Skip to main content
All Posts By

Eranda

💙💚💛💜 අපේ බුදුහාමුදුරුවෝ 💙💚💛💜

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

බුදුවරු පහලවීම අතිශය දුර්ලභය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍යෙ කල්ප ලක්ෂයක් පෙරුම් ම් පුරමින් පැමිනි සුන්දර ගමන මෙන්ම විශේෂයෙන්ම බුදුවන ආත්ම භවයේ උන්වහන්සේ පිලිබද සැගවුනු බොහෝ දෑ අසිරිමත් විස්තරය ඉතාම හරබර අයුරින් ප්‍රංශයේ වෙසෙන තුසිත රජජපක්ෂ මහතාගේ තෙලි තුඩින් රචනා වී ඇත. මින් ඇරඹෙන්නේ ඒ අසිරිමත් ගමන් මග පිලිබද පුවතයි…

පළමු කොටස – https://wp.me/p4UHR6-3DR

💜💛 අපේ බුදුහාමුදුරුවෝ 01 💚💙

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) 2 Comments

රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව
( බෝසතාණන් වහන්සේගේ අවසන් ස්ත්රී ආත්ම භාවය යැයි අනුමාන කරනු ලබන වෘත්තාන්තය )

ඒ අසම සම වූ සූවිසි බුදුපියාණන් වහන්සේලා ඇතුළු භාග්යවත් වූ අමාමෑණී වූ අපගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
එමෙන්ම මෙම බුදුමග පිළිබඳව කරනු ලබන විස්තරයේ යම් වරදක් අඩුපාඩුවක් වූවානම් මා හට කමා කරනු සේක්වා!! සාදු සාදු සාදු !!

බුදු කෙනෙකුගේ ගුණ සමුදාය තවත් බුදුන් වහන්සේනමක් විසින් අනිකක් නො වදාරමින් කල්පයක් මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහිම නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කිම අවසන් නොවන බව දක්වා තියෙනවා. ඒ උත්තරීතර වූ බුද්ධ ගුණය අනන්තය. සාමාන්ය ජනයාට තබා රහතුන්ට ද අවිෂය ය. රහතුන් විසින් ද නොදන්නා වූ බොහෝ බුදු ගුණ ද තියනව බව සඳහන් වෙනවා. එසේනම් අප ගැන කුම් කතාද? මෙම උත්සාහය අප බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබූ කාලය තුල කරනු ලැබූ කැප කිරීම්, පරිත්යාග, උට්ඨාන වීර්ය අප වෙනුවෙන් පෑ මහා කරුණාව ආදී අනේක විදි ගුණ ධර්ම පිළිබඳව කෙටියෙන් විස්තර කිරීමය. ඒ මගින් අපගේ බුදු පියාණන් වහන්සේගේ මෙන්ම නියත විවරණ ලබා දුන් අනෙකුත් බුදුපියාණන් වහන්සේලා පිළිබඳවද ඔබ නොදත් බොහෝ කරුණු දැන ගත හැකිවනු ඇත. එමගින් බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවත්, ඒ අවබෝධය තුලින් හදපත්ලෙන් නැගෙනා මහත් වූ ගෞරවාදරයෙන් ම මින් මතුවට පසඟ පිහිටුවා වැඳීමට මෙන්ම, සියලු ප්රත්යන් දොහොත් මුදුනින් පිළිගැන්වීමටද පසුබටු නොවනු නොවනුමානය.

Read More

💙💚💛💜 අපේ බුදුහාමුදුරුවෝ 02 💙💚💛💜

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

💙💜 රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 02 💙💜

ඇත්තෙන්ම “අපේ බුදුහාමුදුරුවෝ යන ලිපි පෙළ මම ලියන්න පටන්ගන්න හිටියේ ඉති කුමාරිගේ කතාවෙන් නෙවෙයි. දුරේ නිධානයෙන්. දුරේ නිධානය කියන්නේ ප්රථම නියත විවරණයේ සිට බෝසතුන්ගේ මෙළොව බිහිවීම දක්වා ඇති කොටසට. එත් හදිසියේම ගෞරවනීය අරියවිමල හිමිපාණන් වහන්සේ පළමුදා කතා කොට මොනයම් හෝ හේතුවකට ඉති කුමාරිගේ කතා වෘත්තාන්තය මගෙත් එක්ක කිවා. එවිටයි මට හිතුනේ මම පටන් ගන්න ඕනේ මෙතනින් කියලා. උන්වහන්සේටත් අප්රමාණ පින්.

