයාට සංග්‍රහ කරන කාලයක එහි අභය නම් බුදුවරයකු පහළ විය.

උන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා වෙනුවෙන් රජු විසින් අගනුවරට එපිටින් ආරාම, සන්ථාගාර, ගිලන්හල්, ධර්මශාලා හා උපාසක උපාසිකාවන්ට විශ්‍රාමශාලා වලින් යුතු ආරාමයක් පූජා කර තිබුණි. මෙම ආරාමයේ පිවිසුම සම්බන්ධවූයේ නගරයේ ප්‍රධාන මාර්ගයටයි.

එක් දිනක උදෑසන බුදුන් වහන්සේ අග්‍ර උපස්ථායක වූ සාවිත්‍ර තෙරුන් සමඟ ආරාමයෙන් පිටතට පිඬු සිඟා යාම පිණිස නගරයට දෙසට වඩින්නට විය. මාර්ගය දෙපස තිබූ වාධූර්ය ගස් වලින් ගිනි රතු පැහැ පත්‍ර මාර්ගය පුරා වැටී තිබුණි. එම ගස් වල දැඩි සුලඟකට වුවත් නොවැටෙන වසන්තයට පමණක් පිපෙන තද කොළ පැහැ අති සුගන්ධවත් වාධූර්ය මල් වැනෙන්නට විය. දූවිලි හා පත්‍ර අවුස්සමින් විටින් විට මඳ සුලඟක් හමායන්නට විය. ගස් පෙළ අවසන් වූයේ නගරයේ එකිනෙකට යාබදව සාදා තිබූ නිවෙස් පේළිය සමඟය.

Read More

එදා උණු තෙල් කටාරමකද මෙදා උණු වතුර හැලියකද දඩුවම් ලැබූ කැළණි තිස්ස මහ රහතන් වහන්සේ …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

කැලණිතිස්ස රජතුමාගේ මළවුවන් වන උත්තිය කුමරු රජ මෙහෙසිය සමඟ සදාචාරාත්මක නොවූ ආදර සබඳතාවකින් පසුවිය. මේ තහනම් ආදරය සැලවූ රජතුමා උත්තිය කුමරු සිරභාරයට ගත යුතු බවට අණ දුන්නේය.

ඒ බව ආරංචි වූ උත්තිය කුමාරයා රසහිගතව මාලිගාවෙන් පැනගොස් දුර බැහැර ප්‍රදේශයක සැඟවිණ. උත්තිය කුමරු තම ආදරවන්තිය නොදැකීමෙන් බලවත් ශෝකයට පත්වී අවසානයේදී තමාගේ දුක දන්වමින් තල් පතක් ලියා, මහණ වෙස් ගැන්වූ තරුණයකු අත කුමරිය වෙතට ලැබීම සඳහා රජමැදුර වෙත යැවීය.

එදින රජ මැදුරේ දානයකි. භික්ෂුන් වහන්සේලා දනට වඩින අවස්ථාවෙහි පසුපසින් ගොස් මේ චීවරධාරියා ද දන් වළදා සෙත් පතා පුණ්‍යානුමෝදනාවෙන් අනතුරුව ආපසු එන ගමනේ දී දනට වැඩි රහතන් වහන්සේ නමක් පසුපසින් පැමිණ දේවියට පෙනෙන්නට තල්පත බිම හෙළුවේය.

දේවිය තල්පත අහුලා ගත්තාය. ඒ බව දුටු රජතුමා සැක සිතී එය පරීක්ෂා කරන විට රහතන් වහන්සේගේ අත් අකුරු තම සොහොයුරාගේ අත් අකුරු හා සමාන වූ බැවින් රහතන් වහන්සේ සැක කළේය. මේ රහතන් වහන්සේ තම දේවිය සමඟ ආදර සම්බන්ධයක් පවත්වතියි සැක උපදවා උණු තෙල් කටාරමක බහා මරණයට පත් කිරීමට නියම කළේය.

මේ රහතන් වහන්සේ මෙබඳු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වීමෙන් පරිනිර්වාණයට භාජනය වූයේ පෙර භවයක දී ගොපල්ලකුව ඉපිද සිටි අවස්ථාවක මැස්සකු සමඟ කිරි මුට්ටියක් උණු කිරීමේ ප්‍රති විපාකයෙන් බව සඳහන් වේ.

