Skip to main content

වාසනාවන්ත දරුවන් ලබන්න …

හොඳයි යාලුවනේ, හොදයි යාලූවනේ මම පලකල පරණ ලිපි කිහිපයක් නැවත පලකිරීමක් මේ දවස්වල මම කරගෙන යන්නෙ. ඊයෙ පලකල් දරුවන් නැති අයට දරුවන් ලබන ආකාරය පිලිබදවයි. අද මම පලකරන්න යන්නෙ වාසනාවන්ත දරුවන් ලබන ආකාරය පිලිබදවයි’

මේක අපේ රටට අත්‍යාවශ්‍ය දෙයක්. මොකද කිව්වොත් රට මේ තරම් පහත් තත්වයකට වැටිල තියෙන්නෙ පිංවන්ත දරුවන් පහළ නොවීම නිසයි. විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ පුණ්‍යවන්ත දරුවන් ලබන්න විශේෂ දෙයක් නොකලත් අපේ මිනිස්සු කරන පහත් අමන වැඩ ටික නතර කලානම් පිංවන්ත දරුපැටව් පහළවෙන්න ඕනැ තරම් බලා සිටිනව. ඉඳල හිටල පිංවන්ත දරුවන් පහළ උනත් අපේ මිනිස්සු ගාව තියෙන දුෂ්චරිතය නිසා ඔවුන් ආපසු තමන් වැඩවිසූ ලෝක වලට යනව.

එක් වතාවක් ලස්සන පිංවත් දියණියක් එක පවුලකට ඉපදුනා. ඒත් ඒ අම්මල පව්කාර මිනිිස්සු. මස්මාලූ කකා, පන්සලට ගියත් හරිහමන් පිනක් කරගත්තෙ නෑ. මේ ළමය අවුරුදු 15-16 වන විට මේව ඔක්කොම බලාගෙන හරිම දුකින් හිටියෙ. එකදවසක් පන්සලේ හාමුදුරුවො ලගට ගිහින් හො`දටම අ`ඩල කීවලූ “අපේ අම්මල විහින් පව් කරගන්නව, මම යනව යන්න”කියල. හැබැයි යන තැනක් කියල නෑ. පස්සෙ ටික දවසකින් මේ දරුව මැරිල. එයාගෙ දිනපොත බැලූවාම ඊට කලින් දවසෙ රෑ ලියල තිබ්බලූ “ මම හෙට අනුරාධපුරේ යනව ” කියල.
මේ කථාව මම කිව්වෙ විශේෂ හේතුවක් නිසා. අපේ මිනිස්සු කරන්න තරම් පුලූවන් පහත්වැඩ කරනව. තිරිසන්නු වගේ බීල, තවත් ගන්න පුලූවන් තරම් මත් ද්‍රව්‍ය බීල, කන්න පුලූයන් තරම් අසරණ සතුන්ගෙ කුණු මස් බඩපුරා කාල තමයි තමන්ගෙ බිරිද ගාවට යන්නෙ. ඉතින් උපදින්නෙ යක්කු පෙරේතයො නෙවෙයිද? උන් උපන්දා ඉඳල කරදර කෙළවරක් නෑ. අන්තිමට ලොකු උනාම අම්මට, තාත්තට පයින් ගහල එළියට දානව. ඉතින් වැරැද්ද කියන්නෙ දරුවන්ට.


