Skip to main content

78 මහාසුපින ජාතකය

තවද එක් සමයෙක්හි දිඟු පුළුල් නිල්නුවන් ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක්. සොළොස් මහසවප්තයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ රාත්‍රියෙහි නිද්‍රාවට පැමිණි පශ්චිම යාමයෙහි සොළොස් සවප්නයක් දැක භයින් ත්‍රසතව පිබිඳ මේ සවප්නයන් දුටු බැවින් මට කුමක්වේදෝහෝයි මරණයින් භයපත්ව යහන්පිට හිඳම පාන්කොටපූය ඉක්බිත්තෙන් පාන්වූකල්හි ශාන්ති බ්‍රාහමණයන් හා පුරෝහිත බ්‍රාහමණයෝ රජ්ජුරුවන් කරා පැමිණ සවාමීනි රජ්ජුරුවන් වහන්ස රාත්‍රියෙහි සැපසේ විසූසේක්දැයි විචාළෝය, ආචාරිවරයෙනි මට සැපයෙක් නම් කොයින්ද අද මම අළුයම්වේලෙහි සොළොස් සවප්නයක් දුටිමී මම ඒ සවප්නයන් දුටු වේලේ පටන් භයපත් විමි ආචාරිවරයෙනි එහි දෝෂය කියවයි කිවූය සවප්නයන් අසාදන්නමෝවේදැයි කීකල්හි බමුණන්ට රජ්ජුරුවෝ දුටුවා වූ සවප්නය කියා කීමෙක් ද මට මේ සවප්නය දුටුකාරණයෙන් කුමක් වේදැයි විචාළෝය. එබස් ඇසූ බමුණෝ අතසැලූය. රජ්ජුරුවන් විසින් කවරකාරණයකින් තොපි අත්සලවේදැයි විචාළකල්හි මහරජ්ජුරුවන්වහන්ස ඒ සවප්නය ඉතා කර්‍කශවූ සවප්නයකැයි කීහ. ඒ සවප්නයෙහි විපාක කවරේදැයි විචාළකල්හි රාජානතරායය භොගානතරායය ජීවිතානතරායය යන මේ ත්‍රිවිධවූ අනතරායන් අතුරෙන් එක්තරා අනතරායෙක් වන්නේ යයි කිවූය, ඒ සවප්නයට ප්‍රතික්‍රියා කලහැකි දැයි විචාළේය. ඒකාන්තයෙන් මේ සවප්නය ඉතා තද බැවින් ප්‍රතික්‍රියා කල නොහැක්කේය, අපිවූකලී ඒ ස්වප්නයට පිළියම් කරම්හයි ඒ සවප්නයෙහි දෝෂ පහකොටපියන්ට අසමත්‍ර්‍ඵවූ අපගේ ශාසත්‍ර ඉගැන්මෙන් ප්‍රයෝජන කිම්දැයි කිවූය, කුමක්කොට ඒ දෝෂ දුරුකරව්දැයි විචාළේය. මහරජ්ජුරුවන්වහන්ස සියල්ලෙන් සතරක්සතරක් නියායෙන් සර්‍වචතුස්ක නම්වූ යාගයක් කරම්හයි කිවූය, රජ්ජුරුවෝ භයින් ත්‍රසතව එසේවී නම් ආචාරිවරයෙනි මාගේ ජීවිතය තොප ඇමඅතය, මට වහා සවසථයක්කරවයි කිවූය, එබස් ඇසූ බමුණෝ බොහෝ වසතුන් ලබම්හ බොහෝ කනබොනදෑත් ගෙන්වා ගණුම්හයි බලවත් සන්තෝෂයෙන් යුක්තව මහරජ්ජුරුවන්වහන්ස අස්වසා මාලිගාවෙන් නික්ම නුවරින් පිටත යාගාවාටයක්කොට බොහෝ චතුස්පද ජාතීන් යාගසථමභයේ බැඳ බොහෝ පක්‍ෂි සමූහයාත් ගෙණවුත් මේ මේදෑ ලදමැනවයි නැවත ඔබි නොබ ඇවිදිනාහුය.

එක්ල්හි මල්ලිකා දේවී ඒ කාරණය දැන රජ්ජුරුවන්කරාගොස් මහරජ්ජුරුවන්වහන්ස බමුණෝ නැවත නැවත ඈතමෑත ඇවිදිති කිමෙක්දැයි විචාළීය, එබස් අසා රජ්ජුරුවෝ කියන්නෝ පෝසත්ව ඇවිදිනා තෙපි අපගේ කම්මුල සර්‍පයන් ඇවිදිනා නියාව නොදන්නවාදැයි කිවූය, මහරජ්ජුරුවන්වහන්ස මේ කුමක් කී නියාදැයි විවාළකල්හි මා විසින් මෙබඳු සවප්නයක් දක්නා ලද සවප්නයෙහි විපාක බමුණන් අතින් විචාළ කල්හි බමුණෝ ත්‍රිවිධ අනතරායන් අතුරෙන් එක්තරා අන්තරායෙක් පෙණෙයි කියා ඒ අන්තරායවලකනපිණිස යාගකරම්හයි කියා නැවත නැවත ඇවිදිති කිවූය. කිමෙක්ද මහරජ්ජුරුවන්වහන්ස දිව්‍යමනුෂ්‍යයන් සහිතවූ ලෝකයෙහි අග්‍රබ්‍රාහමණයානන් අතින් නුඹවහන්සේ විසින් දක්නාලද්දාවූ සවප්නයට ප්‍රතික්‍රියා විචාරණලදදැයි කිවූය සොඳුර ඒ දිව්‍යමනුෂ්‍යයන් සහිතවූ ලෝකයෙහි අග්‍රබ්‍රාහමණවූවෝ කවුරුදැයි විචාළෝය. සවාමීනි දිව්‍ය මනුෂ්‍යයන් සහිතවූ ලෝකයෙහි අග්‍රපුද්ගල සර්‍වධර්‍මයන් සර්‍වාකාරයෙහි විශෙෂයෙන් දන්නා වූ පිරිසිදු චිතතසනතාන ඇති නික්ලෙශීවූ මහාබ්‍රහමයානන් වහන්සේ නාඳුනනසේක්ද ඒ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ වනාහි සවප්නයෙහි තොරතුරු දක්නාසේක. වැඩියමැනව මහරජ්ජුරුවන්වහන්ස ඒ සර්‍වඥයන්වහන්සේ අතින් විචාළමැනවැයි කිවූය. රජ්ජුරුවෝ යහපත දේවිනි කියා විහාරයටගොස් බුදුරජානන්වහන්සේට නමස්කාරකොට උන්නාහුය, සර්‍වඥයන්වහන්සේ මධුරසවරවිහිදුවා කිමෙක්ද මහරජ්ජුරුවෙනි ඉතා උදෑසනම අවුදැයි වදාළසේක. ස්වාමීනි මම අළුයම්වේලෙහි සෙළොස් සවප්නයක් දැක භයින් ත්‍රසතව බමුණන්ට කීමී, බමුණෝ ඒ අසා මහරජ්ජුරුවන්වහන්ස ඒ සවප්නයනම් ඉතාතද රූක්‍ෂවූ සවප්නයක ඒ දුටු සවප්නය විනාසකරුණු පිණිස චතුෂ්කයෙන් යාගයක් කරම්හයිකියා යාගය සරහති, එසේහෙයින් බොහෝ ප්‍රාණීහු මරණභයින් භයපත්ව සිටියාහ, නුඹවහන්සේ වූකලී දිව්‍යමනුෂ්‍යයන් සහිතව ලෝකයෙහි අග්‍රපුද්ගලසේක, යමක් නුඹ වහන්සේගේ ඥනමුඛයට හමුනොවේ නම් එසේවූ අතීතාගත වර්‍තමානයෙහි උපන්නාවූ කිසිම පදාත්‍ර්‍ඵයෙක්නම් නැත්තේය, එසේහෙයින් සවාමීනි බුදුරජානන්වහන්ස මේ සවප්නයෙහි විපාක වදාළමැනවයි කීව්ය. මහ රජ්ජුරුවෙනි ඒ එසේමය දිව්‍යමනුෂ්‍යයන් සහිත වූ ලෝකයෙහි මේ සවප්නයන්ගේ තොරතුරු විපාක දක්නට මාහැර අන්සමත්‍ර්‍ඵකෙණෙක්නම් නැත්තාහුය, එසේ හෙයින් මම තොපට කියමි එතකුදුවුවත් තොප දුටුසැටියේම සවප්නයකියවයි වදාළසේක. යහපත සවාමීනි කියා රජ්ජුරුවෝ දුටුසැටියේම සවප්නය කියන්නාහු,