ඒ අතීත කතාවයි

වර්ථමාන කථාව ඊට වඩා වෙනස්ය. කැළණිය ප්‍රදේශයේ බැකෝ යන්ත්‍රයක් මගින් පාරක් කපනු ලැබීය. ඒ අවස්ථාවේදී පුරාණ ගඩොල් ගොඩක් හමු වූ අතර එය නොසලකා දිගටම පාර කැපීම සිදුවිය. ඔය අතර බැකෝ යන්ත්‍රයට කලු පැහැති සිලින්ඩරාකාර යමක් පැටලුනු අතර එය පෙප්සි ටින් එකක්ට සමාන හැඩයක් ගත්තේය. බැකෝ යන්ත්‍ර හිමිකරු එය නිවසට රැගෙන ගියේය.

ටික කලක් ගතවිය. එදා ගෙනා වස්තුව පරික්ෂා කරන්නට සිතූ ඔහු හා පවුලේ අය ර වස්තුව කපන ලදි. පුදුමයකි සැනෙකින් දිලිසෙන කුඩු වැටෙමින් එය කැපීයන්නට පටන් ගත්තේ එම වස්තුව රත්රන් යැයි බැකෝ රියතුරුට පසක් කරමිනි. කෙසේ හෝ කපැ බැලූ විට එවි යම් කිසි ගෝලාකාර කුඩා මුතු වන් යමත් තිබුනි.

දැන් ඔවුනට දැඩි ප්‍රෙහෙලිකාවකි. මොනවද මේ කුඩා ගෝලාකාර වස්තු ? ඔවුනට ඒවා මොනවාදැයි පරික්ෂා කරන්නට අවශ්‍ය විය. සියලු දෙනාගේම ඒකමතික තීරනය වූයේ උණු වතුරට දමා බලමු කියායි. ඒ නිසා හොද වතුර හැලියක් පස්සවා අර  බුබුලු අර හැලියට දැම්මේය.  එම ගෝලාකාර වස්තු වතුර හැලියේ හොද හැටි ඉහල පහල ගියේය. ‍එ හෙත් වෙනසක් නොවූයෙන් නැවත තැන්පත් කර තබන ලදි.  පසුව අර ස්ථානයේ ගඩොල් හමු වූයේ කැලණි තිස්ස රහතන් වහන්සේගේ චෛත්‍යයක් තිබූ නිසා බව දැන ගත් හෙයින් සියලු කරුනු අනාවරණය විය. අර කලු වස්තුව ධාතු මංජුසාව වන අතර අර කුඩා ගෝලාකාර වස්තු කැළණි තිස්ස මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බව දැන ගන්නට ලැබුනි.
සියලු තතු හෙලි වීමෙන් අනතුරුව කර්මය බලපෑවේ කෙසේද යන්න පැහැදිලි විය. උණු වතුර හැලියේ පැහුනේ එදා  එදා තෙල් හැලියේ පැහුනු කැළණි තිස්ස මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාම බව පැහැදිලි විය.

බලන්න කර්මය අප පසු පස එන අපූරුව. මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවද එම අකුසලය ධාතූන් වහන්සේලාටද බලපෑවේ පුදුම සහගත ආකාරයටය.

න අන්තලික්ඛේන සමුද්ද මජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
නවිජ්ජතී සෝ ජගතිප්පදෝසෝ
යත්තට්ඨිතං නප්පසහත්ථ මාරෝ

යන ගාථා ධර්මය දේශනා කරමින් බුදු සමිඳුන් වද‌ාළේ

අහසේ සිටියත් මුහුදේ සිටියත් පර්වත විවරයක සිටියත් ලොව කුමන තැනක සැඟව සිටියත් කළ පාපයේ ආදීනවයන්ගෙන් මිදීමට නොහැකි බවය.

මෙම සිදුවීමේදී ද එම බුදු වදන් සනාථ වී තිබේ.