ඒ එක්කම, තවත් එක් පණිවිඩයක් විශේෂයෙන්ම පුරුෂ අධිපත්වයෙන් හිස උදුම්මාගත් සමහර ගිහි පැවිදි පුරුෂ පාර්ශවයටත් මෙයින් ලැබෙනවා. ඒ තමයි කල්ප කෝටි ගණනක් පෙරුම් පුරමින් ලොව්තුරා බුද්ධත්වය සඳහා යන බෝසතුන් වහන්සේලාටත් නියත විවරණ ලබනාතුරු ස්ත්රී අත්මභාවයෙන් ගැලවීමක් නොවන බව. එය සනාථ වන්නේ විශ්වාෂණීය මුලාශ්රයක් නැති රුපවතියගේ නොහොත් ඉති කුමාරිගේ කතාවෙන් නෙවෙයි. දීපංකර විවිරණයේ දී අභිණිහාරයට පරිපූර්ණ විය යුතු ලිංගසම්පත්ති යන කරනාවෙනුයි. එයත් සිතේ තබාගෙන ඉතිරිය කියවන්න.

Read More

💙 අපේ බුදුහාමුදුරුවෝ 03 💙

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 03

පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේ වෙතින් නික්ම රජමාළිගයට ගිය ඇය තම අභිලාශය ඉෂ්ඨ කරගන්න යායුතු දුෂ්කර ගමන යෑමට සැරසුණා. ඇය සුකුමාලත්වය පසෙකළා මහා පෞරුෂත්වයකින් ඒ භාරදුර කටයුත්ත සඳහා පිටව ගියා. ඒ කියූ අකාරයට දින සති මාස පසු කරමින් අබ ඇට ගව්වුවට එක බැගින් දමමින් යන්න කොතරම් කාලයක් ගතවන්න ඇතිද? ඒ මෘදු පාද ගැන හිතන්න. ලේ වැගිරෙන්න ඇති. අවසානයේ අන්තිම අබ ඇටය ඉතිරි වන තෙක් ඒ සංසාරික ප්රාර්ථනාව ලුහුබැන්දා. අවසානයේ ඒ දෛවෝපගත අබ ඇටය ඉතිරි වුනේ රජමාලිගාවක් අසල නෙවෙයි. එඬේරෙකුගේ දුප්පත් පැලක් ඉදිරියේ. ඇය ඒ දූගී පැල්පතට ගියත් කිසිවෙක් හිටියේ නැහැ. දැන් වගේ දොරවල් වසා තිබුනෙත් නැහැ. අනෙක එඬේරුකුගේ ගෙදර මොනවද ගන්න තියෙන්නේ.

අවසානයේ නුහුරු දෑතින් අවුල් වී තිබුන මුළු නිවසම පිළිවෙල කළා. ගෙදර ඉතිරිව තිබූ ධාන්ය වලින් රෑට කෑමත් සදා නිමකළා. කළුවර වැටෙන්න ආසන්නයේ තමයි දවසේ වැඩ නිමවී ඒ වියපත් ගොපල්ලා නිවසට පැමිණියේ. ප්රථමයෙන්ම ඔහු හොඳටම බිය වුනා. මෙතරම් තේජාන්විත සත්රියක් දැකීමෙන් බිය වීම පුදුමයට කරුණක් නෙවෙයි. ඇය කාරුණිකව දන්වා සිටියා ඇයව තමන්ගේ බිරිඳ ලෙස සලකන හැටියට. ටික වේලාවකට පසු වෙනයම් අනතුරක් නැති බව තහවුරු කරගත් ඔහු ඇයගේ ආරාධනය පිළිගත්තා.