මම කියන්නද? මේ ඔක්කොටම මුල අපේ තිරිසන් මිනිස්සු ගාව තියෙන පහත් ගති. ඒකටත් එක්ක දැන් ඉන්න කින්තාවො. දරුවන් ගැන හිතන්න ඉස්සර එයාලගෙ එන්ජෝයි එක ගැනයි හිතන්නෙ. බලන්න අම්මල ළමයි එක්ක යන්නෙ ෆිට් ඩෙනිම්, ත්‍රී ක්වාටස් ඇඳගෙන. කාමයෙන් අන්තයටම ගිය මේ තිරිසන් මිනිස්සු මේව බෝකරපු බටහිරයන්ටත් වඩා අන්තෙට ගිහින්. අන්තිමට වයසට ගිහින් පාරවල් ගානෙ වැටිල ඉන්නව. කුරුණෑගල ළමයෙක් තාත්ත නැති අතරෙ තමන්ගෙ අම්මගෙ වතුර එකට නිදිපෙති දාල අම්ම එක්ක ලිංගිකව එක්වලා. අම්මට ළමයෙකුත් ලැඛෙන්න ඉඳල වහබීල අම්ම මැරුණ. මේවට වගකියන්න ඔනෙ මේ තිරිසන් සමාජෙ මිනිස්සු.
හරි මේතරම් දේවල් කීවෙ තමන්ට වාසනාවන්ත දරුවන් ලබන්න, ඒ පුණ්‍යවන්ත දරුවන්ගෙන් හොඳින් සැලකුම් ලබන්න අපි සුචරිතවත් වෙන්න ඕනෙ කියන පණිවිඩේ කියන්න. ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සෙ කීවෙත් ඔය ටිකම තමයි. දැන් පහත පිළිවෙත් හොඳින් කියවා ඒ අනුව හැසිරීමට උත්සාහ කරන්න. හැබැයි කලින්ම කියන්න දෙයක් තියෙනව. තමන්ගෙ අවංක උවමනාව තියෙන්න ඕනෙ මේ කාරණාවට. මම කියන නිසාවත්, සහකරු හෝ සහකාරිය කියන නිසාවත් මේව කරලනම් ප්‍රථීඵල ගන්න අමාරුයි.

01. තමන්ගෙ නීත්‍යානුකූල බිරිඳ හෝ ස්වාමියා සමග ඇයට හෝ ඔහුට හිංසනයක් නොවන පරිදි ලිංගික ජීවිතය ගතකල හැකි උවත් දරුවන් ලබන කාලයේ අධික කාමාශාවන් පාලනය කරගන්න. පාලනය යනු තදින්ම ඒවා සිත තුල මිරිකාගෙන සිටීම නොවේ. ධර්මය ගැන සිහිකිරීම තුලින් ඒවා පාලනය කරගන්න. අනවශ්‍ය පරිදි ආශාවන් සන්තෘප්ත කිරීමෙන් වලකින්න.

02. ධාර්මිකව දවස ගත කිරීම ඉතාම වැදගත්. නිතරම බුදුගුණ මෙනෙහි කිරීම ඉහළම ප්‍රථීඵල ලබා ගැනීමට සුදුසුම ක්‍රමයක්. මෙය කෙතරම් ප්‍රගුණකල යුතුද යත් ක්ෂණිකව ශරීරයේ ගැටීමකදී පවා බුදුගුණ සිහිවෙන තරම් ප්‍රගුණ කරන්න. ( අපේ අයට ගොඩක් වෙලාවට කටට හුරුවෙලා කියෙනන කුණුහරපයක්නෙ )

03. හැකි හැම විටම උදේ දවල් හවස අනන්ත බුදුගුණයට උපහාර කරමින් හැකි උපරිම අයුරින් ජීවමාන බුදුපියාණන් වහන්සේට උපහාර කරමියි සිතාගෙන දානය, ගිලන්පස පූජාවන් ආදිය තබන්න. එම පූජා තමන්ට හැකිතරම් ඉහළම පූජා භාණ්ඩ ( පාත්‍ර, වීදුරු, හා අනිකුත් උපකරණ ) භාවිත කරන්න. ( මේ ගමන් තවත් පුංචි කාරණාවක් කියන්නම්. ඉහළම බුද්ධ පූජාකරන තැන්වලට සර්වඥ හා මහ අරහත් ධාතුන්වහන්සේලා වඩින අවස්ථාත් තියෙන බව අමතක කරන්න එපා. එහෙම උනොත් ගෙදරට කිරි ඉතිරෙන බවනම් සහතිකයි. මේව අත්දැකීම්වලට අනුවයි කියන්නෙ. )