( ස්වාමීන් වහන්සේ නමකගේ ධර්ම දේශනාවකින් උපුටා ගන්නා ලදි …)

දෙව්ලොව සිට මිනිස් ආත්මයක් ලබාගත් බුදුරජුන් ඇසින් දුටු ලදරුවෙකුගේ පාපොච්චාරණය …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

සත්වයන් කම් සැප බහුලව විදින ලෝකවලට “කාමාවචර සුගති ” යන නම යෙදේ. මිනිස් ලොව කාමාවචර සුගති ගණයටම අයත් වේ . එබැවින් මිනිසෙකු ලෙස උප්පත්තිය ලබනුයේ කුසල කර්ම වල විපාක හේතු කොට ගෙනය. මිනිස් ලොව හැරුණු කොට තවත් කම් සැප බහුල තැන් 6 ගැන සුත්‍ර ධර්මයෙහි දැක්වේ .ඒවා කාමාවචර දිව්‍ය ලෝක නම් වේ කාමාවචර දිව්‍ය ලෝක ගණන 6 කි.

මේ දැක්වෙන්නේ එවන් දිව්‍ය ලෝකයක සිට පැමිණි ලදරුවෙකුගේ පාපොච්චාරණයකි. හරි වැරැද්ද තීරණය කරන්නට පෙර මෙම වීඩියෝව හොදින් ශ්‍රව්‍ණය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

https://youtu.be/pEPf0j9ickQ

‘දළදා පූජාවක් නෙමෙයි මේ පාරමිතාවක්’; නැදුන්ගමුවේ රාජා පෙර අත්භවයක රජ කුමරකු වී ඉන්න ඇති …

By බුදු දහමට සබැදි පොදු ලිපි ... No Comments

අලි – ඇතුන් ගැන, අලි – මිනිස් ගැටුම් ගැන බොහොමයක් කතා ඇසෙන කාලයකි මේ. ඒ සියල්ල අතර ‘‘නැදුන්ගමුවේ ඇතා’’ ගැන සමාජයේ තැන තැන මුමුණනු ඇසේ. ඒ, සෙංකඩගල දළදා පෙරහැර ගැන නිසාම වුවත්, සමාජයක් ‘‘නැදුන්ගමුවේ රාජා’’ ඇතා ගැන කතාකරන්නේ මෙම ඇත් රජු වත්මන් සමාජයේ වැඩිම අවධානයක් හා වැඩිම ආදරයක් දිනාගත් ඇතා වන නිසාය. අති උතුම් දන්ත ධාතූන් වහන්සේගේ කරඬුව පෙරහැරේ වඩම්මාගෙන යන තවත් ඇතුන් සිටියත් ඒ අතර නැදුන්ගමුවේ රාජා ගැන මේ සමාජයම කතාකරන්නේ පාරමිතාවක් පුරමින් දෝ මේ ඇත් රජු දළදා කරඬුව වැඩමවීමේ ඒ උතුම් පුණ්‍යකර්මය සඳහා වාර්ෂිකව සෙංකඩගලට පැමිණෙන්නේත්, ආපහු නැදුන්ගමුව බලා පිටත්වන්නේත් පාගමනින්ම වන නිසාය. එසේම ඇත් රජුගේ ප‍්‍රතාපවත් බව, ගාම්භීරබව මෙන්ම, වශීකෘත රූපකාය සමාජයක අවධානය සැණෙකින් දිනාගන්නා නිසාය.

නැදුන්ගමුව පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ, බැලූම්මහර හන්දියෙන් හැරීයන බියගම පාරේ, රතුපස්වල හන්දියට මඳක් නුදුරෙනි. රතුපස්වල හන්දියෙන් වමට හැරී නැදුන්ගමුව විදුහල් භූමිය පසුකරත්ම හමුවන්නේ සුප‍්‍රකට නැදුන්ගමුව වෙද පරම්පරාවට අයත් නැදුන්ගමුව වෙදැදුරු වලව්වය. මේ වෙදැදුරු වලව්ව නැදුන්ගමුව ඇත් රජුගේද නිවහන වෙයි. වර්තමානයේ එහි හිමිකරු හා සුප‍්‍රකට හෙළ වෙදැදුරු නැදුන්ගමුවේ හර්ෂ ධර්මවිජය මහතාගේ සාඩම්බර හිමිකාරත්වය හිමි මෙම ‘‘නැදුන්ගමුවේ (විජය) රාජා’’ ගම්පහ – කොළඹ බොහෝ ඇසළ පෙරහැර මංගල්‍යය නිමාකර, සෑම වසරකම පාහේ අවසන් මංගල්‍යය ලෙස සෙංකඩගල, ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පාගමනින්ම සහභාගිවන්නේ පාරමිතාවක් පුරනු මෙන් ඒ උතුම් දළදා කරඬුව තම කර මතින් වැඩම කරවීම සඳහාය.
Read More

