63 වරණ ජාතකය - IFBC Organization | Dhamma

තවද එක්සමයෙක්හි චක්‍රලක්ෂණයෙන් චිහ්නිතවූ ශ්‍රී පාදපත්ම ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක් කුටුඹිය පුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

එක් දවසක් සැවැත් නුවර වාසීහූ අන්‍යෙයොන්‍ය සහාය වූ තිසක් පමණ කුල පුත්‍රයෝ සුවද මල් හා සුවඳ දියගෙණ සර්වඥයන් වහන්සේ සුගන්ධගන්ධවා සිතවූ ගන්ධ කුටිකයෙන් නික්ම දම්සභා මණ්ඩපයට ගොස් අලංකෘතවූ බුද්ධාසන මස්තකයෙහි වැඩහුන් කල්හි කුලපුත්‍රයෝ සහපිරිවරින් දම්සභාමණ්ඩපයට ගොස් සර්වඥයන් වහන්සේට සුවඳ මල් ආදියෙන් පූජාකොට චක්‍ර ලක්ෂණයෙන් විහ්නිතවූ පතුල්තල ඇති සුපුෂ්පිත පද්මයක් මෙන් ශ්‍රී සහිත වූ ශ්‍රී පාද වන්දනයෙහි වැඳ එකත්පස්ව හිඳ ධර්මය ඇසුවාහුය. එකල ඒ කුලපුත්‍රයන්ට මෙසේ වූ සිතිවිල්ලක් වුයේය. අපි බුදුරජානන් වහන්සේ විසින් දෙසන ලදධර්මය යම් පරිද්දෙන් දනුමෝ නම් එපරිද්දෙන්ම මහණවම්හයි කියා ඔහු හැමදෙනා සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයෙන් නික්මුනු කල්හි බුදුන් කරා එළඹ නමස්කාර කොට මහණවීමට යාඥාකළාහුය.ඔවුන්ට සර්වඥයන් වහන්සේ ප්‍රවෘජ්‍යාව දුන්සේක. ඔහු හැමදෙනාම ආචාරී උපාධ්‍යායයන් වහන්සේ සිත්ගෙණ උපසම්පදා ලැබ පස්අවුරුද්දක් ආචාර්යය උපාධ්‍යායයන් වහන්සේ සවමිපයෙහි වැස උභය මාතෘවන් ප්‍රගුණ කොට කැප අකැප දැන් ත්‍රිවිධවූ අනුමෝදනාවෙන් ඉගෙණ සිවුරු ගෙත්තම් කොට රඳා මහණ දම් කරම්හයි ආචාර්යය උපාධ්‍යායයන් වහන්සේ පිළිවිය සර්වඥයන් වහන්සේ කරා එළඹ නමස්කාර කොට එකත් පස්ව හිඳ ස්වාමීනි අපි භවයෙන් කලකිරී ගියම්හ. ජාතී ජරාව ව්‍යාධි මරණභයින් භයපත්වුම්හ. අපගේ සංසාරයෙන් මිදීම පිණිස කමටහන් වදාළමැනවයි ආරාධනා කළසේක. සර්වඥයන් වහන්සේගේ ඒ භික්ෂූන්ට කර්මස්ථානයන් අටතිස්දෙනා අතුරෙන් සැප වූ කර්මස්ථාන තෝරා පරීක්ෂා කොට කමටහන් වදාළසේක. ඒ භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ සමීපයෙන් කමටහන් ගෙණ බුදුන් වැඳ පැදකුණු කොට විහාරයට ගොස් ආචාර්යය උපාධ්‍යායයන් වහන්සේ දැක පාසිවුරු ගෙණ මහණ දම් කරම්හයි නික්මුණසේක.