උසභා රුකඛාගාවියො ගවාව අසෙසා කංසො

සිඟාලිච කුමෙහා පොකඛරණ්ච අපාක චන්‍දනං

ලාපූ ති සීදනති සීලාපලවනති මණඩුකියො කණහසපෙපගිලනති,

කාකාසුවණණා පරිවාරෙනති තසාවකා ඵලකානං භයාහීති

යන මේ මාතෘකාව සිතතබා සවප්නයකීවාහුය. කෙසේකීව්දයත් සවාමීනි මම එක් සවප්නයක් මෙසේ දිටිමි-අජනවර්‍ණවූ කාලවෘෂභයෝ සතරදෙනෙක් යුක්‍ෂකරම්හයි සතරදිගින් රාජක්‍ෂගනයට අවුත් වෘසභයුක්‍ෂය බලම්හයි මහජනයා රැස්වූ කල්හි යුක්‍ෂකරන්නාවූ ආකාර දක්වා ගර්‍ජජනා කොට ඒ ඒ අත පලායන්නාහ, මේ පළමුවනසවප්නය දිටිමි මේ සවප්නයට විපාක කවරේදැයි විචාළෝය මහ රජ්ජුරුවෙනි මීටවිපාක තොපසමයෙත් අපසමයේත් නොවන්නේය, අනාගතයෙහි අධර්‍මමිෂඨවූ කෘපන රජදරුවන් හා අධර්‍මමිෂඨ මනුෂ්‍යයන් සමයෙහි ලොව යහපත පෙරලන්ට පටන්ගත්කල්හි කුසලය පසුබැස අකුසලය උත්සනනව කුසලයට අකුසලය මතුව ලොව පිරිහෙන්නාවූ කාලයෙහි වර්‍ෂාව යහපත්ව ඉඳුරා නොවස්නේය මේඝපාදයෝ සිඳෙන්නාහුය සශ්‍යයෝ මලානික වන්නාහුය, එසේහෙයින් දුර්භික්‍ෂවන්නේය, මේඝයෝ වස්තාක් මෙන් සතර දිගින් නගා සත්‍රීන් අව්වෙහි වැනුවී ආදිය තෙමෙයි යන භයින් අතුළු කොට ගත් කල්හි පුරුෂයන් උදළු හා පෙට්ටිගෙණ ඇල අමුනු නියරබඳින්ට නික්මුණූකල්හි වස්නාආකාරදක්වා ගර්ජනාකොටකොටවිදුලිය ගසගසා අඳුන්වන්කළුගොන් සතරදෙනා රාජාඟනයට අවුත් පොරඅරභයා බොහො දෙනා ගොන්පොරදකුම්හයි රැස්වූකල්හි පොර අන්නාවූ ආකාර දක්වා තප්ලා ගර්ජනාකොට පොරනෑනම ඒ ඒ අත පලායාමෙන් මේඝයෝ නොවැසම පලායන්නාහුය. මේ තෙමේම මේ සවප්නයෙහි විපාකවන්නේය, තොපට වූකලී මේ සවප්නය දුටුකාරණයෙන් කිසි අනතරායෙක් නැත. අනාගතය අරභයා දක්නා ලද්දාවූ මේ සවප්නයවන්නේය, බමුණෝ වනාහි තමන්ගේ ජීවිකාවෘතතිය නිසා යාගකිරීමෙන් සන්හිඳෙයි කිව්යයි මෙසේ සර්‍වඥයන්වහන්සේ සවප්නයට නිෂ්පත්තිවදාරා මහරජ්ජුරුවෙනි දෙවෙනිවූ සවප්නය කියවයි වදාළසේක.

සවාමීනි දෙවෙනි සවප්නය මෙසේ දිටිමි කුඩාරුක් හා ගස් පොළොව පලා වියතක් පමණත් රියනක් පමණත් උඩනොනැගීම මල් පිපෙන්නේත් පලාගන්නේත්වෙයි, මේ දෙවෙනි සවප්නය දිටිමී, මීට විපාක කවරේ දැයි විචාළෝය, මහරජ්ජුරුවෙනි මීටත් විපාක ලොවපිරිහෙන්නටවන්කල්හි මනුෂ්‍යයන් මන්‍ද්‍රයුක්ෂ වූ කල්හි වන්නේය, අනාගතයෙහි සත්‍වයෝ අධිකවූ රාග ඇතිවන්නාහුවෙති වයසට නොපැමිණියාවූ කුමාරිකාවෝ පුරුෂාන්තරයට ගොස් සෘතුමතීබව ගර්භනීව දූදරුවන් හා සමඟ වෙසෙති, පැලගස් වල මල්මෙන්ඔවුනොවුන්ගේ සෘතුමතිබව හා ඵලමෙන් දූදරුවෝ වන්නාහුය, මේ කාරණයෙනුත් තොපට භයෙක් නැත. තුන්වැනි සවප්නය කියව මහරජ්ජුරුවෙනියි වදාළසේක.

