65 අසංකිය ජාතකය

තවද එක් සමයෙක්හි අෂේටාන්තර ශත මංගල්‍ය ලක්ෂණයෙන් විරාජ මාණ වූ ශ්‍රීපාද ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙර වැඩ වසන සේක් සැවැත්නුවර වාසීවූ එක් උපාසකයෙක්හූ අරබයා මේ ජාතකය වදාළසේක.

ඒ උපාසකයානන් ශ්‍රෝතපාන්න වූ ආර්යශ්‍රාවකය, ඒ තෙම කිසිකටයුත්තක් නිසා ගැල්සාත්තු නායකයකු හා සමඟ මාර්ගයෙහි යන්නේය. එක්වල් කඩෙක ගැල්මුදා කඳවුරු බැඳි කල්හි සාත්තු නායකයාට නුදුරුතෙනක එක් කරගසක් මුල සක්මන් කරන්නේය, එකල්හි පන්සියයක් සොරුන් තමන් සොරකම්කරන්නට කල්පරීක්ෂා කොට ඒ කඳවුර කොල්ලකම්හයි දුනුමුගුරු ආදීගෙන ඒ ස්ථානය පිරිවරා ගත්තාහුය. එකල්හි උපාසකයෝ සක්මන් කෙරෙත්මය සොරහූ ඒ උපාසකයා දැක ඒ කාන්තයෙන් තෙමේ ස්කන්ධාවාරය රක්ෂා කරන්නා වූ පුරුෂයෙක්වන එසේ හෙයින් මොහු නිදන්නට වන් කල්හි හැර පියා යම්හයි සිතා බලහත් කාරයෙන් මැඩ ගෙන වැද්දගත නොහි ඒ ඒ තැනම සිටියාහුය. ඒ උපාසකයෝත් ප්‍රථමයාමයෙහි මධ්‍යම යාමයෙහිත් පශ්චිම යාමයෙහිත් සක්මන් කරමින්ම සිටියාහුය. අළුයම් වෙලාව වූ කල්හි සොරු අවසරයක් නොලැබ ගන්නා ලද කැටමුගුරු ආදීය දමා ගියාහුය. උපාසකයෝ තමන් ගිය කල කලමණාකාරිය නිශ්චා කොට ගෙණ අවුත් බුදුරජානන් වහන්සේ නමස්කාර කොට ස්වාමීනි තමා රක්නා කෙනෙක් අනුන් රක්නාහු නම් වේදැයි විචාලෝය. එසේය උපාසකය. තමන් රක්නා එකෙක් අනුන් රක්නේය. අනුන් රක්නා එකෙක් තමා රක්නේයයි වදාල සේක. එබස් ඇසු උපාසකයෝ ස්වාමීනි භගවත් බුදුරජානන් වහන්සේ විසින් ඒ කාරණය වදාල නියාව ඉතා යහපත්ව වන්නේය. මම එසේ එක සාත්තු නායකයෙකු හා සමග ගමට පිළිපැද රුකක් මුල සක්මන් කෙරෙන්නෙමි. මා රකිමි සියළු සාත්තුවන් රැකෙමියි කීය. සර්වඥයන් වහන්සේ උපාසකය පෙර නුවනැත්තෝ තමා රක්නෝ අනුන් රැක්කෝම වේදැයි වදාරා ඒ උපාසකයා විසින් ආරාධිත වූ බුදුහු ඉකුත් වත් දක්වා වදාළසේක