ඔහු සේවයේ කලේ ඒ පළාතේ සිටි ධනවත්ම සිටුවරයා ළඟ. ඔහු කලේ සිටුවරයාගේ සතුන් බලාකියා ගැනීමයි. පසුදින ඔහු සේවයට යනවිට ඉති කුමරිය ඔහුට බත් මුලක් බැඳ දෙන්න අමතක කරේ නැහැ. ඒ නිසාම ඔහුට එදා සිට සිටුවරයාගේ මාළිගාවෙන් දිවා අහාරය ඕනේ උනේ නැහැ. ඔහු ඒ වෙනුවට වේලාසන ගෙදර යාමට අවසර ඉල්ලුවේ අලුත් බිරිඳක් ගෙදර ඉන්න නිසා. එක අහලා සිටුවරයට හොඳටම තරහා ගියා. එහෙනම් හෙට ඉඳන් උඹ ගෙදරම හිටපන් කියල රැකියාවෙන් පහකළා. ඒ කාලේ එහෙමයි. තීරණය සාධාරණ උනත් නැතත් නැවත වෙනස්වීමක් වෙන්නේ නැහැ. ඔහු පහුවදා ගෙදර ආවේ රැකියාවත් අහිමි වෙලා.

Read More

💜 අපේ බුදුහාමුදුරුවෝ 04 💜

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 01

මාගේ ඒ භාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු බුදුපියාණන් හට නමස්කාර වේවා !

🌻 දූරේ නිධානය

දූරේ නිධානය, අවිදූරේ නිධානය, සහ සන්තිකේ නිධානය වශයෙන් අප සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ නියත විවිරණ කාලයෙහි සිට පරිනිර්වාණය දක්වා වූ කාලය තුල වූ කතා පුවත් කොටස් තුනකට බෙදා දක්වනවා. දුරේ නිධානය කියලා කියන්නේ නියත විවරණ ලැබූ දීපංකර බුදුරජාණන් වහන්සේගේ අත්මභාවයේ පටන් තුසිත දෙවු ලොවෙන් චුත වූ කාල පරිච්චේදය දක්වා වූ කාලය තුල සිදු වූ කතා පුවත හඳුන්වන නාමයයි. තුසිත දෙවුලොවෙන් නික්ම ඇසතු බෝමුල බුදුවීම දක්වා වූ කතා පුවත් අවිදූරේ නිධානය හෙවත් නුදුරු හේතුව වශයෙන් හඳුන්වනවා. සන්තිකේ නිධානය වශයෙන් හඳුන්වන්නේ යම් තැනක බුදුරජුන් වැඩ සිටියාද ඒ ඒ තැන්වල සිදු වූ කතා නිධානයි.

ඔබට දැන් කියා දෙන්න උත්සාහ කරන්නේ ඒ දීර්ඝ නිධාන කතා පුවතේ පළමු කොටස වන අවිදූරේ නිධානයයි. මේ සඳහා කොතරම් කාලයක් යයිද, ඒ සඳහා මම කොතරම් දක්ෂවේද යන කරුණු තවමත් අවිනිශ්චිතයි. එත් යම් කරුණක් පමණක් නිශ්චිතයි. එනම් ඔබ මේ කතාව මුල සිට අග දක්වා සංයමයකින් යුතුව කියවනු ලැබුවහොත් පළමු සෝතාපත්ති අංගය වන බුදුන් කෙරෙහි ඇතිවන අචල ශ්රද්ධාවට යම් පමණකින් පත්වන බවයි.

මෙය රසවත්ව කියවිය හැකි ගලාගෙන යන බෝසත් චරිතාපදානයක් මෙන්ම අධ්යාපනය සඳහා ද අවශ්ය තැන්වල යම් යම් කරුණුද ඇතුළත් කිරීමට සිත කිවා. . උදාහරණයක් වශයෙන් “දශාකාර ශබ්දයෙන් තොර නොවූ අමරාවතී නගරය” යනුවෙන් කී මොනවද “දශාකාර ශබ්ද” යන්න පැහැදිලි කිරීමට දන්නා අයුරින් උත්සාහ කරනවා. එය කතා රසයට භාධාවක් වුවත් නොදත් දේ දැනගැනීමට උපකාර වේවි

Read More

💙 අපේ බුදුහාමුදුරුවෝ 05 💙

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) One Comment

🌷 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 02 🌷 🌷🌷


එදින රාත්රිය නිසැක වශයෙන්ම සුමේද පඬිතුමාට නොහොත් අපගේ බෝධිසත්වයන් වහන්සේට දීර්ඝ රාත්රියක් වන්නට ඇති. ඔහු කලේ නිදන කාමරයට යාම වෙනුවට මාළිගාවේ ඉහළම මාලයේ ඇති නිසල කුටියකට පිවිස පලක් බැඳ සිටිමින් මෙලෙස සිතන්නට වීමයි.