එකල රජ්ජුරුවෝ තුන්වෙනි සවප්නයකින්නාහු මෙසේකිවුය- සවාමීනි එදවස්ම උපන්නාවූ වස්සන්ගෙන් දෙනුන් කිරිබොන්නා දිටිමි, මේ තුන්වෙනි සවප්නය, මීට විපාක කවරේදැයි විචාළෝය මීටත් විපාක මතු එන්නාවූ කාලයෙහිම මනුෂ්‍යයන්ගේ ජ්‍යෙෂඨාපවායික කර්‍මමයනටකල්හි වන්නේය අනාගතයෙහි සත්‍වයෝ මමිපියන් කෙරෙහිවත් නැදිමයිලන් කෙරෙහිවත් ලජ්ජාවක් නූපදවා තුමූම කුටුමබයවිචාරා තුමූමතමන්ට සල සාගණිති, බත්පිලියකුත්වෘක්‍ෂයන්ට දෙනුකැමතිකෙනෙක් දෙති, නොදෙනු කැමතිකෙණෙක් නොදෙති, ඒ වෘක්‍ෂයෝ අනාථ අසරනව තුමු තමන්නිසා ජීවත්‍වගතනොහී එදවස උපන්නාවූ වසසන්ගෙන් කිරිබොන්නාවූ මහ දෙනුන්මෙන් දරුවන් සිත්ගෙණඋන්නිසා ජීවත්වෙති මේ කාරණයෙනුත් තොපට භයෙක් නැත, සතරවෙනි සවප්නය කියවයි මහරජ්ජුරුවෙතියි කීසේක.

සවාමීනි ආරොහ පරිනාහ සමපනනවූ මහගොන්යුග පරම්පරා අඟයොදා තරුණවූ ගොන්නාඹුන් රථයකටාදීවූ භාරයන් අදනා සඳහා මුල් ගැල් හිස යොදන්නවුන් දිටිමි, ඒ නාඹුගොන් මුලයොදනුලද්දාහු භාරය ඇදගතනොහිකරින් වියදමා සිටියාහුය. එසේ හෙයින් ගැල් කැමති තැනකට ගොස් වෙළඳාම් ආදීවූකාරිය සමුර්‍ඩයකොට ගන්ට නූවූයේය, මේ මාගේ සතරවැනිවූ සවප්තය මීට විපාක කවරේදැයි විචාළෝය. මහරජ්ජුරුවෙනි මීට විපාක අනාගතකාපයෙහි අධර්‍මමිෂ්ඨ වූ රජදරුවන් සමයෙහි වන්නේය. අනාගතයෙහි අධර්මිෂ්ඨවූකෘපණවූ රජදරුවෝ නුවනැත්තාවූ පරම්පරාව දැන්මෙහි සමත්‍ර්‍ඵවූ ඒ ඒ කාය්‍ර්‍ය සමුක්‍ර්‍ෂකොට දීලන්ට නිසිවූ මහා අමාත්‍යයන්ට යසපිරිවර නොදෙති, ධර්‍මාධිකරණයෙහිත් රාජකාය්‍ර්‍ය විචාරන්නාවූ සථානයෙහිත් නුවනැත්තාහු විනිශවයෙහි දක්‍ෂවූ පරම්පරාවන් පැවත ආවාවූ වයෝවෘක්‍ෂ අමාත්‍යයන් නොසලස්වති, ඔවුන්ට විරුක්‍ෂවූ තරුණවූ බාලඅමාත්‍යයන්ට යසපිරිවරදෙති. එබඳුවූවන්ම විනිශවයෙහි සලසති, ඒ තරුණ අමාත්‍යයෝ රාජකටයුතු හා යුක්තා යුක්ති නොදන්නාහු ඒ තමන්ට දුන් යසසත් ධරාගත නොහෙති, මහලුවූ නුවනැති අමාත්‍යයෝද යසස් නොබලන්නාහු රාජකටයුතු සමුර්‍ඩකොට දීලන්ට සමත්‍ර්‍ඵයෝ වීනමුත් අපට මේ රාජකටයුත්තෙන් ප්‍රයෝජනකීම්ද අපි දැන් පිටත්වගියමෝවේද අභ්‍යනතරවූ බාලඅමාත්‍යයෝම ඒ රාජකාරිය දන්නෝවේදැයි උපන්නාවූ රාජකාරියක් නොකෙරෙති, එසේකල්හි සර්‍වප්‍රකාරයෙන්ම ගැල්හිස උසුලන්ට අසමත්‍ර්‍ඵවූ නාඹුගොන් ගැල්හිස වියෙහි යෙදුකලක්මෙන්ද ගැල් හිසඋසුලන්ට අදින්ට අසමත්‍ර්‍ථවූ මහගොන් වියදක්‍ෂු පරම්පරාවෙන් අගයෙදූ කලක් මෙන්ද, ඒ රජ දරුවන්ට මහත්වූ පරිහානියම වන්නේය, මහරජ මේ කාරණයෙනුත් තොපට භයෙක් නැත පස්වෙනි සවප්නය කියවයි වදාළ සේක.

සවාමීනි දෙදිසාවෙන් මුඛදෙකක් ඇති අශවයෙකු දිටිමි, ඔහුට දෙපිටිම්ම කෑහැකිය. ඒ තෙමේ දෙපටින්මකන්නේය. මේ මාවිසින් දක්නා ලද පස් වැනි සවප්තය, මීට විපාක කවරේදැයි විචාළේය. මහරජ මේ සවප්තයටත් අනාගතයෙහි අධර්මිෂ්ඨවූ රජදරුවන් සමයෙහි විපාකවන්නේය. අනාගතයෙහි අධර්මිෂ්ඨවූ අඥාන රජදරුවෝ අධර්මිෂ්ඨවූකල අධර්මිෂ්ඨ මනුෂ්‍යයෝත් විනිශවයෙහිසලසති, කුසලාකුසලයෙහි ආදරයක් නැත්තාවූ ඒ අඥාන මනුෂ්‍යයෝ සභාවෙහි හිඳ විනිශවයකරන්නාහු හිමි නොහිමි දෙදෙනා අතින්ම අල්ලස්ගෙණ මුඛදෙකින් කානම් කන්නාවූ අශවයාමෙන් අත්ලස් කන්නාහුය. මේ සවප්තය තොපට භයෙක් නැත, සවෙනිසවප්නය කියවයි වදාළසේක.