බුදුරදුන් ගොඩ නැගූ ධර්ම රාජ්‍යයෙහි මහ ඇමතිවරු ” අසූමහා ශ්‍රාවකයන් වහන්සේ …”

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

දිනක් උගත් සේල නමැති බමුණා බුදුරදුන්ගේ මහා පුරුෂ ලක්‍ෂණ දැක සක්විති රජකම ගෙන පාලනය නො කරන්නේ මන්දැයි උන්වහන්සේගෙන් විමසුවා. “රාජභමස්මිං සේල ධර්ම රාජා අනුත්තරෝ” යනුවෙන් සේල බ්‍රාහ්මණයාට “මම රජෙක්මි , ශ්‍රේෂ්ඨ ධර්ම රාජයෙක්මි” යි පිළිතුරු දුනි. ඔබතුමා රජෙක් නම් සේනාපති වරු කවරෙක් දැයි බමුණා නැවත විමසූවිට සැරියුත් මුගලන් ආදී තම ශ්‍රාවකයන් ඒ උසස් තනතුරු දරන බව පෙන්වා දුන්නා.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ බුද්ධ ශ්‍රාවක සංඝ සමාජය වැඩි කලක් ගත වීමට පෙර ලක්‍ෂ ගණනින් වර්ධනය වූ බව ශාසන ඉතිහාසය පෙන්වා දෙනව. උන්වහන්සේලා අතුරින් අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ප්‍රධාන මහා ශ්‍රාවකත්වය දැරූ අසූ නමක් වැඩ සිටියා.

Read More

දහම් අවබෝධ කළ පළමුවන ශ්‍රාවක අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ තෙරණුවෝ.

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

බෝසතුන් උතුම් බුද්ධ රාජ්‍යයට පත් වීමෙන් අනතුරුව තමා අවබෝධකොට ගත් ධර්මය පළමුව දේශනා කිරීම සඳහා බරණැස ඉසිපතනාරාමයෙහි එවකට වැඩ සිටිය පස්වග තවුසන් වෙත වැඩම වූ බව සෑම දෙනාම දන්නවා. දුෂ්කර ක්‍රියා සමයෙහි තමන්ට මහත්සේ උපකාර කළ බව සිහිපත් වී කෘතගුණ දැක්වීමට මෙසේ වැඩම කළ බව පැහැදිලියි.

එදා ප්‍රථම වරට දේශනා කොට වදාළ දම්සක් පැවතුම් සූත්‍රය ඇසීමට අපමණ දෙවි බඹුන් සිටියත් මනුෂ්‍යයන් වශයෙන් සිටියේ මේ පස්වග තවුසන් පමණයි. ධර්ම දේශනාව අවසාන වීමත් සමග කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් භාවයට පත් වූවා. ඒ අවබෝධය ලබා ගැනීම නිසා එදා බුදුරදුන්“අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝ” යනුවෙන් “කොණ්ඩඤ්ඤ තවුසාණන් ධර්මය දැනගත්තා”කියා සතුට ප්‍රකාශ කළා. කොණ්ඩඤ්ඤ හිමියන් එදා පටන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් හැමදෙනාම හඳුන්වන්න පටන් ගත්තා.

Read More

අනන්ත විශ්වයේ බුදුන්ට පමණක් දෙවැනි වූ ප්‍රඥා පහන සැරියුත් මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) 4 Comments

සාරිපුත්ත මොග්ගල්ලාන කියන නම් අපට පුංචිකාලෙ ඉදලම හුරුපුරුදුයි නේද යාලුවනේ. ඉන් මහා ඍද්ධ්මත් මහ මුගලන් මහ රහතන්වහන්සේ ගැන මම කලින් ලිපියක සදහන් කලා. අද අපි කථා කරන්නෙ සැරියුත් නැතිනම් සාරිපුත්ත නම් වූ විශ්වයක් පවා දනනැමූ උත්තමයන් වහන්සේ පිලිබදවයි‍. මේ විශ්වයේ පහල වූ මහා ප්‍රඥාසම්පන්නම පුද්ගලයන් අතරින් බුදුහිමියන්ට පමණක් දෙවෙනි වූ එකම උත්තම පුරුෂයා වන්නේ සැරියුත්නම් මේ මහා පුරුෂරත්නයයි.