🌷 ගිහිගෙයි දොස් දැකීම. ( මෙය ලිපිය කෙටිකරණ අරුතින් කෙටියෙන් ලීවෙමි. )

මගේ දෙමාපියන් මෙතරම් ධනයක් රැස්කොට තිබුණත් මරණයෙන් මෙලොව හැර යාමේදී කිසිවක් ගෙනයාමට නොහැකි වී තියනවා. සියල්ලම අතහැර ගිහින්. එසේනම් මෙම ධනය රැස් කිරීමේ සුරැකීමේ ඵලය කුමක්ද? ඒ සඳහා වැය කරන කාලය මරණයත් හා සමග ගෙනයාහැකි ධනයක් රැස් කිරීමට යොදවන්න ඕනේ. ඒ විතරක් නෙවි. මෙම ජීවිතය ඉපදීම ලෙඩවීම වයසට යාම, මරණය යන මේ උවදුරන් ස්වභාව කොට ගත්තක්. එසේනම් මෙය පිටුදැකිය හැකි ධර්මයක් වේද එය සොයා යා යුතයි. හරියටම එය මේ වගේ දෙයක්. දුක තිබේනම් එයට ප්රතිපක්ෂව සැප තියනවා වගේ උණුසුම ඇති කල්හි සීතල ද ඇති සේ, පාපය ඇති කල්හි කුසලයද ඇති සේ මේ සියලු දුක් ගෙනදෙන ඉපදීමක් ඇත්ද එයට ප්රතිපක්ෂව සියලු දුකින් තොර නොඉපදිමක්ද, නිවනක්ද තිබිය යුතුම බවයි.

Read More

💚💛 අපේ බුදුහාමුදුරුවෝ 06 💚💛

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

💛 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 03 💛

🌻 අසපුවෙහි අලංකාරය

හිමවතෙහි පැවති ධම්මික පර්වතය කොහොමත් ස්වභාව සෞන්දර්යක ශ්රේෂ්ටත්වය පරිවාර කොට වැජබුන අති රමණීය නිර්මාණයක්. එම රමණීයත්වයට දිව්යමය පහස ලබාදෙමින් නිමවුන ඒ අසපුව පසෙකින් සක්මන ද ඒ සක්මන වටා මලින් හා ඵලින් පිරිණු ගස් පෙළින් සැඳුම්ලත් සිත්කළු ජලාශයන්ද, දරුණු සිවුපා, බියජනක පක්ෂි ආදීන්ගෙන් ආරක්ෂා වීමට ආරක්ෂක පවුරු හා කාය විවේකාදියට යෝග්ය විසිතුරු සක්මන් මළුවේ දෙකළවර එල්බ සිටින පුවරුද, හිඳිම සඳහා සක්මන මැද සමතලා ශිලා පුවරුවකින්ද සමන්විත වුවා. ඒ විතරක් නෙවි ඒ අති රමණීය දිව්යමය ආරාමය තුල තවුසන් සඳහා අවශ්ය දළ වැහැරී සිවුරුද, පැන් තාලි පැන් කල,ගිණි හලෙහි අඟුරු, කබල්, දර ඇතිරිලි ආදී තවුස් පිරිකර සියල්ල මවා තිබුණා. ඒ වගේම ඇතුළුවන ප්රධාන දොරටුව අසළ පුවරුවක ” යම් කිසි කෙනෙක් පැවිදි වෙනු කැමැත්තෙනම් මෙම තවුස් පිරිකර ගෙන පැවිදි වේවා” යනුවෙන් ද සටහන් කිරීමට විෂ්කම් දෙවුපුතු අමතක කලේ නැහැ.