සවාමීනි මහාජනයෝ ලක්‍ෂයක් වටනා රන්තාලියක් මැද මෙහි මුත්‍රකරවයි එක් ජරා සිඟාලයක්හට එලවා තිබූය ඒ මහලු කැනහිලා ඝනරන් තලියෙහි මුත්‍රකෘත්‍යය කරන්නා දිටිමි. මේ මා විසින් දක්නාලද සවෙනි සවප්නය, මීට කවර විපාකයෙක්දැයි විචාළෝය. මීට විපාක අනාගතයෙහිම වන්නේය, මහරජ අනාගතයෙහි ජාතිසමපනන නොවන්නාවූ අධර්මිෂඨ රජදරුවෝ ජාති සමපනන කුලපුත්‍රයන්ට මොහු අපට කිසි අනතරායක් කොටපියද්දෝහෝයි සංකාවෙන් යසස් නොදෙති. අකුලීනයන් ඇතිකොට වර්‍ධන වෙති. එසේකල්හි මහාසම්පත් ඇති ජාතිසම්පනත මනුෂ්‍යයෝ ජීවත්ව ගතනොහි මොවුන් නිසා ජීවත්ම්හයි අකූලිනයන්ට දූදරුවන්දෙති. මෙසේ ඒ කුලදූන්ගේ අකුලීනයන් සමඟ සංවාසය මහළු කැණහිලාගේ රන්තලියෙහි මුත්‍රකෘත්‍යය කිරීමක් හා සමානවන්නේය, මේ සවප්නයෙනුත් තොපට භයෙක් නැත. සත්වැනිවූ සවප්නය කියවයි වදාළසේක.

සවාමීනි එක් පුරුෂයෙක් ලනුවක් අඹර අඹරා පාමුලතබන්නේය. ඒ පුරුෂයා උන් පුටුවයට හොත්තාවූ හාකුස්ඇති එක් කැනහිල්ධෙනුවක් ඒ පුරුෂයා නොදන්නා පරිද්දෙන් ඒ වරමන්‍ද කන්නීය මම මෙසේ දිටිමි. මේ මාගේසත්වැනිවූ සවප්නය මීට විපාක කවරේදැයි විචාළෝය, මීට විපාක අනාගතයෙහිම වන්නේය. තවද අනාගතයෙහි සත්‍රීහු පුරුෂයන්කෙරෙහි ලොල් වෙති. අලංකාරයෙහි ලොල්වෙති, වීථිවල ඇවිදීමෙහි ලොල්වෙති, ආමිසයෙහි ලොල්වෙති, දුශ්ශීලවෙති, දුරාචාරවෙති. එසේවූ සත්‍රීහු තමන්ගේ පුරුෂයන් කෘෂිවනික් ආදීවූ කර්‍මමානතකොට දුකින් ආයාසයෙන් රැස්කරණලද්දාවූ සමපත් චෞර පුරුෂයන් හා එක්ව රාබී මල්පැලඳීම් සුවඳවිලවුන් ගැල් වීම ආදියකොට තමන්ගෙයි අත්‍යායිකවූ කාය්‍ර්‍යයන් නොබලා ගෙයි බල්ලාව සිදුරෙණුත් චෞර පුරුෂයන්ගේ ඊම පරීක්‍ෂාකෙරෙමින් සෙටදවස් වැපිරියයුතුවූවත් බිජුවට පෑර කැඳ බත් අවුළුපත් ආදිය සපයාත් අඹරඅඹරා පාමුල තබනලද වරමන්‍ද කන්නාවූ පුටුවයට වැදහොත් කැනහිල් ධෙනුවමෙන් ඒ චෞර පුරුෂයා හා එක්ව වසතුව කා නසන්නාහුය, මේ කාරණයෙනුත් තොපට භයෙක්නැත, අටවැනි සවප්නය කියවයි වද්‍රළසේක.

සවමීනි මාලිගාදෙරකඩ බොහෝ හිස්වූකල පිරිවරා තබනලද එක්මහත පැන්පිරුණු කලයක් දිටිමි, ක්‍ෂත්‍රීය බ්‍රාහමණ වෛශ්‍ය ශුද්‍රය යන සතර පක්‍ෂයෙහි සත්‍වයෝ සතරදිගින් හා සතර අනුදිගින් කලවලින් පැන් ගෙණවුත් පැන් පිරීතිබෙන්නාවූ පූර්‍ණකුමභයම පුරවති, පුරාපුර වත්කල පැන් ඉතිරි ඉතිරී පලායන්නේය. එසේද විනමුත් නැවත නැවතත් පිරුණු කලයෙහිම පැන් වත්කරන්නාහුය, සිස්කල බලන්නාවූ කෙණෙකුත් නැත. මේ මාගේ අටවැනි සවප්නය මීටකවර විපාකයෙක්දැයි විචාළෝය මහරජ්ජුරුවෙනි මීටත් අනාගතයෙහිම විපාකවන්නේය, අනාගතයෙහි වනාහි ලොව පිරි ගෙන්නේය රට නිරෝජෂ්කවන්නේය, රජදරුවෝ දුක්පත්ව කෘපණවෙති, යම් රජ්ජුරු කෙනෙක් ඉසුරුමත්ව වෙසෙත්නම් උන් භාක්‍ෂරගෙයි ලක්‍ෂයක් පමණ කහවණු වන්නේය. ඒ රජ්ජුරුවෝ මෙසේ දුක්පත්වූවාහු සියළු දනව්වාසී සත්‍වයන්ලවා තමන්ගේම කර්‍මමානත කරවති. රාජකාරියෙන් පීඩිතවූ මනුෂ්‍යයෝ තමන්ගේ කර්‍මමානත හැර රජදරුවන් පිණිසම ඇල්වී මහවි ආදීවූපුබබණණ හා උඳු මූත් තල කලන්ආදීවූ අපරණණ මපුරති රක්‍ෂාකෙරෙති කපතිමඩති ගෙටගෙණෙති උක්යතින් පැණීමැඩ උක්පැණි කකාරති පුෂ්පාරාම ඵලාරාමකෙරෙති ඒ ඒ තැන දාමැඩ තබනලද වී සාල් උඳු මුන් තල කලක් ආදිය ගෙණවුත් රජ්ජුරුවන්ගේ කොටුගුල්ම පුරවති, තමන්ගේ ගෙයි සිස්වූ කොටුගුළු බලන්නොත් නැත මෙසේ කිරම සිස්වූ කල නොබලා පැන්පිරූකලයම පුරන්නාහා සමාණ වන්නේය. මේ සවප්නයෙනුත් තොපට භයෙක්නැත. නවවෙනි සවප්නය කියවයි වදාළසේක.