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයේදී අප මහා බෝසතානො බ්‍රහ්මණ කුලයෙහි ඉපිද වැඩි විය පැමිණ කාමයෙහි ආදීනම දැක සෘෂි ප්‍රවෘජ්ජාවෙන් පැවිදිව හිමාලය වනයෙහි වසන්නාහු ලුණු ඇඹුල් සෙවුනා පිණිස ජනපදයට අවුත් ජන පද චාරිකා කරමින් එක් සාන්තු නායකයෙකු හා සමඟ ගමට පිළිපැද එක්වන ප්‍රදේශයක සාත්තුව විසූ කල්හි සාත්තුවට නුදුරු තැන ධන්‍ය සැපයෙන් දවස් යවමින් එක්තරා රැකක් මුල සක්මන් කරමින් සිටියාහුය. එකල්හි පන්සියයක් සොරුන් සවස බත් අනුබව කල කල්හි ඒ ගැල් සාත්තු නායකයා හැර පියා උදුරා ගනුම්හයි අවුත් වටලා ගත්තාහුය. ඒ සොරු සැමදෙන තාපසයන් දැක ඉඳින් මේ තාපසයෝ අප දුටුහු නම් සාත්තු වාසින්ට කියති. එසේ හෙයින් මුන් නිදන්නට වන් කල්හි පැහැරයම් හයි කියා එතැනහිම සිටියාහුය. මහබෝසතානෝ එවේලෙහි පටන් සකල රාත්‍රියෙහි සක්මන් කලාහුය. සොරුන් අවසර නොලැබ ගත්තාහු කැට මුගුරු ආදිය දමා ගැල් සාත්තුවෙහි වසන්නාවූ සත්වයන්ට කටහඬ පෑ පින්වත් සාත්තු වාසිනි ඉදින් මේ ගස මුල සක්මන් කරන්නාවු තාපසයෝ අද නොවුවෝ නම් තෙපි හැම දෙනම මහත් විනාසයට පැමිනෙන්නේමය. එසේ හෙයින් සෙට මේ තාපසයන් මහත් වූ සත්කාර සම්මාන කරවයි කියා ගියාහ. ඒ සාත්තු වාහක සත්වයෝ පාන්ව ගිය කල්හි සොරුන් දුමු කැට මුගුරු දැක භය පත්ව බෝධිසත්වයන් සමීපයට ගොස් වැඳ ස්වාමීනි නුඹ වහන්සේ සොරු දක්නා ලද්දාහුදැයි විචාලෝය. එසේය පින්වත්නි. දක්නා ලද්දාහයි කී කල්හි ස්වාමීනි මෙතෙක් සොරුන් දැක භයෙක්වත් තැතිගැන්මෙක් නුපූදිත්වදැයි විචාලෝය. මහ බෝසතානෝ කියන්නෝ පින්වත්නි සොරුන් දැක භය නම් වස්තු ඇති කෙනෙකු වන්නේය. මම වූ කලි නිර්ධනයෙක්මි. එසේ වූ මම කුමක් පිණිස බම්දැයි කිවුය. තවද ගමත් වලත් වසන්නාවූ මම භයෙක්වත් තැතිගැන්මෙක්වත් නැතැයි කියා ධර්මදේශනා කරන්නාහු මහා බෝසතානෝ මෙසේ කිවුය. පින්වත්නි මම ගම්හි වසන්නේ මුන් ග්‍රාමෝප චාරයෙන් විනිර්මුක්තව වසන්නේ මුත් සංඛාවෙක නොසිටි බැවිනි. සංඛාවෙක් භයෙක් නැත්තෙමි. පිරිසිදු සිල් ඇති බැවින් කායවාචි මනෝ වංක විරහිත වූ සෘජූ වූ දිව්‍යලෝක මාර්ගයටත් නැගෙමි. එයින් මත්තේ මෙත්තා කරුණා දෙක්හි පිහිටි බැවින් සෘජූ වූ බ්‍රහ්ම ලෝක මාර්ගයටත් නැගෙමි. මෙසේ මහා බෝසතානෝ ධර්ම දේශනා කොට සතුටු වූ සිත් ඇති මනුෂ්‍යයෝ විසින් කරන ලද පුජ්‍ය සත්කාර ඇත්තාහු දිවි පමණින් සතර බ්‍රහ්ම විහාර භාවනා කොට බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහුය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගලපා මේ අසංඛෙයය ජාතකය නිමවා වදාල සේක.

එසමයෙහි සාන්තුනායක වාසී මනුෂයෝ නම් දැන් බුදු පිරිසය. එසමයෙහි තපස් වී වුයෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

66 කාලකණ්ණි ජාතකය
64 මචඡ ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.