ඉක්බිත්තෙන් ඒ හැමදෙනා වහන්ස් අතුරෙන් කුටුඹිය පුත්ත තිස්ස ස්ථවිර නම් වූ භික්ෂූ කෙනෙකුන් වහන්සේ කුසීතසේක. හීනවීර්ය සේක. රසයෙහි ගිජුසේක. උන්හන්සේ මෙසේ සිතුසේක. මම වල්ලභිවසන්ටවත් විර්ය කරන්නටවත් පිඬුසිඟායන්නටත් අසමර්ථයෙමි. එසේ හෙයින් මම ගමනින් කවර ප්‍රයෝජනයෙක්ද, නොගොස් රඳමි, පසුබට විර්යය ඇති භික්ෂූන් වහන්සේ පසුපස්සේ මදතෙනක් ගොස් රැඳූනුසේක. අවශේෂ වූ භික්ෂූන් වහන්සේත් කොසොල් දනව්වෙහි චාරිකා කෙරෙමින් පසල්දනව්වෙහි එක්තරා ගමකට ගොස් ඒ ගම් නිසා එක් වනයක වස්වැස වස්තුන් මස ඇතුළත විර්ය කෙරෙමින් විමර්ශනා වඩා ගැබ්ගන්ව මහීකම්පාව කෙරෙහි අරහත්ඵලයට පැමිණි වස් අන්තයෙහි පවරා වඩනා ලද ගුණධර්මය සර්වඥයන් වහන්සේට කියම්හයි ඒ වචනයෙන් නික්ම අවුත් ක්‍රමයෙන් ජේතවනයට පැමිණිසේක. පාසිවුරු තැන්පත් කොට තබා ආචාරී උධ්‍යයයන් වහන්සේ දැක නැවත සර්වඡයන් වහන්සේ දක්නා කැමතිව බුදුරජානන් වහන්සේ සමීපයට ගොස් නමස්කාර කොට උන්සේක. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේ හා සමග මිහිරිවූ පිළිසඳර කථා කළ සේක. ඒ භික්ෂූන් වහන්සේ කරණලද සුව දුක් කථා ඇතිසේක් තමන් වහන්සේ විසින් ලබන ලද ගුණධර්මයන් සර්වඥයන් වහන්සේට දැන්වූසේක. බුදුරජානන් වහන්සේත් ඒ භික්ෂූන් වහන්සේට ප්‍රශංසා කළසේක. එකල ඒ කුටුඹිය පුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ සර්වඥයන් වහන්සේට ඒ භික්ෂූන් වහන්සේගේ ගුණ කථාව කියන්නා අසා තමන් වහන්සේත් මහණ දම් කරණු කැමතිසේක. ඒ අවශේෂ භික්ෂූන් වහන්සේ ස්වාමීනි අපි අම වනයට ගොස් වසමෝදැයි සර්වඥයන් වහන්සේ අතින් විචාළ සේක., සර්වඥයන් වහන්සේ යහපතැයි අනුදත් කල්හි ඒ භික්ෂූන් වහන්සේ බුදුරජානන් වහන්සේට නමස්කාර කොට තමන් වහන්සෙගේ පිරිවෙන් වලට ගියසේක. ඉක්බිත්තෙන් ඒ කුටුඹිය පුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ රාත්‍රී භාගයෙහි අධික කොටවඩනා ලද විර්ය ඇතිව මහවූ වේගයෙන් මහණ දම් කරණ සේක් මධ්‍යම යාමයෙහි ආලඹ්න ඵලකයෙහි වැතිර සිටම නිදමින් පෙරලී වැටි කලාවේ ඇට බිඳගත් වේදනා බලවත් විය. අවශේෂ භික්ෂූන් වහන්සේ උන්වහන්සේට බෙහෙත් ආදිය බැඳ පරිහරණය කිරීමෙන් යානුහුණුසේක. ඉක්බිත්තෙන් උපස්ථාන වේලාවට ඒ භික්ෂූන් වහන්සේත් ආකල්හි සර්වඥයන් වහන්සේ මහණෙනි තොපි සෙට යම්හයි කියා ඊයේ අපට කීවා නොවේදැයි විචාළසේක. එසේය ස්වාමීනි යම්හයි කිම්හ. එතකුදු වුවත් අපට සහාය වූ කුටුඹිය පුත්ත තිස්ස ස්ථවිරයෝ නොවේලේ අධිකවේගයෙන් මහණ දම් කෙරෙමින් නිද්‍රාවෙන් මඩනාලදුව පෙරලී වැටි හුණුමුවඋන්ගේ කලවේ ඇට බිඳුනේය. උත්තියා අපගේ ගමන් බාධාවීයයි දැන්වුසේක. එකල්හි සර්වඥයන් වහන්සේ මහණෙනි මොහු තමන්ගේ හීනවීර්යය කමින් නොකල්හි අධික වේගයෙන් වීර්ය කොට තොපගේ ගමනට අන්තරාය කෙළේ දැන් මතු නොවෙයි පෙරත් මෙතෙම තොපගේ ගමනට අන්තරාය කෙළේ වේදැයි වදාරා ඒ භික්ෂූන් විසින් ආරාධිත වූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස ගන්ධාර රට තක්සලා නුවර බෝධිසත්වයෝ දිසාපාමොක් ආචාරීව පන්සියයක් මාණවකයන්ට ශිල්ප උගන්නාහුය. ඉක්බිත්තෙන් එක් දවසක් මාණවකයෝ දර ගෙණන පිණිස වලටගොස් දර කඩන්නාහුය. ඔවුන් අතුරෙන් කුසීත