ස්වමීනි එකම සැල පැසෙන්නාවූ බත් අපාක වන්නාදිටිමි. අපාකනම් පලා බෙදා තැබුවාක්මෙන් තුන්ආකාරයකින්ම පැසීමය, එක්භාගයෙක බත් ඉතා කොමුය. එක්භාගයක බත් සාල එක්භාගයක මදකොට පැසුනේය, මේ මාගේ දසවැනිවූ සවප්නය මීට විපාක කවරේදැයි විචාළෝය මහා රජ්ජුරුවෙනි මීටත් අනාගතයෙහි විපාකවන්නේය. තවද අනාගතයෙහි රජදරුවෝ අධර්මිෂටවෙනි ඒ රජදරුවන් අධර්මිෂටවූකල්හි රාජපුරුෂයෝය බ්‍රාහමණගෘහපතීහුය නියම්ගම්වාසීන් හා දනව්වාසී සත්‍වයෝයයි මෙසේ ශ්‍රමණ බ්‍රාහමණයන් පටන් සියළු සත්‍වයෝම අධර්මිෂට වන්නාහුය. ඉක්බිත්තෙන් ඔවුන්ට අරක්ගත් දෙවියෝය වෘක්‍ෂ දේවතාවෝය ආකාසසථ දේවතාවෝයයි මෙසේ සියළු දේවතාවෝම අධර්මිෂටවන්නාහුය අධර්මිෂට රජදරුවන්ගේ රාජ්‍යයෙහි මහපවන් තදව හමන්නේය. එසේ තදව හමන්නාවූ පවන් ආකාසසථ විමන් කම්පා කරන්නේය. ඒ විමන් කම්පිතවූ කල්හි දේවතාවෝ කිපී වැසි වැස්විය. නොදෙති, වස්නාවූත් වැසි සියළුරට එක පැහැර නොවස්නේය, තවද වස්නාවූ වර්‍ෂාව සීසෑමටවත් වැපිරීමටවත් උපකාරීව නොවස්නේය. රාජ්‍යයෙහි යම්සේද එපරිද්දෙන්ම දනව්වෙහිත් වැව් පොකුණු විල් ආදියෙහිත් එකපැහැරනොවස්නේය. වැව් උඩත්තට වසීනම් වැව යටිමියරට නොවස්නේය, යටිමියර වසීනම් උඩත්තට නොවස්නේය. එක්භාගයක ගොයම් අධික වර්‍ෂාවෙන් නස්නේය, එක්භාගයක ගොයම් වැසී නොවැසීමෙන් මැරෙන්නේය, එක්භාගයක ගොයම් සම වර්‍ෂාව වස්වා මනාව පැසවන්නේය. මේ එකම රජ්ජුරුවන්ගේ රාජ්‍යයෙහි වපුරණලද ගොයම් එක්සැල පැසෙන්නාවූ බත් තුන්කොටසක් වූවාක්මෙන් තුන්පරිද්දකින් පැසෙන්නේය, කාරණයෙනුත් තොපට භයෙක් නැත, එකොළොස්වන සවප්නය කියවයි වදාළසේක.

සවාමීනි ලක්‍ෂයක් වටිනා සඳුන්හරයක් කුණුමොරට විකුණන්නා දිටිමි. කවර විපාකදැයි විචාළෝය. මීටත් අනාගතයෙහිම මාගේ ශාසනය පිරිහෙන්ට වන්කල්හි විපාකවන්නෝය, තවද අනාගතයෙහි ප්‍රත්‍යයෙහි ලොල්වූ භික්‍ෂුහු බොහෝවන්නාහ, ඔවුන් මා විසින් බොහෝ ප්‍රත්‍යයෙහි ලොල්බව මැඩ කියනලද ධර්‍මදෙශනාව චීවරාදී චතුර්විධ ප්‍රත්‍යය නිසා අනුන්ට දේශනාකෙරෙති, ප්‍රත්‍යය ලොභයෙන් මිදී නිසසරණ පක්‍ෂයෙහි සිට නිර්‍වාණාභිමුඛබව දෙසන්ට අසමත්‍ර්‍ඵවෙති, හුදක් මාගේ ව්‍යංජන සම්පතතිය හා මධුරසවරය අසා මාහැඟිවූ සිවුරු ආදිය දෙති, දෙනුකැමැතතා හුද වෙතියි කියාම දෙශනකරති, සමහර කෙනෙක් වීථිමක්‍ෂ්‍යයය සතරමන් සන්‍ඩියය මාලිගාවේ වාසල්දොරකඩය යනාදීවූ සථානවල හිඳ මදකටක් කහවණූවක් නිසාත් දෙශනාකෙරෙති. මෙසේ මාවිසින් නිර්‍වාණය අගයකොට දෙසනලද ධර්‍මය චීවර පිණ්ඩපාත සෙනාසන ගිලාන ප්‍රත්‍යය යන චතුර්විධ ප්‍රත්‍යය හා මදටක් කහවනුවක් නිසා විකිණියකොට දෙන්නාහුය. ලක්‍ෂයක් අගනා හඳුන්හරක් කුණුමොරට විකුණන්නාවූන් වැන්නෝය. මේ කාරණයෙනුත් තොපට භයෙක් නැත්තේය. දොළොස්වෙනි සවප්නය කියවයි වදාළසේක.

සවාමීනි සිස්වූ වියලි ලබුදියෙහි ගැලෙන්නා දිටිමි, මීට විපාක කවරේදැයි විචාළෝය. මහරජ්ජුරුවෙනි මීටත් අනාගතයෙහි යහපත පෙරලෙන්ට වන්කල්හිම විපාකවන්නේය. එසමයෙහි රජදරුවෝ ජාතිසම්පන්නකුල පුත්‍රයන්ට යශස් නොදෙති, කුලගැත්තන්ටම යශස්දෙති, ඒ කුලහීනයෝ ඉසුරුමත්වෙති. කුලපුත්‍රයෝ දිළිඳුවෙති. රජදරුවන් සම්මුඛයෙහිත් රාජචාරයෙහිත් අමාත්‍යයන් සම්මුඛයෙහිත් විනිශවයමණඩලයෙහිත් සිස් ලබු හා සමාන අකුලීනයන්ගේම කථාගැලීසිටියාමෙන් නිශචලව සුප්‍රතිෂ්ඨිත වන්නීය. සඩඝකර්‍ම ගණකර්‍ම යෙහිත් පාත්‍රචිවරදිය හා විහාරාදීන්ගේ විනිශවය සථානයෙහිත් දුශ්ශීලවූ පාපිපුද්ගලයන්ගේම කථාව නෛය්‍ර්‍යාණිකවන්නීය. ඔවුන්ගේබස් ග්‍රාහ්‍යවන්නේය. ලජ්ජි භික්‍ෂූන්ගේ එබස් අග්‍රාහ්‍යවන්නේයයි මෙසේ සර්‍වප්‍රකාරයෙන්ම සිස්ලබු ගිලෙන කලක්මෙන් වන්නේය, මේකාරණයෙනුත් තොපට භයෙක් නැත, තෙළෙස්වැනිවූ සවප්නය කියවයි වදාළසේක.