සැරියුත් මහ තෙරුන් උතුරු ඉන්දියාවේ රජගහ නුවරට නුදුරින් පිහිටි නාලක බමුණු ගමේ වංගන්ත බමුණාට දාව රූපසාරී බැමිණිය ගේ කුසෙන් ඉපිද “උපතිස්ස” යන නම ලැබුවේය. සාරී බැමිණිය ගේ පුත්‍රයා නිසා “සාරිපුත්ත” යන නමින් ද ප්‍රකට විය.

උපතිස්ස තෙමේ පසු කලෙක රජගහ නුවර ධර්ම ප්‍රචාරයේ යෙදුණු අස්සජි මහ තෙරුන් වහන්සේ දැක පැහැදී අවසානයේ දහම් ඇස පහළ කර ගත්තේය. අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ සතර පෑ ගාථාවෙන් පළමු පද දෙක අසා අවසන් වනවාත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියේය. පසුව තම මිතුරා වූ කෝලිතට ද තොරතුරු දන්වා බුදුරදුන් වෙත ගොස් “ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේය. ඉන් සති දෙකක් ඇවෑමෙන් පසු බුදුරදුන් රජගහ නුවර ”සූකරඛත” ලෙනේ දී සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ “දීඝනඛ” පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය අසා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් විය. ඒ බව උන්වහන්සේ ථෙර ගාථා පාලියේ දී මෙසේ දක්වා තියෙනව. Read More

ඍද්ධිබලයෙන් බුදු හිමියන්ට පමණක් දෙවෙනි වූ විශ්මයම විශ්මිතකල මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

අටවිසි බුදුරජාණන් වහන්සේලා අතර “අනෝමදස්සී” බුදු රජාණන් වහන්සේගේ නම ඔයාල අහල ඇති. අද මම විස්තර කරන්න යන මුගලන් මහ රහතන් වහන්සේගේ ජීවිත කතාවේ උන්වහන්සේ මුලින්ම නියත විවරණ ලැබුවේ මේ බුදුන් වහන්සේගෙනුයි. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.
මුගලන් මහ තෙරුන් ඒකාලේ ගොවි කුලේක ඉපදුණා. නම “සිරිවඩ්ඪ”. සැරියුත් මහ තෙරුනුත් බමුණු කුලේක ඉපදුණා. නම “සාරද”. ඉතින් මේ දෙන්නා තරුණ වයසට එළඹිලා, තාපසයන් බවට පත් වෙලා, සත්‍ය සොයාගෙන යන ගමනේ සාරද බමුණාට අනෝමදස්සී බුදුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගේ දකුණත්අග්‍ර ශ්‍රාවක “නිසභ” තෙරුන් දැකල පැහැදිලා කවදා හෝ බුදු කෙනෙකුගේ අගසව් තනතුරක් හිමිවේවා කියල ප්‍රාර්ථනා කළා. ඒ පැතුම ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සාරද තාපසතුමාට නියත විවරණ ලබා දුන්නා. ඊට පස්සෙ සාරද තාපසතුමා තමාගේ මිත්‍ර සිරිවඩ්ඪ තාපසතුමා සොයාගෙන ඇවිත් විස්තරේ කියලා තමා අගසව් තනතුර ප්‍රාර්ථනා කළ බුදුන් වහන්සේගේම දෙවන අගසව් තනතුර ප්‍රාර්ථනා කරන්න කියල ඉල්ලා හිටියා. ඉතින් සිරිවඩ්ඪ තවුසත් සත් දිනක් දාන මාන පවත්වලා අවසානයේ බුදු පාමුල වැඳ වැටිලා අගසව් තනතුර ප්‍රාර්ථනා කළා. ඒ පැතුම් ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සිරිවඩ්ඪ තාපසතුමාටත් නියත විවරණ ලබා දුන්නා. Read More

error: Content is protected by www.ifbcnet.org.