04. මාංශ භක්ෂණය කියන්නෙ නරකම පුරුද්දක්. මතක තියාගන්න ඔබේ සිතිවිලි අනුව තමයි දරුවාගේ මනස සකස් වෙන්න. අම්මගෙ විතරක් නෙවෙයිත තාත්තගෙ සිතිවිලිත් බලපානව. ඒ නිසා මේ කුණු මස් මාංශ වලින් කුස පුරවාගෙන දරුවාගේ අනාගතයනම් විනාශ කරන්න එපා. බටහිර ඊනියා වෛද්‍ය විද්‍යාවෙන් කියයි මාංශ භක්ෂණයෙන් වැලකීමෙන් එක එක අඩුපාඩු හැදෙයි කියල. ඔය ගැටවලට අහුවෙන්න එපා. මාංශ භක්ෂණයෙන් දරුවාට ලැඛෙන්නෙ විනාශයක් පමණයි. සත්ව ආහාර වලින් එළකිරි ගත්තටනම් ප්‍රශ්නයක් නෑ. ඒක බුදුරජාණන් වහන්සේ පවා අනුමත කල සුවිශේෂ ආහාරයක්. එක් වරක් ගවයන් මරන තැනක් බලන්න නිතර නිතර ගිය ගැබිණි මවකට ලැබුන දරුව හරිම ප්‍රචණ්ඩකාරි උනා. තමන්ගෙ ත‍ගදර ඉන්න සතුන් මස්කරන්න මේ දරුව පුරුදු උනා’ මේකට හේතුව උනේ අම්ම ගැබිණියක්ව සිටි කාලෙ අර සතුන් මරණව බලන්න ගි එක. බලන්න ඔබේ සිතිවිලි දරුවට කොතරම් බලපානවද කියල.

05. හැම විටම පිරිසිදු එළවලු පලතුරු පමණක් ආහාරයට ගන්න. විෂ රසායන යොදල හදන, ඉදවන, එලව`ථ පලතුරු කනවනම් ශරීයට කොහොමත් අගුණයි. කඩෙන් ගන්නෙ නැතිව තියෙන තැනකින් ගසෙන් නෙලාගන්න පුලූවන්නම් හරිම වටිනව. ඒ විතරක් නෙවෙයි. මස් මාංශ නොගැනීමෙන් සිදුවනවා කියන නොයෙක් විටමින් ඌණතා මේ පිරිසිදු ස්වාභාවික ආහාර වලින් මගහැරෙනව. ඊට අමතරව තේ පානය වෙනුවට ඛෙලිමල්, නෙල්ලි, පොල්පලා වගේ දේවල් වගේම කැඳ වර්ගත් තමන්ගෙ ශරීරයට සුදුසු අයුරින් සිංහල වෛද්‍ය උපදෙස් අනුව ගැනීම ඉතාම සුදුසුයි. විශේෂයෙන්ම ගොටුකොළ වගේ කැඳ වර්ග ලේ ධාතුව වර්ධනයට ඉතාම වැදගත්. 6. මෛත්‍රීය සිතේ සැම විටම තබාගන්න. ඊර්ෂාව, වෛරය, තරහ සිතින් ඉවත්කරගත යුතුමයි. මොන කැඳ වර්ගයක් ගැලූම් ගණන් බිව්වත් වෛරයෙන් සිදුවන ලේ අපිරිසිදුබව කවදාකවත් ශ=ද්ධ කරන්නනම් බැහැ. සිත නිතර බුදු බණට යොමු කරන්න. රාත්‍රී නින්දට පෙර පිරිත් සූත්‍රයන් කීපයක් කියන්න පුලූවන්නම් හරිම වටිනව. ධජග්ග සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය ජය පිරිත, ජිනපඤ්ජරය ආදී පිරිත් ගොඩක් වටිනව.

07. දෙදෙනාම මෛත්‍රී භාවනාව පුරුදුකරන්න ඕනැ. ඒක අනිවාර්යම අංගයක්. විශේෂයෙන්ම සහකරු සහකාරියට තරහ ඇවිස්සෙන්නෙ නැති විදිහට වැඩ කරන්න ඕනෙ. මවත් හැමවිටම ඉවසන්න පුරුදුවෙන්න ඕනෙමයි. කිසිම දෙයක් ගණන් ගන්න එපා. අර අපේ අම්මල කියන්නෙ මහපට ඇගිල්ලෙන් උඩට කිසිදෙයක් ගන්න එපා කියල. කරදර බාධක මොන දේ ආවත් ඕව මිනිස්සුන්ට පොදු දේවල් කියල අතෑරල දාන්න.