සවාමීනි මහත්වූ කුළුගෙවල් පමණවූ ඝණ ශෛල නැව්මෙන් දියෙහි හිල්පෙන්නා දිටිමි. මීට විපාක කවරේදැයි විචාළෝය, මහරජ්ජුරුවෙනි මීටත් එබඳුවූ කාලයෙහිම විපාකවන්නේය, එසමයෙහි අධර්මිෂට රජදරුවෝ අකුලීනයන්ට යසස්දෙති, ඔවුහු සම්පත්ලැබ ඉසුරුමත්වෙති. කුලීනයෝ දුක්පත්වෙති, ඔවුන් කෙරෙහි කිසිවකුත් ආදර ගෞරව නොකෙරෙති. අන්‍යවූ අකුලීනයන් කෙරෙහිම ආදර ගෞරව කෙරෙති, රජ්ජුරුවන් සම්මුඛයෙහිත් අමාත්‍යයන් සම්මුඛයෙහිත් විනිශවයමණඩලයෙහි දක්‍ෂවූ බරගල් හා සමානවූ කුලපුත්‍රයන් බස් පිහිටා නොසිටිනේය, ඒ කුලපුත්‍රයන් කථාකරන්ට වන්කල්හිමුන් කියන්නේ කිම්දැයි අන්‍යවූ අකුලීනයෝ අපහාසකොට නින්‍දාකෙරෙති, භික්‍ෂූන්වහන්සේගේ සන්නිපාතයෙහිත් උකතප්‍රකාරවූ සථානවල්හී ලජ්ජිපෙසල භික්‍ෂූන්වහන්සේ ගරුකොට නොසිතති. ඒ ලජ්ජි භික්‍ෂූන්ගේ කථාවත් සඩඝසන්නිපාතාදියෙහි නිශචලව නොසිටින්නේය. ගල හිල්පෙන කලක්මෙන් හිල්පෙන්නේය. ග්‍රාහ්‍ය නොවන්නේය. මේකාරණයෙනුත් තොපට භයෙක් නැත. තුදුස්වැනිවු සවප්නය කියවයි වදාළසේක.

සවාමීනි මීපුක් සා මැඩියන් මහත්වූ කෘෂ්ණ සර්‍පයන් පසුපස්සෙහි වේගයෙන් ළුහුබඳවාගෙණගොස් ඇඹුල දක්‍ෂුමෙන් කඩකඩා මුරුමරුයන අනුකරණ ශබ්ද පවත්වමින් මස්කා ගලන්නවුන් දිටිමි. මීටවිපාක කවරේදැයි විචාළෝය, මීටත් නොපිරිහෙන්ට වන්කල්හි අනාගතයෙහි විපාකවන්නේය. එසමයෙහි මනුෂ්‍යයෝ අධිකරාගීවක්ලේශවසඟව ලදරුලදරුවූ තම තමන්ගේ භාය්‍ර්‍යාවන් වසඟයෙහි පවතී. ඔවුන්ගේ ගෙයි දාසකම්කරු ආදීන් හා ගවමහිසදී රන්රුවන් ආදියත් ඒ සත්‍රීන් සනතකවන්නේය. අසවල් රන්රුවන් මුතුමැණික් ආදිය හා වසත්‍රාභරණ ආදී සියළු වසතූන් කොයිදැයි විචාළකල්හි ඒ වස්තුව කොයි තිබෙයි නමුත් තට මේ විචාරා ආයාසගැන්ම ප්‍රයෝජන කිම්ද තෝ මාගෙන් ඇතත නැතත විචාරන් නොකැමැත්තෙහිදැයි කියා අනේකප්‍රකාරයෙන් ආක්‍රොශපරිභව බැණ මුඛනැමැති අඩයටියෙන් ඇණ දාසයකුමෙන් තමා වසඟයෙහි පවත්වා තමන් ඉසුරුමත්කම් පවත්වන්නාහුය. එසේකල්හි මීපුක් පමණමැක්‍ෂියන් කෘෂ්ණ සර්‍පයන් ගලනා කලක්මෙන් වන්නේය. මේ කාරණයෙනුත් තොපට භයෙක් නැත. පසළොස්වැනිවූ සවප්නය කියවයි වදාළසේක.

සවාමීනි දශවිධවූ අධර්‍මයෙන්යුකතවූ ගම්පහරන්නාවූ කපුටුවෙ රන්වන්වූ පැහැඇතිබැවින් සවර්‍ණයවී ලබනලදනම් ඇති සවර්‍ණහංසරාජයන් පිරිවරා ඈවිදින්නාවූන් දිටිමි. මීට විපාක කවරේදැයි විචාළෝය.

මහරජ්ජුරුවෙනි මීටත් අනාගතයෙහි දුර්‍වලරජදරුවන් සමීපයෙහිම විපාකවන්නේය. මහරජ්ජුරුවෙනි අනාගතයෙහි රජදරුවෝ හසතිශිල්පාදීයෙහිත් යුක්‍ෂයෙහිත් බුහුටිනොවෙති. සමත්‍ර්‍ඵනොවෙති. ඒ රජදරුවෝ තමන්ම රාජ විපතතියෙහි සංකාකෙරෙමින් සමානජාති ඇතතවූ කුලපුත්‍රයන්ට ඓශවය්‍ර්‍යනොදී තමන්ට මෙහෙකරණ කරනැවෑමියන් ආදීවූ සත්‍වයන්ට ඓශචය්‍ර්‍යදෙති, ජාතිගොත්‍රයෙන් යුක්තවූ කුලපුත්‍රයෝ රජදරුවන් පිහිටක් ලැබගත නොහීජීවත්වන්ට අසමත්‍ර්‍ඵ ඓශවය්‍ර්‍යයෙහි පිහිටියාවූ ජාතිගොත්‍රයෙන්හීනවූ අකුලීනයන්ට සේවයකෙරෙති. ඇවිදිති, මෙසේ කල්හි සවර්‍ණහංසරාජයෝ කපුවූවන් පිරිවරා ඇවිදිනාකලක්මෙන් වන්නේය. මේකාරණයෙනුත් තොපටභයෙක් නැත. සොළොස්වැනිවූ සවප්නය කියවයි වදාළසේක.

