73 විස වන්ත ජාතකය

තවද එක්සමයෙක්හි නිර්මල වූ පස්පැදිස්නා නේත්‍ර යුගලයක් ඇති තිලෝගුරු බුදුරාජනන් වහන්සේ දෙව්රම්වෙහෙර වැඩවසනසේක් දම් සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

තෙරුන්වහන්සේ පිටකන දෙයක් වළඳන වේලෙහි මනුෂ්‍යයෝ කියන්නාහු ස්වාමීනි ඇතුළුගමටවන් භික්ෂූන් වහන්සේගෙන් අවුළුපත් පිළිගත මැනවයි කීහ. එකෙණෙහි තෙරුන් වහන්සේ ඍද්ධි විහාරික වූ භික්ෂූන් වහන්සේ ඇතූළු ගම වූ සේක. උන් වහන්සේ කොටසගෙණ ඒ භික්ෂූන් වහන්සේ නොආහෙයින් ඉතා දහවල් වන්නේයයි සැරියුත් මහතෙරුන්වහන්සේට පිළිගැන්වූය. ඒ තෙරුන් වහන්සේ අවුළුපත් වැළඳු නොබෝකලකින්ම ඍද්ධිවිහාරික භික්ෂූන් වහන්සේ ගමින් විහාරයට වැඩි සේක. එකල තෙරුන් වහන්සේ වදාරණ සේක් ඇවැත්නි අපි තොපට තුබූ පිටිකනදැ වලඳාපුමොදැයි වදාළ සේක. එබස් ඇසූ ඍද්ධි විහාරිකයන් වහන්සේ කියන සේක් ස්වාමීනි මිහිරෙක් නම් කවුරුන්ට අප්‍රියදැයි කීසේක. එකෙණෙහි සැරියුත් මහතෙරුන් වහන්සේට සන්වේග උපන. උන්වහන්සේ මම මෙතැන්පටන් පිටකනදෙයක් නොවලඳිමි ඉටාගත් සේක. එතැන් පටන් සැරියුත් මහතෙරුන් වහන්සේ පිටකනදෙයක් නොවැලඳූවිරූසේක. උන්වහන්සේ පිටකනදෑ නොවලඳන නියාව භික්ෂූ සංඝයා කෙරෙහි ප්‍රසිද්ධ විය. භික්ෂූ සංඝයා වහන්සේ ඒ කථාව කියමින් දම්සභා මණ්ඩපයෙහි වැඩ උන් සේක. එකල සාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මහණෙනි දැන් මා එන්නට පුර්ව භාගයෙහි කවර නම් කථාවකින් යුක්තව හුනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි දැන්වූකල්හි මහණෙනි සාරිපුත්‍ර ස්ථවිරයෝ එක්වරෙක හැරපුදෙය ජීවිත පරිත්‍යාග කෙරෙත් නමුත් දෙවනුව නොගනිත් යයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝසතානෝ විෂවිද්‍යාකූලෙයක ඉපිද වෙද කමින් ජීවත්වන්නාහුය. එකල එක් ජනපදවාසීවු මනුෂ්‍යයෙක් සර්පයෙක් දෂ්ටකොටපුයේය. ඔහුගේ නෑයෝ ප්‍රමාද නොකොට වහා වෛද්‍යයා කැඳවා ගෙණ ආවාහුය. එකල වෛද්‍යා කියන්නේ කිමෙක්ද ඖෙෂධ ගල්වා විෂද වාගනිම්ද දෂ්ටකල සර්පයා ගෙන්වාගෙන් දෂ්ටකලතෙනින් ඔහු ලවාම විෂය අද්දවාගනිම්දැයි කියේය. සර්පයා ගෙන්වා විෂය ඇදදාගණැයි මනුෂ්‍යයෝ කීවාහුය.ඒ විෂවිද්‍යාචාර්ය මන්ත්‍රෞෂධයෙන් සර්පයා ගෙන්වාගෙණ තා විසින් මේ පුරුෂයා දෂ්ට කරණ ලද්දේදැයි කීය. එසේය මා විසිනැයි කී කල්හි තා දෂ්ට කල තැනින් තෝ විෂමුඛයෙන් ඇදගෙණැයි කීයේය. සර්පයා කියන්නේ එක්වරයෙක ඇරපුදෙය නැවත ගත් විරුනැත මම මා විසින් හරණ ලද විෂය නැවත ඇදනොගණිම්යි කීය. සර්පයාගේ බස් අසා විෂ විද්‍යාචාර්ය තෙම දර ගෙන්වාගෙණ ගිනිමොලවා ඉදින් තාගේ විෂ තෝ නොඅදනේ වීනම් මේ ගින්නට වැදයායි කියා සර්පයා ඉදින් මම ගිනිවඳිම් නමුත් මා විස්න හරණ ලද විෂයක් මාගේ ජීවිත්විම කරණ කොට ගෙණ පෙරලා උරා ඇද ගන්නේම්වීනම් ඒ විෂයට නින්දාවේයයි ඒ විෂය නැවත උරා ඇදගැන්ම නිසා ගිනිවැදයම් මරණෙක් වේනම් ජීවත්වීමටත් වඩා ඒ මරණය උතුමැයි කියේය. මෙසේද කියා ගිනිවදින්ට නික්මුනේ. එකල වෙදානෝ ඒ සර්පයා වළකා ගිනිවැද්ද නොදි ඒ සර්පයා දෂටකළාවූ පුරුෂයා ඖෂධයෙන් හා මන්ත්‍රයෙන් විෂ නැති කොට නිරෝගි කොට සර්පයාට පන්සිල් දී මෙතැන් පටන් දෂ්ට කොනොකට කිසි කෙණෙකුන්ට පීඩාවක් නොකරවයි කියා අවවාද කොට ඇරපුවාහුය. ශාස්තෘ වූ බුදුරජානන්වහන්සේ මහණෙනි ශාරිපුත්‍ර ස්ථවිරයෝ එකවරකෙ හැරපුදෙය ජීවිත පරිත්‍යාග කරතත් නැවත නොගනිමියි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ විෂවන්ත ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි සර්පයා නම් දැන් ශාරිපුත්‍රස්ථිවරයෝය. එසමයෙහි විෂ විද්‍යාචාරී වූයෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

74 කුද්දාල ජාතකය
72 අන්‍ධභූත ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.