08. තමන් වගේම ගැබිණි අයට විශේෂයෙන් සලකන්න. සත්තුන්ට පවා කරුණාවෙන් සලකන්න. කුඹල් ගෙවල් කැඩීම, පැටව් ලැඛෙන්න ඉන්න සතුන්ට හිංසා කිරීම විශේෂයෙන් අත්හල යුතුයි. පරණ කථාවක තියෙනව ගැබ්බර අම්ම කෙනෙක් බත්කනව බලා හිටපු ගැබ්බර බැලිකික්කියෙකුට ඒ අම්ම බත් කටක්වත් නොදී ගහල එලෙව්වලූ. පස්සෙ ඒ අම්මට බලූ මූණ තියෙන දරුවො කීපදෙනෙක් ලැබුණලූ. කථාවෙ ඇත්ත නැත්ත කෙසේ උනත් විපාකයක් නම් ලැඛෙන බව සහතිකයි. ඒකයි කියන්නෙ මස් මාංශයත් භයානකයි කියල. සමහර විට ඒ මස් මාංශ ගැබ්බර සතුන්ගෙ වෙන්න පුලූවන් නිසා. පුලූවන් කමක් තියෙනවනම් මාතෘ සයන වලට දානයක් දෙන්න, ගැබිණි වාට්ටු වලට දන් දෙන්න. හරිම වටිනව.

09. මේ කාරණේ තමයි වටිනාම එක. දරුවෙක් හදන්න එක් වෙන්න ඉස්සරල වාසනාවන්ත දරුවෙක් මගෙ කුසට එන්න කියල ආරාධනා කරමින් බෝධි පූජා කරන්න පුලූවන්නම් හරිම වටිනව. වාසනාවන්ත දරුවෙක් බලාපොරොත්තු වන අම්මල අනිවාරයයෙන් මේක කරන්න අවශ්‍යයි. ඇයි මේ බෝධි පූජා කරන්න කියන්නෙ. පිං ඇති ආත්ම සැම විටම පුණ්‍ය භූමිවලයි සැරිසරන්නෙ. විශේෂයෙන්ම ශ්‍රී මහා බෝධිය, රුවන්මැලි මහා සෑය, දළදා මාලිගාව, ශ්‍රී පාදය වැනි පුණ්‍ය ස්ථානවල මේ ආත්මයන් සැරිසරණව. අනික බඹලොව, දෙව්ලොව සිටින මහා තේජාන්විත උත්තමයො එහි වැඩවසන කාලය අවසන් වනවිට මිනිස් ලොව මවු කුසක් සොයාන එන්නෙ පූජා භූමි ආශ්‍රය කරගෙනයි. එක්වෙන්න කලින් පූජා කරන්න කියන්නෙ ආත්මයක් කළලය හා බැෙඳන්නෙ කුසේ රෝපණය වෙන අවස්ථාවෙද, ඊට කොතරම් කාලෙකට පස්සෙද කියල හරියටම කියන්න බැරි නිසයි. ඒක එක්් පුද්ගලයා අනුව වෙනස්වෙන බව බුදුහිමියන් දේශනා කල නිසා. ඉතින් එවන් පූජා භූමියක නිතර බෝධිපූජා වගේ තියල ආශිර්ාද ගන්න. මතක තියාගන්න එක එක දවසට එක එක ස්ථානවලට යනවට වඩා හොඳ එකම තැනකට නිතර යන එක. හැබැයි මතක තියාගන්න ඕනැ කාරණයක් තමයි කලින් කරපු පිරිසිදුු තාවයන් ඇතිකරගෙනයි මේ දේ කරන්නඕන. නැත්නම් ආරාධනාවට එන අය ඇවිත් අපිරිසිදු බව නිසා ආපසු යන්න ඉඩතියෙනව. දරවන් නැති ක්‍රිස්තියානි යුවලක් වරක් පන්සලකට ඇවිත් බෝධිපූජා කලා. දරුවෙක් කුස පිළිසිඳ ගත්තෙ ඒකෙ ප්‍රතිඵලයක් විදිහට. පිළිසිඳගත්ත බව දැනගත් දා සිට එයාල බෝධි පූජාවට ආවෙ නෑ. ආයිත් පල්ලි ගියා. හැබැයි කළලය මෝරනකොට ස්කෑන්කරල බලපුවාම අත් පා කොටෙක් තමයි කුසේ ඉඳල තියෙන්නෙ. ඊට පස්සෙ බෝධි පූජා කරපු හාමුදුරුවන්ට ආයිත් ගිහිල්ල කීව. හාමුදුරුවො කණගාටුවෙන් උනත් ආයිත් පන්සල පැත්තෙ නාවට කමක් නෑ කියල. හාමුදුරුවො කියන්නෙ අර පල්ලි ගිහින් විකාර කල නිසා කුසට ආපු පිං ඇති දරුව ඉවත් වෙලා පවුකාරයෙක් ඒකට රිංගුව කියල. මනෝකාය මාරුවෙන්න පුලූවන් බව අද විද්‍යාත්මකවත් පිළිඅරන් තියෙනව.