සවාමීනි පෙර දිවියෝ එළුවන් කති, මමවූකලි දැන් එළුවන් දිවියන් පසුපස්සෙහි ලුහුබැඳගෙණගොස් මුරු මුරු යන අනුකරණකොට කන්නදිටිමි. එකල්හි අන්‍යවූ දෙවියෝ එළුවන් දුරින් එනනාදැක භයින්ත්‍රසතව පලාගොස් කැළයට වැද සැඟවෙන්නාහුය, මම මෙසේ දිටිමි, මීට විපාක කවරේදැයි විචාළෝය. මහරජ්ජුරුවෙනි මීටත් අනාගතයෙහි අධර්මිෂට රජදරුවන් සමයෙහි විපාකවන්නේය. එසමයෙහි අකුලීනයෝ රාජවල්ලභ වෙති, ඉසුරුමත්වෙති කුලපුත්‍රයෝ අප්‍රසික්‍ෂවෙති. ඒ රාජවලලභවූ කුලහිනයෝ තමන්ගේබස්රජදරුවන්ට කියා ගිය නම් මා විනිශවය ශාලාදියෙහි බලවහිඳ ජාති සම්පනනවූ ප්‍රවේණියෙන් ආවා වූ සත්‍වයන්ගේ කෙත්වත් විසින් තොපගේ අපගේ දැයි කියා විනිශචය සථානාදියෙහි විවාදකරණය කල්හි වේවැල් ආදියෙන් ගස්වා බොටුව අල්වා ඉවත දැම්මවා තොපගේ පමණ නොදනුද අප හා සමඟ විවාද කරව්ද දැන් රජ්ජුරුවන්වහන්සේට දන්වලා හසතපාදදිය කප්පවාපි නම් ඒ කුලපුත්‍රයා භයගන්වති ඒ කුලපුත්‍රයෝ රාජවල්ලභවූ කුලහීනයන්ට භයින් තමන් සන්තකවූ ක්‍ෂෙත්‍ර වස්තු ආරාමාදිය තොපිම ඇරගනුව තොපට මයයි පාවාදී තමන් ගෙට යහපත්ව වැදහෝනාහුය, පාපිවූ භික්‍ෂුහු ලජ්ජීවූ භික්‍ෂූන්ට කැමති පරිද්දෙන් පීඩා කරන්නාහු ඒ ලජ්ජී ප්‍රීයසීලීවූ භක්‍ෂූන් වහන්සේ කිසිපිහිටක් නොලැබ වනයට වැද කැලෑදියෙහි සැඟවී හිඳිනා සේක. මෙසේ කල්හි හීනජාතීන් හා පැප භක්‍ෂූන් විසින් පීඩිතවූ ජාතිමත් කුලපුත්‍රයන් හා ලජ්ජි භක්‍ෂූන් එළුවන්ට යටින් දිවියන් සැඟවී භයගෙණ පලා යන කලක්මෙන් වන්නේය. මේ කාරණයෙනුත් තොපටභයෙක්නැත මේ ස්වප්නය අනාගතයම උදෙසා තොප විසින් දක්නාලද්දේය. බමුණෝ වනාහි තමන් අධර්මිෂ්ටවන බැවිනුත් ධර්මයෙහි තත්ත්‍වය නොදන්නා බැව්නුත් තොප කෙරෙහි ස්නෙහයෙනුත් කීහ.

බොහෝ වස්තු ලබම්හයි තමන් වස්තුවෙහි ලොහොබි බැවිනුත් ජිවත් වනු නිසා නුඹවහන්සේ දුටු මේ ස්වප්ත විනාශය පිණිස සර්වචතුෂ්ක යාගය කරම්හයි කීවෝවේදැයි මෙසේ සර්වඥයන් වහන්සේ සොළොස් ස්වප්නයෙහි විපාක වදාරා මහරජ්ජුරුවෙනි දැන් මේ ස්වප්නය දුටුවෝ තොපි මතු නොවෙයි පුරාතනයෙහි රජදරුවෝත් දුටුවාහුමය. බ්‍රහ්මණයෝ ඒ රජදරුවන්ටත් මෙපරිද්දෙන්ම කියා මේ ස්වප්නය යාග මත්තට දැමුය. ඉක්බිත්තෙන් නුවනැත්තන් විසින් දෙසනලද න්‍යායයෙහි සිට බොධිසත්වයන් අතින් විචාළෝය. පුරාතනයෙහි නුවනැත්තෝ ඔවුන්ට මේ ස්වප්නය කියන්නෝ මෙම ක්‍රමයෙන්ම කීවෝවේදැයි වදාරා ඒ කොසොල් රජ්ජුරුවන් විසින් ආරාධිතවූ බුදුහූ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරණ සමයෙහි පුරණලද බෝධිසම්භාර ඇති අප මහබෝසතානෝ ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණ වංශයෙහි ඉපිද වැඩිවිය පැමිණ සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව පංචාභිංඥ අෂටසමාපත්ති උපදවා හිමාලයවන ප්‍රදේශයෙහි ධ්‍යානක්‍රීඩාවෙන් යුක්තව වාසය කරන්නාහුය. එසමයෙහි බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ මෙම ක්‍රමයෙන් ස්වප්නය දැක බමූණන් අතින් විචාළෝය, බමුණෝම මෙපරිද්දෙන් යාග කරන්නට ගත්හ, බමුණන් අතුරෙන් පුරෝහිත බ්‍රාහ්මණයාගේ අතවැසි මාණවකයා ප්‍රඥසම්පන්නය ව්‍යක්තය, ඒ තෙමේ ආචාරීන්ට කියන්නේ ආචාරීන් වහන්ස නුඹවහන්සේ විසින් අපි වේදත්‍ර උගන්වන ලදුම්හයි ඒ වේදත්‍රයෙහි එකකු මරා එකක්හට ස්වස්තයක් කීරීමක් නැත්තේ වේදැයි කීය. එබස් ඇසූ ආචාරී කියන්නෝ දරුව මේ උපායෙන් අපට බොහෝ වස්තු උපදවන්නේය. තෝ වූකලී රජ්ජුරුවන්ගේ වස්තු රකනා කැමැත්තේ වෙනැයි කිවූය. එබස් ඇසූ මානවකයා එසේ වීනම් ආචාරීන්වහන්ස නුඹ වහන්සේගේ යාගකාරිය කළමැනවයි මම නුඹ වහන්සේ සමීපයෙහි කුමක් කරම්දැයි කියා ගොස් ඉවත ඇවිදිනේ රජ්ජුරුවන්ගේ උයනට ගියේය. එදවස් මහා බෝසතාණෝත් ඒ කාරණය දැන අද මා විසින් මනුෂ්‍ය පථයට ගිය කල්හි මහජනයා මගේ බන්ධනයෙන් මිදීම වන්නේ යැයි ආකාශයෙන් ගොස් උයනේ බැස රන්පිළිමයක් මෙන් මගුල් සල වට මත්තේ උන්නාහුය. ඒ මානවකයාද බෝධි සත්වයන් කරා ගොස් එකත්පසව හිඳ සුවදුක් කථා කළේය. මහාබෝසතාණෝ ඒ මානවකයා හා සමඟ මිහිරි වූ පිළිසඳර කථා කොට කිමෙක්ද මානවකය රජ්ජුරුවෝ දැහැමින් රාජ්‍යය කෙරෙත්දැයි විචාලෝය. ස්වාමීනි රජ්ජුරුවන් වහන්සේ වූ කලී ධර්මිෂ්ට සේක. එතකුදු වුවත් බමුණු උන් වහන්සේ අපාය මාර්ගයෙහි පවත්වති. රජ්ජුරුවන් වහන්සේ සොලොස් ස්වප්නයක් දැක බමුණන්ට කී සේක. බමුණෝ යාගකම් කරම්හයි පටන් ගත්හ. කිමෙක්ද ස්වාමීනී මේ ස්වප්නයන්ගේ විපාක මේ යයි රජ්ජුරුවන් වහන්සේ ගිවිස්වා මහජනයා භයින් මුදන්ට නුඹ වහන්සේට නොවටිදැයි කීහ. මානවකය අපි වූ කලී රජ්ජුරුවන් නාදුනම්හ. රජ්ජුරුවන් වහන්සේ අප නාදුනති. ඉදින් මෙතනට අවුත් විචාලෝ නම් අපි ඔහුන්ට කියන්නමෝ වේදැයි කිවුය. මානවකයා ස්වාමීනි මම රජ්ජුරුවන් වහන්සේ කැඳවාගෙන එමියි. නුඹ වහන්සේ මාගේ ඉම බලමින් ඇසිල්ලක් පවා උවමනදැයි කියා බෝධිසත්වයන්ට ප්‍රතිඥාදී රජ්ජුරුවන් සමීපයට ගොස් මහරජ්ජුරුවන් වහන්ස එක් ආචාරි තාපසකෙනෙකුන් වහන්සේ නුඹ වහන්සේගේ උයනෙහි බැස නුඹ වහන්සේ විසින් දුටු ස්වප්නයෙහි විපාක කියමි කැඳවන සේකැයි කියමි. රජ්ජුරුවෝ ඔහුගේ කථා අසා මහජනයා පිරිවරා එකෙනෙහිම උයනට ගොස් තාපසයන් වැඳ එකත්පස්ව හිඳ ස්වමීනි නුඹ වහන්සේ මා දුටු ස්වප්නයෙහි විපාක දන්නා සේක්දැයි විචාලෝය. එසේය මහ රජ්ජුරුවනි කී කල්හි එසේ වී නම් කිවමැනවයි කිව්ය. මහරජ්ජුරුවනි කියමි තොප දුටු සැටියේ ස්වප්නය මට කියවයි කිවුය. යහපත ස්වාමීනි කියා රජ්ජුරුවෝ