මානවකයෙක් මහත්වූ ලුනුවරණ ගසක් දැන මේ මළ ගසෙකැයි යන සංඥාවෙන් මද ඇසිල්ලක් වැදහෙව පසුව ගසට නැගී දර කඩාලා ඇරගෙණ යෙමි උතුරුසළුව අතුට වැදහෙව නාසා හඬවමින් නිදන්නේය. සෙසු මානවකයෝ දර මිටිබැඳ ඇරගෙණ යන්නාහු ඒ නිද්නනාවූ මානවකයාට පිටිපල්ලෙන් ගසා පොබයා ගියාහුය. ඒ කුසීත මානවකයා නැගී සිට ඇස නිදි පිස පිස නිදි පලසා නොදීම ලුනුවරණ ගසට නැගී අත්තක් අල්වාගෙණ තමා දිසාවට ඇද බිඳිනේ බිඳි නැගි අතු කෙළෙවරින් තමාගේ ඇස සීල් කොටගෙණ එක් අතකින් ඇස වසා අනික් අතින් නොමල දර කඩා ගසින් බැස දරමිටියක් බැඳ ඔසවාගෙණ වහා ගොස් ඒ මාණවයන් විසින් එලනලද දරමිටි මත්තේ එළූයේය. එදවස් දනව්ගමෙක එක් කුලයක මනුෂ්‍යයෝ බමුණන් ලවා සාන්ති කරවා දනුත් දී දක්ෂිණාවත් දෙම්හයි ආචාරීන් පැවරූය. එකල්හි ආචාරීවූ මානවකයන්ට කියන්නාහු දරුවෙනි සෙට එක් ගමකට යායුතුය. එසේ හෙයින් තෙපි හැම කියන්නාහූ දරුවෙනි සෙට එක් ගමකට යායුතුය. එසේ හෙයින් තෙපි හැම නිරාහාරව යන්ට අසමර්ථ වේදැයි උදෑසනම කැඳ පිසවා අනුභව කොට ගොස් තොප ලබන කොටසුත් අපට පැමිණ කොටසුත් එක්කොට ඇරගෙණ එවයි කිවාහුය. එබස් ඇසූ මානවකයෝ කැඳ පිසනු පිණිස කෙල්ල පුබුදුවා නගාසිටුවා වහා අපට කැඳ පිසවයි කිවාහුය. ඒ කෙළි කැඳ පිසනු පිණිස දර ගණිමින් මත්තේ තුබූ අමු ලුණුවරණ දඬු ගින්නේ ලා නැවත නැවත පිඹත් ගිනිදල්වාගත නොහී ඉරුනැංගාය. මානවකයෝ ඉතා දහවල්ව ගියෝය. දැන් යන්ට නොපිළිවනැයි කියා ආචාරීන් සමීපයට ගියෝය. ආචාරීන් වහන්සේ කියන සේක් දරුවෙනි කුමක් පිණිස නොයාදැයි විචාලෝය. ඒසේය ආචාරීන් වහන්ස නොගියම්හයි කී කල්හි කවර කාරණයකින් නොගියාහුදැයි කිවුය. ස්වාමීනි අසවල් කුසීත මානවකයා අප හා සමග දරට ගොස් ලුණුවරණ ගසක් ුමුල වැදහෙව නිදාපියා පසුව වහ වහා ගසට නැගී ඇසත් සීල් කොටගෙණ අමු ලුණුවරණ දර ඇරගෙණ අප විසින් පළමුකොට ගෙණවිත් ඵලනලද දරමත්තෙහි එලීය. කැද පිසන තැනැත්තී ඒ වියලි දරයයි යන සංඥාවෙන් ගින්නේ ලා පිඹින්නී හිරු නැගෙණතුරු ගිනි මොලවා ගත නුහුණුව, මේ කාරණයෙන් අපගේ ගමනට බාධා වියයි කීහ. ආචාරී මානවකයා කළ කාර්ය අසා අඥාන සත්වයන්ගේ කාරිය නිසා මෙබඳූ ලාභ හානියෙක් වීයයි කියා මානවකයන්ට සෙසේ යම්කිසි පුද්ගලයෙක් මේ පළමු කොට කළමනාදෙය, මේ පසුව කළමනාදෙයයි මෙසේ පරීක්ෂා නොකොට පළමු කොට කළමනා කටයුතු පසුව කෙරේද ඒ අඥාන පුද්ගලතෙමේ අමු ලුණු වරණ දරකඩා ගෙණ්වාවු අපගේ මාණවකයා මෙන් පශ්චත්තාපයට පැමිණ සෝක කොට හඬන්නේයයි මෙසේ මහබෝසතානෝ අතවැස්සනට මේ කාරණය කියා දානාදී වු පින්කම් කොට ජීවිතාන්තයෙහි කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘ වු බුදුරජානන් වහන්සේ මහණෙනි මොහු තොපගේ ගමනට අන්තරාය කෙළේ දැන්මතු නොවෙයි පෙරත් කෙළේයයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ වරණ ජාතකය නිමවා වදාල සේක.

එසමයෙහි අක්‍ෂිභෙදයට පැමිණි මානවකයා නම් දැන් මේ ඌරුභේදයට පැමිණියා වූ මහණය. සෙසු මානවකයෝ නම් දැන් මේ බුදු පිරිසය, ආචාරි බ්‍රාහ්මණ වූයේ තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

64 මචඡ ජාතකය
62 සාකෙත ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.