10. ගැබිණි කාන්තාවකට ඇතිවන දොළදුක සංසිුවීමත් අත්‍යාවශ්‍යයි. පිංකාර දරුවො උපදිනකොට යම් යම් වාසනාවන්ත දොළදුක් පහළ වෙනව. හාමුදුරුවරු වළඳපු දානෙ ඉතිරි ටික වළඳන්න හිතෙනව කියන්නෙ පිංකාර දරුවො පහළවෙනකොට පොදුවෙ ඇතිවෙන දොළ දුකක්. දුටුගැමුණු රජු උපදින ඉන්නකොට එළාරගෙ යුධ පෙරමුණේ හිටපු යෝධයෙක්ගෙ ගෙල කපපු කඩුව හෝදල ලේ බොන්න ඕනෙ කියල විහාර මහ දේවිය කීවෙ ඒ ශ්‍රේෂ්ඨ නරපතියෙක් පහළ වන බවට සාක්ෂියක්. ගොඩක් දොළදුක් හැදෙන්නෙ දරුවට අවශ්‍ය විටමින් මදි උනාම ඒව ලබාගන්න කළලය මගින් මොළයට දෙන පණිවිඩයක් විදිහට. ඒ පණිවිඩය අපිට දැනෙන්නෙ ආශාවක් විදිහට. උදාහරණ විදිහට අඹ එහෙම කන්න හිතෙන්නෙ සී විටමින් අවශ්‍යතා වලටලූ. හැබැයි භයානක දොළදුක් ඇති වෙන්නත් පුලූවන්. ඒ ඉතින් කුසට ආපු දරුවට අනුව තමයි.

දරුවකු බලපොරොත්තුවෙන් එක්වීමට පෙර සතියක්වත් අඩුතරමාන් ශ=ක්‍ර පිටනොකර සිටිය යුතුයි යන්න වෛද්‍ය උපදේශයක්. මන්ද යත් සරු ශ=ක්‍ර සංයෝගයක් සෑදීමට සතියක්වත් ගතවන බැවිනි. එසේම තක්කලි, අන්නාසි වැනි සැර ආහාර භාවිතය අත්හල යුතුයි. ඒ සතියම සීලාදී ගුණ ධර්ම වැඩිය යුතු අතර ඇසළ මාසයේ ගැබ් ගන්නවුන්ට දරුඵල වෙසක් මාසය ආසන්නයේ ලැඛෙන බැවින් වාසනාවන්ත දරු උපත් ගෙනදේ.

හොඳයි. මේ සියල්ල සංෂිප්තව ගත්තාම පුලූවන් තරම් පිංදහම් කටයුතු වල යෙදෙන්න. තව ඛෙහෙත් ක්‍රම තියෙනව ලස්සන ලමයි උපදින්න. ඒත් මම කීවෙ ගුණගරුක ලස්සන ළමයි උපදින විධිය. බුදු දහම අනුගමනය කරන ඕනෙම අයෙක් සැනසෙනව කියන්නේ මේ නිසයි. ඔබ සැමට යහපත් දූ දරුවන් ලැබේවා.

ඔබට ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශාන්තියම වේවා….

මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු සාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් කථාකර මා ශක්තිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

මම සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.