උසභා රුක්ඛාගාවියෝ ගාවාච අසේසා කංසෝ

සිඟාලීච කුමෝභා පොක්ඛරණච අපාක චන්දනං

ලාපුනි සිදන්ති සිලාපලවන්ති

මණ්ඩුකියො කණහසපෛ්පගිලන්ති

කාකාසුවණ්ණා පරිවාරයන්ති

තසාචකා ඵලකානං භයාභිති,

යන මේ ගාථාව කියා පසේනදි කොසොල් රජ්ජුරුවන් විසින් කියන ලද ක්‍රමයෙන්ම සොලොස් ස්වප්නය කිවුය. බෝධි සත්වයෝත් ඒ සොලොස්ස්වප්නය දැන් සර්වඥයන් වහන්සේ වදාල සැටියේම විස්තර හෙයින් විපාකයන් කියා කෙළවර මෙසේ කිවුය. මහරජ්ජුරුවෙනි මෙතන ස්වප්නයෙහි නිශ්පත්ති වන්නේය. ඒ ස්වප්නයෙහි දෝශ නසන පිණිස යම් යාග ක්‍රියාවක් පවතී නම් ඒ යාග විපරීත හෙයින් පවත්නේය. කවර කාරණයකින්ද යත් මේ සොලොස් ස්වප්නයෙහි විපාක නම් ලෝකයෙහි සත්වයන්ගේ ගුණ පෙරලෙන්ට වන් කල්හි අකාරණ කාරණ යයි කියා ගන්නා කල්හි කාරණය අකාරණයයි ගන්නා කල්හි අභූත භුත යයි කියා ගන්නා කල්හි භුතයා අභුතයයි කියා ගන්නා කල්හි අලජ්ජීන් උත්සන්න වන කල්හි ලජ්ජීන් පිරිහෙන කල්හි වන්නේය. දැන් තොපගේ වත් මේ පුරුෂ යුග්මය පවත්නා කල්හි මේ සොලොස් ස්වප්නයෙන් වන විපාකයෙක් නැත. එසේ හෙයින් මේ ඒ ස්වප්න විපාක විනාශය පිණිස පවත්නාහු යාග ක්‍රීයා විපරියාස හෙයින් පවත්නේය. ඒ යාගයෙන් ප්‍රයෝජන නැත. තොපට මේ සොලොස් ස්වප්නය දුටු කාරණයෙන් භයෙක්වත්, තැතිගැන්මෙක්වත්, නැතැයි මහාබෝසතාණෝ රජ්ජුරුවන් අස්වසාලා මහජනයා භන්දයෙන් මුදා නැවත ආකාශයේ සිට රජ්ජුරුවන්ට අවවාද කියා පංචශිලයෙහි පිහිටුවා මෙතැන් පටන් මහරජ්ජුරුවෙනි බමුණන් හා එක්ව කරන්නා වු පසුගාත නම් යාගය ඇරපියවයි ධර්ම දේශනා කොට ආකාශයෙන්ම තමන් වසන්නා වූ ස්ථානයටම ගියෝය. රජ්ජුරුවොත් මහබෝසතානන්ගේ අවවාදයෙහි පිහිටා ධානාදි වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් පින්කම් කොට මියපරලොව ගියෝය. සතෘ වූ බුදුරජානන්වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා මහරජ්ජුරුවෙනි ස්වප්න දුටු කාරණයෙන් තොපට භයෙක් නැත. මේ යාගය හැර පියවයි යාග හරවා මහජනයාට ජීවිත දානය දී පුර්වාපර සන්ධි ගලපා මේ මහා සුපිනි ජාතකය නිමවා වදාල සේක.

එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. මානවකයා නම් ශාරිපුත්‍ර ස්ථවිරියෝය. එසමයෙහි තපස් වී වුයෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම් ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.