Read More

💚💜 අපේ බුදුහාමුදුරුවෝ 07 💜💚

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

💚 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 04 💚

🌼 මෙතෙක් වත දරා සිටි යම් රාජකීය ආභරණ වටිනා සළුපිළි හිස්වැසුම් වේද මේ සියල්ල මුණි වැලෙහි බහා තබා දිව්යමය හස්තයකින් මවන ලද කොටකරඩු මල් දමක් වැනි වූ රතු වූ වැහිරි සිවුර ගෙන හැඳ ඒ මත්තෙහි රන්වන් වැහැරී සිවුරක් පොරවා දොඹ මල් ඇතිරිල්ලක් වැනි කුර සහිත අඳුන් මුව සම එකාංග කොට ජටා මඩුල්ල මුදා කෙස්වැටිය සමග නිසල බව සදහා හරහිද්ද ගසා මුතුලැල් සමග සාල්ලෙහි පබුලුවන් කෙණ්ඩිය බහා තෙතැනකින් නැමුණු කද ගෙන කදෙහි එක් කොණක කෙන්ඩියද, අංකුෂ පැස හා ත්රිදණ්ඩාදිය ද එල්ලා කද් බර දෙසරුවෙහි තබා දකුණු අතින් සැරයෙටිය ගෙන පන්සලින් නික්ම සක්මන් මළුව වෙත පිය මනින්නට වුනා.

Read More

💜💛 අපේ බුදුහාමුදුරුවෝ 08 💜💛

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

🌷 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 05 🌷

🌼 දිව්යමය අසපුව අතහැර යාම.

මෙසේ එදින රාත්රිය පුරාවට තමා විසින් කරන ලද අභිණික්මන ගැන සිතමින්, සියලු පහසුකමින් යුතු වූ ගෘහයකට කොටුවීම සත්ය ගවේෂණයට පළිබෝධයක් ලෙස සිතා පාන්දර යාමයේම ඒ අසපුවෙන් නික්මෙන්නට තීරණය කරනු ලැබුවා. තපස් පිරිකර ද රැගෙන එළියට පැමිණි සුමේධ තාපස තුමා තවුතිසා පුෂ්පයෙන් එලිය කල ඒ කුඩා මාවත ඔස්සේ අසපුව හැරදා වනය තුලට පියමැන්නේ තවත් පියවරක් ඉදිරියට තබමින්.
එදින පාන්දර යාමයේ ඉතා හොඳින් වැඩුණු රුක්මුලක් හමුවී විඩා නිවීම සඳහා එහි නතර වුවා. එවිටම සංසාරයේ බොහෝකල් නිවන් මග සොයා ගිය කල පිහිට වූ සෙවන දුන් ඒ ඒ වෘක්ෂයන්ගේ පොදු ආනිසංස දහයක් මතකයට එන්නට පටන් ගත්තා. එය මෙලෙසයි.

Read More

💙 අපේ බුදුහාමුදුරුවෝ 09 💚

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

💚 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 06 💚

🌼 පිඬු සිඟා වැඩීමෙන් ලද ප්රණීත අහාර ප්රත්යවේක්ෂාවෙන් යුතුව වැළඳු සුමේධ තවුසාණන් ඒ ශාන්ත පරිසරයේ වූ රුක්ෂ මුලයක වැඩ සිටිමින් එතැන් පටන් වැපුරූ හෝ සිටවන ලද පැල වලින් හට ගන්නා අහාර අතහැර කැලයේම ඇති වූ විවිධ අනිසංසයන්ස්වගෙන් යුතු සවයංපතිත ඵලවැල වළඳමින් මෙම සසරින් මිදෙන අයුරු සොයමින් ප්රධාන විර්යය කරන්නට වුනා. මෙසේ භාවයනායෝගිව සිත වැඩීමෙන් දින සතක් ඇතුළත ධ්යාන අෂ්ඨ සමාපත්ති සහ පංඤ්ච අභිඤ්ඤා ඉපදවා ගන්නට සමත්වුනා.

Read More

error: Content is protected by www.ifbcnet.org.